නීතිපති දෙපාර්තමේන්තු වාහන රැගෙන ඡන්දෙ දාන්න ගමේ ගිය දෙන්නා රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඡන්දය දැමීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සතු නිල රථයක් හොර රහසේ රැගෙන ගොස්, දින තුනකට පසු යළි පැමිණීමේදී කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පෞද්ගලික ආරක්ෂක අංශයේ ආරක්ෂක කළමනාකාරවරයා සහ ස්ථානාධිපතිවරයා ඔක්තෝබර් 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා ඊයේ (24දා) නියම කළේය.කෙසෙල්වත්ත පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී නීතිපති දෙපාර්තමේන්තුව අසලදී වාහනය සමගම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියමින්, කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින්, මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

    නීතිපති දෙපාර්තමේන්තුව සතු නිල රථයක් හොර රහසේ රැගෙන යෑමෙන් එම මෝටර් රථය සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩ කිර්ම සහ මෝටර් රථය සාවද්‍ය පරිහරණය කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි කර ඇතැයි කියමින්, කෙසෙල්වත්ත පොලීසියේ නිලධාර්න් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ, නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පෞද්ගලික ආරක්ෂක අංශයේ ආරක්ෂක කළමනාකාරවරයා වන කඩුගන්නාවේ පදිංචි සුනිල් රත්නායක නමැත්තා සහ ස්ථානාධිපතිවරයා වන බෙලිගල කෑගල්ල ලිපිනයේ පදිංචි අමිල නුවන් ජයතිස්ස නමැත්තාය.

    සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීර්න්, සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුවන් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පෞද්ගලික ආරක්ෂක අංශයේ ආරක්ෂක කළමනාකාරවරයා සහ එහි ස්ථානාධිපතිවරයා බවත්, නීතිපති දෙපාර්තමේන්තුවට අයත් වාහන එහි වාහන රැඳවුම් අංගණයේ නවතා තබන බවත් දැනුම් දුන් නිලධාරීහු නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගණයේ නවතා තිබූ නිල රථයක් පසුගිය සැප්තැම්බර් 20වැනිදා රාත්‍රියේ මෙම සැකකරුවන් විසින් කිසිවෙකුටත් නොදන්වා හොර රහසේ පිටතට රැගෙන, සිය ගම්බිම් කරා ගොස් ඇතැයි දැනුම් දුන්හ.

    නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගණයේ නවතා තිබූ නිල රථය රැගෙන සැකකරුවන් ඔවුන්ගේ ගම්බිම් කරා ගොස් ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිර්ම සඳහා බව විමර්ශනවලදී හෙළි වූ බවත්, ඔවුන් දින තුනක කාලයක් පුරා අදාළ නිල රථයෙන් ඔවුන්ගේ ගම්බිම් පුරා සංචාරය කර ඇති බවත් දැනුම් දුන් කෙසෙල්වත්ත පොලීසියේ නිලධාර්න්, සැකකරුවන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයක් හොර රහසේ රැගෙන ගොස් අති බවට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් දැනුම් දුන්හ.

    සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනවලදී සැකකරුවන් අදාළ මෝටර් රථයෙන් යළි නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව, නීතිපති දෙපාර්තමේන්තුව අසල කළ වැටලීමකදී හොර රහසේ ගෙන ගිය මෝටර් රථයද සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන්, අදාළ වාහනය සැකකරුවන් විසින් කිසියම් අපරාධමය කටයුත්තකට භාවිත කළේද යන්න පිළිබඳව විමර්ශන කරන බවද දැනුම් දුන්හ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන හෙයින්, සැකකරුවන් ඊමාන්ඩ් භාරයට පත්කරන්නැයි කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීහු ඉල්ලා සිටියහ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා, පැමිණිල්ල යළි කැඳවන ලබන මස 02 වැනිදා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීමට පොලීසියට නියම කළේය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283

    Owata GPS tracking danna ona executive kiyagena yana hora gama ehema sahenta adu wei, defence ekata denna ona observation monitoring tika, SLAS eke inna okkoma sudo sudu naha