නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතය හොඳද?

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතය හොඳද?

    නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතය හොඳද?
    මේ වන විට මයික්‍රොසොෆ්ට් සමාගම තම අඑත් ම මෙහෙයුම් පද්ධතිය වෙළද පළට නිකුත් කර ඇත. ඉන් නොනැවතී ඔෆිස් 2010 සංස්කරණයේ බීටා නිකුතුව ද නොමිලේ බාගත කර ගැනීටම සලස්වා තිබේ. කෙසේ වෙතත් මෙය භාවිත කළ හැක්කේ මෙම වසරේ ඔක්තොම්බර් දක්වා පමණක් බව ඔවුන්ගේ වෙබ් අඩවියේ දැක්වේ. මෙලෙස වානිජ මෘදුකාංග වෙළදපල තුළ නව සංස්කරණ එළි දකිනවිට ඒවා භාවිත කර වැඩ කිරීමට අපට ඇත්නම් කෙතරම් අගනේ දැයි මට මෙන්ම ඔබටද හැගෙනවා විය හැක. නමුත් තෙවන ලෝකයේ ජීවත් වන ජනයාට මෙම මෘදුකාංග වල නීත්‍යානුකූල සංස්කරණ භාවිත කිරීම හිතන තරම් ලේසි නැත. මන්ද යත් මේ සංස්කරණ මිලෙන් ඉතාම අධික වන බැවිනි.
    මේ කරුණ නිසාම බොහෝ දෙනෙක් නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතයට පෙළඹී සිටිති. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා සම්බන්ධ සංඛ්‍යාලේඛන එතරම් හිතකර නොවන්නකි. ලෝකයේම නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතය අතින් 5 වන තැන අපට හිමිව තිබේ. ආසියාවේ නම් මේ අතින් ශ්‍රී ලංකාව දෙවැනියාය. මේ අනුව ලෝක හොරු සිටින රටක් ලෙස දේශපාලඥයන්ට අමතරව පරිගණක භාවිත කරන්නන් ද අපේ රටේ ඉදිරියෙන් සිටී.
    නීත්‍යානුකූල නොවන මෘදුකාංග නිසා අදාල ආයතන වලට එහි වටිනාකම නොලැබී යයි. අනෙක් පැත්තෙන් ඒවා භාවිත කරන්නන්ට ද අවාසි රැසක්ම ලැබේ. ඒවා මොනවාද?
    මෙම මෘදුකාංග යාවත්කාලීන කළ නොහැක. උදාහරණයක් ලෙස යම් මෙහෙයුම් පද්ධතියක් යාවත්කාලීන කිරීමෙන් තොරව භාවිතය නිසා භාවිත කරන්නා අනාරක්ෂිත තත්ත්වයකට පත්වේ. ඒ අන්තර්ජාල භාවිතයේදී එන ඇතැම් හානිකර වැඩසටහන් මගින් මෙහෙයුම් පද්ධතිය අකර්මන්‍යය කිරීමේ අවධානමට ලක්වීමයි.අනෙක් අතට මේ මෘදුකාංග පිටපත් කිරීමේදී ඒ හරහා ද පරිගණක වෛරස පැතිරයාමේ ඇති අවධානමයි.
    එමෙන්ම මයික්‍රොසොෆ්ට් වැනි මෘදුකාංග සමාගම් මගින් නොමිලේ ලබා දෙන ඇතැම් මෘදුකාංග භාවිතයට ද අදාල වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නීත්‍යානුකූල විය යුතු බව පරීක්ෂාවක් එම මෘදුකාංග මගින් බොහෝ විට සිදුකරනු ලබයි.( උදාහරණයක් ලෙස Internet explorer 8 පිහිටුවීමට පෙර Validation Test එකක් සිදු කිරීම ගත හැක.)ඉදින් මෙහෙයුම් පද්ධතිය නීත්‍යානුකූල නොවේ නම් එය පිහිටුවීමේ අවසරය ඔබට නොලැබී යනු ඇත.
    එමෙන්ම මෘදුකාංගය භාවිත කරන්නාට ලැබෙන තාක්ෂණික සහය ද නීත්‍යානුකූල නොවන මෘදුකාංග වලින් ලැබෙන්නේ නැත.
    මේ කවර කරුණක් යටතේ වුවද අපට නීත්‍යානුකූල වානිජ මෘදුකාංග වලින් වැඩකිරීමේ වටා පිටවක් ගැන ලකුණකුදු පෙනෙන්නේ නැත.ඒ ඒවායේ අධික මිල නිසාය.
    මෙහිදී වගකිවයුතු ආයතන වලට මැදිහත් විය හැක. ඒ අඩුමිල නිත්‍යානුකූල සංස්කරණ ඉදිරිපත් කිරීටම අදාල ආයතන පෙළඹ වීම මගිනි.
    අනෙක් පැත්තෙන් විවෘත හා නිදහස් මෘදුකාංග වලට ජනතාව පෙළඹවීම තුළිනි. දැන් දැන් මේ අංශයෙන් පිබිදීමක් දැකිය හැක. එහෙත් ඒ ද මේ පිළිබදව වැඩ කරන පිරිසගේ කැපවීම තුළිනි.මේ වසර තුළ දී වත් ඉහත කරුණු සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් වල අවධානය යොමු වන්නේ නම් එය අනාගතය සදහා කෙරෙන මහගු ආයෝජනයක් වනු ඇත.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    Yako Kanne bonne wath nathi ratak wana Sri lanka we. thawa owa salli deela ganne salli apita koheda???
    thota pottaya gahalada comment karanne???
    මේ කවර කරුණක් යටතේ වුවද අපට නීත්‍යානුකූල වානිජ මෘදුකාංග වලින් වැඩකිරීමේ වටා පිටවක් ගැන ලකුණකුදු පෙනෙන්නේ නැත.ඒ ඒවායේ අධික මිල නිසාය.
    මෙහිදී වගකිවයුතු ආයතන වලට මැදිහත් විය හැක. ඒ අඩුමිල නිත්‍යානුකූල සංස්කරණ ඉදිරිපත් කිරීටම අදාල ආයතන පෙළඹ වීම මගිනි.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එව්රි ප්‍රොබ්ලම් හෑස් ඉට්ස් සොලූෂන්ස්.... :)
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    :D:D:D

    anjzgz.png
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    මෙම මෘදුකාංග යාවත්කාලීන කළ නොහැක. උදාහරණයක් ලෙස යම් මෙහෙයුම් පද්ධතියක් යාවත්කාලීන කිරීමෙන් තොරව භාවිතය නිසා භාවිත කරන්නා අනාරක්ෂිත තත්ත්වයකට පත්වේ. ඒ අන්තර්ජාල භාවිතයේදී එන ඇතැම් හානිකර වැඩසටහන් මගින් මෙහෙයුම් පද්ධතිය අකර්මන්‍යය කිරීමේ අවධානමට ලක්වීමයි.අනෙක් අතට මේ මෘදුකාංග පිටපත් කිරීමේදී ඒ හරහා ද පරිගණක වෛරස පැතිරයාමේ ඇති අවධානමයි.

    mona pissuda mama me katha natiwa mage xp tower ekai vista duwana lap ekai update karanne
    dekama tiyanawa nikan gas gal wage solid widihata....

    meva dala mawa microsoft eken allaida manda.....:P:P:P:P