නොමිලේ ඇති තරම් SMS

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    නොමිලේ ඇති තරම් SMS

    නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන් ක්‍රමයක් අපි හැමොම වෙනුවෙන් මෙය දෙදෙනෙකු අතර SMS යැවීමටත් වැඩි පිරිසක් අතර SMS යැවීමටත් භාවිතා කළ හැකි ආකාරයට සකස් කර ඇත.


    මෙය පහත දක්වා ඇති පිරිස් වලට සෘජුවම ප්‍ර යෝජනයට ගත හැකිය

    1. දෙදෙනෙකුට - උදාහරණයක් ලෙස ආදරය කරන යුගලයකට හෝ හොදම යහලුවන් දෙදෙනෙකුට
    2. පවුලේ සැමට - පවුලේ සියලු දෙනා අතර මැසේජ් හුවමාරුවට
    3. කුඩා කණ්ඩායම් වලට - ඕනෑම ආකාරයක කුඩා මිතුරු කණ්ඩායම් වලට
    4. නව මිතුරන් හදුනා ගැනීමට අවශ්‍ය අයට - මෙහි ඇති පබ්ලික් චැට් රූම් වලට ඇතුළු වී නම මිතුරන් හඳුනා ගත හැකිය...


    මේ සඳහා මුලින්ම ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා වැය වන්නේ රුපියල් දෙකකි
    ලියාපදිංචි වීමට REG CHAT ලෙස සඳහන් SMS එකක් 77100 අංකයට යැවිය යුතු වේ...
    ඉන් පසු ඔබට චැට් රූම් එකක් සාදා ගත යුතුය ඒ සඳහා CHAT CR ObeRoomNameEka සඳහන් කර 77100 අංකයට යැවිය යුතු වේ...

    ඉන් පසු ඔබට මැසේජ් යැවීමට අවශ්‍ය අනෙක් කෙනා හෝ පිරිස ඔබ සෑදූ චැට් රූම් එකට ඇතුළු කර ගත යුතුය
    ඒ සඳහා ඔවුන් ප්‍රථමයෙන් ලියාපදිංචි වී (REG CHAT) ඉන් පසු ඔබේ රූම් එකට ඇතුළු විය යුතුය
    CHAT JR ObeRoomNameEka සඳහන් කර 77100 ට යැවීමෙන් ඔවුන් ඔබේ රූම් එකට ඇතුළු වනු ඇත
    දැන් ඔබට චැට් රූම් එකේ අයට ඕනෑ තරම් මැසේජ් නොමිලේ යැවීමට හැකියාව ඇත .ඒ සඳහා කළ යුත්තේ CHAT Obe Message Eka සඳහන් කර 77100 ට යැවීමයි එවිට එම මැසේජ් එක ඔබේ රූම් එකට පැමිණ ඇති කෙනාට ලැබේ... මෙලෙස රූම් එකේ අනිත් කෙනාටත් ඔබට මැසේජ් එවිය හැකිය
    සියල්ල නොමිලේ වේ.

    මේ විසඳුම නිසා දිනකට විශාල මුදල් ප්‍රමාණයක් මැසේජ් යැවීමට භාවිතා කළ අයට මහගු අවස්ථාවකි. එමෙන්ම පවුලේ සමගිය වර්ධනය කර ගැනීමටත් ආදරය කරන අයට වැඩි වැඩියෙන් මැසේජ් කිරීමටත් එමෙන්ම අලුත් යහලුවන් සොයන අයට යහලුවන් සොයා ගැනීමටත් මහගු අවස්ථාවකි

    උපදෙස් මාලාව
    1. රෙජිස්ටර් වීමට REG CHAT ලෙස සඳහන් කර 77100 ට යවන්න
    2. නම සෙට් කිරීමට CHAT SN YourName ලෙස සඳහන් කර 77100 ට යවන්න
    3. චැට් රූම් එකක් සෑදීමට CHAT CR NewRoomName ලෙස සඳහන් කර 77100 ට යවන්න
    4. චැට් රූම් එකකට ඇතුළු වීමට CHAT JR RoomName ලෙස සඳහන් කර 77100 ට යවන්න
    5. චැට් එකෙන් ඉවත් වීමට CHAT OFF ලෙස සඳහන් කර 77100 ට යවන්න
    6. නැවත චැට් එකට පැමිණීමට CHAT ON ලෙස සඳහන් කර 77100 ට යවන්න
    7. යහලුවන්ට මැසේජ් යැවීමට CHAT YourMessage ලෙස සඳහන් කර 77100 ට යවන්න
    8. උදව් ලබා ගැනීමට CHAT HELP ලෙස සඳහන් කර 77100 ට යවන්න

    උපුටා ගත්තේ මෙතනින්


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    mokak da network eka? lankawe ayata witharada? wena ratawal wala inna ayata free txt karanna bari da?

    poddak wisthara karapanko
     

    Similar threads