නුගේගොඩ ප‍්‍රකට භික්‍ෂූව ටයි කෝට් දමාගෙන අනියම් බිරිඳ සමඟ යද්දි මාට්ටු... 😀😀😀

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මෙයාට වියත්මගෙන් තනතුරක් දෙන්න බැරිද.. මේ වගේ ගේම්ස් දීලත් කිසි අවුලක් නැතුව ඉන්නවා කියන්නේ පොහොට්ටුවේ සිටිය යුතු කෙනෙක් :D
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    නුගේගොඩ ප‍්‍රකට භික්‍ෂූව..​

    ....

    අනියම් බිරිඳ...​


    මොකක්ද මේ හරුපේ..? 😅😂 අනියම් බිරිඳ කියන්නේ ඌට නීත්‍යානුකූල ගෑනියෙකුත් ඉන්නවා ද? :baffled:
    🤭
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,621
    6,181
    113
    V-8 පූජා කරන ලංකාවේ බෞද්ධයන්ට මේවා Ok ..හැබැයි බුදුන් උපන් රට ලංකාවයි කිව්වම තමයි දෙලොව රත් වෙන්නේ... 😆 😆 😆

    නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ පිහිටි මෙරට වඩාත් ප‍්‍රසිද්ධ විහාරයකි. දැනට වසර කිහිපයක සිට එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරුවේ මැදිවියේ භික්ෂුවක් විසින්ය. එම හිමියන් පන්සලට යම් සේවයක් සිදු කළ ද චරිතය අතින් ගත් කල සිදු කළේ භික්ෂුවකට ඔබින ක‍්‍රියා නොවේ.

    ස්ත‍්‍රී ඇසුරට දැඩි ලොල්කමක් දැක්වූ එම හිමියන් වසර කිහිපයක සිට තරුණියන් සමග අනියම් සම්බන්ධතා කිහිපයක් පවත්වාගෙන ගියේය. මෙම සම්බන්ධතා හොර රහසේ පවත්වාගෙන ගියත් කලක් යද්දී දායක දායිකාවන් මේ පිළිබඳව දැන ගත්හ. ඒ සමග එම භික්ෂුවට තිබූ ගරුත්වය ක‍්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තේය. දිනක් දායක සභාවේ පිරිසක් එම විහාරාධිපති හිමියන් හමුවී මෙලෙස පැවසූහ.

    ‘‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන නරක කතා පැතිරෙනවා.”

    ‘‘මොන වගේ කතා ද මහත්තයෝ.”

    ‘‘කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වා ගෙන යනවා කියලා.”

    ‘‘ඔය මිනිස්සු ඉරිසියාවට කියන බොරු කතා.”

    ‘‘එහෙම කියන්න එපා හාමුදුරුවනේ. අපිත් කලක ඉඳන් හොයල බැලූවා ඒ ගැන.”

    ‘‘ඉතින් මොනවද හොයාගත්තේ.”

    ‘‘ඒ කතාවල ඇත්තක් තියෙනවා.”

    ‘‘ඔයගොල්ලොත් දැන් මට බොරු චෝදනා කරන්නද හදන්නේ.”

    ‘‘බොරු චෝදනා නෙමෙයි හාමුදුරුවනේ. අපි ඇත්ත කියන්නේ. ඔබ වහන්සේව නිවැරදි මගට ගන්න ඕන නිසයි මෙහෙම කියන්නේ.”

    ‘‘මාව නිවැරදි මගට ගන්න ඕගොල්ලන්ට බැහැ. මොකද මම බුද්ධ පුත‍්‍රයෙක්. ඔය අය ගිහියන්. මම හොඳට දන්නවා කොහොමද ජීවත් වෙන්න ඕන කියලා.”

    ‘‘ඒක අපි දන්නවා හාමුදුරුවනේ. ඒ වුණාට ඔබ වහන්සේ කරන්නේ බුද්ධ පුත‍්‍රයෙක් කරන්න ඕන වැඩ නොවෙයිනේ.”

    ‘‘මම නැවත වතාවක් කියනවා මට බොරු චෝදනා එල්ල කරලා පව් පුරවගන්න එපා.”

    ‘‘අපි කිව්වෙ බොරු කතා නොවෙයි. දිගටම ඔබවහන්සේ මේ වගේ වැඩ කරන්න ගත්තොත් අපිටත් තීරණයක් ගන්න වෙනවා. ඒක නිසා අපි අන්තිම වතාවටත් ඔබ වහන්සේට කියන්නේ සිවුරට නුසුදුසු වැඩ කරන්න එපා කියලා.”

    ‘‘කරන වැඩ සිවුරට සුදුසුද නුසුදුසුද කියලා මම බලාගන්නම්.”

    දායක සභාවේ පිරිස නායක හාමුදුරුවන්ට එලෙස පැවසුවත් උන්වහන්සේ ඒවා පිළිගත්තේ නැත. පුන පුනාම පැවසුවේ තමන් නිවැරදි බවයි. එහෙත් එම භික්ෂුව තරුණියන් සමග අනියම් සම්බන්ධතා පවත්වන බව බොහෝ පිරිසක් දැන සිටියහ. එන්න එන්නම එම නායක හිමියන් පිළිබඳව පැතුරුණේ නරක ආරංචිම පමණි. එම නිසා පන්සලේ අනිත් භික්ෂූන් සහ දායක දායිකාවන් සිටියේ එම හිමියන් පිළිබඳව ඉමහත් කළ කිරීමකින්ය.

    පානදුර අලූබෝමුල්ල ප‍්‍රදේශයේ පදිංචි අමාලි සිව්දරු මවකි. ඇය සමඟ හිමිනම වසර කිහිපයක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඇයට දාව උපන් බාලම ළමයා එම හිමියන්ගේ බව බොහෝ අය පවසති. මෙම විහාරාධිපති හිමි සිවුර ගලවා දමා කලිසමකින් හා කමිසයකින් සැරසී මෙම ස්ත‍්‍රීය මුණගැසීම සඳහා නිරතුරුවම පැමිණෙයි.

    කලක් යද්දී මෙම හිමියන්ට එම ස්ත‍්‍රිය නැතුවම බැරි විය. එම නිසා විහාරස්ථානයට ලැබුණු මුදල් වලින් බොරලැස්ගමුව ප‍්‍රදේශයේ නිවසක් මිලදී ගත්තේය. ඉන්පසු එම කාන්තාව සහ දරුවා සමඟ ඔහු එම නිවසේ පවුල් ජීවිතයක් ගත කළහ. ඒ වන විට එම ස්ත‍්‍රියගේ වැඩිමහල් දරුවන් තිදෙනාම මහණ වී සිටියහ.

    දායක දායිකාවන්ට මෙම හිමියන් පිළිබඳව තිබුණේ දැඩි පිළිකුලකි. එම නිකායේ මහා නායක හිමිවරුන්ට මෙම භික්ෂුවගේ ක‍්‍රියාකලාපයන් පිළිබඳව සාක්ෂි සහිතව දැනුම් දුන්නේය. ඒ පිළිබඳව සොයා බැලූ මහනායක හිමිවරු එම භික්ෂුව එම නිකායෙන් ඉවත්කර විහාරාධිපති කමද අවලංගු කළේය. එතැන් පටන් එම විහාරයේ විහාරාධිපති ධුරයට පත්වූයේ බෝගම්බර මෛත‍්‍රී රතන ස්වාමින් වහන්සේය.

    මෛත‍්‍රී රතන ස්වාමීන් වහන්සේ සිල්වත් භික්ෂුවකි. දායක දායිකාවන් සමග එකතු වී බුද්ධාගම නගාසිටුවීමට සහ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකටයුතු රාශියක් සිදු කළහ. එහෙත් උන්වහන්සේට එම වැඩසටහන් ක‍්‍රියාත්මක කරගෙන යෑමට ඉහත කී විහාරාධිපතිහිමි ඉඩ ලබා දුන්නේ නැත. විවිධ ආකාරයෙන් කරදර බාධා ඇති කළේය. බොරලැස්ගමුව නිවසේ එම තරුණිය සමග බණ්ඩාරත්න යන නමකින් කල් ගෙවන මෙම දුසිල්වත් භික්ෂුව මුදල් සහ වෙනත් දෑ ලබා ගැනීම සඳහා විහාරස්ථානයට පැමිණෙන විට පමණක් සිවුර පොරවා ගනියි. එලෙස ඔහු සතියකට දෙවරක් පමණ විහාරස්ථානයට පැමිණ එලෙස මුදල් සහ වෙනත් දෑ රැගෙන යයි. වර්තමාන විහාරාධිපති හිමිට සහ දායක දායිකාවන්ට මෙය මහත් ගැටලූවක් විය. එම නිසා මේ සඳහා යම් කිසි දෙයක් සිදු කළ යුතු යැයි ඔවුහු තීරණය කළහ. ඒ අනුව දිනක් ඔවුන් මෙලෙස කතාබස් කළේය.

    ‘‘නිකායෙන් සහ පන්සලෙන් ඉවත් කළත් මේ හාමුදුරුවන්ගෙන් තියෙන්නෙ ලොකු කරදරයක්.”

    ‘‘ඒක ඇත්ත. බලන්න ගෑනු පස්සෙ ගිහිල්ලා කරගත්ත විනාසයක්.”

    ‘‘අපේ නායක හිමියන්ට වැඩ කරගෙන යන්න දෙන්නෙ නැහැ. සැරින් සැරේ ඇවිත් පන්සලේ තියෙන දේවල් එකතු කරගෙන යනවා. අපි මේකට මොකක් හරි කරන්න ඕනා.”

    ‘‘ඔව් අනිවාර්යෙන්ම. නැත්නම් වෙන්නේ ලොකු විනාසයක්.”

    ‘‘අපි මෙහෙම දෙයක් කරමු.”

    ‘‘මොකක්ද ඒ.”

    ‘‘මෙයා ඉන්නේ ගෑනු කෙනෙක් සහ ළමයෙක් එක්ක බොරලැස්ගමුව ප‍්‍රදේශයේ ගෙදරක. ඒ ළමයව අලූබෝමුල්ල ප‍්‍රදේශයේ පාසලකට දාගන්න යනවාලූ.”

    ‘‘ඔයා කොහොමද ඒ බව දන්නේ.”

    ‘‘මම මෙයා ගැන කාලෙක ඉඳන් හොයනවා. හෙට යනවා ගෑනු කෙනා එක්ක ඒ පාසලට ළමයා ගැන කතා කරගන්න. මොකද කියන්නේ අපි ෆලෝ කරලා අතටම අල්ලගමුද?.”

    ‘‘ඒක නියම අදහස. අපි කොහොමහරි මිනිහව අල්ලගමු එහෙම ඉන්නකොට.”

    ‘‘එහෙනම් අපි හෙට එයා ගැන ඇහැගහගෙන ඉමු.”

    කතා කරගත් පරිදි පසුදින එම පිරිස ඔහු ගැන ඇස ගසාගෙන සිටියේය. සිවුර පසෙක දමා පන්සලේදි භාවිත කළ සුඛෝපභෝගි මෝටර් රථයේ එම ස්ත‍්‍රිය සමග ඔහු අලූබෝමුල්ල ප‍්‍රදේශයට පැමිණියේය. ඒ සමඟම දායක සභාවේ පිරිසක්ද එම මෝටර් රථය පසු පස ලූහුබැඳ ගොස් ඔවුන් දෙදෙනා අල්ලා ගත්හ. එලෙස අල්ලා ගෙන පොලිසියට භාර දුන්නේ කාරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදීම සඳහාය. එහෙත් පොලිසියේ දී ඔවුනට නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඒ සිවුර හැර යෑම සහ කාන්තාවක් සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට නීතියෙන් බාධාවක් නොමැති නිසාය.

    නීතියෙන් එසේ ලිහිලක් ලැබුණත් මෙම පුද්ගලයා සිවුරේ සිටින කාලය තුළ කෝටි ගණනක මුදල් සහ දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් සහ දේපළ වෙනත් පුද්ගලයන්ට පවරා ඇති බවත් පැවසේ. ඒ පිළිබඳව දායක සභාවේ සාමාජිකයෙකු අපිට මෙලෙස පැවසුවේය.

    ‘‘මේ හාමුදුරුවෝ වසර ගණනක සිට කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගිහින් තියෙනවා. පන්සලට ලැබුණු සල්ලි කෝටි ගණන් අයථා ලෙස භාවිත කරලා තියෙනවා.”

    ‘‘නුගේගොඩ ගුවන් පාලම හදනකොට පන්සලේ ඉඩමෙන් ගොඩක් ගියා. ඒකට කෝටි ගාණක විශාල වන්දියක් හම්බුනා. ඒ සල්ලි වලට මොනව වුණාද කියලා අද වෙනකම් දන්නේ නැහැ. ඒ විතරක් නොවේ පන්සලට එන සේරම සල්ලි මෙයා හිතුමතේට වියදම් කරල තියෙනවා.”

    ‘‘පන්සලේ KDH එකක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් තිබුණා. ඒ දෙකත් මෙයාගේ හිතවතුන්ට දීල තියෙන්නෙ. මාතලේ ප‍්‍රදේශයෙන් අක්කර 50 ක ඉඩමක් අරගෙන තියෙනවා. මහරගම එපාර්ට්මන්ට් එකක් තියෙනවා. තව කඩ කාමර තියනවා කියලත් ආරංචියි. මේ සේරම දේපළ මෙයාගේ හිතවතුන්ට තමයි දීලා තියෙන්නේ.”

    ‘‘ඔය දැන් ඉන්න ගෑනු කෙනා 2019 දි මෙයාට විරුද්ධව නඩත්තු නඩුවක් දැම්මා. ඒක ෂේප් කරගත්තේ ඒ ගෑණු කෙනාට ඉඩමක් ලියල දීලා. තව මේ හාමුදුරුවෝ සිවුර ඉන්න කාලේ කරපු අයථා වැඩ ගොඩක් තියෙනවා.”

    ‘‘අපි වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විහාරස්ථානයේ දේපළ සහ මුදල් තම පෞද්ගලික සුඛ විහරණය සඳහා යොදාගත් මෙම පුද්ගලයා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ”

    සිවුර පොරවාගෙන කෝටි ගණන් මුදල් උපයා කාන්තාවන්ට සහ පෞද්ගලික හිතවතුන්ට ලබාදුන් බණ්ඩාර රත්න නමැති මෙම පුද්ගලයා පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා නිසි දඬුවම් ලබා දිය යුතුය. සිවුර දරාගෙන මෙවැනි ක‍්‍රියා සිදු කරන තවත් භික්ෂූන් ද සිටිති. එවැනි භික්ෂූන්ගෙන් අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධිය හෝ පාඩමකට ගෙන එවැනි විනය විරෝධී ක‍්‍රියාවල නොයෙදෙන ලෙසයි.

    නම් ගම් මනඃකල්පිතයි

    ගයාන් සමරසිංහ
    – දිවයින
    😮