නෙළුම් කුළුනෙන් වැටී මියගිය සිසුවාගේ දේහ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෙළුම් කුළුනෙන් වැටී මියගිය සිසුවාගේ දේහ

    නෙළුම් කුළුනෙන් වැටී මියගිය සිසුවාගේ දේහය භාරදෙන්න 30000 ක් ඉල්ලලා

    tttttttttttttttttttttt.jpg


    කොළඹ නෙලුම් කුලුණෙහි වැඩ නිමවී නොමැති විදුලි සෝපානයකින් වැරදී බහින්න ගොස් ඇද වැටී මරණයට පත්වූ කිළිනොච්චියේ තරුණයාගේ මළ සිරුර නිවසට රැගෙන ඒමේ ගාස්‌තුව වශයෙන්
    නිවැසියන්ගෙන් රුපියල් 30,000 ක මුදලක්‌ ලබා ගැනීම සම්බන්ධයෙන් ඥතීන්ගේ හා ප්‍රදේශ වාසීන්ගේ දැඩි විරෝධය මතුවී තිබේ.

    මෙම තරුණයාගේ දේහය නිවසට ගෙන ඒමට මැදිහත් වී ඇත්තේ කිලිනොච්චිය ප්‍රාදේශීය සභාවේ සාමාජිකයකු වන අතර ඔහු මියගිය තරුණයාගේ නිවැසියන්ට පවසා ඇත්තේ


    ඉන්ධන සඳහා පමණක්‌ යම් මුදලක්‌ ලබාදීමට සිදුවන බවයි. එහෙත් සිරුර ස්‌වෙච්ඡා සංවිධානයකට අයත් ගිලන් රථයකින් නිවසට රැගෙන ආපසු ඔවුන් පවසා ඇත්තේ මළ සිරුර භාරදීම සඳහා රුපියල් 30000 ක්‌ ලබාදෙන ලෙසයි.

    පවුලේ ඥතීන් ප්‍රකාශ කරන්නේ මෙලෙස මුදල් ලබා ගැනීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරන බවයි.

    කෝනේස්‌වරන් නිදර්ශන් නමැති මෙම සිසුවා කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්‍ෂණ විෂය ධාරාව යටතේ මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත. ඔහුගේ පියා කුලී රැකියාවක නිරත වන අතර මවට මෑතකදී ගුරු පත්වීමක්‌ ලැබී තිබේ.

    මෙම තරුණයා ඇතුළු පවුලේ උදවියට තිබූ ආර්ථික අපහසුතා නිසා ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවකට පැමිණි අවස්‌ථාවේදී මෙම අනතුරට මුහුණදී මියගොස්‌ තිබේ. මියගිය තරුණයාගේ දේහය තබා ගැනීමට තරම් හෝ සුදුසු තත්ත්වයක්‌ ඔහු පදිංචිව සිටි නිවසේ නොමැත.
     
    • Like
    Reactions: CONCORDE777