නුවර අධිවේගියේ ගමන් මග වෙනස් වෙයි
ඉදිකිරීමට පාර්ශව දහයක් කැමැත්තෙන්
මෙතෙක් කලක් අඹේපුස්ස හරහා ඉදිකිරීමට සැලසුම් කර තිබුණු නුවර කොළඹ අධිවේගී මාර්ගයේ ගමන් මග වෙනස් කර තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි “විමසුම“ ට පැවසුවේ මෙම මාර්ගය කුරුණෑගල නගරය හරහා ඉදිකිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙන බවත් මෙම වෙනස්වීම පිළිබඳව මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බවයි.
මෙම වෙනස් කිරීමත් සමග කිලෝ මීටර් 98 ක් පමණ වන මෙම මාර්ගයේ දුර සුළු වශයෙන් වැඩිවනු ඇතැයි කියූ හෙතෙම පැවසුවේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවයි.
“මෙම මාර්ගය අපි මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වනවිට, චීනය, කොරියාව, ඉන්දියාව හා මැලේසියාව යන රටවල සමාගම් දහයක් පමණ මුදල් සම්පාදනය කරගෙන ගොඩනැගීමට කැමැත්ත පළකර තිබෙනවා. අපි මේ වනවිට එම යෝජනා ගැන සලකා බලමින් සිටිනවා. තවමත් අවසන් තීන්දුවක් ගෙන නෑ.“
යනුවෙන් පේමසිරි මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පවතින වෙළඳ පොළ මිල ගණන් අනුව නුවර-කොළඹ අධිවේගී මාර්ගය ගොඩනැගීමට ඩොලර් බිලියනයක් පමණ වැයවනු ඇති බවයි.