නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    .... ඊළඟ කොටස (6) ...

    ගුඩ්මෝර්නින් අයන්තයා ..
    ගුඩ්මෝර්නින් කුමාරයා.. කෝ ඉෂාරයයි රාදිකයයි ...
    තාම ආවෙ නැහැබන්..

    අද ග්රැමර් පාඩම නිසා කුමරය වෙලාසනින් ඇවිත් ඉදිරිපෙල වෙන් කරගෙන තිබුනෙ අප හතර දෙනාටය. රාදිකයාව කොහොම හරි සෙටල් කරගන්නවායි සිතූ මම මගේ අනික් පස ආසනය රාදිකයාට වෙන් කර තැබුවෙමි.

    ගුඩ් මෝර්නින් රාදික..

    අනේ පලයන් බන් යන්න.. මට උඹේ මෝර්නින් ඕනි නැහැ.. උඹල වගේ උන් ගාවට මම තිය මගෙ බල්ලවත් මම එන්න දෙන්නෙ නැහැ. මිත්රද්රෝහියා ..

    රාදිකයා එසේ කියමින් පිටුපස උගේ නව ගැන්සිය ලඟින් වාඩි විය. මට පුදුමාකාර දුකක් හිතට ඇතිවිය. මගේ අවුරුදු දහනමයටම යාළුවෙක්ගෙන් මේ වගෙ කතාවක් අහපු පලමු අවස්තාව මෙය විය. මම පුංචි කාලයේ සිටම මගේ යාළුවන්ට ආදරේ කලේ මගේ පනටත් වැඩියෙන්ය.අරක්කු, සිගරට්, කාමය වැනි සුරන්ගනා ආතල් වලින් මිදී ලස්සනට තරුණ කාලය හැඩ කර ගැනීමට හැකි වූයේ මට හොඳ ගති ගුන තියන් යළුවෝ ටිකක් සිටි නිසාය.මගේ යාළුවන්ට අම්මා අනන්මනන් කියනා විට ඇය සමගද එකට එක කියාගෙන රන්ඩුවට ගිය අවස්තා අනන්තය.ඒ තරමටම මම මගේ යාළුවන්ට අදරය කලෙමි. නමුත් අද මම මිත්රද්රෝහියෙක් යැයි මගේම යාළුවෙක් මට කීවේය.උදෙ පාන්දරම සිදුවූ සිද්දිය නිසා මුලු උදෙ වරුවම මම සිටියේ කලකිරීමකිනි. විවේක කාලය එනකම් කීප වරක්ම වෙලාව බැලුවේ අපේ සුපුරුදු වට මේසයට යාමටය.

    මේ අයන්තයා උඹ ඕක ගනන් ගන්න එපා බන්. ඌ උඹෙන් සමාව ගන්න එයි දවසක ඌ කියපු දේ වැරදියි කියලා හිතුන දවසක.

    ඔව් ඉෂාරයා.. මම්ත් ඔය ටිකම කිව්වා මේකට..

    අපසිටිනා තැනට ගිහානයත් ආවේ අපි හටහ්ර දෙනාටම් බිත්තර රෝල්ස් හා ප්ලෙන්ටී සමගය.
    සොරි මචෝ. මම නිසා ....

    නෑ නෑ අවුලක් නැහැ ගිහානයා.. උඹ සොරි කියන්න ඔනි නැහැ.මට දුක අරූ මට උදෙ කිව්ව කතාවට බන්

    ම්ම්ම්ම්.. අපි මෙහම කරමු. උඹ ට්රයි කරපන් ඒකිට.

    ඒකනෙ බන් ගිහනයා මමත් මූට කිව්වෙ.

    ඔව් ඔව්.. උඹ කරපන්. ඒකිගෙ යාළුවා මගෙන් මේ දැන් ඇහුවා ඇයි රාදිකයා උදෙ උඹට කෑගැහුවේ කියල. මම කිව්ව දන්නෙ නැහැ කියලා.

    ම්ම්ම්ම් ...

    ඒක නෙමේ ගිහාන් උඹ දන්නවද.. අයන්තයා ඕකට පිස්සු වැට්ල හිටියෙ ආව දවසෙ ඉඳන්. රාදිකයා ට්රයි කරන්වා කියල් දැන් ගත්තහම මේක අයින් උනා කතාවෙන් යළුවට ද්රෝහිවෙන්න බෑ කියලා.

    මම මුල දවසේ ඉඳලා තමලිව දැකල කියපුව, මම ලියපු කවිය ගැනත්කුමාරයා කෙටියෙන් ගිහානයාට කියාගෙන ගියේය. මම නිහඩව ප්ලෙන්ටිය රස බලමින් උන්දෙන්නාගේ කටහව අහගෙන සිටියෙමි.

    ඕකනෙ ඉතින් අයන්තයා.. උඹ සිරමම් චරිතයක් කියල දන්න්වා. ඒකයි මම උඹ එක්ක මෙටහ්න ඉන්නෙත්. මේ අහපන් උඹ උඹේ ට්රයි එක අතාරින්න එපා. ඒකිව ලැබුනා හෝ නොලැබුනා ට්රි කරපන්. අඩුම තරමෙ ට්රයි එකක් දුන්නා කියලා හරි උඹට කියන්න පුලුවන්. යකෝ ආදරේ කරන එක පාප කරමයක් නෙමේ.

    හරි හරි.. ගිහාන්යා දැන් ඕක අත ඇරල් දාපන් බන්..

    එහෙම කොහොමද බන්.. බලහන් දැන් මට කුමාරයා කිව්ව ඒව. යකෝ මමත් ආදරේ කරන්වා. අනික උඹ වගේ එකෙකුට පොඩි සප් එකක් දුන්නෙ නැතිනම් ඔය වගේ වැඩකට අපේ කොළු පට්ටමෙනුත් වැඩක් නෑ බන්.

    ඔව් ඒකනම් ඇත්ත අයන්තයා.. උඹ බය වෙන්න එපා. උඹ බැහැපන් වැඩේට මම රාදිකයව බලා ගන්නම්. ද්න්නවනෙ ඌ උඹට මොන හරි කිව්වද, ඌ සතිය හොස්පිටල් ඉඳියි. අනිවා, උඹ දන්නවනෙ මේ කුමාරයා කව්ද කියන්න..

    මමත් එකඟයි උඹල දෙන්නට, ඉෂාරයාද අරුන් දෙන්නව අනුමත කලේය.

    හරි මම් දැන් උඹල කියන විදිහට ට්රයි කල කියමුකො. ඒකෙන් වෙන්නෙ අරූමන් එක්ක තරහ් වේ. පන්තියෙ සම්ගියක් නැතිවෙයි බන්.

    අනේ මේ.. ගිහින් මහන්වෙයන් උඹ. උඹ ඔය කියන් තරම් යාලුවෙක්නම් ඌ අද උදේ උඹට අර විදිහට කතා කරයිද. උඹම හින්දා ඉවසුවා. ඌ වගේ උන් මන් සීයක් විතර පොල්පිතිවලින් කපල දෙන්නම් බන්

    හරි හරි ගිහානයා..

    අනික අයන්තයා මතක තියා ගනින්.. ආදරේට සිහිවටන තියන්න හදන්න එපා. ආදරේට මතකයක් වෙයන්.

    ගිහානයාගේ ඒ අන්තිම කියමන මගේ හිතට තදින්ම කාවැදිනි.මම ගෙදර ඇවිත් ඇඳට වෙලා ඒ අපූරු මනුස්ස දුව ගැන කල්පනා කෙරුවෙමි. අවුරුදු දහනමයටම මට හිත ගිය එකම කෙල්ල ඇය විය. ඇය මුල් දවසේම මා එක්ක සිනාසුන හැටි මා මුලින්ම ඇය හා කතා කල වචන පවා මට මතක් විය. ඒ ලස්සන හිනාව , දිලිසෙන ඇස් වෙන කෙනෙකු හට හිමිවනවාට මට ලෝබ සිතුනි. කුමාරයා , ගිහානයා කියන් විදිහට මට ඒ ආදරේ හිමිනම් මා එය ලබා ගත යුතුය. ජීවිතයේ සෙකන්ඩ් චාන්ස් එකක් නැත. අපේ ජීවිත දෙවියන් වහන්සේ විසින් මැව්වානම් අපට් දී ඇත්තේ එක අවස්තාවක් පමනි. කෙසේ හෝ ඒ අවස්තාව අප ලබා ගත යුතුය. නැතිනම් උත්සහ කල යුතුය. මගේ ආදර කතාව පටන් ගන්න කාලය එළඹ ඇතැයි මට සිතිනි. මෙච්චර දවස් හැන්ගී තිබූ මගේ ආදර කතාවට පණක් දිය යුතුය. ආදරයට තවත් සිහිවටනයක් නොවී මතකයක් වෙන්නට මම සිතා ගත්තෙමි.

    මම බොහෝ වෙලාවක් ඇඳට වෙලා තමාලි ගැන කල්පනා කරමින් සිටියෙමි.කල්පන ලොකයෙන් එලියට ආවේ මගෙ දුරකතනය නාද වෙනවාත් සමගය. දුරකතනයේ සිනෙත්ගේ නම දිස්විය. දිනපතාම කොළඹ යන නිසා මට මගේ ගජයන් මග හැරී තිබුනි. පන්තියේ වැඩ , තමාලි, රාදික මේ සියලුම දේ නිසා මට සචියලගේ ගෙවල් පැත්තෙවත් යාමට නොහැකි විය.

    හලෝ .. සිනෙත් කොහොමද ඉතින් ..

    යමන් බන් යන්න. දැන් බොරු ආදරේ.. උඹට දැන් අපිව මතකවත් නෑ නේද. අඩුම තරමෙ කෝලි එකක්වත් දෙන්න. මොකෝ උඹට කොළඹ ගියාට පස්සෙ ඔය ඇඟිලි වලින් අපේ නම්බර් ඩයල් වෙන්නෙ නැද්ද හා...

    අනේ එහෙම දෙයක් නෑ බන්.. ටිකක් වැඩ වැඩියි බන්.
    මොනාද බන් ඔච්චරම තියන වැඩ.
    දන් නැද්ද ඉතින්.. ප්රයිවට් ඉන්ස්ටිටියුට්නෙ බන්.

    ම්ම්ම්ම්ම්.. හරි හරි.. පහට විතර වරෙන් ගීතෙෂයවත් ඇදගෙන.. මන් සචියලගේ දිහා ඉන්නවා.. අද යමු ගම්බද එක පැත්තෙ.

    එල එල.. මන් එන්නම්..

    මේ දවස් වල මට වෙච්ච දෙවල්, මගේ ආදරය ගැන මම සිනෙත්ට නොකිව්වෙමි.මම එසේ කලේ ඇයිදැයි මටත් හිතා ගත නොහැකිවිය. සිනෙත් කිව්ව විදිහටම මම පහටත් කලියෙන් ගීතෙෂයාගේ ගෙදරට ගියෙමි. මම යන විටත් ඌ ලෑස්තිවෙලා සිටියේය. පන්ති පටන් ගත්තත් හරි මම ගීතෙෂයාව දැක්කේඅදය. ගීතේෂයාගේ දුක අසන්නා හැටියට ගීතේෂයාට උගේ සුදු මැනික ගැන ක්යන්නට ගොඩක්දෙවල් තිබුනි. කදුරුගස් හන්දිය පහුවෙනකම්ම ගීතේෂයාගේ අඳෝනාව මම අසාගෙන සිටියෙමි. මට දෙමළ මීටරයක් අසුවුනා සේ දැනිනි.

    අපි හතරදෙනාම කුරුස පල්ලියට ගියෙමු. මම කතෝලික නොවුනද මගේ ගජයෝ තිදෙනාම කතෝලිකයන් විය. ඒ නිසා මමද පල්ලියට යාමට පුරුදු වී සිටියෙමි. සචියාගේ දෙසනා වලට අනුව පින් දහම් කිරීමට ආගම වැදගත් නැත. පල්ලියේ ටික වේලාවක් ගත කල අපි මුහුදුවෙරලට ගියෙමු. ටිකක් වෙලා මුහුදු හුලන් විඳගනීමෙන් පසුව අපි කෙලින්ම ගියේ ගම්බද චයිනිස් එකටය.සිනෙත්ගේ අක්කා ඉතාලියේ ඉදන් ඇවිත් තිබූ නිසා අද රෑ කෑම අක්කගේ පොකටි එක්න් විය. කෙස් වෙතත් අපගේ අතේ සල්ලි ටිකක් ගැවසෙන විට අපි ගමබද පැත්තට එන්න අමතක නොකලෙමු. ඒ වාගෙම නිවාඩු වෙලාවක කුරුස පල්ලිය වෙතත් යාමටත් අමතක නොකලෙමු. කුරුස පල්ලියට, ගම්බද චයිනිස් එකට අපි ආගන්තුකයෝ නොවූයේ ඒ නිසාය.

    හවස් වරුවේ මම මගේ ගජයන් සමග ගත කලයින් පසුව ගෙදර මාගේ ඇඳවෙතටගියේ හොඳ නින්දක් අරමුනු කරමිනි. ඒ ගත කල පැය කීපය නිසා මට මගේ හිතට සැහැල්ලුවක් දැනෙන්නට විය. නමුත් එය රැඳී තිබුනේ ඉතා සුලු මොහතකි. නැවතත් තමාලිගෙ හිනාව මට මැවී මෙනෙන්නට වූයේ නැවතත් මා කල්පනාලෝකයට ඇදදමනාවාත් සමගමය.

    පසුදින මම පන්තියට යන් විට කුමාරයා කැන්ටිමට වෙලා වචන් වගයක් පාඩම් කරමින් සිටියේය.

    ගුඩ් මෝර්නින් මචන්..

    මෝර්නින්.. මම මේ වචන පාඩම් කරනවා බන්. පට්ට අමාරුයි. මිනිස්සු මොනවට මේ වචන හොයා ගත්තද මන්දා. බලපන් මේ වචනෙ අකුරු දහතුනක් තියනවා. ආ.. උඹට හිනා. දැන් උඹ පඩම් කලාද කියපන්කො.

    පිස්සුද බන්.. පොත ගත්තා විතරයි තමාලි.. අනේ මන්දා බන් .. අපරාදෙ තරුන ජීවිත.

    අහ් .. උඹට ඒක තේරුන එක හොඳයි .. මතක තියා ගනින් උඹ දැනටමත් පන්තියේ නමක් තියල තියෙන්නෙ. බ්රයිටෙක් විදිහට. ඒ නමනම් කැත කරගන්න එපා හරි.

    හරි හරි බන්.. රුවන් අයියට කියපන් තව ප්ලෙන්ටියක් දාන්න කියලා..

    කුමාරය කිව්ව දේ ඇත්තකි. මම පන්තිය තුල තබා ඇති මගෙ නාමය විනාස කරගන්න ඕනෑ නැත. රුවන් අයියාගේ මැක්සා ප්ලෙන්ටියත් එක්කම මමත් වචන් ටික පඩම් කර ගැනීමට කුමාරයට සෙට් විය. හදිසියේම අදහාගත නොහැකි දෙයක් සිදුවුනේය. තමාලි පැමින අපි දෙදෙනා අසලින් වාඩි විය. මම ටික වේලාවකට මියදුනෙමි. ඇගේ දිලිසෙන ඇස්.. හ්ම්ම්ම්ම්ම් .. කලු පාට ඩෙනිමකින් හා ලා නිල් පාට ටී ෂර්ට් එකකින් සැරසී සිටි ඇයට ඇගේ දිලිසෙන ඇස් එක් කලේ අමුතුම ලස්සනකි. සුරන්ගනාවියක් මා අසලින් වාඩි වී සිටිනවායි මට දැනුනත් මම සුරන්ගනවියක් දැක නොතිබුනි. දැක්කානම් ඒ මා අසලින් වාඩි වී සිටින තමාලිය.

    ගුඩ් මෝර්නින් අයන්ත ... ගුඩ් මෝර්නින් කුමාර ..

    ගුඩ් මෝර්නින් තමාලි .. දෙදෙනාම කීවේ එකවරය.

    දෙන්නම වචන පඩම් කරනවා වගේ..

    අනේ ඔව් තමාලි.. මට මුකුත්ම කියා ගන්න් බැරි උන නිසා කුමාරයා කීවේය.
    තමාලි ඔයා ප්ලෙන්ටි බොනවා නේද ?

    ඇයි මම ප්රින්සස් කෙනෙක්ද .. ඇය සිනාසී කීවාය.

    හරි .. හරි ඔයාල දෙන්න පොඩි කතාවක් දාගෙන ඉන්නකො. මම ප්ලෙන්ටියක් අරගෙන එන්නම්.


    :love::love::love:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ....... ඊළඟ කොටස (7) .......


    ... (7) ...

    කුමාරයා මාව ලෝක අමාරුවක් දැම්මේය. මට කතා කිරීමට වචනයක්වත් කටට් එන්නේ නැත. මම ඇයගේ මුහුන දිහා බලාගෙන සිටියෙමි.

    මොකද අයන්ත.. මගෙ මුහුනෙ වචන නැහැ පොතේ තියෙන්නෙ..

    ඇය සිනාසී එසේ කියනවාත් සමගම මට පොලව පලාගෙන පලාගෙන යන්න තරම් හැඟීමක් ඇතිවිය. අනේ දෙවියනේ මෙච්චර වචන් තියන මේ කටට ඔබ වහන්සේ මේ වෙලාවේ විතරක් ඇයි වචන්යක් නොදෙන්නේ.. මම සිතුවෙමි. මම කතා කරන්න් හැදුවත් මට වචන්නැත. වදන් ආවත් මම නිහඩව හිටියේ මම අහන්න ඒවා මේ වෙලාවට නොගැලපෙයියැයි සිතූ නිසාය. බැරිවෙලා හරි මම මෝඩ ප්රස්නයක් අහල ඇය මෙතනින් නැගිටල ගියොතින් කතාව පටන් ගැනීමටත් කලියෙන් ඉවරකරන්ට සිදුවෙනවා නොඅනුමානය.

    ඉතින් අයන්ත වචන් ටික සේරම පඩම්ද ඔයාට ..

    ඔව් .. මම කෙටි පිළිතුරක් දුන්නෙමි.

    ඔයා හරි නිහඩයි නේද අයන්ත. වැඩු කතාවක් නැහැ. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ඔයා ඔහොමද අනේ ..

    අනේ එහෙම නෑ තමාලි..

    මම නැවතත් කෙටි පිළිතුරක් දුන්නෙමි. මම කොච්චර වචන ගැලපුවත් ඒ වචන එකිනෙකට ගැලපෙන්නේ නැත. කනාවට හරි ගැලපුනත් පිටවෙන්නේ නැත. දෙවියනෙ මට මොනා වෙලාද මම සිතුවෙමි. අනේ දෙවියනේ මට වචන් ටිකක් දෙන්න, මට මගේ සිහිනය එක්ක ටිකක් කතා කරන්න.
    ඔයා කොහෙද ඉන්නෙ අයන්ත.

    මා..මාරවිල

    මාරවිල.. ම්ම්ම්ම්ම් මම අහල නෑනෙ. කොහෙද තියෙන්නෙ.

    ඔයා දන්නවනෙ මීගමුව. මී ගමුවෙ ඉදන් කිලෝමීටර් විසිපහක් විතර හලාවත පැත්තට.

    හම්ම්.. එතකොට ඔයාගෙ පව්ලෙ විස්තර..

    මට නන්ගියෙක් ඉන්නවා. ඒ ලෙවල් කරනවා.. අම්මා රැකියාවක් කරන්වා. තාත්ත බිස්නස්. අත්තම්මා ඉන්නවා.

    මා කියූ දේ වලට ඇය සිනාසී පිළිතුරු දුන්නාය. අනේ දෙවියනේ මේ හිනාවම නේද මාව පිස්සෙක් කලේ. ආදරයේ මුලකුරු කියල දුන්නේ මේ හිනාවම් නේද.

    "ඔබේ කතාළඟ සිත නැවතුන දා..
    ඔබේ සිනහ ළඟ නෙතු නැවතුන දා...
    ප්රේමය හැඳින්නෙමී .. මේ ලෝ තලයේ..
    "

    අම්මෝ බන් අනික් දවසෙ උණුවතුර බෝතලයකට තේ ටිකක් දාල අරගෙන එමු බන්. එතන පොර කාල පොරකාල තේ බොනවට වඩා හොඳයි ටැප් එකෙන් වතුර ටිකක් බොනවා..

    ඉෂාරයාගේ ඒ කතාවට සැවොම සිනා සෙන්නට විය. කුමාරයා ඉෂාරයවත් එක්කගෙන තමාලි සිටින තැනට අවේ එකිනෙකා හඳුන ගැනීමටය.කුමාරයා ඉෂාරයා තමාලි කතා බහ කරමින් එකිනෙකාට තව ත්වත් සමීප විය. තමාලිට අපිට එකතු වීමට වැඩි කාලයක් ගත වුනේ නැත. මම නිහඩව තමාලි දිහාම බලගෙන සිටියෙමි. මේ රුවනම් කොච්චර සුන්දරද.. මොනතරම් අපූරුද. මම මේ සිරන්ගනාවිය නේද අර නරුමයට පුදන්න ගියේ.. මම සිතුවෙමි.

    ඔයාල හරි ජොලි අනේ.. ඒක නෙමේ කෝ රාදික.

    තමාලි එසෙ අසනවාත් සමගම මගේ ඇඟම සීතල විය. තමාලි අපි දෙදෙනා අතරේ සිදුවුන කතාබහ දැනගෙන ඇහුවාද, නොදැන ඇහුවාද මම නොදනිමි. කුමාරයටත් මට සිතුන දේම සිතෙන්නට ඇත.කුමාරයා සේරවම ගැලවෙන්න බොරු බේගලයක් ඇද දැම්මේය.

    අයියෝ තමාලි.. රාදිකයා ඔය වචන් පාඩම් කරන්නෙ.. මිනිහට අමතක වෙලා. ඔන්න හුස්මක්වත් ගන්නෙ නැතිව පාඩම් කරනවා.

    ම්ම්ම්.. ඒක තමා.. මමත් බැලුවා. වෙනදට ඉතින් පේන්න ඉන්නවනෙ. රාදිකව මට එන්.අයි.බී.එම් එකේදි හම්බවෙනවා.. අහ් අන්න මගෙ යාළුවා එනවා.. මම් යන්වා එහනම් පන්තියට. තෑන්ක්ස් ප්ලෙන්ටී එකටයි ඔයාල එක්ක එකතුවෙන්න අවස්තාවක්දුන්නටයි. ඔයාලත් එනවද?

    නෑ.. නෑ .. තමාලි ඔයා යන්න. අපි එන්නම් තව ටිකකින් මම කීවෙමි.

    ඕකේ .. බායි ..

    ඇය පඩිපෙල නගින විට ඇහේ රිද්මය මම නිහඩව බලාගෙන සිටියෙමි. ඇත්තටම ඇය දෙවියන් වහන්සේගේ අපූරුතම නිමැවුමකි.

    අයන්තයා වැඩේ ගොඩද.. අපි හිතුවට වඩා වැඩේ ලේසියි වගේ. මොනවද තමාලි උඹෙන් ඇහුවෙ.

    මොනවත් විසේස දෙයන් නෑ බන්. ඉන්නෙ කොහෙද කියල් ඇහුවා. පවුලෙ විස්තර ඇහුවා.. ඊට පස්සෙ උඹල ආවනෙ

    ඉතින් උඹ මොනාද ඇහුවෙ ඒකිගෙන් ..

    මුකුත් නෑ බන්.

    නෙදකින් බූරුවා .. උඹට ගින්දර වගේ චාන්ස් එකත් ලැබිලත් උඹ ගොලුව වගේ හිටියද.
    ම්ම්ම්ම්ම් ...

    අනේ මන්දා උඹනම්.. කුමාරයා අද ඉදන් මූට මම නිවරැදිව ලව් කරන්නෙනේ කොහොමද කියල පන්තියක් පටන් ගමු.

    අහ්.. මම උගන්නන්නම් එලටම.

    අපි පන්තියට යන විටත් රාදිකයා ජයකොඩියා තමාලි එක්ක චැටි එකක් දාගෙනෙ සිටියේය. දින කීපයකට කලින් කෑ ගහල මට ගුඩ්මෝර්නින් පාර දාපු රාදිකයා අද නිහඩය. මම වරදක් නොකල බව හොඳටම දනිමි. මම මගේ පාඩුවේ නිහඩව මට නියමිත ආසනයේ වාඩිවුනෙමි.

    උඹ දන්නවද ජයකොඩියා .. සමහර කොල්ලෝ නිකන් මිරිඟුවල් පස්සේ දුවල අන්තිමට බල්ලො වගේ ඉන්නවෙන්නෙ බන්..

    රාදිකයා මට ඇසෙන්නට ජයකොඩියාට කීවේය. මම රාදිකය ගැන දන්නා නිසා නිහඩව සිටියෙමි. මගේ නිහඩ බව නිසාදෝ රාදිකයා නිහඩ විය. එකට එක කීමට නොගොස් නිහඩව ඉඳීම හේතුවෙන් කුමාරයගේ ප්රශන්සාව හිමිවිය.

    ගුඩ් මෝර්නින් අයන්ත.. ඔයා ඕව ගනන් ගන්න එපා. මුකුත් කියන්නැතිව ඔයා නිහඩව හිටිය එක මමත් අගය කරනවා.

    ජෑන්ස් එසේ කියමින් මා ඉදිරියේ ඇති පුටුවෙන් වාඩි විය. මම පුදුමයෙන් වගේ ඇය දිහා බලගෙන සිටියෙමි. ඇය මේ ගැන දන්නෙ කොහොමද? ඒ කියන්නෙ අද තමාලිත් මේ ගැන දැන සිටියාද. මට ප්රස්නයක්විය..

    මොකද අයන්ත නිකන් බය වෙලා වගේ ඉන්නෙ. කෝ මට ගුඩ් මොර්නින් කියන්නේ නැද්ද හා.. ඔහොමද නන්ගිව උදෙන්ම මීට් උනාම සලකන්නෙ හා..

    ගුඩ් මෝර්නින් ජෑන්ස් .. ඔයා කොහොමද .. මම කියන්න් ගියෙ දේ ගිල ගත්තෙමි.

    මම සේරම දන්නවා අයන්ත. තමාලි ගැන. එතකොට ඉයෙ රාදික එක්ක උන පටලවිල්ල.

    ඔයා කොහොමද දන්නෙ ජෑන්ස් .. මම පුදුමයෙන්වගේ ඇසුවෙමි.

    ජයකොඩි තමා කිව්වෙ. එයා මගෙ කසින් කෙනෙක් වෙනවා. ඊයෙ රෑ එයාල සේරම අපේ ගෙදර ආවා ඩිනර් එකකට.. එතකොට තමා මට විස්තරේ කිව්වෙ. බය වෙන්න එපා මම කාටවවත් කියන්නෙ නෙ නැහැ ළමයො.

    ජයකොඩිය තව මොනවද කිව්වෙ ඔයාට.

    වෙන මුකුත් කිව්වෙ නැහැ. මට කිව්ව ටික තමා ඔයාට මම කිව්වෙ. මම ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා අයන්ත.

    තෑන්ක්ස් ජෑන්ස් ..

    ඔයා දන්නවද අයන්ත.. මේ ටික කාලයට ඔයාව මට පුදුම විදිහකට් ලන් උනේ. මම කවමදාවත් පිරිමි ළ්මයෙකුට මෙච්චර ලන් වෙලා නැහැ.අනේ මම ගැන වැරදියට හිතන්න එපා. ඔයා හරි අහින්සකයි.ඔයා හරි අමුතුම චරිතයක්. ඔයා හරි ගුප්තයි. ඒ වගෙම අවන්කයි. ඔයා වගෙ අය හරි අඩුයි මේ ලෝකෙ අයන්ත. ඔයාට් ඔනිම උදව්වක් තියනවනම් කියන්න මට හරි.ඔයා තම මට මේ ලෝකෙ හම්බවුන හොඳම යාලුවා. ඒ වගේම සහෝදරයා. ම්ම්ම්.. මම රෙජිස්ටර් එක අරගෙන එන්නම් ..
    ඕකේ ..

    මොකද්ද බන් ඒ ජෑන්ස් කිව්වෙ.. කුමරයා මගෙන් ඇසුවේය.

    අනේ මන්දා බන්.. මටත් තෙරෙන් නෑ මගෙ සිකුර ලබන්නද, නැතිනම් සෙනසුරා නීච වෙඳ යන්නෙ කියලා.. ඕන දෙයක් බන් මට උඹල දෙන්න ඉන්න්වනෙ

    අනිවා මචන්.. පෙනහල්ල ගහල ගියත් අපි උඹ එක්ක..


    :love::love::love::love::love::love:
     
    • Like
    Reactions: ishan1653

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිකක් විතර මඤ්ඤං වුනා අන්තිම කොටස කි‍යෙව්වට පස්සේ.....:baffled:

    දිගටම ලි‍යපන් මචන්......:D
     
    • Like
    Reactions: max_xx

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ටිකක් විතර මඤ්ඤං වුනා අන්තිම කොටස කි‍යෙව්වට පස්සේ.....:baffled:

    දිගටම ලි‍යපන් මචන්......:D

    ubata kiyawal pagal.. mama oya cn ekata sirawatama muna dunna.. matat pissu wage .. lol :lol::lol::lol::lol::lol::lol::lol:

    thnx machcn.. :love::love::love::love::love:

    REP ++
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඈරා කෙල්ලව මෑරේව්වා sniper කෙනෙක් දාලා
    …
    …උබත් මෙකේ ඉන්න උන්ව මරන්න එපා
    …
    …ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා
     
    • Like
    Reactions: max_xx

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ඈරා කෙල්ලව මෑරේව්වා sniper කෙනෙක් දාලා

    …උබත් මෙකේ ඉන්න උන්ව මරන්න එපා

    …ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ela ela.. ..