"නොකියා" දුරකතනයේ අතීත විත්ති(Highlights in Nokia’s history)

"නොකියා" දුරකතනයේ අතීත විත්ති(Highlights in Nokia’s history)

නොකියා යනු බොහෝ විටම දැනටත් ලොව විශාලම ජංගම දුරකතන නිෂ්පාදකයායි.
එයට අවුරුදු 147 වැඩි අතීතයක් තිබෙන බව කිව හොත් බොහෝ විට ඔබ පුදුම වේවි. ඔව්! :shocked:

Chamikawpblogspotcom14-5.jpg


2015 දි එහි 150 වැනි සංවත්සරය සමරන්නට නියමිතයි.2008 වසර අවසානයේ දී දුරකතන වෙළඳපොලේ 80% ක්ම පැවතියේ ඔවුන් සතුවයි. දැනට ලොව පුරා බිලියන 1.3 ක් අත රැදි අද වන විට ලොව පස්වැනි තැනට ජනප්‍රියම නාමය ලෙසත් හදුනාගෙන ඇති නොකියා, :P

ජංගම දුරකතනය පාවිච්චි කරන හැමගේම එකවරක් හෝ අත රැදුන බව අනිවාර්යයෙන් කිව හැකි... :yes:
“ඉසව්වේ“ මේ උත්සාහය බැලු බැල්මට ජපන් නමක් ලෙස පේන එත් ජපන් නොවනු ලොව ප්‍රසිද්ධ අපි දන්න කියන “NOKIA “කියන නොකියා දුරකතනයේ අතීතයේ විත්තියයි! :D

1865 මැයි 12 දින ඉංජිනේරුවකු වු ෆෙඩ්රික් අයිඩස්තම්
(Fedric Idestam) පින්ලන්තයේ සවුත්වෙස්ටන් නගරයේ Tampere හි Tammerkoski Rapids ගඟ අසල ස්ථානයේ කඩදාසි කම්හලක් එකල එම සමාගමේ නිෂ්පාදන ඉතා ඉක්මනින්ම යුරෝපය අතර ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ඉතා ඉක්මනින් සාර්ථක ව්‍යපාරයක් බවට පත්වුනා.රුසියාවටත්, ඉන් පසුව එංගලන්තය හා ප්‍රංශයටත් තම නිෂ්පාදන අලෙවි කල එහි ව්‍යාපාර විශාල වීමත් සමඟම 1871 දි ඔහුගේ මිතුරු Leo Mechelin හා එක්ව

Chamikawpblogspotcom1-46.jpg


Tampere හි සිට කි.මී 15 දුරින් වු පින්ලන්තයේ කුඩා නගරයක් වු නොකියා නගරයේ Nokianvirta නැමැති ගඟ අයිනේ තම කර්මාන්ත ශාලාව පිහිටුවන ලදි. :D

Chamikawpblogspotcom5-33.jpg


ගඟේ නමින් Nokia යන්න උපුටා ගනිමින් ඔහුගේ මෙම කම්හල Nokia Ab ලෙස නම් කල අතර මුල් කාලයේ කඩදාසි, කාඩ්බෝඩ්, විකුණු නොකියා සමාගම 1920 දි ඔවුන්ගේ සමාගමේ නමින් රබර් සම්බන්ධ දේ නිෂ්පාදනය ආරම්භ කරන ලදි. පාවහන්, බුට්, රබර් අත්වැසුම් වගේම වැසි කබා, රබර් පටි වගේම වැඩි වශයෙන් ටයර් ද නිපද වන්නට වුනා.. :eek:

Chamikawpblogspotcom7-25.jpg


දෙවන ලෝක යුධ සමයේ ඔවුන් Finnish Rubber Works නැමැති සමාගම හා එක්ව රබර් කේබල නිෂ්පාදනයට හවුල් විය. :yes:

පත්තර, ටයර, වැහි කබා ආදිය වැනි විවිධ දේ නිපදවමින් පැමිණ මෙම සමාගම 1960 දි ඔවුන් යුධ අවශ්‍යතාවයන් සඳහා රේඩියෝ සන්නිවේදන උපකරණයක් නිපද වීම ආරම්භ කල අතර හොද වෙලඳ පොලක් එයට ලැබීමත් සමඟ එහි NokiaCable works electronic Department ලෙස වෙනම කොටසක්ද විවෘත කරන ලදි. 1964 දි Salora Oy සමාගමහා එක්ව ප්‍රථම VHF රේඩියෝව ද නිපදවිය.:yes:
1967 වන විට 460 පමණ දෙනෙක් සමාගම තුල රැකියාව කරන ලදි. :D

1970 දශකයේ දුරකතනයේ සන්නිවේදන ක්‍රමය වු Electro – Mechanical analog seitches ක්‍රමය වෙනස් කරමින් Nokia DX200 ලෙස ප්‍රථම වරට ඩිජිටල් ස්විචයක් නිපදවු අතර එය අද වන විට උසස් පරිගණක භාෂා හා මයික්‍රොප්‍රොසෙසර යොදමින් වඩා දියුනු කර ඇත. :D

සමාගම් දෙක එකතුව දිගින් දිගටම කල සොයා ගැනීම් හමුවේ සාමාන්‍ය දුරකතන ජාලය හා ක්‍රියාකරන ජංගම දුරකතන නිපදවීමේ ක්‍රියාවලියද ඇරඹුනු අතර එම ජාලයට සහය දක්වන ලෙස,
NMT – Nordic Mobile Telephony ක්‍රමය 1981 දි සොයා ගත් අතරම වාහනයක සවිකල හැකි කිලෝ 9.8 බර වු Senator Mobira නැමැති ප්‍රථම ජංගම දුරකතනය 1982 දි එලි දක්වන ලදි. :D

1984 දි සමාගම් දෙකම එක්වු Nokia Oy Mobira ලෙස නම් කර වු අතර එම වසරේදීම ඔවුන් Mobira Talk man ලෙස හදුන්වා දෙන ලදි. 1987 දි MobiraCityman 900 නැමැති දුරකතනය හදුන්වා දුන් අතර ග්‍රෑම් 800 බර වු එය එකල වෙලද පොලේ බර අඩුම දුරකතනය වු අතර වැඩි මුදලකට මිල නියම කොට තිබුනි. :yes::yes:

Chamikawpblogspotcom8-17.jpg

1981 දි Mickro Mikko IM6 නමින් Intel 8085 මයික්‍රොප්‍රොසෙසරයොදා ගෙන තම පළමු පරිගණකයද වෙලඳ පොළට ඉදිරිපත් කරන ලදි.:baffled:

1991 දි නොකියා සමාගම සතුව තිබු පරිගණක සම්බන්ධ සියලුම දේ Fujitsu සමාගම වෙත විකුණා දමන ලදි. පසු කාලයේ එනම් 2009 දී NokiaBooklet 3G ලෙස ලැප්ටොප් පරිගණකයක් ද වෙලද පොළට ඉදිරිපත් කර තිබුනි. :P

Chamikawpblogspotcom13-5.jpg

1988 දි Nokia Oy Mobira වෙන්වී Nokia ලෙස නම වෙනස් කරමින් සමාගම නැවතත් ආරම්භ විය. :love:
Chamikawpblogspotcom3-39.jpg

1991 දි පින්ලන්ත අගමැති වු හැරී හොල්කෙරී නොකියා දුරකතනයක් භාවිතයෙන් ප්‍රථම GSM දුරකතන ඇමතුම ලබාගත්තට පසු 1992 දි තම සමාගමේ හා ලොව ප්‍රථම

GSM- (Globle System for Mobile Communications) ජංගම දුරකතනය Nokia 1011 නමින් 1992 නොවැම්බර් 10 වන දින ලොවට හදුන්වා දෙන ලදඅතර යුරෝපයේ රටවල් 09 සමග GSM ජාලය දියුණුව සඳහා ගිවිසුම් ගත විය.එය 1997 දි රටවල් 31 දක්වා වැඩි විය.
එහි දුරකතන අංක 99 ක් ගබඩා කිරීමේ හැකියාවද ලබාදී තිබුනි. :D

Chamikawpblogspotcom9-14.jpg

1993 දී තම පාඨය ලෙස Connecting People යන්න එකතු කරගන්නා ලදි. :yes:
පළමු GSM දුරකතනයෙන් අවුරුදු දෙකට පසු Nokia 2100 දුරකතනයත් සමඟ ඔවුන්ගේ දුරකතන නාදය වු අප දන්නා නොකියා ටියුනය ද හදුන්වා දෙන ලදි. Nokia 2100 දුරකතන ලක්ෂ 5ක් විකිණිමට අදහස් කර සිටි නමුත් එය මිලියන 20 වඩා ලොව පුරා විකිණි තිබුනි. අපිටත් මතක තියෙන 3310 හා 3330 නැමැති දුරකතන දෙක පමණක් මිලියන 126 ක් ලොව පුරා විකිණි ඇති බව පැවසේ.. :baffled:

3310 දුරකතනය පිටතින් ඇන්ටනාවක් නොතිබූ ප්‍රථම ජංගම දුරකතනයයි. :P
Chamikawpblogspotcom1_2-1.jpg


Chamikawpblogspotcom12-6.jpg

1994 දි ලොව ප්‍රථම චන්ද්‍රිකා දුරකතනය හදුන්වා දුන් නොකියා සමාගම 1997 දි Nokia 6110 දුරකතනය සමඟ ප්‍රථම ජංගම දුරකතන ක්‍රීඩාව ලෙස Snake ලොවට හදුන්වා දෙන ලදි. මේ වන විට මිලියන 350 වැඩි දුරකතන ප්‍රමාණයක එය විවිධ ආකාරයෙන් ස්ථාපිත කර ඇත. :)

Chamikawpblogspotcom4-36.jpg


1998 දි ලොව විශාලම දුරකතන නිෂ්පාදකයා වු නොකියා සමාගම 7110 ලෙස ලොව ප්‍රථම Wap සබදතාව සහිත දුරකතනය 1999 දි හදුන්වා දෙන ලදි. :D
6650 නමින් 2002 දි එලිදැක්වු දුරකතනය නොකියා හී ප්‍රථම 3G වර්ගයේ දුරකතනයයි. එය ඩොලර් බිලියන ගණනක ලාභයක් සමාගමට උපයා දෙන ලදි. :cool:
Nokia 9210 ලෙස නොකියා සමාගම තම ප්‍රථම වර්ණ තිරය සහිත දුරකතනය මෙන්ම Nokia 7650 ලෙස කැමරාවක් හා Symbian OS දුරකතනයද වෙළඳ පොලට හදුන්වා දෙන ලදි. :D
වර්තමානය ලෝකයේ Android හා iOS සහිත වු Smart දුරකතන නිසා නොකියා සමාගමේ නිෂ්පාදන මේ වන විට විශාල තරඟකාරී වෙළඳ පොලක් ඇතිවී තිබේ.පින්ලන්තය තුල වන විශාලම සමාගම වන නොකියා එහි කොටස් වෙළද පොල තුලද කැපී පෙනෙන සමාගමකි. ;)

Chamikawpblogspotcom15-4.jpg

එහේත් මේ වසරේ සදහන් වන ආකාරයට මෙතෙක් ලොව වැඩිම ජංගම දුරකතන නිපදවන්නා වු නොකියා සමාගම අභිබවා දකුණු කොරියානු සමාගමක් වනSamsung සමාගම එම ස්ථානය හිමිකර ගෙන ඇත. තවදුරටත් සඳහන් වන ආකාරයට Samsung සමාගම Smart දුරකතන මිලියන 44.5 ක් සමඟ මුලු දුරකතන 93.5 ක් නැව් ගත කර ඇති අතර නොකියා සමාගම මිලියන 82.7 පමණ වන දුරකතන ප්‍රමාණයක් නැව් ගත කොට ඇත. :P


Chamikawpblogspotcom16-5.jpg

2012 දී මේ දක්වා ලොව පුරා වැඩි වශයෙන් අලෙවි වී ඇති ජංගම දුරකතන 04 හා ගණන පිලිවෙලින්.... :P
Chamikawpblogspotcom2-43.jpg

තවත් අලුත් දේ සමඟ තරඟකාරී වෙළඳපොලේ නොකියා සමාගමත් දිගටම තරඟ කරමින් ඉක්මනටම වසර 150 ත් සමරා දිගුකල් වැජඹෙනු ඇත.:love:

Chamikawpblogspotcom11-8.jpg

issuwe methanin--->>චමිකගේ බ්ලොග් ඉසව්ව....සියලුම හිමිකම් ඔහු සතුය:D
 
Last edited: