නිෂ්මි - අරගලයේ අපරාජිත සටන්කරු

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    නිෂ්මි - අරගලයේ අපරාජිත සටන්කරු

    "හෙටක් අහිමි මිනිසුන්ගේ හෙටක් උදෙසා අද දවස කැප කළ අභීත පරපුරක් මේ මිහිිතලය මත මිහිදන් වූහ!"
    51540128_1496708303792426_7604704854195306496_n.jpg

    අරගලයේ අපරාජිත සටන්කරු – නිෂ්මි

    එස්.එම්.නිෂ්මි මා පේරාදෙණිය සරසවියට ඇතුල් වූ පළමු වසරේ මුල් කාර්තුවේම, මතකයට අනුව 1987 මුල් මාස දෙක ඇතුළත එක්තරා දිනෙක පේරාදෙණිය සරසවි ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයෝ රැුසක් පැනිදෙණියේ පිහිටි එක්තරා බෝඩිමක සාකච්ඡුාවකට සහභාගී වූහ. ඒ සාකච්ඡුාව මෙහෙය වූයේ ආනන්ද ඉඩමේගම සහෝදරයා විසිනි.

    ඉඩමේගම සහෝදරයා ඇතුළු මෙම සාකච්ඡුාවට එදා සහභාගී වූ බහුතරයක් අද ජීවතුන් අතර නැත. මෙම සාකච්ඡුාව කරුණු දෙකකින් මට ඉතා වැදගත් විය. ඒ මගේ සරසවි ශිෂ්‍ය කි‍්‍රයාකාරී ජීවිතයේ සහභාගි වූ පළමු සාකච්ඡුාව වීමත් ප‍්‍රථම වතාවට පේරාදෙණිය ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ නායකයා වූ ‘නිෂ්මි’ සහෝදරයා මුණගැසීමත්ය. එදා පටන් ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටු නියෝජිතයකු වශයෙන් 1989 සැප්තැම්බර් මාසය තුළ දී අත්අඩංගුවට පත්වනතුරුම මට ‘නිෂ්මි’ සහෝදරයාව ඉතා ළ`ගින් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණි.

    ‘නිෂ්මි’ පසුව නම් කිහිපයකින් පෙනී සිටි අතර ඔහුගේ සරසවි කාඞ් එක ‘මොටා’ විය. විරු ස්මාරකයක් සෑදීමට ඔහු විසින් ‘මොටා’ ගෙදර ගුරුන්නාසේව යොදා ගන්නා ලෙස යෝජනා කිරීමේ දී ඔහුට ‘මොටා’ යන නම පටබැඳිණි. ඉන්පසුව ‘කමල්’ යන නම ද ආරක්ෂාව සඳහා යොදා ගත්තේය. විශ්වවිද්‍යාලවලින් පිට දිස්ති‍්‍රක්කවල දී ඔහු කමල් යන නමින් පෙනී සිටියේය. ඇත්තෙන්ම නිෂ්මි හුදු නායකයකු නොවීය. ඔහු ඉතා හිතවත් මිතුරකු, මඟ පෙන්වන්නකු, අතිදක්ෂ සංවිධායකවරයකු විය. ඔහු සිටි තැන නායකත්වය සඳහා හිඩැසක් නොවීය. එබැවින් නායකත්වය නිතැතින්ම ඔහු කරා පැමිණියේය. එහෙත් ඔහු වෙත කුමන වගකීම් පැවරුණ ද ඉතා නිහතමානී සටන් සගයෙකු විය. ඔහුගේ චතුර කථිකත්වයට සමානවන කිසිවකු එකල සරසවිය තුළ නොවීය. ඔහුගේ තර්ක බිඳ හෙළිය හැකි ඒවා හෝ මඟහැරිය හැකි ඒවා නොවීය. එබැවින් සතුරන් පවා ඔහුට යම් ගරුත්වයක් පළ කරන්නට විය.

    එහෙත් කිසිදිනෙක ඔහුගේ අරගලය පන්ති සතුරාගේ සහයෝගීතාවක් සඳහා යොමු නොවීම විශේෂත්වයකි. ඔහු කිසි විටෙක පන්ති සතුරාට සමාවක් නොපෙන්වීය. එහෙත් නිර්ධන පන්තිය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය වාමාංශිකයන් පසුව ධනපතීන්ගේ ඔඩොක්කුවට වැටී පන්ති සහයෝගීතාවයේ සරණ ගිය අන්දම දෙස බැලූ කල එදා වයසින් අවුරුදු 24ක් 25ක් තරම් වූ ලාබාල ශිෂ්‍ය නායකයෙක් පන්ති සතුරන් සමඟ ගනුදෙනු කළ ආකාරය ඉතාමත් විශිෂ්ටය. ඔහු තම මරණය දක්වාම යටත් වූයේ නැත.

    සරසවිය දින නියමයකින් තොරව වසා දැමූ කල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් දිවයිනේ දිස්ති‍්‍රක්ක පුරා මව්පියන්ගේ සංවිධාන පිහිටුවමින්, පුරවැසි කමිටු සංවිධානය කරමින්, කම්කරු සංවිධාන, මානව හිමිකම් සුරැුකීමේ සංවිධාන ගොඩනඟමින් බහුජන සංවිධාන සමඟ කි‍්‍රයාකාරී විය. ඒ කාලයේ දී මම ද පූර්ණකාලීනව ඒ සඳහා කි‍්‍රයාකාරී වීමට අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවට අනුයුක්තව කටයුතු කළෙමි. නිෂ්මි සහෝදරයා අනුරාධපුර, පොළොන්නරුව, කලාපය භාර ශිෂ්‍ය නායකයා වශයෙන් එම කටයුතුවලට මැදිහත් විය. බොහෝ දෙනා සිතා සිටියේ නිෂ්මි කි‍්‍රයාකාරී වන්නේ සරසවි තුළ පමණක් බවය. ඔහු කෑගල්ල, රත්නපුර, නුවර, මාතලේ, නුවරඑළිය හා උතුරු මැද දිස්ති‍්‍රක්යන්හිද වැඩ කළේය. අවසානයේ දී ඔහුව පැහැර ගන්නා විට කොළඔ දිස්ති‍්‍රක්කය තුළ ද ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයකුව සිටියේය.
    S.M.%252520Nishmi.JPG

    මා අනුරාධපුර දිස්ති‍්‍රක්කය තුළ සිටින කාලයේ දී උතුරු මැද භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ උඩුගම්පොළය. තරුණයන් පැහැරගෙන යාම, ටයර් දමා පිලිස්සීම, ඉතා බහුලව කෙරීගෙන ගිය වකවානුවක් විය. ඒ මහා මර්දනය හමුවේ දී නිෂ්මි, කමල් නමින් කිසිදු පැකිළීමක් නොමැතිව කැකිරාව, එප්පාවල, තලාව, මැදවච්චිය, මහඉලූප්පල්ලම ආදී දුර බැහැර ප‍්‍රදේශවලවල ශිෂ්‍ය කමිටු සඳහා මැදිහත් විය. තලාව ප‍්‍රදේශයේ හේනක දී ඔහුගේ දේශනයක් සඳහා බයිසිකල්වලින් සැතපුම් ගණනාවක් දුර සිට ශිෂ්‍ය කි‍්‍රයාරිකයන් රැුගෙන ආ අයුරු මට අද මෙන් මතකය. කැකිරාව ප‍්‍රදේශයේ එකල ඒ.එම්.එස්. අධිකාරි, මහින්දසෝම දෙදෙනා යටතේ අතිදරුණු භීෂණයක් පවත්වාගෙන යද්දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කමිටු සඳහා පළාතට ගැළපෙන අයුරින් සරමකින් හා බැනියමකින් සැරසී පළාතේම පුද්ගලයකු ලෙස බයිසිකලයක් පැදගෙන පැමිණෙන ඔහු, පේරාදෙණිය සරසවියේ නිෂ්මි බව කිසිවකු නොසිතන්නට ඇත. රාති‍්‍රය පුරා සාකච්ඡුා දේශන පැවැත්විණී. එම කාලයේ දී ආහාර සඳහා බොහෝ විට ලැබුණේ මඤ්ඤොක්කා හෝ පාන් වැනි දෑය. වැසිකිළි යාමට සිදු වූයේ ද වනලැහැබකටය. වතුර සොයා බොහෝ දුරක් යා යුතු විය. එහෙත් මේ සියලූ දුෂ්කරතාවලට නිෂ්මි මනා සේ ඔරොත්තු දුන්නා පමණක් නොව ඕනෑම පරිසරයකට ගැළපෙන සේ හැසිරීමට මනා දක්ෂයකු විය. එසේම නගරයට පැමිණෙන විට අව්කණ්ණාඩි පැලැඳි විධායක මට්ටමේ රැුකියාවක නියුතු පුද්ගලයකු සේ පැමිණෙන ඔහුට ඒ සඳහා මඳක් තරබාරු සිරුර මනා පිටුවහලක් විය.

    නිෂ්මි තුළ මා දුටු ඉතා සිත්ගන්නා සුලූ ගුණයක් නම් ඉතාම ප‍්‍රායෝගික පුද්ගලයකු වීමයි. කිසිවකුට අණ දීමට නොව ඔහුම ඉදිරිපත් වී එය කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් වන පුද්ගලයකු විය. මට පිහිනීමට නොහැකි බව දැනගත් විට උපදෙස් දුන්නේ කිසිදු දිනෙක අන් අය සමඟ වැව්වල නෑමට නොයන ලෙසය. රජරට කිසිදු කෙනෙක් පිහිනීමට නොහැකි අය නොවන අතර මා වෙනත් ප‍්‍රදේශයකින් මෙහි පැමිණි අයෙකු බව හෙළිවීමට පිහිනීමේ නොහැකියාවම ප‍්‍රමාණවත් බව ඔහු මට දැන්වීය.

    පේරාදෙණිය සරසවිය තුළ හමුදාව සහ පොලිසිය මැදිහත් වී මහා වැටලීමක් සිදුකොට සිසු කි‍්‍රයාකාරී නායකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ දිනය ද ඉතා විශේෂ දිනයකි. එදින ද නිෂ්මි අත්අඩංගුවට ගත නොහැකි විය. ඉතා සූක්ෂ්ම අයුරින් ආරක්ෂාවීමට ඔහු සමත් විය. ඒ රාජ්‍ය ආරක්ෂක අංශ සරසවිය වැටලූ පළමු අවස්ථාව නොවීය. ඊට වසරක පමණ පෙර ද සරසවි වසා දමා තිබූ කලෙක සරසවිය තුළ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටු රැුස්වීමක් කැඳවන ලදී. සරසවිය නැවත විවෘත කර ගැනීමට අදාළ කටයුතුවලදී දිස්ති‍්‍රක් වැඩපිළිවෙළවල් සාකච්ඡුා කරගැනීම සඳහාත් නිෂ්මිගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡුාව කැඳවන ලදී. එකල සරසවිය වසා තිබුණ ද සරසවියට ඇතුල් වී රැුස්වීමට අප සහභාගි වෙමින් සිටියදී හදිසියේම අප වෙත පණිවිඩකරුවෙකු පැමිණ දැනුම් දුන්නේ හමුදා-පොලිස් ට‍්‍රක් රථ 7ක් 8ක් සහ තවත් ජීප් රථ කීපයක් සරසවියට ඇතුළු වී ඇති බවයි. ශිෂ්‍ය කි‍්‍රයාකරියන් දෙදෙනා බැගින් පිටත් කිරීමට නිෂ්මි පියවර ගත්තේය. ඔහුගේ පිටත්වීම ප‍්‍රමාද වෙද්දී අප අවධාරණය කළේ පළමුව ඔහු පිටත් විය යුතු බවය. එහෙත් ඔහු පැවසුවේ ඒ සඳහා ඔහුට වැඩපිළිවළක් ඇති බවත් අප සියලූ දෙනාම ඉවත් වන තුරු ඔහු ඉවත් නොවන බවත්ය. පසුව මමත් උදේනි බන්දුල සොහොයුරාත් ලවර්ස් ලේන්හි තිබූ මහවැලි ග`ගට යාබද කුඩා වනලැහැබක පසුදා වන තුරු හිඳ එළියට පැමිණ විමසා බලද්දී පෙර දින වැටලීමෙන් කිසිදු කි‍්‍රයාකාරිකයකු අත්අඩංගුවට පත් වී නොතිබිණි. බන්දුල සොයුරා 90 වසරේ මුල් කාර්තුවේ දී කොළඹදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී.
    182187_353740431360387_405877675_n.jpg

    අතිදරුණු මර්දනය ඉදිරියේ කිසිදු අයුරකින් තම කි‍්‍රයාකාරීත්වය අඩාල කිරීමට නිෂ්මි කෙසේවත් එකඟ වූයේ නැත. ඔහු මර්දනය හමුවේ තව තවත් සූක්ෂ්මව කි‍්‍රයාකාරී වූවා මිස වැඩපිළිවෙළ හකුළා ගත්තේ නැත. වරක් පේරාදෙණිය පොලිසිය විසින් සරසවි ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී වධහිංසා කොට දින දෙකකට පසුව නිදහස් කරන ලදී. එසේ නිදහස් වී යන විට පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් එම සිසුවාට ”උඹ ගිහින් උඹේ ලොක්කට කියාපන් අපි ළඟදිම ඌව මෙහෙ ගෙනල්ලා උගේ ඔය රැුවුල් ගස් දහය ගලවනව කියල” යනුවෙන් පවසා තිබුණි. තවත් වරෙක එකල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප‍්‍රධාන ඇමැතිවරයකු වූත් අදත් විපක්ෂයේ ඉහළම පෙළේ දේශපාලන නායකයකු ප‍්‍රමුඛ කණ්ඩායමක් නිෂ්මිව කොටුකර ගැනීමට හෝ මරා දැමීමට තවත් සරසවි ශිෂ්‍යයෙකු යොදා ගැනීමට කළ කුමන්ත‍්‍රණයක් හෙළි විය. එම අදාළ ශිෂ්‍යයාම පැමිණ ඒ බව නිෂ්මිට පවසා තිබුණි. එහෙත් ඔහුට එදා තිබූ ජීවිත අවදානම ද නොතකා නුගේගොඩ ප‍්‍රසිද්ධ රැුස්වීමේ කතා කළේය. බොරු රැුවුලක් දමා සිටිය ද ඔහුගේ චතුර කතා විලාසය අනුව කථිකයා කවුදැයි ආරක්ෂක අංශවලට රහසක් නොවෙන්නට ඇත.

    89 මැදභාගය ඉක්මවනවිට මර්දනය ඉතා දරුණු විය. සරසවි වසා දැමීමෙන් පසුව ද නොනැවතුණු ශිෂ්‍ය කි‍්‍රයාකාරීහු දිස්ති‍්‍රක්කවල සිට කි‍්‍රයාත්මක වී අරගලය ඉදිරියට ගෙන ගියහ. මේ කාලය තුළ දී නිෂ්මි දැඩි ආරක්ෂක උපක‍්‍රම භාවිත කරමින් දිස්ති‍්‍රක්ක තුළ කි‍්‍රයාත්මක විය. උතුරු මැද පළාතෙත් නියෝජ්‍ය පොලිස්පති නුවරට මාරු වී ගියද කහ බළල්ලූ, ප‍්‍රා, කොළ කොටි, රජයේ හමුදා-පොලිසි විසින් පැහැරගැනීම්, මරාදැමීම් බහුලව කරගෙන යන ලදී. ප‍්‍රදේශ පිටින් වටලා ‘බිල්ලන්’ මාර්ගයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් උත්සන්න කොට තිබුණි. බිල්ලන් ඔළුව වනන ඕනෑම අයෙකුගේ ඉරණම ඉතා ඛේදජනක විය.

    මේ කාලය තුළ දී අනුරාධපුර නගරයට ඉතා ආසන්න දේශපාලන ව්‍යාපාරයට ඉතා හිතවත් මිනින්දෝරුවරයකුගේ නිවසක නිෂ්මිට රැුකවරණය ලැබුණි. මෙකී මිනින්දෝරු හිතවතාගේ මිනුම් කටයුතු සඳහා යොදාගන්නා කණ්ඩායමේ සාමාජිකයකු විලසින් එහිදී නිෂ්මිට මනා සේ රැුකවරණය ලැබුණි. ආරක්ෂක මුරකාවල් පසුකර යාමේ දී ඉහත කී මිනින්දෝරු මහතාගේ සහය ඉතා ප‍්‍රයෝජනවත් විය. අපි දෙතුන් දෙනෙකු පමණක් දැනසිටි මේ නිෂ්මිගේ නවාතැන ඔහු කොළඹ දිස්ති‍්‍රක්කයට පිටත් වන තුරුම ඔහුට රැුකවරණය සැපයීය.

    මා අවසන් වරට නිෂ්මිව මුණගැසීමට යොදාගෙන තිබුණේ 1989 සැප්තැම්බර් මස 09 වැනිදාය. එදින මා ඔහුගේ අනුරාධපුර නවාතැනට පැමිණ ඔහු සමඟ විජයපුර ප‍්‍රදේශයට කිට්ටු ස්ථානයකදී කමිටුව රැුස්වීමට යොදාගෙන තිබුණි. එහෙත් සැප්තැම්බර් මස 06 වැනිදා උදෑසන මා නැවතී සිටි ස්ථානයේ සිට අනුරාධපුර නගරයට බයිසිකලයෙන් පැමිණෙද්දී නාඳුනන කණ්ඩායමක් විසින් අනුරාධපුර රෝහල සමීපයේ දී පැහැර ගන්නා ලදී. අතපය බැඳ මගේ කමිසයෙන්ම මගේ ඇස් බැඳ වෑන් රථයක් තුළට දමාගත් මෙම කණ්ඩායම ඉන් අනතුරුව ගියේ උතුරු-මැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙතය. එහිදී මා නොයෙක් ප‍්‍රශ්න කිරීම්වලට භාජනය කෙරුණද අවශ්‍ය ප‍්‍රතිඵල ඔවුනට ලබාගැනීමට හැකි වූයේ නැත. ඒ නිසා එකල අනුරාධපුරයේ පවත්වාගෙන ගිය

    වධකාගාරයකට මා යවන ලදී. එකල මේ වධකාගාරයට යවන බොහෝ දෙනෙකුගේ ඉරණම ටයර් මඟින් විසඳෙන බව දැනසිටි මට ඒ ගැන අමුතුවෙන් තැවීමට හෝ තවදුරටත් ජීවිතේ ගැන බලාපොරොත්තු තබාගැනීමට අවශ්‍ය නොවීය. එහෙත් මා අත්අඩංගුවට ගත් පුවත නිෂ්මි ඇතුළු කි‍්‍රයාකාරී සිසුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයටත් ප‍්‍රතිපාදන කොමිෂන් සභාවටත් විවිධ මානව හිමිකම් සුරැුකීමේ සංවිධානවලටත් දැනුම් දී තිබුණි. මාගේ මව්පියන්ගේ මැදිහත් වීම ද ප‍්‍රබල වූයෙන් මා වධකාගාරයේ මාස කිහිපයක් තබාගෙන පසුව අනුරාධපුරයේ රැුඳවුම් කඳවුරක රඳවන ලදී. එහිදී මව්පියන් බැලීමට ඉඩ දී තිබූ අතර ඒ මාර්ගයෙන් නිෂ්මි වෙත පණිවිඩයක් යැවීමට මම සමත් වීමි. මා අත්අඩංගුවට පත්වීමෙන් පසු මාස 2ක් පමණ ඔහු අනුරාධපුරයේ රැුඳී සිට කොළඔ දිස්ති‍්‍රක්කය වෙත ගොස් ඇති බව දැනගන්නට ලැබුණි.

    ඉන් අනතුරුව 1990 මාර්තු, අපේ‍්‍රල් අතර කාලයේ දී එවකට අත්අඩංගුවේ පසු වූ සියලූම සරසවි සිසුන් කොළඹට රැුගෙන එන ලදුව කලපලූවාවේ රැුඳවුම් කඳවුරක රඳවා තබන ලදී. එහිදී දිවයින පුරා කි‍්‍රයාකාරී දේශපාලනයේ නියුතුව සිට අත්අඩංගුවට පත්්වී ජීවතුන් අතර සිටි බොහෝ සරසවි ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයන් මට හමු විය. ඔවුන් අතරින් කොළඹ පිහිටි හමුදා බුද්ධි අංශය මඟින් පවත්වාගෙන ගිය වධකාගාරයක රඳවාගෙන සිට රැුගෙන ආ සිසුන් කිහිප දෙනෙකුගෙන් දැන ගන්නට ලැබුණේ එම බුද්ධි අංශය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලේ තවත් කොටසක නිෂ්මිව රඳවා තබාගෙන සිටි බවයි. ඔවුන් කී පරිදි ඉතා දරුණු තුවාල සහිතව එක් දිනක් බුද්ධි අංශ නිලධාරීන් ඔහුව නාන කාමරය වෙත ගෙන යනු ඔවුන් දැක තිබුණි. දරුණු තුවාල සහිතව නිෂ්මි ඒ වනවිට මරණාසන්නව සිටි බව ඔහු තුළින් දුටු බව පැවසූ ඔවුහු ඊට දින දෙක තුනකට පසුව එහි සිටි හමුදා ඝාතන කණ්ඩායමක නායකයකු තම කණ්ඩායමට තදින් බැණවැදුණු බවත් පැවසූහ. ඉතා පැහැදිලි නොවූවද ඒ බැණ වැදී ඇත්තේ මරා පුලූස්සා අනතුරුව එක්තරා ප‍්‍රදේශයකට ගොස් දමා ආ නිෂ්මිගේ සිරුරේ මුහුණ හරිහැටි පිලිස්සී නැති බැවින් යැයි එම සිසුන්ට ඇසී ඇත.

    ඒ අදින් වසර 25කට පමණ පෙර ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙර ගමන්කරුවෙකු වූත් නිර්ධන පන්ති අරගලයේ අපරාජිත සටන්කරුවෙකු වූත් ‘නිෂ්මි’ ඝාතනය කරන ලදී. එපමණක් නොව නම් නොදත් සහෝදර සහෝරියන් දහස් ගණනක් ඝාතනය කරන ලදී.

    අධ්‍යාපනය රටේ පීඞීත පන්තියේ අයිතියක් කිරීමේ අරගලයෙන් පැන නැඟි ඔවුහු සිය උදාර වූ පැතුම් අවසන් සුසුම් සමඟ වාතලයට මුසුකළේ මතු දිනෙක මේ භූමිය මත නිදහස් මිනිසුන්ගේ සිනා කැන් දකිනු රිසියෙනි.

    අවස්ථා අහිමි මිනිසුන්ගේ – ගැහැනුන්ගේ අයිතින් උදෙසා, හෙටක් අහිමි මිනිසුන්ගේ හෙටක් උදෙසා අද දවස කැප කළ අභීත පරපුරක් මේ මිහිිතලය මත මිහිදන් වූහ. ඒ අනාගත පරම්පරාවට නිවහල්ව නිදහස්ව පීඩකයාට එරෙහිව සටන් කිරීමට අවැසි ධෛර්ය සපයනු රිසියෙනි.

    උපුටාගැනීම ජනරළ
     
    Last edited:
    • Like
    Reactions: 7204

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සමාජවාදය බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලිවම වයිරය, ඉරිසියාව, කුහකත්වය පදනම් කරගෙන.

    සමාජයේ සිදු විය යුත්තේ කවදාවත් කල නොහැකි ඇති නැති බේදය නැති කිරීමට උත්සාහ කිරීමට නොව පහලම ස්තරයේත් මූලික අවශ්‍යතා ඉෂ්ට වන ක්‍රමවේදයක් වෙනුවෙන් සටන් කිරීමයි. නමුත් මම නම් දැක ඇත්තේ සමාජවාදී සියලු ක්‍රියාකාරකම් සිදු වන්නේ ඇති හැකි අය තුරන් කිරීමේ අභිලාශය මූලික කරගෙනයි.

    ඇති නැති බේදය නැති රටක් මේ ලෝකයේ තබා අසා ඇති දිවය ලෝකයකවත් නැත.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    niyama weerayo...
    :love::love::love::love::love:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සමාජවාදය බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලිවම වයිරය, ඉරිසියාව, කුහකත්වය පදනම් කරගෙන.

    සමාජයේ සිදු විය යුත්තේ කවදාවත් කල නොහැකි ඇති නැති බේදය නැති කිරීමට උත්සාහ කිරීමට නොව පහලම ස්තරයේත් මූලික අවශ්‍යතා ඉෂ්ට වන ක්‍රමවේදයක් වෙනුවෙන් සටන් කිරීමයි. නමුත් මම නම් දැක ඇත්තේ සමාජවාදී සියලු ක්‍රියාකාරකම් සිදු වන්නේ ඇති හැකි අය තුරන් කිරීමේ අභිලාශය මූලික කරගෙනයි.

    ඇති නැති බේදය නැති රටක් මේ ලෝකයේ තබා අසා ඇති දිවය ලෝකයකවත් නැත.

    Says who? Russia wala eeka unada? China wala wenawada? Cuba wala wenawada?
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    "හෙටක් අහිමි මිනිසුන්ගේ හෙටක් උදෙසා අද දවස කැප කළ අභීත පරපුරක් මේ මිහිිතලය මත මිහිදන් වූහ!"
    51540128_1496708303792426_7604704854195306496_n.jpg

    අරගලයේ අපරාජිත සටන්කරු – නිෂ්මි

    උපුටාගැනීම ජනරළ

    Rep+++ Added
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    "හෙටක් අහිමි මිනිසුන්ගේ හෙටක් උදෙසා අද දවස කැප කළ අභීත පරපුරක් මේ මිහිිතලය මත මිහිදන් වූහ"