නෙළුම් කුලුනේ චීන ණය පැටව් ගසයි!

monson

Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113

    පොලී හා දඩ මුදල් හිරවෙයි
    වගකීම් කාලය පැන්නත් පාවෙන අවන්හලෙන්
    සත පහක ආදායමක් නෑ

    සන්නිවේදන කුලුනක් ලෙස ඉදිකළ ‘නෙළුම් කුලුන’ (Lotus Tower) 2019 සැප්තැම්බර් 19 වැනිදා විවෘත කළත් මේ දක්වා එය ඉදිකිරීමට ගත් චීන ණය පොලී හා දඩ මුදල් ගෙවා දැමීමට නොහැකි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය කියා සිටී.

    මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණනයේ දී හෙළිවී ඇත්තේ මෙහි ‘පාවෙන අවන්හල’ සඳහා ලබාදී තිබූ වගකීම් කාලය ඉක්මවා ගොස් තිබුණත් එයින් සත පහක ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

    මෙම නෙළුම් කුලුන මීටර් 350ක උසින් යුක්ත අතර දුරකථන හා වෙනත් සන්නිවේදන සමාගම් සඳහා මෙය ලබාදීමට නොහැකිවීම නිසා ඉකුත් කාලයේදී සත පහකවත් ආදායමක් නොලැබීම නිසා චීන බැංකුවෙන් ලබාගත් ණය පොලී හා දඩ මුදල් ගෙවීමද නතර කර දැමීමට සිදුවී තිබේ.

    මෙම කුලුනු පරිශ්‍රයේ කාර්යාල, ප්‍රදර්ශනාගාර, සම්මන්ත්‍රණ ශාලා සහ අවන්හල් ආදිය සඳහා නිර්මාණය කළ ස්ථාන අලුත්වැඩියා හා නඩත්තු නොකිරීම නිසා ඒවා විනාශයට පත්ව ඇතැයි ද විගණනයේදී හෙළිවී ඇත.

    2012.01.20 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී නෙළුම් කුලුන ඉදිකිරීම් ආරම්භ කළ අතර 2019 සැප්තැම්බර් 16 වැනිදා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කඩිමුඩියේ විවෘත කරන ලදී.

    විවෘත කර වසර තුනකට පසුව ‘නෙළුම් කුලුන’ කළමනාකරණ සමාගමක් මගින් පෙරේදා (15 දා) සිට මෙය මහජනතාවට විවෘත කර තිබේ. මේ සා විශාල ආයෝජනයක් කර ඉදිකළ නෙළුම් කුලුනෙන් මෙතෙක් සත පහක ආදායමක් හෝ උපයාගැනීමට නොහැකි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය කියා සිටී.

    ශිරාන් රණසිංහ

    https://divaina.lk/නෙළුම්-කුලුනේ-චීන-ණය-පැටව/
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉන්දියාවට විකුනල දැම්මා නම් හරි, එක්කො ඇමරිකාවට රෙන්ට් එකට දෙමු රෙඩාර් බෙස් එකක් හදන්න,
     

    Sen-lu

    Well-known member
  • Sinhalu kiyanne kalakanni jathiyak
    අනිව නැත්තං ඔය බිබික්කං අටවලා රටම බංකොලොත් කොරපු උන්ට තවම කඩේයයියැ.


    ඕකෙ ස්ටාෆ් එකකුත් ඉන්නවද කොහෙද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ලන්කාවේ මිනිස්සු හිතන විදිය පුදුමාකාරයි.
    වෙනරටවල් වලට ගිහිල්ලා එරටවල දියුනුව බලලා මරයිනේ කියල හිස් අතින් ලන්කාවට එනවා.
    ලන්කාවේ දියුනුවට වෑඩක් කරනකොට එකට බනිනව.
    මෙවගේ දෙවල් තමා රටකට තියෙන්නෙ ඔනේ.
    :lol::lol::lol:

    https://elakiri.com/threads/නෙළුම්-කුළුන-හැඩට-හැදේ…-පින්තූර-මෙන්න.1597140/

    දෙසැම්බර් ඕපන් කරන්ඩ ඉන්නෙ, ඕක සන්නිවේදන කුලුණක්, මෝඩයන්ට නම් ඕකෙ වටිනාකම ජොතේරෙයි අඩුම ගානෙ පටන් ගත්තට පස්සෙ බලාපල්ලකො ඕකෙන් මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද කියල..

    මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද???????????????????
    ------ Post added on Aug 18, 2022 at 5:59 AM
     
    Last edited: