නෙල්ලිගල යමු

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත්වෙමින් සෙංකඩගල පුරවරයේ දළදා සමිඳුන්ගේ පහස ලබමින් කොළඹ සිට මහනුවර පිලිමතලාව මාර්ගයේ මුරුතලාව, කොබ්බෑකඩුව පසුකරමින් ගොස් කිලෝමීටර් 2ක් පමණ ඉහළට නැග යනවිට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හමු වේ. කන්ද නගිනා අතර පරිසරයෙන් මැවෙනුයේ වචනයේ පරිසමාප්තියෙන්ම සිත් සතන් පහන් කරනා දර්ශනයකි. සීගිරි පර්වතය පමණක් නොව සමනොළ ගිරි මුදුනද තවත් කදු පන්තීන් කිහිපයක්ද වටේට පිහිටා ඇති අතර දහවල් කාලයේ පවා මීදුම ගලනා අයුරු ඉතාමත් චමත්කාරජනකය.

    මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘත්වය හිමිවන්නේ වතුර බුබුලේ ධම්මරතන හිමියන්ටය. නිතරම සිනහ පිරි මුවෙන් යුතු උන් වහන්සේ තවමත් ලාබාල වියේ පසුවුවද අක්කර සිය ගණනක් සංරක්ෂණය කරමින් එළි පෙහෙළි කොට බුදුසසුනේ මතු දියුණුව අරඹයා මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඇරඹීම විශ්මය ජනකය. කදු මුදුනේ අලංකාර චෛත්‍යයක් සාදවා එය ශ්‍රී ශාක්‍යසිංහ මහ සෑය නමින් බොදු සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට ඉඩ සලසා දී ඇත.
    51556337_328784367764474_5172072816970825728_n.jpg

    51775142_328784327764478_3952674122089103360_n.jpg

    67899968_2432416476825377_8535326393523765248_n.jpg





    ගිහින් තියෙන උන් ඉන්නවානම් කොටා ගෙන පලයල්ලා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    නුවර ඉදල බස් එකේ යන විදිහ දන්නවද කවුරු හරි?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    නුවර ඉදල බස් එකේ යන විදිහ දන්නවද කවුරු හරි?
    නුවර ඉදලා එතනටම බස් එකේ යන්ඩ නම් බැ මචන් නුවර ඉදලා මුරුතලව බස් එකක ගිහින් ඉතුරු ටික වීල් එකක තමා යන්ඩ වෙන්නේ.