නීල_කාස

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
70264145_2644748222256993_5859185086599004160_o.jpg

රාජපක්ෂ නීලකාස හොරු රැළ නෙළුම් කුළුණේ ඇඩ්වාන්ස් එකෙන්ම රු. කෝටි 200 ක් හොරා කාළා..! නෙළුම් කුළුණ විවෘත කරමින් ජනාධිපති හෙළිකරයි..!!
මැදමූලනේ රාජපක්ෂලා යනු නීලකාස හොර මුලක් බව යලිත් හෙළිදරව් කරමින් කොළඹ නෙළුම් කුළුන හෙවත් කලම්බු ලෝටස් ටවර් නම් දකුණු ආසියාවේ උසම කුළුන අද සවස ජනාධිපති සිරිසේන සහ කතානායක කරු ජයසූරිය අතින් විවෘත කෙරිණ.

මෙම අවස්ථාවට චීන තානාපතිවරයා ද සහභාගී වී සිටියදී උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා නෙළුම් කුළුන හැදීමේ ඇඩ්වාන්ස් මුදලින්ම රුපියල් කෝටි 200 ක් රාජපක්ෂලා ගසා කෑ අන්දම හෙළි කෙළේය.

‌ගෝඨාභයගේ කුප්‍රකට මිග් යානා මගඩියේ දී එංගලන්තයේ නොතිබූ ‘බෙලිමිස්සා’ නමැති අද්භූත සමාගමකට රුපියල් කෝටි 125 කට අධික මුදලක් ගෙව්වා යැයි කියමින් එකී මුදල ගසා කෑ අන්දමටම නෙළුම් කුළුන හැදීමේ දී ද චීනයේ ALIT නම් සමාගමකට රුපියල් කෝටි 200 ක් ගෙව්වා යයි කියමින් එකී මුදල ගසා කා තිබේ. මෙකී මුදල ගෙවා ඇත්තේ 2012 දී ය.

ජනාධිපති සිරිසේන ප්‍රකාශ කළේ 2015 ඔහු ජනාධිපති වීමෙන් පසු මේ ගැන සොයා බලද්දී චීනයේ එවැනි සමාගමක් නොතිබූ බවයි. චීනයේ සිටි ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු ALIT සමාගමේ තිබූ ලිපියනයට යවා බැලූ නමුත් එම ලිපිනයේ එවැනි සමාගමක් තිබී නැත. ලෝකයේ කොහේවත් එවැනි සමාගමක් ද නැත. මුදල ද අතුරුදහන් නමුත් අද දක්වා ඒ මුදලද ඇතුළුව චීන එක්සිම් බැංකුවෙන් ගත් ණය ගෙවීමට ලංකාවට සිදුව තිබේ.

ගැහිල්‌‌ලේ වග තුග..
-----------------------

ජනාධිපතිවරයා මේ සියල්ල අද පැවැති විවෘත කිරීමේ උත්සවයේ දී හෙලි කළ අතර මේ සම්බන්ධයෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක පහත කරුණු සඳහන් විය.

නෙළුම් කුලූන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට චීනයේ EXIM බැංකුව එකඟවී තිබිණි. එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වනදින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලිසංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදිමේ පිළිබඳව බීජිංනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම්දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එ නමින් කිසිඳු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැරර ටකින් සොයා ගැනීමට නොහැකි විය.

එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ.

ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා දෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස චීන EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමාවිය.

එහෙත් ඒ වනවිටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළව ද ශ්‍රී ලංකාව එකී ණයවාරිකය වන රුපියල්කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයටම වාර්ෂිකව ගෙවීමටසිදුව ඇත. එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල්කෝටි 120ක මුදලක් මේ වන විටත්ගෙවා තිබේ. (නිවේදනය නිමයි)

කුළුනේ වග තුග..
----------------------

මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් උසය. කරකැවෙන අවන්හලක්, වෙළඳසැල්, සාප්පූ සංකීර්ණ මෙන්ම සංස්කෘතිකාංග ආදියට භාවිත කළ හැකි විශේෂ වේදිකාවක් එහි තිබේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, අධිසුඛෝපභෝගී නිදන කාමර 6 ක් ද ඉදිකර තිබීමයි. කුළුණේ නෙළුම් මල සහිත කොටස මහල් 8 කින් සමන්විත අතර එහි 6 වන සහ 7 වන මහල් වෙන් කර ඇත්තේ ගුවන් විදුලි හා රූපවාහිනී ඩිජිටල් සම්ප්‍රේෂණ කටයුතු සඳහා ය.
මෙය පරිපාලනය සඳහා පුද්ගලික සමාගමක් ආකාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයකින් යුත් රාජ්‍ය සමාගමක් වෙත බාර දීමට නියමිත අතර ඒ සඳහා අදාල කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නෙළුම් කුළුණ අද විවෘත කළද එහි ව්‍යාපාර කටයුතු ආරම්භ වීමට තව කලක් ගත වනු ඇත.

කොළඹ නෙළුම් කුළුනේ නිල වෙබ් අඩවිය ද අද විවෘත කෙරුණු අතර එය www.lotustower.lk වේ.
 
Last edited:

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    71107634_2428215327434668_2810316656482451456_n.png

    කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම ආරම්භ කිරීමේ අත්තිකාරමේදීම රුපියල් බිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශවීය සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

    කොළඹ නෙළුම් පොකුණ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවති රාජපක්ෂ පාලනය ඉලක්ක කරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකරන ලදී.

    නමුත් එම ප්‍රකාශය මුළුමනින්ම බැහැර කරමින් එවකට පැවති රජයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි අනූෂ පැල්පිට මහතා සඳහන් කරන්නේ අදාල සමාගම අදටද පවතින චීනයේ සමාගමක් බවයි.

    ඒ බව සඳහන් කරමින් ඔහු තම ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

    නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ.

    නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ ොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.

    මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත .

    ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවරALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.

    මේ සම්බන්ධයෙන් ඉදිරි සංදේශ නියාම කොමිසන් සබාවේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත.

    2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වානෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවා ට ගෙවන ගෙවීම් සිදුකර ඇත්තේ ද. CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකය කටය මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත.මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය.

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතුය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි.

    :lol::lol::lol::lol:
     
    Last edited:
  • Dec 18, 2013
    535
    98
    28

    තැන්ක්ස් මචං NEWS එකට....මම මේ ගැන මම වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරා....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවරුදු 5ක් දුන්න අල්ලපු හොරෙකුත් නෑ. වොක්සාවැගන් තියා කක්කුස්සියක් හදාගන්න බැරි උනා. අන්තිමට මහා බැංකුවේ ඉදල කක්කුස්සියේ බෙට්ටත් හොරකම් කරලා තවත් කෙබර අරිනවා. උබේ නපුන්සක හාමු තොගේ ඇග උඩ ඉද්දි ද ඔය ටික කිව්වේ. තවත් ටොම් පච කෙලලා මිනිස්සු රවටන්න බෑ. සිරිකොතේ නපුන්සක රැලට මේ චන්දෙදි ගූ ගහල එලවන්න බලාගෙන ඉන්නේ මිනිස්සු.:angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මේ සැරේ ඔය හොර කතා කියලා චන්දෙ ගන්ඩ හම්බෙන් නැ
    මිනිස්සු ඔය බයිලා පිලි ගන්නේ නැ
    හොරු හොරු කිය කිය මැරෙන්ඩ හදපු කෙහෙල් ගෙඩියා/තඹ හොරා එහෙම දැන් පෙන්ඩත් නැ අල්ලපු හොරෙකුත් නැ මහා දවල් බැංකු කැඩුවා විතරයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2012දි නෙළුම් කුළුණ ඉදිකිරිමේදි, බිලියන 2ක් අතුරැදහන්නම් අවුරැදු 5ක් තිස්සේ ඒ ගැන රටට නොකියා, ඒ ගැන පරික්ෂණයක් නොකර, ඒ ගැන වගකිවයුත්තන්ට දඩුවම් නොකර, එය විවෘත කරනකොට මේ වගේ කතාවක් කියන්න තරම් මේ මනුස්සයා කුහක වුනානේ. වගකිවයුතු ජනාධිපතිවරයෙක්නම් කරන්න ඕනේ ඒ දෙයද?. මේ වගේ අති දැවැන්ත නිර්මාණයක් අපේ රටේ ඉදිවුනාම, මුළු ලෝකයටම යවන්න පණිවිඩයද මේ ජනාධිපතිවරයා දුන්නේ? මේ හරහා රටට වෙන යහපතද ඒ කිවුවේ? ඇත්තටම අපේ රටේ මේ වගේ ජනාධිපතිවරයෙක් පත්කිරිම ගැන රටේ සියළුම දෙනා කණගාටු විය යුතුයි.
    වැඩ අවසන් නොකර, එය විවෘත කලේ ඉදිරි ජනාධිපතිවරණයට පෙරයි. ඇත්තටම තමා ගැන මේ තරම් අධිතක්සේරැවෙන් සිටින මිනිහෙක් මමනම් දැකලා නැහැ. රටේ මිනිසුන්ට ඕනේ තරම් ප්‍රශ්ණ ආවත්, තමාට කිසියම් දෙයක් කවුරැන් හෝ කියනවානම්, විධායක ජනාධිපතිධූරයේ බලතල සියල්ල යොදා අන්න ඒ අපහාසයට දේවල් කිරිමටනම් අපේ ජනාධිපතිවරයා දෙපාරක් හිතන්නේ නැත. කමක් නැහැ තව මාස 2යි. මේ අවුරැදු 5 පුරාවටම තිබුනේ වෛරය, ක්‍රෝධය පිරැණු කතා පමණයි. ඇත්තටම මෙය වෙනස් විය යුතුයි. නෙළුම් කුළුණ රටට දායාද කල මහින්ද රාජපක්ෂට ස්තුතිය පලකරන්න ඕනේ නැහැ. ඒත් අඩුම ගානේ තමාට කරන්න බැරි දේවල්, මහින්ද කරපු එක ගැන වෛරය නොකරන්නයි ඕනේ.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,420
    113
    රූකඩ රාජ්ජේ
    රෙද්ද ගැලවිලා නේද ත්‍රෙඩ් එක දාපු එකාගෙයි සිරිසේනගෙයි දෙන්නගෙම? 50KG උබේ හාමුගේ ඔලුව හිස්....ඇට දෙක පුස්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඌරු වරිගේ වන්නිය;24777462 said:
    තැන්ක්ස් මචං NEWS එකට....මම මේ ගැන මම වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරා....

    එල මචන් :yes: