නීල_කාස_හොරු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගෝඨා සහ හිටපු අගවිනි-සොරා මොහාන් පීරිස් එකතු වී ශ්‍රේෂ්ඨාධිකරණයේ කෝටි ගාණක් වටින විදුලි බල්බ පද්ධතියකට වැඩේ දීලා..!

Gota_with-Mohan.jpg




ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී ශ්‍රී ලංකාවට චීන රජයේ ආධාර මත ලැබුණු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ හා අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිලි සංකීර්ණය මෙරටට මිල කළ නොහැකි දායාදයක් වූ නමුත් එහි සවිකර තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි බල්බ පද්ධතියක් අතුරුදන් වී ඇති බව වාර්තාවේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ චාරිතානුකූල උත්සව අවස්ථා පැවැත්වෙන පස්වන මහලේ පිහිටි ශාලාවේ සවිකර තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා මෙම විදුලි බල්බ පද්ධතිය මොහාන් පීරිස් අග විනිසුරු ධූරය දරන අවධියේදී සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස් වූ අවස්ථාවේදී මෙම සොරකම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙන බව පැවසේ.
උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතාගේ සභාපතිත්වයෙන් සමන්විත වන අතර ඊට අභියාචනාධිකරණ සභාපතිවරයා ද ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක්ද, මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක්ද, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක්ද ඇතුළත්ව සිටී.
මෙහිදී අදාළ අතුරුදන් විදුලි බල්බ පද්ධතිය සම්බන්ධයෙන් විමසීමක් සිදුවී ඇති අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාව මත එකී විදුලි බල්බ පද්ධතිය ඉවත්කරගෙන ගොස් තිබුණු බවට කරුණු අනාවරණය වී තිබේ.
මෙම විදුලි බල්බ පද්ධතියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂනයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙසට උපරිමාධිකරණ සංකීර්ණයේ මාර්ෂල්වරයාට උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය විසින් නියම කර ඇත.