නුවරඑලියේ උස් ගොඩනැගිලි තහනම්…

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (1) සිට සීමා කර කරයි.

    නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් මෙම තීරණය ගෙන ඇත.

    ජාතික ගොඩනැගිලි ප‍ර්යේෂණ සංවිධානය සමඟ සාකච්ඡා කර නව ගොඩනැගිලි ඉදිකිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පාර්ශවකාර ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත්කිරීමටද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් අංක 38/16/01-06-1978 දරන ගැසට් නිවේදනය මගින් නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශය නාගරික ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, අංක 154614/01-09-1998 දරණ ගැසට් නිවේදනය මගින් නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද නාගරික ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    නුවරඑළිය දිස්ත්‍රික්කය යනු දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. එහි සිදුවෙමින් පවතින අවිධිමත් සංවර්ධනය, ප්‍රදේශය තුල පැතිරුණු අඩු පහසුකම් සහිත ජනාවාස,ප්‍රමිතියෙන් තොර පානීය ජල මූලාශ්‍ර, ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම සහ නිසි කාණු පද්ධතියක් නොමැතිකම වැනි කරුණු හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

    එය ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවකි.

    එබැවින් නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට අවශ්‍ය පරිසරයක් සකස් කෙරෙන සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරී මෙමගින් අපේක්ෂා කරනු ලැබේ.

    එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ස්වාභාවික සෞන්දර්යාත්මක සුන්දරත්වය සහ පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමු කරනු ලැබේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,574
    113
    Colombo, Sri Lanka
    මේක නම් අත්‍යවස්ය දෙයක්. නැත්තම් ඇල්ලට වෙච්ච දේ තමයි නුවර එළියටත් වෙන්නේ. කෙලින්ම මුඩුක්කු ටයිප් වෙනවා
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo
    අස්පයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ.
    ගලවපියව් එහෙනම් තියන bill board ඔක්කොම. යකෝ scenery එකක්වත් photo එකක් ගහන්න බෑ ලබ්බෙ board ගහල හැමතැනම.
    දැනටමත් නුවරඑලියෙ තියන building ප්‍රමානය වැඩියි. ඉස්සර තිබ්බ ලස්සන නෑ. ඔක්කොම building වලින් පිරිල.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    hama thanama rooms - rest - hoda view ekak thiyenne ehemath ekaka thamai natham out side city yanna ona. regulation ekak thiyenne ona. ara classic england look ekema model karala development eketa giya nam , surpirya thiyenna thibba
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    හැම දේම අක්‍රමවත්ව කරලා රටම වණයක් වෙලා තියෙන්නෙ කන්සෙප්ට් එහෙකට අනුව යන එක හොඳයි.
     
    • Like
    Reactions: NRTG and Lahiru120