නිහඬ ගමනේ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
නිහඬ ගමනේ
ආලයක් දිනෙක යළි
විරහවක් වූ සඳ
වෛරයක් හිත් තුළට
බැඳීලා දුකක් වුව
අනේ මට වෛරයක් ඇති නොවේ ඈ ගැන
නිහඬ වී හිඳිනු මැන නිහඬ වී යමි මම

සොඳුරු අවිහිංසක
බැල්මටත් වශීකෘත
දඟකාර කෙළිකවට
සිනා පෑ දෙතොලට
අහිමි නම් හිමිකම
මට මගේ නොවන සඳ
නිහඬ වී යමි මම නුඹ පේන මායිමට

හැර යාම ප්‍රේමයක්
බැඳීමද ලොල් බවක්
කවිය මට සිනහවක්
කඳුල මැද තනිවුවත්
පිහිනමින දහ බිඳක්
මිලට ගෙන වේලක්
තනිකමේ රජවුවත්
නිහඬවම ඉමි හෙටත්

-මාලන් විදානපතිරණ