වෙෙද්‍ය සභා ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රයට "උසස් පෙළ ප්‍රතිඵල" අනිවාර්ය කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට SAITM වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ SAITM දෙමාපිය සංසදය තීරණය කරයි.අභියාචනා අධිකරණය මගින් SAITM සිසුන්ට වෙෙද්‍ය සභා ලියාපදිංචිය ලබා දෙන මෙන් තීන්දුවක් ලබා දී අැති අවස්ථාවකදී මෙලෙස උසස් පෙළ ප්‍රතිඵල අනිවාර්ය කිරීම අසාධාරණ බවත්, බොහොමයක් SAITM සිසුන්ට තම උසස් පෙළ ප්‍රතිඵල මතක නැති බවත් ඔවුහු මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ SAITM දෙමාපිය සංසදයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙය ගරු අධිකරණයට අපහාසක් බවටත්,උසස් පෙළ ප්‍රතිඵල අවශ්‍ය වන්නේ රජයේ වෙෙද්‍ය පීඨ වලට අැතුලත් වීමේදී පමණක් බවත්, මෙම නඩුවද කලින් නඩුව මෙන්ම ජයග්‍රහණය කරන බවත්ය.