නීතිය ඉල්ලා හඬා වැටෙමු ද?
නීතිය ඉල්ලා හඬා වැටෙමු ද?
Posted on 09 October 2012.
Rating: 5.7/7 (3 votes cast)
අධිකරණ කොමිසන් සභාවේ ලේකම්වරයාට නාදුනන පිරිසක් විසින් පහර දීම සහ ඔහුගේ කට කපන්නට උත්සහා කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් ලංකාවේ සියලුම විනිශ්චයකාරවරුන් විසින් ඊයේ සහ අද දිනයේ දී අධිකරණ කටයුතු වලින් බැහැර වීමට තීරණය කරණු ලැබීය. මේ තීරණයත් සමගම නීතිඥවරුන් ද සිය කටයුතු වලින් දින දෙකක් බැහැරව සිටියහ. මීට පෙර මන්නාරම මහේස්ත්රාත්වරයාට ඇමතිවරයෙකු විසින් පහර දීමට එරෙහිවත් මේ ආකාරයෙන්ම විනිසුරන් සහ නීතිඥයන් විසින් කටයුතු කළ අකාරය අප දුටිමු. නමුත් දිනෙන් දිනම අධිකරණයේ ස්වාධීනතාවයට එරෙහිව විධායයේ අනවශ්‍ය මැදිහත් වීම අඩු කරන්නට නොහැකි විය. මේ වන විට තත්ත්වය ඌග්ර වෙමින් විධායකය සහ අධිකරණ අතර ගැටුම ප්‍රසිද්ධ දෙයක් බවට පත්ව ඇත. සාමාන්‍යයෙන් ප්රජාතන්ත්රවාද ගැන මූලිකම මූලධර්මයන් මගින් කියවෙන්නේ රාජ්‍ය පාලනයේ මූලික ආයතන වන ව්‍යවස්ථාදායක,විධායක,සහ අධිකරණය යන ආයත අතර බල තුලනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන බවයි. යම් හෙයකින් මේ අතර වන තුලනය බිද වැටුන හොත් රටක් ඒකාධිපත්වාදයක් කරා ගමන් කළ හැකිය. මේ නිසා එක් ආයතනයකට තවත් ආයතනයක කටයුතු අධීක්ෂණය කළ හැකි වන්නාවූත් එක් ආයතනයකට තවත් ආයතනයක් අභිබවා යා නොහැකි වන්නා වූත් සංවරණ සහ තුළන ක්‍රමයක් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක තිබීම අතිශයින්ම වැදගත්ය. මේ ආයතන අතර වන සංවරණය සහ තුළනය බිද වැටීම මගින් නරක ප්‍රතිඵල අත්විය හැකිය.
අධිකරණ විනිසුරන් සහ නීතිඥවරුන් සිය රාජකාරී කටයුතු වලින් බැහැර වී ඉල්ලා සිටින්නේ නීතියේ පාලනය යළි ස්ථාපිත කරන්න යැයි කියන ඉල්ලීමයි. අද දින මේ ආකාරයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිය රාජකාරී කටයුතු වලින් බැහැර වී සිටි නීතිඥ මහත්වරුන්ට හදිසියේම ඔස්ටේරීලියාව බලා හොරෙන් සංක්‍රමණය වන්නට තැත් කළ පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරනු දක්නට ලැබුනි. මෙහදිී මේ සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය විය. මේ නිසා නිකම් හිටි සමහරුන්ට නම් කීයක් හරි හොයා ගන්නට මෙය අවස්ථාවක් විය. නීතිඥයන්ට ඇත්තෙන්ම නිසියාකාර ආදායම් මාර්ගයක් නැත. රජයෙන් වැටුප් ලැබෙන්නේ නැත. සමහර නීතිඥයන්ම කියන්නේ තමන්ගේ වෘත්තියත් හරියටම පෞද්ගලික බස්රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ වෘත්තියට දෙවැනි නොවන බවයි. මේ නිසා සිදු වන්නට හැක්කේ කුමක් ද?
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් නීතීඥවරයෙකු වන අතර ඔහු මේ යථාර්ථය හොදින්ම දනී. සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් දින දෙක තුනකට වඩා සිය රාජකාරී කටයුතු වලින් බැහැරව ඉන්නට නීතිඥවරුන්ට හැකියාවක් නැත. එය මාක්ස්වාදී භාෂාවෙන් කියන්නේ නම් මේ වෘත්තිකයන් යනු සුළු ධනේශ්වර අයයි. මේ නිසා දෛනිකව මුදල් ඉපැයීම නොකළ හොත් කන්නට වන්නේ පොල් සම්බෝල සමග බත්ය. මේ යථාර්ථය දන්නා නිසාම නීතිඥවරුන්ට සිය විරෝධතාවයන් දින දෙක තුනකට වඩා ඉදිරියට පවත්වා ගෙන යන්නට බැරිය.
අධිකරණයේ ස්වාධීනතාව සහ නීතියේ පාලනය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන් ගනු ලබන උත්සහය අගය කළ යුතුය. නමුත් ඒ සමගම ඉහත යථාර්ථයද අපට මගහැර යා නොහැක. පවතින ක්‍රමයට එරෙහිව අරගල කළයුතු නව මානයක් ගැන අපට සිතන්නට වන්නේ මේ නිසාය.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,