නූපන් දරු තිදෙනා සමග මවක් මරුට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_e684c4e3da.jpg



    තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මවත් දරු තිදෙනාත් මිය ගිය මවගේ ඥාතීහු පවසති.
    මෙසේ මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ගෝනවල පමුණුවිල විද්‍යාලයේ සමාජ විද්‍යාව විෂයයන් ඉගැන්වූ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි ගැබිණි මවකි .
    ඇය විවාහ වී දරුවන් නොමැතිව අවුරුදු අටකට පසුව ගැබිණියක් වී දරු සුරතල් බැලීමේ ආසාවෙන් සිටි බව ඇගේ සැමියා පවසයි.
    මාකොළ උතුර මාකොල පදිංචි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවීර මහතා මෙසේද පැවසීය.
    දරුවා පිළිසිඳ ගත් දා සිට නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ඉකුත් 28 වැනිදා රාගම රෝහලට ඇතුළත් කළා. ඒ වනවිට කුසට සති විසි තුනක් වනවා.
    29 වැනිදා රාත්‍රියේ ඇයට අමාරු වුනා.තිස් වෙනිදා උදේ දැඩි සත්කාර ඒකකයට දැම්මා . දෙවැනි දා හවස් වන විට බිරිඳත් දරු තිදෙනාත් මියගොස් බව දැනුම් දුන්නා.
    රෝහලේ නොසැලකිල්ල නිසා මෙය සිදුවුණා. ඒ පිළිබඳව මම ඉදිරියේදී පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවිර මහතා චෝදනා කරයි.
    මවගේ සහ දරු තිදෙනාගේ අවසන් කටයුතු අද සවස සිදු කෙරිණි.
    මේ සම්බන්දයෙන් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක රණවීර මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය .
    නූපන් දරුවන් සහ මව මියගියේ රෝහලේ වරදින් නොවේ.
    මෙම මව දරුවන් නොමැතිව වසර ගණනාවක් සිට පසුව පෞද්ගලික රෝහලකින් නල දරු උපතක් සඳහා ගර්භාෂයේ ඩිම්බ තැන්පත් කිරීමක් සිදු කර ගෙන තිබෙනවා. මේවා රජයේ රෝහල්වල සිදුකරන්නේ නැහැ.
    ලක්ෂ ගණන් වියදම් කර පෞද්ගලික රෝහල්වලින් මේ දේවල් කරගන්නවා. එම වෛද්‍යවරුන් ඩිම්බ කිහිපයක් තැන්පත් කිරීම කරනවා. එසේ කරන්නේ එක ඩිම්බයක් වත් හරි යාවි යන බලාපොරොත්තුවෙන් . නමුත් මේ මවට ඩිම්බ තුනම සංසේචනය වී කළල තුනක් වැදිලා තිබෙනවා.
    කෙසේ හෝ සති විස්සක් පමණ වන විට අසාධ්‍ය වී රාගම රෝහලට ඇතුල් වෙලා තියෙනවා .රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි වෙහෙසක් ගත්තා මෙම මවත් දරු දෙදෙනාත් බේරා ගන්න.
    image_55dfcb150d.jpg
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉස්පිරිතාල වල මැරෙන කිසි ලෙඩෙක් මැරෙන්නේ රෝහලේවත් වෛද්‍යවරුන්ගෙවත් වරදින් නෙවේ

    හැමදාම එකම බයිලා එක කියන්නේ

    වැරැද්දක් කියන්නත් බෑ, ආයුධ පෙන්නන්න ගිහින් වෙඩි තිබ්බා කිව්වම විසිල් ගහන මිනිස්සුනේ ඉන්නේ මේ පකේ රටේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    එකෙක් නෙමෙයි ඕකේ ඉන්න ඔක්කොම එකයි..ඔය පැත්තේ කොරෝනා හැදිලා ගෙදර ඉන්න උන් සනීප උනා ඔය හොස්පිටල් එකට දැම්ම සෑහෙන්න අය මළා..බලාගන්න කවුරුවත් හිටියේ නැත්නම් කන්නවත් දෙන්නේ නැහැලු..ගොඩක් අය මැරුණේ හාමතේ..අඩු ගානේ තේ එකක්වත් දීලා නැහැ.. :(
     
    • Like
    Reactions: NRTG and Gunther

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඉස්පිරිතාල වල මැරෙන කිසි ලෙඩෙක් මැරෙන්නේ රෝහලේවත් වෛද්‍යවරුන්ගෙවත් වරදින් නෙවේ

    හැමදාම එකම බයිලා එක කියන්නේ

    වැරැද්දක් කියන්නත් බෑ, ආයුධ පෙන්නන්න ගිහින් වෙඩි තිබ්බා කිව්වම විසිල් ගහන මිනිස්සුනේ ඉන්නේ මේ පකේ රටේ
    පෞද්ගලික රෝහලට නිර්දේශ කලාට කොමිස් මුදලක් ගන්න ඇති ස්පෙෂලිස්ට්
     
    • Like
    Reactions: NRTG