නෙලූවේ යකා

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අහලා තියනවද...
    නෙලූවේ යකා ගැන....


    මේක ඇත්තම කතාවක්...
    අපි කවුරුත් දන්න ලෝක උරුමයක් තමයි සිංහරාජ වනාන්තරය කියන්නේ.. ඉතිං මේ සිංහරාජ වනාන්තරයට යාබදව තියන ගොඩක් ලස්සන නගරයක් තමයි නෙලූව කියලා කියන්නේ .... මේ කතාව කියන්නේ වර්ශ 2007තේ වගේ කියලා තමයි මටනම් මතක...

    දවසක් තරුන කොල්ලෝ පස්දෙනෙක් නෙලූව නගරයට ආසන්න ගමක පොඩි drink එකක් දාන්න යන්න සෙට් උනා... නමුත් මෙයාලාට සෙට් වෙන පොට් එකක් හොයාගන්න බැරි උනා.... පස්සේ එතන හිටපු එකෙක්ගෙ අදහසකට අනුව මේ නෙලූව නගරයට යාබදව තියන ලස්සන ගමක පොල්වත්තක් මැද තියන එක්තරා පාලු ගෙදරක අපි සෙට් වෙමු කියලා කට්ටිය තීරනය කරා....

    ඊට පස්සේ නෙලූව නගරයේ තියන බාර් එකෙන් කට්ටියට ඕන කරන කලමනා ටිකත් අරන් ගමන ආරම්බ කරා

    ගමට යන පාරත් වැටිලා තිබ්බේ ලස්සන පරිසරයක් මැදින්.....
    ඉතිං කට්ටිය කිසි බයක් නැතුව ගමනට සහබාගී උනා
    පාර දන්න කෙනා ඉස්සරහින් ගියා.... ප්‍රදාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට දමා යතුරුපැදි දාවනය කරමින් සියලු තරුනයින් එකා පසුපසින් එකා අවට පරිසරයේ සුන්දරත්වයද විදිමින් ගමනට සහබාගී උනා.....

    මචං මේක තමයි අර මං කිවුව පොල් වත්ත.... කියමින් ඉදිරියෙන් දාවනය වූ යතුරුපැදියේ සිටි තරුනයා පොල් වත්තක් දෙසට තම අත දිගු කරමින් පෙන්වන්නට උනා..... තවත් මදක් දුරට දාවනය වූ යතුරු පැදි පෙල යම් තැනකදී පාර දන්නා තරුනයායේ අනු දැනුම මත නතරවිය...

    මචං මෙහෙමයි සිද්දිය..... මේ වත්ත බැංකුවට සින්න උන වත්තක් ඒ නිසා අපිට ගේට්ටුවෙන් ඇතුලට යන්න බෑ මොකද ඉස්සරහ මුරකාරයෙක් ඉන්නවා..... මම තැනක් දන්නවා අපි ඔය අස්සකින් බයික් ටික නවත්තලා බඩු ටිකත් අරගෙන එතනින් පනිමු වත්තට. මතක ඇතුව බයික් ටික ලොක් කරලා හෙල්මට් අතට ගනිල්ලා....
    පොට් එක සෙට් කරපු එකා එහෙම කියදදි බොන්න යන්න තියන හදිස්සියටමද කොහෙද කොල්ලෝ ටික ඉක්මනටම ඒ ක්‍රියාමාරගය අනුගමනය කරන්නට උනා ...

    එක් තැනකින් කැඩී ගොස් තිබූ ඒ පොල්වත්ත වටාම දිවෙන විශාල කම්බි වැටෙන් රිංගාගත් තරුන පිරිස හොර රහසේම මේ වත්ත මැද ඇති අර කියන පාලු ගෙදර හොයාගෙන වත්ත මැදට ගාටන්නට උනා ......

    ඔහොම ටික දුරක් යනකොට් පාලුවට ගිහින් ගරාවැටිච්ච පට්ටම ඇන්ටික් අත ඇරලා දාපු පාලු ගෙයක් එයාලට සෙට් උනා....

    මචං මේක තමා පොට් එක.... ඇති වෙනකල් බීල ආතල් එකේ එලියට යන්න පුලුවන්....

    බං අර මුරකාරයා එයිද දන්නේ නෑ නේද මේක ඇතුලට.........

    බයවෙලා වගේ එකෙක් ඇහුවා...

    නෑ නෑ බං..... ඌ එන්නේ නෑ මේ වත්ත ඇතුලට ...... ඌ එන්න බයයි...

    ඒ මොකෝ ඒ....

    මේකේ හොල්මන් ඉන්නවලුනේ.....
    .
    හොලමන් ......

    කොල්ලෝ කට්ටිය තිගැස්සුනාක් මෙන් එකිනෙකාගේ මූනු දිහා බලාගදිදි අරූ හෙන හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා .....

    බය මග ඇරුනාක් මෙන් අනෙක් සියල්ලෝමද සිනාසීමට පටංගද්දි ......

    මේ මේ ඔය හිනවෙන එක නවත්තහල්ලා දැන් අපි ආපු වැඩේට බහිමු .... බොමු බං..... බීලා ඉක්මනට යමු.....

    එකෙක් කීයන්නට උනා....

    බාර් එකෙන් ගෙන ආ ඌරුමස් බයිට් හා කුකුල්මස් බයිට් ලිහාගත් සියල්ලෝ මද වේලාවකට පෙර ඇසුනු බියගන්වන සුලු ආරන්චිය පසෙකලා හුදෙක් තම තමන්ගේ ආතල් එක සදහාම මත් පැනෙන් මත් වීය.......

    ..............................☠️☠️☠️☠️.............................

    සවස පහමාර වන තුරුත් මත් පැන් ඉවර නොවුවද හැමූ පුලුටු ගද නිසාම තරුනයින් එකිනෙකා කෙමෙන් කෙමෙන් නිවසින් එලියට එන්නට විය....

    මේ මහ වත්ත මැදට වෙලා........පාලු ගෙයක් ඉස්සරහට වෙලා කට්ටියම ඒ පාර ෆොටෝ ගහන්න ගත්තා .........

    දැන් ඇති යකෝ යමං .... ටවුන් එකට යන්නත් සෑහෙන්න දුරයිනේ කලුවර වැටෙන්න කලින් යමං බං එකෙක් කෑ ගැසීය පසුව කට්ටිය කෙමෙන් කෙමෙන් පොල් වත්තෙන් එලියට එන්නට විය් ......

    හුටා මගෙ හෙල්මට් එක....

    එකෙක් හිස අතගාමින් පැවසීය......

    පොඩ්ඩක් ඉදහං මං සුටුස් ගාලා ගිහින් හෙල්මට් එක අරං එන්නම් ....මද වෙරි ගතියක් තිබුවද ඔහු සිහියෙන් මෙන් නැවතත් තනිවම වත්ත ඇතුලට දිවයන්නට විය.....

    මේ වන විටත් සවස හය පසුවී මද වේලාවක් ගත වී ඇත.....
    තවමත් වත්ත තුලට ගිය තරුනයා පෙනෙන තෙක්මානයකවත් නැත....
    අවටින් ගන අදුර මේ වන විටත් ගලා එමින් තිබුනි....

    සැදෑ අදුරත් සමග අවටින් හමා ආ සිසිල් සුලගින් තරුනයින්ගේ හිතට බය කියන අදහස පහල විය..... තවමත් වත්ත තුලට රින්ගූ තරුනයාගේ සේයාවක් හෝ නොමැත....

    අපිට ඌව තනියම නොයව ඉන්නයි තිබුනේ බං....

    එකෙක් එසේ කියද්දී තවත් එකෙක්... ඔවු බං ඌ ආපු වෙලේ ඉදන් ඉක්මනට යමං යමං කිය කියමයි හිටියේ...

    රාත්‍රී හතටත් ආසන්නය....
    සියලු දේනාගේම තීරනය මත ජංගම දුරකතන දල්වාගත් ඔවූහු නැවත වත්ත තුලට ඇතුල්විය..... ටික දුරක් යන විට තම සගයා එනු දුටු ඔවුන් සැනසුම් සුසුම් හෙලුවේය...

    නමුත මද වෙලාවක් තම යහලුවන් දෙස බියෙන් මෙන් බලා සිටි ඔහු නැවතත් හෙල්මට්ටුවත් රැගෙන පාලු ගෙය දෙසට දිව ගියේය...

    ඒ අන්න අරූ ආයේ දුවනවා....
    යකෝ මූට වෙරි වැඩිවෙලාද.....
    ඒ ඔහොම ඉදපං බං ...... කියමින් කොල්ලෝ හතරදෙනා තම සගයා පසුපස දිවගියේ නැවතත් අර පාලු ගෙය තුලටය.....

    ඇස් අදහන්නත් බැරි පුදුමයකි... ඔහු පාලු ගෙයි සාලය මැද මුනින්අතට වැටී සිටී ඇගේ ඇදුම් ඉරී ගොස් ඇත තවද ඔහු සිටියේ ලේ විලක් මැදය.... ඔහුව අනෙක් පසට හැරවූ පසු ඔහුගේ මුහුනෙන් දුටුවේ දැඩි බියකි.... ඔහුගේ ඇස් වැසීමට බැරි තරමටම එලියට පැන තිබිනි ...ඇස් වලින් ලේ ගලමින් තිබිනි නාසය කැඩී මොක්කන් වී එයින්ද ලේ ගලයි.... කම්මුල් දෙපස නිල් පැහැ වී ඇත විවර වී අති මුකයේ තොල් නිලපාට වී ඉරි තලාගොස් තිබිනි දිව එලියට විත් පසෙකට කඩා වැටි ඇත......

    යහලුවන් සිවි දෙනා තුස්නිම්බූත වී මරහඩ නගමින් කෑ ගැසීය....ඔවුන් වහා දිවගියේ වත්ත බාර මුරකරු වෙතයි...... පසුව මොවුන් සියලු දෙනා පොලිස්සියට බාර විය....

    මරනය සැක සහිත නිසා ඒ පිලිබදව සෙවීමට තරුනයින්ගේ ජංගම දුරකතන පොලිස් බාරයට ගත් අතර ඒවායෙහි ඇති චායාරූප පරික්ශා කිරීමේදී සිද්දියෙන් මියගිය තරුනයාගේ පසුපස යම්කිසි අපැහැදිලි චායාවක් තිබෙනු දුටු පොලිස් නිලදාරියෙකු එය විශාල කර බලා ඇත......

    අදටත් අබිරහසක් වූ මේ මරනය ඒ පොල් වත්ත මැදම වැලලීගොස් ඇත
    කලකට ඉහතදී මුලු ලංකාවම දැනගත්ත කතාවක් උන මේ කතාව මා විසින් ප්‍රතම වරට දකින විට මට වයස අවුරුදු අටක් පමන විය.....

    ඒ පින්තූරයට වැදී ඇති අමනුස්‍ය අත්මය ඊට වසර කිහිපයකට පමන ඉහතදී එම ගේය තුලම සමූහ දූශනයකට ලක්වී ඒ නිවස තුලම ගෙල වැලලාගෙන මියගිය එම ප්‍රදේශයේම තරුනියක් විය..
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,602
    25,474
    113
    Ai Upscaled

    image.png