නිසංසල රෑ

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    නිසංසල රෑ ඔබේ වෙණ නද

    මා සොයාගෙන හෙමින් ආවා

    මා සොයා ආවා...

    බමර සරයෙන් සවන පාරා හද තුලට ආවා

    දෑස කඳුලින් තෙමී වැසුනා...


    නොලියු ගීතය හිතේ ගුලි වී

    නිදා සිටියා ඒ වෙලාවේ

    දෑස කඳුලින් තෙමී වැසුනා...


    සහස් සුවහස් තාරකාවෝ

    කන් යොමාගෙන

    නෙත් අයාගෙන බලා හිටියා

    නීල ආකාසේ...

    බමර සරයෙන් සවන පාරා හද තුලට ආවා

    දෑස කඳුලින් තෙමී වැසුනා...



    ගායනය : නන්දා මාලනී