සාමකාමි අරගලය කියන එක ලස්සනට කරගෙන ආවා. එහෙම කරද්දි Protest Disperse කරන්න හේතු නැති නිසා කාටවත් මොකුත් කරන්න බැරි වුනා. අද ඉතින් රටේ නූගත්තු ටික තැන තැන පාරවල් සම්පූර්ණෙන් වහගෙන තමන්ගෙම එවුන්ට කෙලින්න හැදුවානේ. ටිකක් හිතපන්කෝ අර්බුධේ ඇති කරපු උන් ගෙවල් වල සැපේ. ඔහොම කරපුවම ආයේ පිඩාවට පත්වෙන්නේ දැනටමත් බැටකන එවුන්ටිකමයි. ඔය නූගත් විදියට හැසිරෙන එවුන්ම තමා රටේ මේ තත්වෙට 90%ක්ම වගේ වගකියන්නත් ඕනේ. පෞද්ගලික වාසි බලන් දේශපාලනේට කතිර ගහපු එකට. දැනුත් කරේ ලස්සනට කොල්ලො කෙල්ලො කරගෙන ආපු අරගලේට කෙලවපු එක. දැන් රඹුක්කන වෙඩි තිබ්බ කේස් එක ඇවිලුනොත් කරපු ඔක්කොම හබක් වෙලා මුලට එනවා. ඕක තමා මුල ඉඳලා කරගන්න ඕන කම තිබ්බේ. නමුත් මොළයක් තියෙන සෙට් එක ගානට ඒක හැඬල් කරා. මුන් ටික බැස්සා විතරයි වෙනදා කරගත්තා වගේ හත්පලේ ගාගත්තා. යකෝ මුනුත් කාව හරි තෝරන්න ඡංදේ දැම්මානේ කියලා හිතද්දි සාධරණ බයක් ඇතිවෙනවා
