මීටර් 6-8 ක් පමණ උසට වැවෙන ශාකයකි. සෘජු කදක් නොමැත. කදෙන් පැන නගින ශාඛා(අතු) රාශියකි. කදේ හා ශාකා වල පිට පොත්ත තුනීය. පත්‍ර සරල කුඩා ඒකාන්තර විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. ද්විපක්තිකව එකිනෙකට ලංව පිහිටා ඇත. පත්‍ර වෘන්න රහිත තරම්ය. පත්‍ර වල දිග සෙ: මී 1-1.2 පමණ වේ. සිහින්ය. දිගටිය. කුඩා කොල පැහැයට හුරු කහ පැහැති මල් ඇතිවේ.මාංශල ගොලාකාර කොළ පැහැයට හුරු කහ පැහැති ඵල රාශියක් ඇතිවේ.
නෙල්ලි වල ප්‍රධාන රසායනික සංඝඨකය ඇස්කොබික් අම්ලයයි(විටමින් සී). විටම්න් සී බහුලම පළතුර නෙල්ලි ය. විටම්න් සී ප්‍රතිඔක්සිකාරකයකි(Anti oxidant). විවිධ රෝගාබාධ වැලැක්වීමේ ශක්‍යතාවය මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා නෙල්ලි වලට ලැබේ.නෙල්ලි සතු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයද ඉහලය. සුක්රෝස් ප්‍රමාණය අධිකය. ග්ලූකෝස් ප්‍රමාණය අඩුය. නෙල්ලි ගෙඩියේ ඇති සුක්රෝස් ප්‍රමාණය නිසා එහි පැණි රසයක් ඇති බව විශ්වාසයයි. ආයුර්වේදයේද ඇත්තේ එහි මධුර රසයක් ඇති බවයි. මීට අමතරව අකාබනික අයන වර්ගද ඇත. පොටෑසියම්, සෝඩියම්, සින්ක් වැනි මූලද්‍රව්‍ය අයන වශයෙන්ද බෝරෝන්, කොපර්, යකඩ, මැංගනීස් පොස්පරස්, සල්ෆර් වැනි මූලද්‍රව්‍ය අයන වශයෙන් සුළු මාත්‍රා වලින්ද අඩංගු බව සොයාගෙන ඇත.ඇමයිනෝ අම්ල වර්ග දාහතක් අන්තර්ගත වේ. නෙල්ලි වල ආම්ලිකතාවය(ph අගය) 2.65 කි. මෙය තරමක ආම්ලික පැත්තට වැඩි බරක් වු අගයකි. මෙය නෙල්ලි වල ඇති ඇඹුල්/අම්ල රසයට ප්‍රධානතම හේතුවයි. මේද අම්ල වශයෙන් ගෙඩියේ ඇත්තේ එකක් පමණි. ඒ මිරිස්ටික් නම් මේද අම්ලයයි. බීජ වල ලිනෝලෙයික් මේද අම්ල, ඔලෙයික්, පැල්මිටික් හා ස්ටියරික් යන මේද අම්ලද ඇත. මීට අමතර ෆීනොලික සංයෝග, කාබනික අම්ල, ඇල්කලොයිඩ, ඔක්සීන වැනි රසායනික සංයෝග වර්ගද මීට අමතරව නිරික්ෂණය කර ඇත.
නෙල්ලිවල ගුණ
- ඇස් පෙනීම වර්ධනය කරයි.
- රසායන ගුණයෙන් යුක්තය.
- නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස්හොරි සුව වේ
- අකලට කෙස් පැලීම නවතී
- අජීර්ණවලට ගුණදායි වේ.
- උගුරේ ප්‍රදාහ තත්ව සමනය කරයි.
- අකාලටමහළු වීම වළක්වයි.
- හිරිවැටීම නැති කරයි.
- මළබද්ධයට නැති කරයි.
- හෘදය රෝගවලට ගුණදායකය.
- කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණයක් ඇත.
- සන්ධි රෝගවලට වඩාත් උචිතය.
- මුඛ පිරිසුදු කාරකයකි.
- ඔබත් වකුගඩු රෝගීන්ට ගුණ වේ.
- නාසය හිරවීම වළක්වයි.
- මතක තබාගැනීමේ ශක්තිය දියුණු කරයි.
- ගැස්ට්‍රයිටිස් සුව කරයි.
- ආහාර දිරවීම වේගවත් කරයි.
- වෛරස් රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.
- පණු රෝගවලට ගුණදායකය.
- රුධිරය පිරිසුදු කිරීමේ අපූරු ගුණයක් නෙල්ලිවල ඇත.
- ඇඟෙහි ලේ හිඟකමෙන් පෙළෙන රෝගීන්ට ගුණදායක බවක් හිමිවේ.
- ශරීරයේ ශක්තිය වැඩීමට නෙල්ලි උදව් වේ.
- උණ රෝගීන්ට ගුණයි.
- මානසික ආතතිය දුරු කරයි.
- බඩවැලේ හා ආමාශයේ ප්‍රදාහ නැති කරයි.
- අර්ශස් රෝගයට ගුණ වේ.
- ශරීරය ඇතුළෙහි රුධිර ගැලීම්වලට සුදුසු වේ.
- මුත්‍රා පිටනොවීම පිළිබඳ ගැටළු සහගත අයට නෙල්ලි ආහාරයට ගැනීමෙන් මුත්‍රා පිටකිරීම යථා තත්ත්වයට පත්වේ.
- පිළිකා නසන ගුණයක් අඩංගුය.
- සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ට කදිමයි.
- පෙනහලු රෝග සුවවීම වේගවත් කරයි.
- බඩවැල් පිරිසුදු කරනා ගුණයෙන් යුතුය.
- කේෂ කලාපය හොඳීන් වර්ධනය වේ.
- හෘදය ශක්තිමත් කිරීමේ සොඳුරු ගුණයක් නෙල්ලි පලතුරට ඇත.
- රතු සෛල ප්‍රමාණය වැඩි කරයි.
- අක්මා රෝගවලට ගුණදායක වේ.
- ඩයි වර්ග සෑදීමට ද නෙල්ලි යොදා ගනී.
- රුධිරය, අස්ථි, සෛල, පටක වැඩීමට උදව් කරයි.
- බැක්ටීරියා රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.
- ඇස් පෙනීම හා ඇස් රෝගවලට බෙහෙවින් ගුණදායකය.
- දත් දෙපළෙහි ශක්තිමත් බව වැඩි කරයි.
- නෙල්ලි පලතුර අග්න්‍යාශයේ රෝගවලට බෙහෙවින් සුදුසුය
- නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරු සුවයක් ලැබේ.
- විදුරුමස්වලින් ලේ ගැලීම නවතී