නෙලුම් පොකුණ [Pics]

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    Nelum Pokuna Theatre , Colombo
    Official Photography: Sagara Lakmal De Mel
    2011©Sagara Lakmal De Me

    391171_10150459395759390_635844389_8280002_1041858155_n.jpg


    386209_10150459396229390_635844389_8280007_1203186098_n.jpg


    381678_10150459396654390_635844389_8280013_893699801_n.jpg


    390459_10150459397064390_635844389_8280015_768276217_n.jpg


    392083_10150459397814390_635844389_8280017_1306778167_n.jpg


    378711_10150459398409390_635844389_8280021_1266481294_n.jpg


    389530_10150459399209390_635844389_8280031_323492306_n.jpg


    384823_10150459400094390_635844389_8280044_330074027_n.jpg


    374634_10150459400889390_635844389_8280056_348328704_n.jpg
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    wade nam hodai. koti 30,0000 klu neda macahn
    Ubala hitanawada Lankawe natya balanna 100kwath enne nathi eke okata minissu balanna ei kiyala??
    Rata Perata Bada Pitata Thamai. :P
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මේක චන්ද්‍රිකයි,රනිලුයි චීනෙන් සල්ලි පාස් කරගෙන හදපු ප්ලෑන් එකක්.මාතර කොලඹ පාර,ක‍ටුනායක අධිවේගී පාර, හම්බන්තොට වාරය කියන තුනටම චීනෙට ගිහිල්ලා සල්ලි පාස් කරගෙන ආවේ රනිල්ලු.ඒ 2003.පස්සේ 2005 චන්ද්‍රිකා තමයි ගිවිසුමට අත්සන් කරේ.හැබයි මේවට නම දාගන්නේ වෙන එකෙක්.
    රාජපක්ෂ වරාය, රාජපක්ෂ නෙලුම් පොකුන වගේ.
    news%5C2007%5C10%5Cimages%5CnewsRanil_And_Chandrika_In_Sri_Lanka.jpg
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මේක චන්ද්‍රිකයි,රනිලුයි චීනෙන් සල්ලි පාස් කරගෙන හදපු ප්ලෑන් එකක්.මාතර කොලඹ පාර,ක‍ටුනායක අධිවේගී පාර, හම්බන්තොට වාරය කියන තුනටම චීනෙට ගිහිල්ලා සල්ලි පාස් කරගෙන ආවේ රනිල්ලු.ඒ 2003.පස්සේ 2005 චන්ද්‍රිකා තමයි ගිවිසුමට අත්සන් කරේ.හැබයි මේවට නම දාගන්නේ වෙන එකෙක්.
    රාජපක්ෂ වරාය, රාජපක්ෂ නෙලුම් පොකුන වගේ.
    news%5C2007%5C10%5Cimages%5CnewsRanil_And_Chandrika_In_Sri_Lanka.jpg

    Nama dagattath kamak naha ban wade hariyata karanawanam. mewa ape salline machan. gini poliyata nayata aragena lankawath wikinunahama kattiyata therei machan.
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    Nama dagattath kamak naha ban wade hariyata karanawanam. mewa ape salline machan. gini poliyata nayata aragena lankawath wikinunahama kattiyata therei machan.
    ඔව් මීට වඩා මේ සල්ලි වලින් කරන්න හුඟක් වැඩ තියෙනවා.මේකට කියන්නේ අවිධිමත් සංවර්ධනය කියලා.
    මේ එකක්වත් ශත පහක් වත් සල්ලි උපයන ඒවා නෙවෙයි.
     

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    wade nam hodai. koti 30,0000 klu neda macahn
    Ubala hitanawada Lankawe natya balanna 100kwath enne nathi eke okata minissu balanna ei kiyala??
    Rata Perata Bada Pitata Thamai. :P

    poddak drama penawana theaters walata gihin balapan senaga nadda kiyala.... Minissunta dan tv eke yana kunu teledrama balala athi wela, stage dramas balanna ena pirisa dan issarata wada sahenna wadi..
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    නෙළුම් පොකුණ’ රංග ශාලාව ඉදිකිරීමේ ගෞරවය චන්ද්‍රිකාට හිමිවිය යුතුයි - මංගල
    2011 දෙසැම්බර් 13 වෙනි අඟහරුවාදා, 10:53 සාමාන්‍ය

    Mangala.jpg

    ‘නෙළුම් පොකුණ’ රංග ශාලාව ශී‍්‍ර ලංකා භූමිය තුළ යථාර්ථයක් බවට පත් කිරීමේ මූලික ගෞරවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිමිවිය යුතු බවත්, එහෙයින් එම රංග ශාලාව ඇයගේ නමින් නම් කරන ලෙසත් ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
    ‘නෙළුම් පොකුණ’ රංග ශාලාව ගොඩනැඟීම සඳහා චීන රජය සමග දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් ඒ සඳහා ණය ලබා ගත් ආකාරයත්, එහි මූලික කටයුතු සිදු වූ ආකාරයත් මංගල සමරවීර මන්තී‍්‍රවරයා එම ඉල්ලීම ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.
    මෙම රංග ශාලාව ඉදිකිරීමට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉටු වූ කාර්ය භාරයද සමරවීර මහතාගේ ලිපියේ සඳහන් වේ.
    මංගල සමරවීර මහතා විසින් ජනාධිපතිවරයාට යැවූ එම ලිපියේ මෙසේ සඳහන් වේ.
    ශී‍්‍ර ලාංකීය කලාකරුවන් හා කලා රසිකයන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය අංගයක්ව තිබූ ජාත්‍යන්තර මට්ටමේ රංග ශාලාව මේ මස 15 වනදා විවෘත කිරීමට නියමිත බවට වූ ප‍්‍රවෘත්තියෙන් මම ඉතාමත් සතුටට පත් වූයෙමි.
    රංග ශිල්පීන්ගේ හා කලා රසිකයින්ගේ සුබසෙත උදෙසා ජාත්‍යන්තර මට්ටමේ රංග ශාලාවක අවශ්‍යතාවය කලාවට ලැදි, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැනවින් අවබෝධ කොටගෙන සිටියාය.
    ඒ අනුව, එතුමිය විසින් ජාත්‍යන්තර මට්ටමේ රංග ශාලාවක් ඉදි කිරීමට අවශ්‍ය වූ යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය. මහාචාර්ය රෝලන්ඞ් සිල්වා සහ මහාචාර්ය සේනක බණ්ඩාරනායක යන මහත්වරුන් එම කමිටුවේ ප‍්‍රධාන සාමාජිකයන් වූහ.
    එම කමිටුව විසින් කළ යෝජනාවලට අනුව, මෙම ජාත්‍යන්තර මට්ටමේ රංග ශාලාව ඉදිකිරීම සඳහා ‘නොමෑඞ්ස්’ කී‍්‍රඩාංගන භූමිය, එතුමියගේ පෞද්ගලික මැදිහත්වීම මත රජයට පවරා ගනු ලැබීය.
    එසේම, මෙම රංග ශාලාව ඉදිකිරීමට තීරණය කළ ‘නොමෑඞ්ස්’ කී‍්‍රඩාංගනය අවට ප‍්‍රදේශයේ ජාතික කලාභවන, ජොන්ද සිල්වා සමරු රඟහල, විහාර මහා දේවී එළිමහන් රංග පීඨයද පිහිටා තිබූ බැවින් මෙම ’ගී‍්‍රන් පාර්ත්’ ප‍්‍රදේශය කලා කටයුතු සඳහාම වෙන්වූ කලාපයක් බවට නම් කිරීමටද එතුමිය බලාපොරොත්තු වූවාය.
    එපමණක් නොව, මෙම රංග ශාලාව දේශීය සංස්කෘතික අංගයන්ගෙන් යුක්තව නිර්මාණය කිරීමට සුදුසු ආකෘතියක් තෝරා ගැනීම සඳහා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මියගේ යෝජනාවක් අනුව ශී‍්‍ර ලාංකීය වාස්තු විද්‍යාඥයින් අතර තරගයක්ද සංවිධානය කළේය.
    එහිදී තෝරා ගනු ලැබුවේ, වාස්තු විද්‍යාඥ එල්මෝ පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ ‘නෙළුම් මලක’ හැඩයෙන් යුතු ආකෘතියයි.
    ‘නෙළුම් මලක’ හැඩයෙන් යුතු ආකෘතිය තෝරා ගැනීම පැහැදිලි කරමින් එම නිර්මාණයට දායක වූවන් ප‍්‍රකාශ කර සිටියේ, මෙම රංග ශාලාව ඉදි කිරීමට ජනාධිපතිනිය විසින් දරන ලද බලවත් උත්සාහය හා කැපවීමට උපහාරයක් වශයෙන්, එතුමියගේ ජනාධිපති ධජයේ තිබෙන ‘නෙළුම් මලෙහි’ සංකේතයට අනුව මෙම ආකෘතිය නිමවූ බවයි.
    මෙම රංග ශාලාව ඉදිකිරීමට අවශ්‍ය මූලික වියදම් සඳහා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1999 අයවැයේදී රුපියල් මිලියන 500 ක්ද, 2000 අයවැයේදී තවත් එවැනිම මුදලක්ද වෙන් කරනු ලැබීය.
    නමුත් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපෘතියක් සඳහා එවැනි මුදලක් ප‍්‍රමාණවත් නොවූ බැවින්, මෙම ව්‍යාපෘතිය ඇතුළු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට මූල්‍යාධාර ලබා ගැනීම සඳහා ජනාධිපතිවරිය චීන රජය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා එම ව්‍යාපෘතීන් සඳහා චීන රජයෙන් මූල්‍යාධාර ලබා ගැනීමට එකඟත්වයක් ඇති කර ගනු ලැබීය.
    අනතුරුව, එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව 2003 වසරේදී එවකට අග‍්‍රාමාත්‍යවරයා ලෙස චීන රජයේ විශේෂ නිල සංචාරයකට සහභාගිවූ රනිල් වික‍්‍රමසිංහ මහතා, මෙම රංග ශාලාව සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා චීන ආධාර ලබාගැනීමට කටයුතු කළේය.
    යළි සන්ධාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, චීන රජයෙන් ලද ආරාධනයක් මත චීනයේ නිල සංචාරයකට සහභාගි වූ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම රංග ශාලාව ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 03 ක මූල්‍යාධාර ලබා ගැනීම සඳහා 2005 අගෝස්තු 26 වැනිදා බීජිං නුවරදී ගිවිසුම් අත්සන් කරනු ලැබීය.
    එපරිදි මෙම රංග ශාලාවට මෙන්ම, නොරොච්චෝලේ තාප බලාගාරය, හම්බන්තොට තෙල් සැපයුම් වරාය හා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය යන ව්‍යාපෘතීන් සඳහා චීන රජයෙන් ශී‍්‍ර ලංකාවට මූල්‍යාධාර හිමිවිය.
    චීන රජයෙන් ලැබුණු එම අනුග‍්‍රහය යටතේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 2005 ඔක්තෝබර් මාසයේදී මෙම රංග ශාලාව සඳහා මුල් ගල් තැබීය. මේ වනවිට එම මුල් ගල කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කර තිබේ.
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මග පෙන්වීම යටතේ එසේ ලබාගත් මූල්‍යාධාර යටතේ ඉදි කෙරුනු ව්‍යාපෘතීන් කිහිපයක් පසුගිය කාලයේ ඔබතුමා විසින් විවෘත කරනු ලැබූවද, එම ව්‍යාපෘතීන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේදී එතුමියගේ කි‍්‍රයාකාරී මැදිහත්වීම මත ශී‍්‍ර ලංකාවට ලැබුනු මහා පරිමාණ ව්‍යාපෘතීන් බව එවකට අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකු වූ ඔබද එකඟ වනු ඇත.
    එතුමියගේ මඟ පෙන්වීම යටතේ ලැබුණු එවැනි ව්‍යාපෘතීන් විවෘත කිරීමේ වාසනාව හා භාග්‍ය ඔබතුමාට හිමිවී ඇති මේ මොහොතේ, ‘නොමෑඞ්ස්’ රංග ශාලාව යථාර්ථයක් බවට පත් කිරීමට දායක වූ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නමින් එම රංග ශාලාව ‘චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - රංග ශාලාව’ ලෙස නම් කරන මෙන් මා ගෞරව පූර්වක යෝජනා කර සිටිමි.
    බෞද්ධ දර්ශනයෙන් ආභාෂය ලැබ ‘කළගුණ සැලකීම’ ගුණාංගයක් ලෙස ප‍්‍රගූණ කොට ඇති මෙරට ජනතාවද එම යෝජනාව එකහෙළා අනුමත කරනු නොඅනුමානය.

     

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    kauru mekata mul unath..kauru nama dagena anthimata hadala iwarakarath..ee hamadenatama meka lankawata hadaladeeme gaurawaya aniwa yanawa.. Kattiya kyanna puluwan mewa karala hariyanawada development ekata kiyala.. ow mewath karanna oni. adu padu ona taram athi..eth hoda wadak karama kauruth eka agaya karana eka thamai hoda!