Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොදෝකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මළවුන් පිදීමත් විලාසිතාවකි. එක පෙළට එක එක කණ්ඩායම් පැමිණ බලහත්කාරයෙන් තාප්ප වල ගිල්ලූ පොස්ටර් දෙස බලමින් ඉදිරියට ඇවිදගෙන යන අතර මට සිතුණි. මේ ජූලි මාසයයි. පින්තූර , නවකතා , පත්තර ලිපි සහ ගෙදර අය නිසා දැනගත් යමක් හැරෙන්නට, මම කළු ජූලිය දැක නැත. එය එක් අතකට වාසනාවකි. එහෙත් මා යුගයෙන් යුගයට ඒ පිළිබඳව සම්ප්‍රේෂණය වූ වේදනාවකත් ඛේදයකත් විවිධ තලයන්ගෙන් දැක තිබුණි. සෑම මිනිසෙක්ම යළිත් එවැන්නක් නොවන්නට ගෝත්රගත සිතිවිලි වලින් අනාගතය එළියට ඇදිය යුතු කාලයක් උදාවෙමින් තිබේ.

පෙරේදා ඉතාම කුඩා වෙලාවක් විහාරමහාදේවි එළිමහන් රඟහලේ එකෙල මෙකෙල වූ මට එසේ සිතුණු බවට මම ඊයේ කළ සටහන නැවත වරක් කියවා බැලීමි. හදිසියේ එකිනෙකා පරයන වේගයෙන් පැමිණි එකසිය හැත්ත හත සිය සගයාට ඉදිරියෙන් තිරිංග තද කළේය. දැන් බසය නෙළුම් පොකුණ අසලය. ඉන් බැසගත් මම, වේගයෙන් ඇදෙන බසය කලා භවනට දුමාරයක් මුදා හැර වේගයෙන් කොල්ලුපිටිය දෙසට යන අයුරු බලා සිටියෙමි. නෙළුම් පොකුණේ වීදුරු හිරු එළිය සමඟ ආලිංගන කරමින්, එහි ප්රහර්ශය පොළවට මුදාලමින් රටා මවයි. එහි ශ්‍රී විභූතිය දරා ගැනීමට නොහැකිව හිරුට තමා නොපෙනෙනු පිණිස තුරු අතරට මුවා වූ විහාරමහාදේවි එළිමහන් රඟහලෙහි ගල්බැම්ම මූසල පෙනුමකින් දිස්විය. කපුටන් ගේ වසුරු පිස හමා එන සුළඟට එකතු වූ කැපුණු තණකොළ සුවඳ මිහිර අමිහිර අතර වෙනස්ම තැනකට සිතිවිලි රැගෙන යයි.

උදෑසන සිටම පුරුදුකාරයන් අල්ලාගත් ආසන අතර ක්ශේෂ වූ පුටුවක් හොයන යුවලක් දෙස අනුකම්පාවෙන් බලා සිටි යාචකයෙක් තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පදික වේදිකාවට ආවේ මේ මොහොතේය. කකුලේ තුවලයක් මත දැමූ බැන්ඩේජ් පටියත්, දුහුවිලි වැකුණු ඇඳුම් සහ ටින් බෙලෙක්කයත්, ඔහු පරිපූර්ණ යාචක රූපයක් බවට කර තිබුණි. යාචකයන් ගේ හිඟා කෑමද විලාසිතවකි. තමාටම අනන්‍ය වූ ප්‍රතිරූපයක් ඇති හිඟන්නන් බොහෝ දුලබය. එකසිය තිස් අටට නගිනා මල් සකසන හිඟන්නා ඒ අතර අනන්‍යතාවක අැති චරිතයක් බව මගේ මතකයේ ඇත.

මම මහජන පුස්තකාලය දෙසට ගියෙමි. ඒ මගේ එක් ගමනාන්තයකි.අද එහි පොත් ප්‍රදර්ශනයකි. එය බොහෝ පොත් ඇති, අනර්ඝ වට්ටම් ඇති, සෙනඟ නැති පොත් ප්‍රදර්ශනයකි. පොත් කියවීම විලාසිතාවක් වන්නේ සැප්තැම්බර් මාසයේ බැවින්, මේ දින වල ජනතාව පොතපතින් ඈත් වූවා විය යුතුය. සැප්තැම්බර් මාසය පොත් කියවන්නන්ගේ නොව පොත් එකතුකරන්නන්ගේ මාසය යැයි දැන් මම මටම පැහැදිළි කර ගනිමි. එයට ආසන්නම හේතුව, සරසවි පොත් හලේ ලොකු බැනරයේ ලියා තිබූ පරිදී කොටි දියණියකගේ පාපෝච්චාරණය ප්‍රකාශයට පත් කළ දිනම ඉතා වේගයෙන් අලෙවි වීමත්, තවමත් සැලකිය යුතු ලෙස අලෙවි වෙමින් පැවතීමත් ය. බොහෝ සමාජ සංවේදනා සහ මිනිස් දුරුවලකම් ගැන ලියවුණු මෙවන් පොත්, නිරන්තරයෙන් ජනප්‍රිය වීමත්, ඒවා පාඨකයන් සමඟ ගෙදර යාමත් හා එවන් පාඨකයන්ගේම සමාජ ක්‍රියාකරකම් ද, දෘෂ්ටිකෝණයන්ගේද, ඇති විපරීතභාවය මට පුදුමයකි. එබැවින් පොත් කියවීමක් සිදු වී නැති බවත්, පොත් රැගෙන යාම පමණක් සිදු වෙමින් පවතින බවත්, මට හැඟෙයි.

මා අවට සිදුවන සෑම දෙයකම බලෙන් පටවාගත් විලාසිතාවක් ඇත. පොත් කියවීම පමණක් නොව ගීත ඇසීම, චිත්‍රපට විඳීම මෙන්ම අද පෙම් කිරීම ද විලාසිතාවකි. විලාසිතාවන් තමන්ගේ හදවතින් පැමිණෙන්නේ නම් ඒවා ඉතාම සොඳුරුය. එහෙත් බලහත්කාරයෙන් විලාසිතාවන් බැඳ දැමූ අධ්‍යාත්මයන් තමා තුළම සිරගතව දුක් විඳින අයුරු ඉතාම ශෝචනීය ය. බලහත්කාරයෙන් කිසිවකට අනුගත නොවී, එය ඔබේ හදවතට ම ඇතුළු වූ පසු එයට ඇබ්බැහි වුවහොත් ඒ ඇබ්බැහිවීමේත් සුන්දරත්වයක් ඇත. අවසානයේ කිව යුත්තේ, තම විලාසිතවන්ගේ නිර්මාණකරු තමා ම විය යුතු බවයි. එවිට විලාසිතාවට පැවැත්මක් තිබේවී. ජීවිතයටත් අර්ථයක් තියේවි. අඩුම තරමේ, ඔබට ඔබව හමු වේවී. අනෙකා සෙවීමට පෙර විය යුත්තේ එය යැයි, මම සිතමි. එබැවින් මම වාසනාවන්තයෙක්මි.

[QUOTE="Psych, post: 16938279, member: 512130"] අද මළවුන් පිදීමත් විලාසිතාවකි. එක පෙළට එක එක කණ්ඩායම් පැමිණ බලහත්කාරයෙන් තාප්ප වල ගිල්ලූ පොස්ටර් දෙස බලමින් ඉදිරියට ඇවිදගෙන යන අතර මට සිතුණි. මේ ජූලි මාසයයි. පින්තූර , නවකතා , පත්තර ලිපි සහ ගෙදර අය නිසා දැනගත් යමක් හැරෙන්නට, මම කළු ජූලිය දැක නැත. එය එක් අතකට වාසනාවකි. එහෙත් මා යුගයෙන් යුගයට ඒ පිළිබඳව සම්ප්‍රේෂණය වූ වේදනාවකත් ඛේදයකත් විවිධ තලයන්ගෙන් දැක තිබුණි. සෑම මිනිසෙක්ම යළිත් එවැන්නක් නොවන්නට ගෝත්රගත සිතිවිලි වලින් අනාගතය එළියට ඇදිය යුතු කාලයක් උදාවෙමින් තිබේ. පෙරේදා ඉතාම කුඩා වෙලාවක් විහාරමහාදේවි එළිමහන් රඟහලේ එකෙල මෙකෙල වූ මට එසේ සිතුණු බවට මම ඊයේ කළ සටහන නැවත වරක් කියවා බැලීමි. හදිසියේ එකිනෙකා පරයන වේගයෙන් පැමිණි එකසිය හැත්ත හත සිය සගයාට ඉදිරියෙන් තිරිංග තද කළේය. දැන් බසය නෙළුම් පොකුණ අසලය. ඉන් බැසගත් මම, වේගයෙන් ඇදෙන බසය කලා භවනට දුමාරයක් මුදා හැර වේගයෙන් කොල්ලුපිටිය දෙසට යන අයුරු බලා සිටියෙමි. නෙළුම් පොකුණේ වීදුරු හිරු එළිය සමඟ ආලිංගන කරමින්, එහි ප්රහර්ශය පොළවට මුදාලමින් රටා මවයි. එහි ශ්‍රී විභූතිය දරා ගැනීමට නොහැකිව හිරුට තමා නොපෙනෙනු පිණිස තුරු අතරට මුවා වූ විහාරමහාදේවි එළිමහන් රඟහලෙහි ගල්බැම්ම මූසල පෙනුමකින් දිස්විය. කපුටන් ගේ වසුරු පිස හමා එන සුළඟට එකතු වූ කැපුණු තණකොළ සුවඳ මිහිර අමිහිර අතර වෙනස්ම තැනකට සිතිවිලි රැගෙන යයි. උදෑසන සිටම පුරුදුකාරයන් අල්ලාගත් ආසන අතර ක්ශේෂ වූ පුටුවක් හොයන යුවලක් දෙස අනුකම්පාවෙන් බලා සිටි යාචකයෙක් තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පදික වේදිකාවට ආවේ මේ මොහොතේය. කකුලේ තුවලයක් මත දැමූ බැන්ඩේජ් පටියත්, දුහුවිලි වැකුණු ඇඳුම් සහ ටින් බෙලෙක්කයත්, ඔහු පරිපූර්ණ යාචක රූපයක් බවට කර තිබුණි. යාචකයන් ගේ හිඟා කෑමද විලාසිතවකි. තමාටම අනන්‍ය වූ ප්‍රතිරූපයක් ඇති හිඟන්නන් බොහෝ දුලබය. එකසිය තිස් අටට නගිනා මල් සකසන හිඟන්නා ඒ අතර අනන්‍යතාවක අැති චරිතයක් බව මගේ මතකයේ ඇත. මම මහජන පුස්තකාලය දෙසට ගියෙමි. ඒ මගේ එක් ගමනාන්තයකි.අද එහි පොත් ප්‍රදර්ශනයකි. එය බොහෝ පොත් ඇති, අනර්ඝ වට්ටම් ඇති, සෙනඟ නැති පොත් ප්‍රදර්ශනයකි. පොත් කියවීම විලාසිතාවක් වන්නේ සැප්තැම්බර් මාසයේ බැවින්, මේ දින වල ජනතාව පොතපතින් ඈත් වූවා විය යුතුය. සැප්තැම්බර් මාසය පොත් කියවන්නන්ගේ නොව පොත් එකතුකරන්නන්ගේ මාසය යැයි දැන් මම මටම පැහැදිළි කර ගනිමි. එයට ආසන්නම හේතුව, සරසවි පොත් හලේ ලොකු බැනරයේ ලියා තිබූ පරිදී කොටි දියණියකගේ පාපෝච්චාරණය ප්‍රකාශයට පත් කළ දිනම ඉතා වේගයෙන් අලෙවි වීමත්, තවමත් සැලකිය යුතු ලෙස අලෙවි වෙමින් පැවතීමත් ය. බොහෝ සමාජ සංවේදනා සහ මිනිස් දුරුවලකම් ගැන ලියවුණු මෙවන් පොත්, නිරන්තරයෙන් ජනප්‍රිය වීමත්, ඒවා පාඨකයන් සමඟ ගෙදර යාමත් හා එවන් පාඨකයන්ගේම සමාජ ක්‍රියාකරකම් ද, දෘෂ්ටිකෝණයන්ගේද, ඇති විපරීතභාවය මට පුදුමයකි. එබැවින් පොත් කියවීමක් සිදු වී නැති බවත්, පොත් රැගෙන යාම පමණක් සිදු වෙමින් පවතින බවත්, මට හැඟෙයි. මා අවට සිදුවන සෑම දෙයකම බලෙන් පටවාගත් විලාසිතාවක් ඇත. පොත් කියවීම පමණක් නොව ගීත ඇසීම, චිත්‍රපට විඳීම මෙන්ම අද පෙම් කිරීම ද විලාසිතාවකි. විලාසිතාවන් තමන්ගේ හදවතින් පැමිණෙන්නේ නම් ඒවා ඉතාම සොඳුරුය. එහෙත් බලහත්කාරයෙන් විලාසිතාවන් බැඳ දැමූ අධ්‍යාත්මයන් තමා තුළම සිරගතව දුක් විඳින අයුරු ඉතාම ශෝචනීය ය. බලහත්කාරයෙන් කිසිවකට අනුගත නොවී, එය ඔබේ හදවතට ම ඇතුළු වූ පසු එයට ඇබ්බැහි වුවහොත් ඒ ඇබ්බැහිවීමේත් සුන්දරත්වයක් ඇත. අවසානයේ කිව යුත්තේ, තම විලාසිතවන්ගේ නිර්මාණකරු තමා ම විය යුතු බවයි. එවිට විලාසිතාවට පැවැත්මක් තිබේවී. ජීවිතයටත් අර්ථයක් තියේවි. අඩුම තරමේ, ඔබට ඔබව හමු වේවී. අනෙකා සෙවීමට පෙර විය යුත්තේ එය යැයි, මම සිතමි. එබැවින් මම වාසනාවන්තයෙක්මි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom