නුවර පෙරහැරේ කඳුළු කතාවක්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Ponna huththo, tho kiyanne me wage saththunta dasa wada deela maha lokuwata hemotama penna karanduwa aragena yana eka hariy kiyalada?

    මේ මොකෙද්ද මේ..පොඩ්ඩක් හොයල බලහන් නැදුන්ගමුවේ රාජා ඇතාට සලකන විදිහ.පහලින් තියෙන්නේ පින්තුරයක්.පෙරහැරේ යන ඇත්තුන්ට ඔහොම බලු විදිහට සලකන්නෙ නෑ.thread එකේ තියෙන්නෙ වෙන කොහෙන් හරි ගත්තු පින්තූර වගයක්.

    z_jun-p08-A08.jpg
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මේක තනිකර බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    වෙන එකක් ඕනේ නෑ, මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාත් කියනවනේ එයා කිරි බොනවා කියල. එතකොට වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් බලෙන් කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.

    well said machn :)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    මම දළදා පෙරහැර නම් බලන්න ගියේ නෑ මචන් මේ පාර.. දැන් මාසයක් දෙකක් වගේ ඇති මම කෑගල්ලේ පෙරහැර බලන්න ගියා.. කවුරුහරි කෑගල්ලේ ඉන්නවා නම් මම කියන දේ දකින්න ඇති.. ඒ පෙරහරේ පොඩි අලි පැටියෙක් අරන් ගියා ටිකක් අන්තිමට වගේ.. හරි ලස්සනට අන්දවල හිටියා.. බල්බ් එහෙමත් දාල තිබ්බ ඇඳුමට.. මිනිස්සු හරි සතුටින් බැලුවා ඒ අලි පැටියා ආවේ නට නටා.. ඉතින් මිනිස්සු කියනවා "හරි ශෝක් නේද පොඩි අලි පැටියා නටනවා?" කියල.. අපි ලගින් යද්දී තමයි දැක්කේ ඒ අලි පැටියා නටන විදිය ටිකක් අමුතුයි කියල.. බලනකොට ඒ පැටියා නටනවා නෙවෙයි.. කකුල් දෙක ගොඩක් ඈත් වෙන්න බැරි වෙන්න දම්වැල් දාල.. ඌ ටිකක් අඩිය උස්සලා යන්න හදනකොට පැටලෙනවා.. කකුල් ළඟ ළඟ තියල යද්දී තමයි ඈතට නටනවා වගේ පෙන්නේ.. මට නම් ඇත්තටම දුක හිතුනා.. අහිංසක සතෙක් හිර කරගෙන අපි මොන සතුටක් වින්දත් වැඩක් තියනවා ද? මම දන්නවා පෙරහරකට අලි ගෙනියන එක සම්ප්‍රදායක් කියලා.. නමුත් ඒ දේ ටිකක් සංවේදී විදියට කරනවා නම් හොඳ නැද්ද? අලි දම්වැල් දාල ගෙනියන්නේ කුලප්පු උනොත් මිනිස්සුන්ගේ ආරක්ෂාවට කියලත් දන්නවා.. නමුත් මේකට වෙන විසදුමක් නැද්ද? පෙරහැර බලන්න එන අයව ට්කක් ඈතින් ආරක්ෂා සහිතව රඳවන්න විදියක්, එහෙමත් නැත්නම් හදිසි අවස්තාවක අලි ඉක්මනින් නිර්වින්දනය කරන්න විදියක් වගේ වත්? කව්රුවත් මල පන්නගන්න එපා.. මමත් බෞද්ධයෙක් තමයි.. හැබැයි මම ඉගනගෙන තියන බෞද්ධ දර්ශනයේ කාටවත් හිංසා කරන එක අනුමත කරලා නෑ මොනම හේතුවකටවත්.. ඒ නිසා මට බෞද්ධ ඉතිහාසය, පාලි එහෙම උගන්නන්න කව්රුවත් එන්න එපා.. අඩුම ගානේ මේ අත්ගොව්වෝ අලින්ට කරන හින්සාවවත් අඩු කලොත් ලොකු දෙයක් නෙවෙයි ද? අපි හුරතලේට ඇති කරන බල්ලට, පූසට මොකක්හරි උනොත් අපි දුක් වෙන්නේ නැද්ද? අලියා ලොකු නිසාද ගණන් ගන්නේ නැත්තේ?
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ක්‍රිස්තියානි උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ දලදා මාලිගාවෙ පෙරහැරේ යන අලි ගැන.

    වෙන සත්තු ගැන එහෙම අමාරුවක් නැතෙයි ?

    ow bn hutta keriyo hema sathagema mas gilinawa... boru puke amaruwa tyenne... :frown::frown::frown::frown::frown:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බල්ලන්ගේ බෙල්ලට දම්වැල් දාල පාරේ ඇදගෙන ගියාට හිංසාවක් නෑ. අලින්ගේ කකුලට දම්වැල් දාල පෙරහැරේ එක්ක යන එක තමයි හින්සනේ. :lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    බල්ලන්ගේ බෙල්ලට දම්වැල් දාල පාරේ ඇදගෙන ගියාට හිංසාවක් නෑ. අලින්ගේ කකුලට දම්වැල් දාල පෙරහැරේ එක්ක යන එක තමයි හින්සනේ. :lol::lol:

    ඕනිම සතෙක් හිර කරගෙන ඉන්නවා නම්, ගහනවා නම්, බනිනවා නම්, මසට ගන්නවා නම්, උන්ගේ පැටවුන්ට එරෙන කිරි ටික බලෙන් ගන්නවා නම්.. මේ හැමදේම බෞද්ධ ධර්මයේ කියල තියන ව්දියට හිංසාවක් තමයි මචන්.. කරඬුව අරන් යන එක, පෙරහරේ ගෙනියන එක හිංසාවක් කියන්නේ නෑ මම.. එත් අලි බලන අය ඒ සත්තුන්ට සලකන විදිය හොද නෑ.. එකේ වැරැද්ද පෙරහරේ නෙවෙයි.. මිනිස්සුන්ගේ.. ඒක උබ පිල්ගන්නේ නැද්ද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පෙරහැරේ අලි ගෙනියන එක නම් පට්ටම අමානුෂිකයි.....

    පහලින් තියෙන්නේ එහෙම කියන මුස්ලිම් , ක්‍රිස්තියානි අය සතුන්ට මානුෂිකව සලකන ආකාරය...
    උඹලත් බලල ඉගෙනගනින්.......
    වරදක් දැක්කහම ඒක මුස්ලිම් ක්‍රිස්තියානි කියලා වර්ග කරන්න එපා බන්
    මොකා කරත් වරද වරදමයි ...
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    එහෙම කියන්න එපා මචන් ..මමත් අමු බෞද්ධයෙක් ..නමුත් මෙතැනදී වෙන සිද්දිය
    බෞද්ධයෙක් විදිහට උබට අනුමත කරන්න පුලුවන්නම් උබ නමට බෞද්ධයෙක් කියලයි කියන්න වෙන්නේ :no:

    මචං උඹගෙ අදහස තවම පැහැදිලි මදි ඇයි මේ නූල දැම්මෙ කියලා. උඹට මෙච්චරත් කට්ටිය කියද්දි නූලෙ නම වැරදියි කියලා. ඇයි උඹ ඒක වෙනස් කරන්නැත්තෙ, උඹ එහෙමයි මෙහෙමයි කියලා කිව්වාට වැඩක් නැහැ. ක්‍රියාවෙන් කරලා පෙන්නන්න බැරිනම්. කරලා පෙන්නපන්. එතකොට කොල්ලො පිලිගනියි, උඹ කාටවත් කඩේ යන්නැහැ කියලා. ඉවරයක් කරලා දාපන්කො බොරුවට වාද කර කර ඉන්නැතුව​.
     
    • Like
    Reactions: navinnuwan

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    එහෙම කියන්න එපා මචන් ..මමත් අමු බෞද්ධයෙක් ..නමුත් මෙතැනදී වෙන සිද්දිය
    බෞද්ධයෙක් විදිහට උබට අනුමත කරන්න පුලුවන්නම් උබ නමට බෞද්ධයෙක් කියලයි කියන්න වෙන්නේ :no:
    මොනව හරි කරද්දි අවම හානියක් වෙන විදිහට කරහන් බන්.දළදා පෙරහැර කියන්නෙ මේ රටේ වැදගත්ම සංස්කෘතිකාංගයක්.මිනිස්සුන්ට සංවේදී තැනක්.එකපාරට පෙරහැරේ අලි යන එක නවත්තන්න පුලුවන්ද?

    සැබෑ අවිහිංසාවාදියෙක්නම් ඉස්සෙල්ල සත්තු මරණ එකට විරුද්ධ වෙයන්.මස්, බිත්තර ගන්න එකට,පැටියට බොන්න තියන කිරි ටික ගන්න එකට,බෙල්ලෙ දම්වැල් බැඳල පාරෙ ඇදගෙන යන එකට,කූඩු වල දාල තියන එකට,සර්කස් වලට,සෆාරි වලට.ඕව නැවතුන දාට උබල පෙරහැර ගැන කතාකරහන්.අපි එදාට උබලට විරුද්ධව මොකුත් නොකිය ඉන්නම්.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Oya photos aththatama perahare giya alingeda? kohomath ali balaganna godak aya bona kattiya, e minissu biwwata passe alinta salakana widiya nan katha karala wadak na :( as dekenma dakala thiyenawa.

    paw me saththu :( zoo eke oita hapan neh...dakkama duka hithenawa.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Oya photos aththatama perahare giya alingeda? kohomath ali balaganna godak aya bona kattiya, e minissu biwwata passe alinta salakana widiya nan katha karala wadak na :( as dekenma dakala thiyenawa.

    paw me saththu :( zoo eke oita hapan neh...dakkama duka hithenawa.

    අනේ පව්. ඔයාට දුක හිතුනද සුදු? සූප්පුවක් දෙන්නද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඕනිම සතෙක් හිර කරගෙන ඉන්නවා නම්, ගහනවා නම්, බනිනවා නම්, මසට ගන්නවා නම්, උන්ගේ පැටවුන්ට එරෙන කිරි ටික බලෙන් ගන්නවා නම්.. මේ හැමදේම බෞද්ධ ධර්මයේ කියල තියන ව්දියට හිංසාවක් තමයි මචන්.. කරඬුව අරන් යන එක, පෙරහරේ ගෙනියන එක හිංසාවක් කියන්නේ නෑ මම.. එත් අලි බලන අය ඒ සත්තුන්ට සලකන විදිය හොද නෑ.. එකේ වැරැද්ද පෙරහරේ නෙවෙයි.. මිනිස්සුන්ගේ.. ඒක උබ පිල්ගන්නේ නැද්ද?

    අලි බලන අය අතර අලින්ට් වැරදි විදියට සලකන අය කීප දෙනෙක් ඉන්නවා තමයි. ඒක වැරදියි.

    එත් එක වෙනම ප්‍රශ්නයක්. මෙතන කතා කරන්නේ පෙරහැර ගැන. දළදා පෙරහැරට එන අලින්ට සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ. හැමදාම පෙරහැර ඉවර උනාම අලින්ගේ කකුල්වල තෙල් හිටන් ගානවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචං උඹගෙ අදහස තවම පැහැදිලි මදි ඇයි මේ නූල දැම්මෙ කියලා. උඹට මෙච්චරත් කට්ටිය කියද්දි නූලෙ නම වැරදියි කියලා. ඇයි උඹ ඒක වෙනස් කරන්නැත්තෙ, උඹ එහෙමයි මෙහෙමයි කියලා කිව්වාට වැඩක් නැහැ. ක්‍රියාවෙන් කරලා පෙන්නන්න බැරිනම්. කරලා පෙන්නපන්. එතකොට කොල්ලො පිලිගනියි, උඹ කාටවත් කඩේ යන්නැහැ කියලා. ඉවරයක් කරලා දාපන්කො බොරුවට වාද කර කර ඉන්නැතුව​.

    මොනව හරි කරද්දි අවම හානියක් වෙන විදිහට කරහන් බන්.දළදා පෙරහැර කියන්නෙ මේ රටේ වැදගත්ම සංස්කෘතිකාංගයක්.මිනිස්සුන්ට සංවේදී තැනක්.එකපාරට පෙරහැරේ අලි යන එක නවත්තන්න පුලුවන්ද?

    සැබෑ අවිහිංසාවාදියෙක්නම් ඉස්සෙල්ල සත්තු මරණ එකට විරුද්ධ වෙයන්.මස්, බිත්තර ගන්න එකට,පැටියට බොන්න තියන කිරි ටික ගන්න එකට,බෙල්ලෙ දම්වැල් බැඳල පාරෙ ඇදගෙන යන එකට,කූඩු වල දාල තියන එකට,සර්කස් වලට,සෆාරි වලට.ඕව නැවතුන දාට උබල පෙරහැර ගැන කතාකරහන්.අපි එදාට උබලට විරුද්ධව මොකුත් නොකිය ඉන්නම්.

    මම කාට කඩේ යන්නද බන් .. මම යනවනම් මේ අහිංසක සත්තු වෙනුවෙන් කඩේ ගියා කියල කියන්න පුළුවන්
    සැබෑ අවිහිංසාවාදියෙක්නම් ඉස්සෙල්ල සත්තු මරණ එකට විරුද්ධ වෙයන්.(මම සත්තු මරණ එකට කොතන හරි පක්ෂපාතිව කතා කරලා තියනව උන දැකල තියනවද ?
    මේ වගේ පුහු තර්ක ඉදිරිපත් කරන්න එපා මචන් ..!! ප්‍රයෝගිකව දෙයක් කතා කරපන්

    )
    කොහොම නමුත් මම මෙතැනදී අපි දකින දේ නොදකින පැත්තක් එලි කළා පමණයි.. අන්තිමේ කට්ටිය එකතු වෙලා පෙරහැර නවත්තන්න හදන එකෙක් ගානට දාල කතා කරා ..
    බොහොම ආඩම්බරයි
     
    දැන් උඹ පෙරහැර ගැන මාතෘකාවක් දාල, පෙරහැරට කිසිම සම්බන්ධයක් නැති අලි ටිකගේ පින්තූර ටිකක් දැම්මේ මොකටද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් උඹ පෙරහැර ගැන මාතෘකාවක් දාල, පෙරහැරට කිසිම සම්බන්ධයක් නැති අලි ටිකගේ පින්තූර ටිකක් දැම්මේ මොකටද?

    සම්බන්ධයක් නෑ කියල උබට ඔප්පු කරන්න පුළුවන් ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලි ඇත්තු පෙරහරේ යන එක නවත්තන්න පුළුවන්නන් බොහොම හොඳයි. උන්ට උන්ගේ පාඩුවේ නිදහසේ කැලේ ඉන්ඩ දෙන්ඩ ඕනේ. අනිත් එවුන් මරාගෙන කන හින්ද අපි පොඩ්ඩක් පෙරහරේ ගෙනිච්චට කමක් නෑ කියන එක සාදාරන නෑ. සම්ප්‍රදාය රැකගන්ඩ සත්තු පාවිච්චි කරන්ඩත් කිසිම අයිතියක් අපිට නෑ. හැබැයි ඕක දැන් ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ වගේ අල්ලගෙන ඒ මාර්ගයෙන් පෙරහරටයි සිංහල සංස්කෘතියටයි මඩ ගහන්ඩ හදන එක නං වැරදියි. පලවෙනි දේ තමයි මේ ලෝකේ කොහොමවත් 100% සාදාරන නෑ.මිනිස්සුන්ට වත් සත්තුන්ට වත්. එහෙම කරන්ඩත් බෑ. සත්ව හිංසනයට විරුද්ද නං ඉස්සරවෙලාම සත්තු මරල කන එක නවත්තන්ඩ ඕනේ.මෙතන ඕකට විරුද්ද කී දෙනෙක් වෙජිටේරියන් ද ? වෙජිටේරියන් උනත් අපි කන බත් ටික දෙන වී වගාවෙදී බෙහෙත් ගහල කොච්චර සත්තු මරනවද ? උඹල ඔය ඉන්න ගෙදර හදනකොට පුංචි සත්තු කී දෙනෙකුට උන් හිටි තැන නැතිවෙන්ද ඇද්ද. පුංචි සත්තු කී දෙනෙක් මැරෙන්ඩ ඇද්ද ? උඹල පාවිච්චි කරන බඩු අතරේ සත්තු මරල ගත්ත ඒවාගෙන් හදපුවා කොච්චර ඇද්ද ? උඹල ලෙඩ වුනාම බොන සමහර බෙහෙත් හොයාගන්ඩ කොච්චර සත්තු පරීක්ෂණ වලට ගන්ඩ ඇද්ද ? මේ දැනුත් ලේ බොන්ඩ ආපු මදුරුවෝ කී දෙනෙක් චප්ප කරලා මරන්ඩ ඇද්ද ? තමන්ගේ ගෙදරම ඉන්න බල්ලා දන්වැලෙන් බැඳලා ඇවිදින්ඩ එක්ක යනකොට උගේ නිදහස නැතිවෙන්නේ නැද්ද ? ඕව ඔක්කොම හිතල මම හින්ද කෙලින්ම හරි වක්‍රාකාරව මේ ලෝකේ කිසිම සතෙකුට හිංසාවක් වෙලා නෑ කියල හිතෙන එවුන් විතරක් කතා කරපල්ලා මේ ගැන නිකන් කිඹුල් කඳුළු හෙලන්නේ නැතුව. මම අයෙත් කියන්නේ අලි පෙරහරේ ගෙනියන එකට මමත් විරුද්දයි. එත් මේ සමහර අය මේ ලෝකේ ලොකුම සත්ව හිංසනය මේක කියල කියල බොරුවට කිඹුල් කඳුළු හෙලන එක නං වැරදියි. මම දන්නා විදිහට පෙරහරේ යන හැම අලියෙකුටම හොඳටම සලකනවා. කන්ඩ බොන්ඩ දුන්න කියල ඔක්කොම හරි යන්නේ නෑ. හැබැයි සමහරු කතා කරන්නේ මේ අලි ඇත්තු වධකාගාරේක තියාගෙන කන්ඩ බොන්ඩ නොදී දෙතිස් වද දිදී මරන්ඩ අරන් යනවා වගේ පෙරහරේ අරන් යනවා කියල. උන් 100% සන්තෝසෙන් නෙවේ තමා ඉන්නේ. එත් ඔය 100% කැලේ ඉන්න අලියෙකුට තියෙනවද ? කැලේ ඉන්න එවුන්ට වෙලාවකට කන්ඩ නෑ. වතුර නෑ. උන් මිනිස්සුන්ගේ වෙඩි කකා හක්කපටස් ගිල ගිල ඉන්නේ. ලෙඩ වුනොත් බෙහෙත් දෙන්ඩ කවුරුත් නෑ ඔහේ මැරිලා යනවා. ඒ අතින් බලපුවම පෙරහරේ යන සහ පින්නවල ඉන්න අලි කොච්චර වාසනාවන්තද. රාජා ඇතා අවුරුදු 75 ඉඳල තියෙනවා. උගේ අන්තිම කාලේ උට සලකපු හැටි හොයල බලපල්ලා. ලෝකේ කොහෙද සතෙකුට එහෙම සලකල තියෙන්නේ කියලත් හොයල බලපල්ලා. ඒ හින්ද සත්ව හිංසනයෙන් තොර 100% සාදාරන ලෝකයක් ගැන හිතනවට වඩා හැමදේම සාපේක්ෂව හිතන එක තමා හොඳ :)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සම්බන්ධයක් නෑ කියල උබට ඔප්පු කරන්න පුළුවන් ද ?

    ගොන් කතා කියන්න එපා. ඕනෙ එක්කෙනෙකුට පුළුවන් කොහේ හරි ඉන්න අලි ටිකකගේ කකුල් වල පින්තූර ටිකක් දාල "මේවා පෙරහරේ ගිය අලින්ගේ කකුල් නෙවෙයි කියල ඔප්පු කරන්න" කියල කියන්න.

    උඹ පෙරහැර ගැන මාතෘකාවක් දාල එකේ ඔහොම අලින්ගේ කකුල් වල පින්තූර දානවනම් ඒවා පෙරහැරේ ගිය අලින්ගේ ඒවා කියල කියන්න උඹට සාක්කියක් තියෙන්න ඕනේ. දැන් කියපන් උඹට එහෙම කියන්න තියෙන සාක්කි මොනවද, උඹ ඔය ඉන්නේ පෙරහරේ ගිය අලි කියල දැනගත්තේ කොහොමද කියල.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මම කාට කඩේ යන්නද බන් .. මම යනවනම් මේ අහිංසක සත්තු වෙනුවෙන් කඩේ ගියා කියල කියන්න පුළුවන්
    සැබෑ අවිහිංසාවාදියෙක්නම් ඉස්සෙල්ල සත්තු මරණ එකට විරුද්ධ වෙයන්.(මම සත්තු මරණ එකට කොතන හරි පක්ෂපාතිව කතා කරලා තියනව උන දැකල තියනවද ?
    මේ වගේ පුහු තර්ක ඉදිරිපත් කරන්න එපා මචන් ..!! ප්‍රයෝගිකව දෙයක් කතා කරපන්

    )
    කොහොම නමුත් මම මෙතැනදී අපි දකින දේ නොදකින පැත්තක් එලි කළා පමණයි.. අන්තිමේ කට්ටිය එකතු වෙලා පෙරහැර නවත්තන්න හදන එකෙක් ගානට දාල කතා කරා ..
    බොහොම ආඩම්බරයි

    පුහු තර්කයක් ඉදිරපත් කලේ නෑ මචන්.උබ පොල් කෙන්ද අල්ලගෙන දගලද්දි පරාලෙ පෙන්නුව.එච්චරයි.උබට ඕනෙ දේ සාර්ථකව කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් තමයි මම කිවුවෙ.උබ නොදකින පැත්තක් නෙමෙයි නැති පැත්තක් පෙන්නලා තියෙන්නේ බොරු ෆොටෝස් වගයක් දාල.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කෝ දැන් ත්‍රෙඩ් එක දාපු එකා? මේ පින්තූර වල ඉන්නේ පෙරහරේ ගිහින් තුවාල වෙච්ච අලි කියල ඔප්පු කරන්න කිව්වම මාරු වෙලා ගිහිල්ලා.
     
    Last edited: