bump/...ලියපන් දිගටම...මග නවත්තන්නේ නැතුව....![]()







book mark ekak dagaththa machan, re wela kiyawannam, dan novel kiyawana maansikathweka nha ban, patta rasneyi









thawa liyapan....







මොකද බන් උඹලට වෙලා තියෙන්නෙ. බය වෙලා වගේ ඉන්නෙ. මම ඒ කෙල්ලට මුකුත් කලේ නැහැ. මම කිව්වෙ ආදරයක් ඇති උනා කියල විතරයි. ඒ කෙල්ල මට අකමැති වෙන එකක් නැහැ බන්.
රාදිකයා ගොඩක් දේවල් එක දිගට කියාගෙන ගියේය.ඇත්තටම රාදිකයාට අකමැතිවෙන්න හේතුවක් නැතැයි මටද සිතුනි. මම වලක් කැපුවොත් ඉතින් ගෙම්බෙක් නෙමේ ගෙඹිපව්ලක්. මම මටම් කියා ගත්තෙමි.
මොකෝ බන් උඹල දෙන්නට වෙලා තියෙන්නෙ. මම් මෙච්චර දෙවල් කියලත් උඹල නිහඩව ඉන්නවා.
එහම දෙයක් නෙමේ රාදිකයා.. අපිට හිතා ගන්න උඹ එක පාරටම් ඔය වගේ දෙයක් කියන්කොට. ඒකයි ටිකක් නිහඩව උඹ කියන දෙවල් අහගෙන හිටියෙ. මම කීවෙමි.
එල.. ඒක නෙමේ තමාලි, අනුරාධි එක්ක ලේඩි ජේ එකට යන්ව කිව්වා.. මොකද කියන්නෙ උඹල දෙන්නත් එනවද මන් එක්ක යන්න.සප් එකටත් එක්ක..
අනේ රාදිකයා මමමේ අයන්තයා එක්ක බොරැල්ලට යන්න් හිටියෙ හදිස්සියකට. අපි උඹව හෙව්වෙත් උඹට කියල යන්න.. උඹ තරහ් නෑ නේද අද අපි ආවේ නෑ කියලා ..
අනේ මන් උඹල දෙන්න එක්ක තරහ වෙනවද කියහන්කො. එහෙනම් අද මම යන්නම්.. උඹල දෙන්න කරාන් වැඩේ ඉක්මනට ඉවර කරල පරිස්සමින් යමල්ලා. හෙට සෙට් වෙමු එහෙනම්.
රාදිකය එසේ කියමින් ලේඩි ජේ එක පැත්තට ගියේය. මමයි කුඅමරයයි බොරැල්ල පැත්තට හිමිහිට ඇවිද ගියේ දැඩි නිහඩතාවයකිනි. කවමදාවත් කතාවත් කරල නැති මේ කෙල්ලෙක් ගැන මෙච්චර හිතන්නේ මොන කෙහෙල්මලකටදැයි මම මටම කියා ගත්ත්මි. තවත් විනාඩි කීපයක නිහඩතාවයකින් පසුව කුමාරයා හඬ අවදි කලේය.
අවුලක් නෑ අයන්තයා.. ඕව ඔහොම තමා. වැඩිය හිතන්න පා. රාදිකයා උඹට කලින් ඉස්සර උනා.
හ්ම්ම්ම්....
අපි ඌට සප් එකක් දෙමු දැන් ඉතින්.. එහෙනම් හෙට සෙට් වෙමු. ඔන්න එකසිය තුනක් එනවා. නැගලාපරිස්සමට පලයන්.
එල මචන්.. එහෙනම් මම යනවා. හෙට සෙට් වෙමු. සී යූ..
දවස් කීපයක් නිහඬව අපේ කාලය ගෙවීගියෙමු. තමාලි ගැන හිතේ තිබූ කැමැත්ත නොදැනිම ආදරයකට පෙරලීතිබුනත් රාදිකයා නිසා මම මගේ ආදර හැන්ගීම් යටපත් කරගෙන විටියෙමි. මම මගේ බොක්කෙන්ම සෙට් වෙලා ඉන්න යාළුවන්ට වචනයකින්වත් අහිතක් කිරීමට අකමැති නිසා මම ඒ තීරනය ගත්තෙමි. මේ ගෙවුනි දවස් කීපය තුල මටයි කුමාරයටයි තවත් එකෙක් සෙට් විය. ඒ ඉෂාරය. ඉෂාරයා අමුතුම අහින්සක ඩයල් එකකි. රාදිකයාට කෙසේ වෙතත් මටයි කුමාරයටයි ඉෂාරයටයි හොඳට හිතට අල්ලලා ගියේය. මගෙ කතාවේ අනිකුත් කුමරිය වන ජෑන්ස් මේ ගෙවුනු ටික දින තුල මට හොඳටම ලන් විය. හරියට අලුත එක්වුනු පෙම්වතුන් වැනිය. ජෑන්ස්ගෙ ජීවිත කතාව අමුතුම ආකාරයේ එකකි. කෙසේ වෙතත් මෙ වන විට මම ඇගේ අම්මාට වඩා හොඳින් ඇයව දැන අඳුනගෙන සිටියෙමි. කුමාරයත් ඇයව ලඟින්ම ආශ්රය කලේ ඇහේ තිබූ උතුම් ගතිගුන නිසාය. එවැනි හොඳ ගතිගුන කෙල්ලෙකුට පිහටන්නෙ කලාතුරකිනි. ජෑන්ස්ගේ ප්ලෑන් එකක් නිවරැදිව වැඩකිරීම නිසා මට පන්ති නායක තනතුරද බාර ගැනීමට සිදුවිය. තමාලිට ටිකක් හෝ ලන්වීමට මට එයද හොඳ අවස්තාවක් විය.
එයි .. වරෙල්ල බන් කැන්ටිම පැත්තට ගිහින් එමු. හුඟ දවසකින් බන් අද ටිකක් හරි නිදහසේ ඉන්නෙ.
පිස්සුද බන් උබට.. මිස් ආවොත් එහෙම..
අනේ මේ මෙන්න මෙහෙ වරෙන් යන්න ඔය ඉෂාරයවත් ඇදගෙන.. මමනෙ බන් පන්ති නායකයා. මිස් ගැන මන් බලා ගන්නම්.. වරෙල්ල යන්න.
බලපන්කො කුමාරයා මේ කෙල්ලෙක් හින්දා රාදිකයට අපිව මතකවත් නෑනෙ බන්..
ඔන්න ඔන්න ඉති උඹට ඊරිසියාව ආවා.. ඕව ඔහොමතාමා බන් ආදරේ කරන්න ගත්තහම..
ඉෂාරයාත් මුල සිට අගටම කතාව දැනගෙන සිටියේය. ඒ රොයිටර් කුමාරයාගෙනි. අවේලාවේ කැන්ටිමේ ගතකිරීම ඳන්ඩුවම් ලැබිය හැකි වරදක් උවත් කැන්ටිමේ රුවන් අයියාගේ මනා සහයෝගය නිසා අපිට කිසි අවුලක් නොවීය. ටික වේලාවකට පසු රාදිකයාද කැන්ටිමට ආවේ තවත් කීප දෙනෙක් සමගය. පන්ති නායකයත් කැන්ටිමෙනම් අපි හිටියම මොකෝ යැයි උන්ගේ අදසවිය. පන්තියේ හිටිය කොමිටල්ම ඩයල් එක වෙන ජයකොඩියාගේ කතාවලට සිනහවකින් දායකවෙමින් අපි සැවොම විනාඩි පහලවක් පමණ කාලය ගත කෙරුවෙමු. හදිසියෙම ජයකොඩියා නිහඩ වූයේ රාදිකයා හඬ අවදිකරනවාත් සමගය.
මේ අහපල්ලා උඹලා සේරවම දන්නවනෙ මම තමාලිට බොක්කෙන්ම ට්රයි කියලා.. ඒත් මට දැන ගන්න ඕන තමාලිත් මට කැමතිද කියලා..
ඉතින් කෙලින්ම අහපන්කො.. මෙතන වට මේසෙ කතා ප්වත්තන්නෙ නැතිව.. ඒ ජයකොඩියාය. ජයකොඩියාගේ වචන දෙක තුනට සියල්ල්ම හිනා උනේය. ජයකොඩියා කට ඇරියද අපි සියල්ල්ම හිනා වනුයේ ඌ කොමිටල් ලොවෙත් රජෙක් වූ නිසාය.
අපෝ.. මේක කට ඇරියොත් ඉවරයි.. ටිකක් හිටපන් කට වහගෙන මම මෙක කියල ඉවර වෙනකම්
හ්ම්ම්ම්ම්ම් ...
හොඳ කොල්ලා.. අපි දැන් අයෙත් කතාවට එමු.. මට ඕනා කොහොම හරි තමාලි මට කැමතිද කියල දැන ගන්න. සිරා ප්ලෑන් එකක් කියපල්ලා. මම දන්නව ඉතින් මේකට නියම මොල කාරයා තමා අයන්තයා. ප්ලෑන්නම් ඉතින් උගෙ ඒවා තමා.. නැද්ද මචෝ ..
මට වෙලාව තිබුනේ හිනාවෙන්නට පමනි.මම වචනයක්වත් කියන්න් කලින් ගිහානයා මැද්ද්ට පැන්නේය.
අනේ මේ නිකන් ඉල්ලන් කන්නැතිව පැත්තකට වෙලා ඉඳපන් රාදිකයා..
ඇයි උඹට ජේ ද?
අනේ උඹට ඊරිසිය වෙන්න වැඩේමනෙ. උඹ නිකන් ඒකිට ට්රයි කියල පස්සෙන් යන්ව එල්ලීගෙන. උඹ එක්ක හරියට මූණ බලලා කතාවත් කරන්වද ඒකි. උඹනෙ හැමදාම මොනාහරි කියවන්නෙ නිකන් ඇඹලය වගෙ. උඹ දැන් මෙතන පොර ටොක්ස් දෙනවා. බලහන්කො අයන්තයා. ඌ එකි එක්ක කතාවත් කරනවද? ඒ උනාට ඒකි හැමදාම අයන්තයට ගුඩ් මොර්නින් කියන්වා, යනකොට යන්නම් හරි කියනවා. උඹට එහෙමවත් කියනවද. අද කෑවද කියලත් උගෙන් ඇහුවා. නේද මචෝ ..
ගිහානයා එසේ අහනවත් එක්කම මගේ රතුරුධිරාණු පවා කම්පාවෙන්නට විය. ගිහානය සීරම නෝට් කරන් හිටියා වගේ කියවනන්ට විය.අද සිද්දිය ගිහානය දැක්කේ කොහොමදැයි මට තවත් ප්රස්නයක්විය. ගිහානයා අහපුදේට මම නිහඩ විය.
හරි ඉතින් අයන්තයා එක්ක ඒකි කතා කරන්වා.. එකෙ ඉතින් ඔය ගිහානයා කියන් තරම් විශේෂයක් නෑබන්. අනික අයන්තයා එකිට ට්රයි කියල උඹ හිනයක්වත් දැකල තියනවද කියපන්කො ... කුමාරයා කීවේය. කුමාරයානම් දෙවියෙක් නොව දේවාලයකි..
අනේ පලයන් බන් කුමාරයා.. මන් කිව්ව කතාවේ තෙරුම මොකද්ද කියලා උඹ හොඳටම දන්නවා..
අඩෝ එහෙනම් උඹල දෙන්නම මගෙ ලඟින් ඉඳන් මට කොකා පෙන්නුවා නේද? රාදිකයා ඒ ඇසුවේ මගෙනි.
පිස්සුද බන්.. ඔය උඹව අවුස්සන්න මුන් කියන කතා බන්.. ඕව උඹ හිතන්න එපා.
ගින්නක් නැතිව දුමක් නගින්නැහැ අයන්තයා.. උඹල යාලුවොද බොල. උඹල වගේ උන් මට පොල්පිත්තකින් කපාගන්න පුලුවන්.
උඹට මොකද උනේ රාදික..
මම එසේ අසනවාත් සමගම රාදිකයා නැගිට ගියේය. ජයකොඩියා හා තවත් දෙදෙන්ක් රාඩිකය සමග නැගිට ගියේ මා සමග සාම කොඩි අඩකුනු කරමිනි. අප හා ඉතිරි උනේ ගිහානයා පමනි. මට ගිහානයගේ හක්කපනින්න දෙකක් අනින්න සිතුනි.
උඹ උගේ ගෙරවීම් ගනන් ගන්න එපා අය්න්තයා. ඌ වගේ ඇටිකුකුකෙලුකට සෙට් වෙනවද බන් තමාලිව. ඌ නිකන් ඇඹල්යෙක් වගේ පස්සෙන් ගිහින් නෝන්ඩිවෙනවා. ඒකි උඹට කැමතියිබන්. උඹ බය නැතිව වැඩේට බැහැපන්. මම පණ උනත් දෙන්නම් උඹට. රාදිකයගෙ නිකන් කට විතරයි බන්.. එහෙනම් මම යනවා පන්තියට. උඹලත් වරෙල්ලා ඉක්මනට.
මට මේ සිදුවෙච්ච දේ හීනයක් වැනිය. ගිහානයා මොනදෙ කිව්වත් මට රාදිකයාව නැති කර ගැනීමට නොහැකිය. මගේ කොළඹ ජීවිතයේ පලමු මිතුරා ඔහුය. මමයි කුමාරයයි ඉෂාරයයි පන්තියට ගියේ දැඩි නිහඩ තාවයකිනි. මා එහි යන විටද රාදිකයා තමාලි සමග කතාබහක යෙදී සිටියේය. සමහර විට මට පෙනෙන්නට විය යුතුය.
![]()
![]()
![]()


අම්මටසිරි...එලට යනවා කතාව...පට්ට පට පට...දිගටම ලියපන්...එක හුස්මට කියවන්න පුළුවන්...![]()