හීන් හිනා මුවගින් හෙලලා
වහෙන් ඔරෝ රහසක් කියලා
නේත්තරා මගෙ ලඟ තියලා
ආල කතා හොරැහෙම දෙඩුවා..
හාංකවිසියක් නොම හැඟෙනා
විලස ඇවිත් හදවත රැඳිලා
ස්නේහයක් ගැන ඉඟිමරනා
සුරංගනාවිය හිත පතනා..
ස්වප්න පුරා සිතුවම් අඳිනා
භවෙන් භවේ මතකය ගෙනෙනා
සුසුම් වලින් කවි බස් ගොතනා
මුකුළු කරන නුඹ මගෙ සොබනා
වහෙන් ඔරෝ රහසක් කියලා
නේත්තරා මගෙ ලඟ තියලා
ආල කතා හොරැහෙම දෙඩුවා..
හාංකවිසියක් නොම හැඟෙනා
විලස ඇවිත් හදවත රැඳිලා
ස්නේහයක් ගැන ඉඟිමරනා
සුරංගනාවිය හිත පතනා..
ස්වප්න පුරා සිතුවම් අඳිනා
භවෙන් භවේ මතකය ගෙනෙනා
සුසුම් වලින් කවි බස් ගොතනා
මුකුළු කරන නුඹ මගෙ සොබනා


