නුහුරු නුපුරුදු සිනාවක්

Blue_Scorpion

Active member
  • Nov 15, 2016
    67
    108
    33
    නුහුරු නුපුරුදු සිනාවක්

    නුහුරු නුපුරුදු සිනාවක් දැක
    සසල විය සිතුවිලි මොහොතකට
    නුහුරු වූවත් හදේ ගැඹුරෙම
    ලියවුනා නුඹෙ ඒ සිනා වත...

    හිරු නැගෙන හැම උදෑසනකම
    දැස් අැරුනේ නුඹෙ සිනා ලග
    සද නැගෙන රැ සිහින අතරින්
    නිදන නෙතු සැනසුවෙත් නුඹමය....

    අකුරු අමුණා ලියන පද වැල්
    අරුත් සෙව්වේ නුඹෙ නුවන් ළග
    නුඹෙන් තොර ලෝකයක් නැති වුන
    කිමද කිව මැන මේ උමතු බව.....


    **********නෙතූ**********
    (උපුටා ගැනීම නෙතූගෙන්....:love::love:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හරි හරි නෙතූ හෙට හම්බෙමු කියල මම කිවනේ, පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ. නිසදැස් එව්වට බෑ එන්න විදිහක් නෑ. :(