"නීති විරෝධී යුධ අධිකරණ එපා"
"නීති විරෝධී යුධ අධිකරණ එපා" කොළඹදී විරෝධතා
දේශීය 2010 මාර්තු 15 වෙනි සදුදා, 12:45 නීති විරෝධි යුධ අධිකරණ එපා - ජනරාල් වහා නිදහස් කරනු" යනුවෙන් වූ විරෝධතා පුවරු සහිතව අද දින කොළඹ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිටදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් සාමකාමී විරෝධතා සත්‍යග්‍රහයක් පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වූ මෙම විරෝධතා සත්‍යග්‍රහය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති, ආරියවංශ දිසානායක, සිරිමසිරි හපුආරච්චි යන මහත්වරුන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයෝ සහභාගී වී සිටියහ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේ අදහස් දැක්විය.
"ජනරාල් සරත් ෆොන්සේකා මහතා එතුමාගේ කාර්යාලයේදී දේශපාලන කටයුතු කරමින් සිටියදී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත්ත. පසුව කිසිදු චෝදනායවක් නැතුව පැහැරගෙන ගිය එතුමාට එරෙහිව දැන් චෝදනා සකස් කරල තියෙනවා. දුන් අතීතයට බලපාන විදියට නීති සකස් කරල තියෙනව. ඒ අනුව හෙට එතුමාව ඊනියා අධීකරණයකට ඉදිරිපත් කරන්නයි හදන්නේ.
ඒ හමුදා අධිකරණය නීති විරෝධීයි. ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිර්දෝෂියි. ඒ නිසා අපි බලකරනව එතුමා වහාම නිදහස් කරන්න කියල. එතුමාව අත්අඩංගුවේ තියාගන්න කිසිදු අයිතියක් නැහැ. නමුත් මේ සියල්ල අද සිදු වෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි දේශපාලනය නිසා. ඒ රාජපක්ෂ පාලනය අභියෝග කිරීම නිසා. ඒ තමයි සැබෑ වරද. අපි කියන්නේ මේ රටේ ඕනෑම කෙනෙකුට රාජපක්ෂ පාලනයට අභියෝග කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙන්න ඕනෙ. ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඒ කරුණ ඉතාමත් නිවැරදිව ඉටු කළා.
එතුමා ගෙන ගිය ඒ යුතුකම වෙනුවෙන්, එතුමාට ධෛර්ය සපයන්න, එතුමා වහාම නිදහස් කරන්න කියල බල කිරීම අපි මේ වෙලාවෙදී මේ ආකාරයේ සාමකාමී සත්‍යග්‍රහයක් පවත්වල මේ රාජපක්ෂ ආණෟඩුව බල කර කියා සිටිනව. අනිවාර්යයෙනුම අපි මේ සටන ජයග්‍රහණය දක්වා ගෙනියනව."
"නීති විරෝධී යුධ අධිකරණ එපා" කොළඹදී විරෝධතා
දේශීය 2010 මාර්තු 15 වෙනි සදුදා, 12:45 නීති විරෝධි යුධ අධිකරණ එපා - ජනරාල් වහා නිදහස් කරනු" යනුවෙන් වූ විරෝධතා පුවරු සහිතව අද දින කොළඹ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිටදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් සාමකාමී විරෝධතා සත්‍යග්‍රහයක් පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වූ මෙම විරෝධතා සත්‍යග්‍රහය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති, ආරියවංශ දිසානායක, සිරිමසිරි හපුආරච්චි යන මහත්වරුන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයෝ සහභාගී වී සිටියහ.මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේ අදහස් දැක්විය.