නාඩගම්කාරයෝ අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්
නිළිය යන භූමිකාව වර්තමානයේ පෙරටත් වඩා "සමාජමය දූෂණයට" ලක්වෙමින් ඇතැයි ඇතැයි ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියයි. මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක අධ්‍යක්‍ෂවරයා වන ඔහු ටෙලි නාට්‍ය කලාවට පිවිසීමට පෙර මාධ්‍යවේදියකු ලෙස ප්‍රකටව සිටියේ ය.
මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශිවගුරුනාදන් මහතා කියා සිටිනුයේ වත්මන් නොවිධිමත් සමාජ පසුතලය යටතේ නිළියන් වැඩි වැඩියෙන් කටකතා, දූෂ්‍යමාන ආරංචි ආදියෙන් සමාජමය ගොදුරක් බවට පත් වීම මත පවුල් සබඳතා ගිලිහී ගොස් මානසික අවපීඩනයට පත්වීම දක්වා වන ඛේදනීය තත්වයන් ඔවුන්ට හිමි වන බවයි. තම දීර්ඝකාලීන ටෙලි නාට්‍ය ජීවිතයෙන් සහ මාධ්‍ය ජීවිතයෙන් ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් ශිවගුරුනාදන් අප වෙත හෙළි කළ සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසිනි.
ටෙලි නාට්‍යයක් රූපගත කරන්නේ කොහොමද? සුදුසු පිටපත් තෝරා ගන්නේ කොහොමද? නළු නිළියන් පුහුණු කරන්නේ කොහොමද ? එක් එක් චරිත වලට ආවේණික හැඟීම්, ආවේග,ඔවුන්ගේ මුහුණු වල ආරෝපණය කරන්නේ කොහොමද? වගේ විවිධ ප්‍රශ්න පැන නැගෙන අතරේ ඒවා අතරින් ප්‍රධානත්වයට පත්වෙන තවත් ප්‍රශ්න කොටසක් තිබෙනවා.
ඒ ටෙලි නාට්‍ය වල රඟපාන නළු නිළියන් ගැන අපෙන් අහන ප්‍රශ්න. ඒවායින් තුනෙන් දෙකක් විතරම යොමු වන්නේ නිළියන් ගැන ප්‍රශ්නයි. ඒ එක් එක් නිළිය ගැන තමන්ට දැන ගන්නට ලැබී තිබෙන ආරංචි ඒ අයගේ පෞද්ගලික වත ගොත, ඒ නිළියන්ගේ සැබෑ චරිත ලක්‍ෂණ වගේම විශේෂයෙන් ඒ අයගේ චරිතවත් බව ගැන සෘජුව හා අනියමින් බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න අහනවා. ඒකට පිළිතුරු දෙන්නට මගේ වෘත්තීය ජීවිතයත් එක්ක බැඳුණු ජීවිත හා සමාජ පරිඥාණය යොදා ගැනීම සුදුසු යැයි මම හිතනවා.
නමුත් නිළිය යනු හුදෙක් රූමතියක්ම නොවුණත් නිළිය යන්න රූමත් කමේ සංකේතය ලෙස සමාජ සම්මත වෙලා තිබෙනවා. ජනතාව තුළ නිළිය ගැන අවධානය යොමු වන්නේ මේ රූමත් කම කියන සංකල්පය පෙරදැරි කරගෙනයි. මේ තුළ එක්තරා ලිංගික කුතුහලයක් ද ගැබ් වෙලා තියෙනවා.
මේ ජන ආකල්පය සමාජය පුරා කොතරම් පැතිරිලා තිබේද කිව්වොත් මාධ්‍ය කලාවේ කිසියම් ප්‍රවෘත්තියක් තුළ නිළිය කියන වචනය එක්වෙලා තිබුණොත් ඒ ප්‍රවෘත්තියට අමුතුම ජවයක් ලැබෙනවා. ඒ නිසා "කාන්තාවක් අත්අඩංගුවට" කියන ප්‍රවෘත්තියේ කාන්තාවක් කියන වචනය වෙනුවට නිළියක් කියන වචනය යොදා පළ කළොත් ඒ ප්‍රවෘත්තියේ ජනතා ආකර්ශණය සිය දහස් ගුණයකින් වැඩි වෙනවා. මේ හේතුව නිසා තමයි නිළියන් කන බොන, යන එන, කරන කියන හැම දෙයක් ගැනම සමාජයේ වැඩි පිරිසක් සුපරික්‍ෂාකාරී වෙන්නේ. ඒක ඒ නිළියගේ ජනප්‍රියත්වය, තරුණ බව වගේම රූමත්කම අනුව අඩු වැඩි වෙනවා.
වර්තමාන සමාජයේ පවුල් සංස්ථා බිඳ වැටීම්, අනාචාර සම්බන්ධතා, ලිංගික විෂමාචාර වගේ දේවල් බහුලයි. ඒවා කිසියම් සමාජ තලයකට වෘත්තියකට සීමා වී නැහැ.
සංස්කෘතික වශයෙන් මේවායේ යම් යම් විෂමතා තිබෙන්නට පුළුවන්. නමුත් වර්තමාන මධ්‍යම පාන්තික සමාජය තුළ මෙවැනි සිද්ධීන් බහුල බව ඉතා පැහැදිලිව පෙනී යනවා. ඒ අනුව වෛද්‍යවරියන්, ගුරුවරියන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීවරියන් වැනි පිළිගත් වෘත්තීන්වල යෙදෙන කාන්තාවන් මෙම තත්වයෙන් මුළුමනින් ඉවත් කරලිය හැකි ද? යන්න ගැන ඔබම සිතා බැලිය යුතුයි. නමුත් මා කියූ පවුල් සහ සමාජ අර්බුද වල දී බොහෝ කාන්තාවන් හට කිසියම් ප්‍රජාමය හා සමාජමය ආරක්‍ෂාවක් ලැබෙනවා.
ඒ එම තැනැත්තිය පෞද්ගලිකව නොහඳුනන නිසා. නමුත් නිළියන් කියන්නේ පොදු සමාජයේ දැනහැඳුනුමට ලක් වූ කෙනෙක් නිසා ඒ ප්‍රවෘත්තිය සමාජය පුරා අධික වේගයෙන් පැතිර යනවා. මේක වඩාත් පැහැදිලි කළහොත් අනික් කාන්තාවන් සම්බන්ධ එම ප්‍රවෘත්ති පැතිර යාමේ ස්වරූපය දෙක, හතර, හය, අට ආදී වශයෙන් දැක්වුවොත් නිළියන් වැනි ජනප්‍රිය කාන්තාවන් සම්බන්ධව මේ ප්‍රවෘත්ති පැතිරීමේ වේගය දෙක, හතර, දාසය, හැටහතර, හාරදාස් අනූහය වගේ ගුණෝත්තර ස්වරූපයකින් දක්වන්න පුළුවන්.
සමාජයේ අනෙකුත් ජනප්‍රිය කාන්තාවන්ට සාපේක්‍ෂව නිළියන් සම්බන්ධයෙන් මේ තත්වය වඩාත් ප්‍රබල ලෙස බලපාන්නට හේතුවක් තිබෙනවා. ඒ රඟපෑම් තුළින් ඒ අයගේ කතා බහ හැසිරීම් හැඟීම් ආවේග වගේ දේවල් රසිකයන් දැක හඳුනාගෙන තියෙන නිසා. ඒ අනුව රසිකයන්ට නිළියන් පෙනෙන්නේ තමන්ගේ අල්ලපු ගෙදර ජීවත් වන චරිතයන් ලෙසයි.
මේ අතර නිළියන් සම්බන්ධ පෞද්ගලික තොරතුරු ප්‍රචාරය කිරීමේදී ‘කෙන්ද කන්ද කරන’ අවස්ථාත් අපි කොතෙකුත් දැක තිබෙනවා. ඒ අතර ‘සම්බාහන ආයතනයක් වටලා ටෙලි නිළියක් අත්අඩංගුවට’ වගේ පුවත් ඇතැම් මාධ්‍ය වලින් ප්‍රචාරය වනු අපට වරින් වර අසන්න ලැබෙනවා. ඒ නිසාම අපේ දර්ශන පසුතල වල නිළියන් ඔය කියන නිළිය කවුද යන්න විශේෂයෙන් සොයා බලනවා. "අන්තිමට ඔවුන්ට දැන ගන්නට ලැබෙන්නේ ඒ මාධ්‍ය වලින් "නිළියක්" ලෙස හඳුන්වලා ඇත්තේ ටෙලි නාට්‍යයක රූප රාමුවකට දෙකකට පෙනී සිටි තැනැත්තියක්. ඒක හරියට පුවත් පතක ප්‍රහේළිකා පුරවා යවන කෙනෙක් මාධ්‍යවේදියෙක් හැටියට හඳුන්වනවා වගේ වැඩක්. මේ සියළු මාධ්‍ය භාවිතාවන් ගෙන්ද නිළිය යන සමාජ ප්‍රතිරූපයට බරපතල හානි සිදුවෙනවා. ප්‍රධාන නිළියන් සමාජමය වශයෙන් දූෂණයට ලක් වීමට මේකත් එක හේතුවක්.
මේ විදියට සමාජයේ ගොදුරු බවට පත් වන නිළියන්ගේ පවුල් ජීවිත අර්බුද වලට ලක්වීමේ පහසු ඉඩකඩක් තිබෙනවා. විශේෂයෙන් තම බිරියන් පිළිබඳ පැතිර යන දූෂ්‍යමාන ආරංචි කටකතා මුල් කරගෙන එම නිළියන්ගේ සැමියන් ඉච්ඡාභංගත්වයට පත් වෙනවා. ඒ හේතුව නිසාම සමාජයේ ඇතැම් පිරිසක් නිළියන් හා විවාහ වීමට කැමති වන්නේ නැහැ.
මෙතනදී අප සමාජයේ ජීවත් වන කාන්තාවන් අතුරින් නිළියන්ගේ චරිත පාරිශුද්ධිය ඉහළ හෝ පහළ මට්ටමකට දැමීමට මට අවශ්‍ය නැහැ. ඔවුනුත් අප සමාජයේ ජීවත් වන සාමාන්‍ය කාන්තාවන් පිරිසක් විතරයි. ගුරුවරියක් මෙවැනි කටකතාවකට ලක් වන අවස්ථාවක ඇගේ ගුරු ගෞරවය වගේම එවැනි කටකතාවක් මඟින් ඇගෙන් ඉගෙන ගන්නා තමන්ගේ දරුවන්ට සිදුවන අලාභය ගැන සිතා බොහෝ දෙමාපියන් ඒ ගුරුවරිය ආරක්‍ෂා කිරීම සඳහා සංවිධානාත්මකව පෙළ ගැහෙනවා.
නිළිය යන භූමිකාව වර්තමානයේ පෙරටත් වඩා "සමාජමය දූෂණයට" ලක්වෙමින් ඇතැයි ඇතැයි ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියයි. මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක අධ්‍යක්‍ෂවරයා වන ඔහු ටෙලි නාට්‍ය කලාවට පිවිසීමට පෙර මාධ්‍යවේදියකු ලෙස ප්‍රකටව සිටියේ ය.
මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශිවගුරුනාදන් මහතා කියා සිටිනුයේ වත්මන් නොවිධිමත් සමාජ පසුතලය යටතේ නිළියන් වැඩි වැඩියෙන් කටකතා, දූෂ්‍යමාන ආරංචි ආදියෙන් සමාජමය ගොදුරක් බවට පත් වීම මත පවුල් සබඳතා ගිලිහී ගොස් මානසික අවපීඩනයට පත්වීම දක්වා වන ඛේදනීය තත්වයන් ඔවුන්ට හිමි වන බවයි. තම දීර්ඝකාලීන ටෙලි නාට්‍ය ජීවිතයෙන් සහ මාධ්‍ය ජීවිතයෙන් ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් ශිවගුරුනාදන් අප වෙත හෙළි කළ සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසිනි.
අපෙන් අහන ප්‍රශ්න..
ටෙලි නාට්‍ය අධක්‍ෂවරයකු හැටියට කටයුතු කළත් අපිටත් පොදු සමාජ ජීවිතයක් තියෙනවා. ඒ සමාජ ගත ජීවිතයේදීත් අපිට අපේ ටෙලි නාට්‍ය අධක්‍ෂක වෘත්තිය ගැන වගේම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය ගැනත් අදහස් දක්වන්න අපිට සිද්ධ වෙනවා. එතනදී අපේ රසිකයන්, හිතමිත්‍රාදීන් අපෙන් අහන ප්‍රශ්න කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්.ටෙලි නාට්‍යයක් රූපගත කරන්නේ කොහොමද? සුදුසු පිටපත් තෝරා ගන්නේ කොහොමද? නළු නිළියන් පුහුණු කරන්නේ කොහොමද ? එක් එක් චරිත වලට ආවේණික හැඟීම්, ආවේග,ඔවුන්ගේ මුහුණු වල ආරෝපණය කරන්නේ කොහොමද? වගේ විවිධ ප්‍රශ්න පැන නැගෙන අතරේ ඒවා අතරින් ප්‍රධානත්වයට පත්වෙන තවත් ප්‍රශ්න කොටසක් තිබෙනවා.
ඒ ටෙලි නාට්‍ය වල රඟපාන නළු නිළියන් ගැන අපෙන් අහන ප්‍රශ්න. ඒවායින් තුනෙන් දෙකක් විතරම යොමු වන්නේ නිළියන් ගැන ප්‍රශ්නයි. ඒ එක් එක් නිළිය ගැන තමන්ට දැන ගන්නට ලැබී තිබෙන ආරංචි ඒ අයගේ පෞද්ගලික වත ගොත, ඒ නිළියන්ගේ සැබෑ චරිත ලක්‍ෂණ වගේම විශේෂයෙන් ඒ අයගේ චරිතවත් බව ගැන සෘජුව හා අනියමින් බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න අහනවා. ඒකට පිළිතුරු දෙන්නට මගේ වෘත්තීය ජීවිතයත් එක්ක බැඳුණු ජීවිත හා සමාජ පරිඥාණය යොදා ගැනීම සුදුසු යැයි මම හිතනවා.
එයා නිළියක් වගේ..
සමාජයේ කාන්තාවන් යෙදෙන නොයෙකුත් වෘත්තීන් අතරේ රඟපෑම් මුල්කොට ගත් නිළි වෘත්තියත් එකක් විතරයි. නමුත් අනිත් බොහෝ වෘත්තීන්ට නැති විශේෂත්වයක් මේ නිළිකම; නිළි වෘත්තිය තුළ තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘එයා නිළියක් වගේ’ කියලා හැඳින්වීමෙන් තහවුරු වෙන්නේ ඒ කියන තැනැත්තිය අතිශය රූමතියක් බවයි.නමුත් නිළිය යනු හුදෙක් රූමතියක්ම නොවුණත් නිළිය යන්න රූමත් කමේ සංකේතය ලෙස සමාජ සම්මත වෙලා තිබෙනවා. ජනතාව තුළ නිළිය ගැන අවධානය යොමු වන්නේ මේ රූමත් කම කියන සංකල්පය පෙරදැරි කරගෙනයි. මේ තුළ එක්තරා ලිංගික කුතුහලයක් ද ගැබ් වෙලා තියෙනවා.
මේ ජන ආකල්පය සමාජය පුරා කොතරම් පැතිරිලා තිබේද කිව්වොත් මාධ්‍ය කලාවේ කිසියම් ප්‍රවෘත්තියක් තුළ නිළිය කියන වචනය එක්වෙලා තිබුණොත් ඒ ප්‍රවෘත්තියට අමුතුම ජවයක් ලැබෙනවා. ඒ නිසා "කාන්තාවක් අත්අඩංගුවට" කියන ප්‍රවෘත්තියේ කාන්තාවක් කියන වචනය වෙනුවට නිළියක් කියන වචනය යොදා පළ කළොත් ඒ ප්‍රවෘත්තියේ ජනතා ආකර්ශණය සිය දහස් ගුණයකින් වැඩි වෙනවා. මේ හේතුව නිසා තමයි නිළියන් කන බොන, යන එන, කරන කියන හැම දෙයක් ගැනම සමාජයේ වැඩි පිරිසක් සුපරික්‍ෂාකාරී වෙන්නේ. ඒක ඒ නිළියගේ ජනප්‍රියත්වය, තරුණ බව වගේම රූමත්කම අනුව අඩු වැඩි වෙනවා.
අන්තර් ජාලය ඔස්සේ 'කසිප්පු විකිණීමක්'..
මේ අතරේ නිළිය කියන්නේ සරාගී බවේ සංකේතයක් හැටියටත් සමහරුන් හඳුන්වනවා. අද වෙනකොට මේ සමාජ ආකල්පය මොන තරම් ප්‍රබල විදිහට ඉස්මතු වෙලා තියනවද කීවොත් නිළියක් ලෙස පෙනී සිටින්නියකගේ විළි බියෙන් තොර ඡායාරූප අන්තර් ජාලයේ පළ වූ සැනින් පැය කීපයක් තුළ ලක්ෂ ගණන් ඒ කෙරෙහි උනන්දුවක් පළ කරනවා. මේක අන්තර් ජාලය ඔස්සේ ව්‍යාපාර කරන්නවුන්ගේ "කසිප්පු විකිණීමක්" බවට පත් වී තිබෙනවා. ඒ හේතුව නිසාම නිළියන් කියන්නේ අනුරාගී කින්නරියක් බවටත් විවිධ ලිංගික සබඳතාවලට යොමු වෙන බවටත් අනියම් සබඳතා වලට නැඹුරු වන බවටත් පවුල් ජීවිත කඩා ඉහිරවා ගන්නා බවටත් ප්‍රසිද්ධ සමාජ මත පළවෙනවා. ඒකට හේතුව නිළියන් කෙරෙහි පවතින මේ සුවිශේෂ ජන ආකර්ශණය බවට සැක නැහැ. සබන්, පියරු වල සිට වාහන ටයර් දක්වා විවිධ භාණ්ඩ අලෙවි කරගැනීමට නිළියන් ගේ රූපකායන් යොදා ගැනීමත් සමහර භාණ්ඩ සහ නිෂ්පාදන වල සන්නාම තනාපතිවරියන් හැටියට නිළියන් යොදා ගැනීමත් මගින් මේ බව වඩාත් තහවුරු වෙනවා.වර්තමාන සමාජයේ පවුල් සංස්ථා බිඳ වැටීම්, අනාචාර සම්බන්ධතා, ලිංගික විෂමාචාර වගේ දේවල් බහුලයි. ඒවා කිසියම් සමාජ තලයකට වෘත්තියකට සීමා වී නැහැ.
සංස්කෘතික වශයෙන් මේවායේ යම් යම් විෂමතා තිබෙන්නට පුළුවන්. නමුත් වර්තමාන මධ්‍යම පාන්තික සමාජය තුළ මෙවැනි සිද්ධීන් බහුල බව ඉතා පැහැදිලිව පෙනී යනවා. ඒ අනුව වෛද්‍යවරියන්, ගුරුවරියන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීවරියන් වැනි පිළිගත් වෘත්තීන්වල යෙදෙන කාන්තාවන් මෙම තත්වයෙන් මුළුමනින් ඉවත් කරලිය හැකි ද? යන්න ගැන ඔබම සිතා බැලිය යුතුයි. නමුත් මා කියූ පවුල් සහ සමාජ අර්බුද වල දී බොහෝ කාන්තාවන් හට කිසියම් ප්‍රජාමය හා සමාජමය ආරක්‍ෂාවක් ලැබෙනවා.
නිළියක් ගැන කට කතා පැතිරෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක වේගයෙන්..
ඒ අතින් නිළියන් අතිශයින් අනාරක්‍ෂිත බව පැහැදිලිව කිව යුතුයි. ඒ කියන්නේ එකම නීති හෝ සදාචාර විරෝධී ක්‍රියාවකට යොමු වන වෙනත් වෘත්තියකට, තරාතිරමකට අයත් කාන්තාවකට වඩා නිළියකගේ එවැනි ක්‍රියාවක් මුල්කොට ඇතිවන ජන අවධානය ඉතා ප්‍රබලයි. උදාහරණයක් හැටියට කිසියම් වෛද්‍යවරියක් එවැනි ක්‍රියාවක යෙදීමක් ගැන ප්‍රවෘත්තියක් පළ වුණොතින් ඒ වෛද්‍යවරිය කවුරුන්ද? කියන එක සොයා බැලීමට සමාජයේ බොහෝ දෙනෙක් විශේෂ උත්සාහයක් දරනවා.ඒ එම තැනැත්තිය පෞද්ගලිකව නොහඳුනන නිසා. නමුත් නිළියන් කියන්නේ පොදු සමාජයේ දැනහැඳුනුමට ලක් වූ කෙනෙක් නිසා ඒ ප්‍රවෘත්තිය සමාජය පුරා අධික වේගයෙන් පැතිර යනවා. මේක වඩාත් පැහැදිලි කළහොත් අනික් කාන්තාවන් සම්බන්ධ එම ප්‍රවෘත්ති පැතිර යාමේ ස්වරූපය දෙක, හතර, හය, අට ආදී වශයෙන් දැක්වුවොත් නිළියන් වැනි ජනප්‍රිය කාන්තාවන් සම්බන්ධව මේ ප්‍රවෘත්ති පැතිරීමේ වේගය දෙක, හතර, දාසය, හැටහතර, හාරදාස් අනූහය වගේ ගුණෝත්තර ස්වරූපයකින් දක්වන්න පුළුවන්.
සමාජයේ අනෙකුත් ජනප්‍රිය කාන්තාවන්ට සාපේක්‍ෂව නිළියන් සම්බන්ධයෙන් මේ තත්වය වඩාත් ප්‍රබල ලෙස බලපාන්නට හේතුවක් තිබෙනවා. ඒ රඟපෑම් තුළින් ඒ අයගේ කතා බහ හැසිරීම් හැඟීම් ආවේග වගේ දේවල් රසිකයන් දැක හඳුනාගෙන තියෙන නිසා. ඒ අනුව රසිකයන්ට නිළියන් පෙනෙන්නේ තමන්ගේ අල්ලපු ගෙදර ජීවත් වන චරිතයන් ලෙසයි.
ප්‍රහේළිකා පුරවා යවන කෙනෙක් මාධ්‍යවේදියෙක් නොවෙනවා වගේ..
නිළියන් සම්බන්ධ මේ විදිහට පැතිර යන බොහෝ දේවල් කටකතා සහ දුෂ්‍යමාන ආරංචි විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් අද වෙන කොට මේවා ප්‍රචාරය කිරීමට සමාජ මාධ්‍ය මගින් විශාල පිටුවහලක් ලැබෙනවා. නිළියක් සම්බන්ධ මොකක් හෝ ඕපාදූපයක් කණ වැකුණු සැණින් ඒ නිළියගේ ඡායාරූපයක් ද සමඟ සමාජ මාධ්‍ය වලින් වේගවත්ව ව්‍යාප්ත කරන බවත් අපට පේනවා. ඒකට හේතුව මේ මාධ්‍ය කලාව තුළ ප්‍රබල ආදායම් යාන්ත්‍රණයක් තිබෙන නිසයි. ඒ සමහර තොරතුරු කොතරම් ‘නැවුම්’ ද කියනවා නම් අපි විතරක් නෙවේ සමහරවිට ඒ ප්‍රවෘත්තියට අදාල නිළිය පවා තමන් සම්බන්ධයෙන් එවැන්නක් පවතින බව දැන ගන්නේ ඒ සමාජ මාධ්‍ය තුළින්.මේ අතර නිළියන් සම්බන්ධ පෞද්ගලික තොරතුරු ප්‍රචාරය කිරීමේදී ‘කෙන්ද කන්ද කරන’ අවස්ථාත් අපි කොතෙකුත් දැක තිබෙනවා. ඒ අතර ‘සම්බාහන ආයතනයක් වටලා ටෙලි නිළියක් අත්අඩංගුවට’ වගේ පුවත් ඇතැම් මාධ්‍ය වලින් ප්‍රචාරය වනු අපට වරින් වර අසන්න ලැබෙනවා. ඒ නිසාම අපේ දර්ශන පසුතල වල නිළියන් ඔය කියන නිළිය කවුද යන්න විශේෂයෙන් සොයා බලනවා. "අන්තිමට ඔවුන්ට දැන ගන්නට ලැබෙන්නේ ඒ මාධ්‍ය වලින් "නිළියක්" ලෙස හඳුන්වලා ඇත්තේ ටෙලි නාට්‍යයක රූප රාමුවකට දෙකකට පෙනී සිටි තැනැත්තියක්. ඒක හරියට පුවත් පතක ප්‍රහේළිකා පුරවා යවන කෙනෙක් මාධ්‍යවේදියෙක් හැටියට හඳුන්වනවා වගේ වැඩක්. මේ සියළු මාධ්‍ය භාවිතාවන් ගෙන්ද නිළිය යන සමාජ ප්‍රතිරූපයට බරපතල හානි සිදුවෙනවා. ප්‍රධාන නිළියන් සමාජමය වශයෙන් දූෂණයට ලක් වීමට මේකත් එක හේතුවක්.
මේ විදියට සමාජයේ ගොදුරු බවට පත් වන නිළියන්ගේ පවුල් ජීවිත අර්බුද වලට ලක්වීමේ පහසු ඉඩකඩක් තිබෙනවා. විශේෂයෙන් තම බිරියන් පිළිබඳ පැතිර යන දූෂ්‍යමාන ආරංචි කටකතා මුල් කරගෙන එම නිළියන්ගේ සැමියන් ඉච්ඡාභංගත්වයට පත් වෙනවා. ඒ හේතුව නිසාම සමාජයේ ඇතැම් පිරිසක් නිළියන් හා විවාහ වීමට කැමති වන්නේ නැහැ.
ඉස්සර ධනකුවේරයන් නිළියන් විවාහ කරගත්තා, දැන් නෑ..
අපේ ටෙලි නාට්‍ය වල රඟපා ඇති විවිධ නිළියන් ගැන පැතිරුණු ඒ වගේ දූෂ්‍යමාන ආරංචි කටකතා ගැන සමහරු අපෙනුත් අසා තිබෙනවා. නමුත් ඒවා අමූලික බොරු බව හෝ ඉතා සුළු සිද්ධීන් බරපතල කොට දැක්වීම් බව අප කියා සිටින විට බොහෝ රසිකයන් ඒ බව පිළිගැනීමටවත් කැමති නැහැ. ඒ අය කියන්නේ අපත් බොරු කියා ඒ නිළියන් ආරක්‍ක්‍ෂා කරන බවයි. මීට දශක කිහිපයකට කලින් මහා ධන කුවේරයන් රූමත්, ජනප්‍රිය නිළියන් විවාහ කර ගැනීමේ යම් නැඹුරුවක් තිබුණා. ඒ තමන්ගේ ධනවත් කමට ඒ නිළියගේ ජනප්‍රියත්වය, කීර්තිය එක් කර ගැනීම තමන්ගේ ජීවිතයට සාධනීය බලපෑමක් එක් කරන නිසයි. නමුත් අද මේ සමාජමය ප්‍රතිරූපය දකින්න නැහැ. ඒකට හේතුව වර්තමානයේ නිළිය අන් කවරදාටත් වඩා සමාජමය දූෂණයකට ලක් ව හිඳීමයි.මෙතනදී අප සමාජයේ ජීවත් වන කාන්තාවන් අතුරින් නිළියන්ගේ චරිත පාරිශුද්ධිය ඉහළ හෝ පහළ මට්ටමකට දැමීමට මට අවශ්‍ය නැහැ. ඔවුනුත් අප සමාජයේ ජීවත් වන සාමාන්‍ය කාන්තාවන් පිරිසක් විතරයි. ගුරුවරියක් මෙවැනි කටකතාවකට ලක් වන අවස්ථාවක ඇගේ ගුරු ගෞරවය වගේම එවැනි කටකතාවක් මඟින් ඇගෙන් ඉගෙන ගන්නා තමන්ගේ දරුවන්ට සිදුවන අලාභය ගැන සිතා බොහෝ දෙමාපියන් ඒ ගුරුවරිය ආරක්‍ෂා කිරීම සඳහා සංවිධානාත්මකව පෙළ ගැහෙනවා.