නූල කඩන්න පුරුදු වෙන්න.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    acemask එකේ නූල කඩන්න පුරුදු වෙන්න.
    "කොවිඩ්" වචනේ ඇහෙන කොටම අද වනවිට අපිට ඇතිවෙන්නෙ බයක්... ඒ වචනෙත් එක්කම අපිට මතක් වෙන්නෙ මොකක්ද ?? "Face mask" නැත්නම් මුහුනූ ආවරනය.
    ඔයාලා පාවිච්චි කරලා ඉවතලන face Mask එකකින් තව සතෙක්ගේ ජීවිතයක් නැති කරන්න පුලුවන්.
    දැනටමත් ලෝකේ ප්ලාස්ටික් ප්‍රශ්නය වගේම Face mask ප්‍රශ්නය ඔඩු දුවලා.
    දැන් මගතොට කානුවල ඇල දොලවල් වල facemask පාවෙන්න පටන් අරන්. මේවාගේ තියෙන පටි දෙක සත්තුන්ගේ පැටලෙන්න පටන් අරන්.
    ඒ නිසා අද ඉදන් පාවිච්චියෙන් ඉවතලන face mask වල පටි දෙක කඩලා නිසියාකාරව ඉවත් කරන්න. පුලුවන්නම් වෙනම කූඩයක එකතු කරන්න.
    අපි හැමෝටම පුලුවන් අපේ ජිවිත ආරක්ෂා කරලා දුන්න මාස්ක් එකෙන් තව සතෙක්ගේ ජිවිතයක් නැති වෙන එක වලක්වගන්න.
    නිකන් ඔහේ ජීවත්වන මිනිසකු නොවී වගකීමක් සහිත මිනිසෙකු වන්න.
    ආර්.එම්.සඳුනි තිලෝක්ෂිකා
    ව්‍යවහාරික විද්‍යා පීඨය
    රජරට විශ්වවිද්‍යාලය

    240106636_225728486228512_4621951527505719347_n.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    නුල කඩලා විසිකිරීම කෙසේ වෙතත් මම නං මාස්ක් වැඩි හරියක් අයින් කරන්නෙම ඕවා දානකොටම නුල කැඩිලා. :baffled:
    සිරාවට
    පොඩි එකාට අහු වෙලා ගෙදර ගෙනත් තිබුනු අලුත්ම N95 මාස්ක් සෙට් එකක්, සේරගෙම නූල් ටික කඩලා තිබ්බා, Hot glue දාල අලව ගත්තෙ
     
    • Like
    Reactions: TNHM and Fallujah