නොරොච්චෝලේ_පිපිරීමක්'

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නොරොච්චෝලේ_පිපිරීමක්'

    නොරොච්චෝලේ තාප බලාගාරයේ 'බරපතළ පිපිරීමක්'



    _91944010_14671370_10154423545000485_444923053042525623_n.jpg


    පිපිරීම සිදු වූ ස්ථානය

    නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 'බරපතළ මට්ටමේ' පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
    ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.


    නොරොච්චෝලේ තාප බලාගාරය ආරම්භ කළ දිනයේ පටන් අවස්ථා ගණනාවකදී ඇනහිටි බව මේ අතර පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, එයට හේතුව බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නියමිත ප්‍රමිතියට අනුව සිදු නොවීම බවත් සඳහන් කළේය.

    ලංකාවේ තව විදුලි බලාගාර තිබෙනවා. නමුත් ඒ බලාගාර නොරොච්චෝලේ වගේ ඇනහිටින්නේ නැහැ. මේ තත්වය නොරොච්චෝලෙට පමණක් විශේෂිත වූ දෙයක්,' ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ප්‍රමිතියෙන් බාල උපාංග ගෙන්වා ඇති බවට එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශව චෝදනා කළ බවත් එම චෝදනා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

    වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් මේ ඇනහිටීමට උත්තර බැඳීමක් පමණයි දැන් කරන්නේ. මේ යන්ත්‍ර සූත්‍රවල වැරද්දක් තිබේ නම් ඒ පිළිබඳ තාක්ෂණික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි,' පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේය.
    සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෙනසුරාදා උදෑසන බලාගාරයේ කටයුතු ඇනහිටී බව විදුලිබල අමාත්‍යංශය මීට ඉහතදී පැවසීය.


    ඒ හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම බිඳ වැටුණු බවත් වාර්තා විය.
    පැය කීපයකට පසු විකල්ප මාර්ග ඔස්සේ එම ප්‍රදේශ වෙත විදුලි සැපයුම ලබා දීමට කටයුතු කළ බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා තිබිණි.
    මෙගාවොට් 3900 වන රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් වේ.


    http://www.bbc.com/sinhala/sri-lanka-37671742?utm_source=twitterfeed&utm_medium=twitter
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනිමේ පලමු පියවර එසේ දියත් වූ වගයි¡
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Indiyawen power ganan gahana game ekak.

    ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනිමේ පලමු පියවර එසේ දියත් වූ වගයි¡

    :lol::lol::lol:මුන්ගේ ගොරක මදි අපිව තම්බන්න.පොන්න හරක්.රට කනවා මේ බලු උකන්නලා..ඉන්දියාවට ගෙඩිය පිටින් දෙන්න හදන්නේ.ඔන්න අදත් පබ සිරා ගිහින් මොදිගේ ලොවන්න.:rofl:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඇමති සියඹලාපිටිය කියයි

    නොරොච්චෝලේ බලාගාරයේ විදුලි බිඳ වැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳ හෙට (17) දිනයේ ජනතාවට දැනුම් දෙන බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.


    පවතින තත්ත්වය හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ඒ, නොරොච්චෝලේ බලාගාරයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (16) එක්වෙමින්.


    පවතින තත්ත්වය හේතුවෙන් රටට අවශ්‍ය කරන විදුලිය ප‍්‍රමාණය සම්පූර්ණයෙන්ම සැපයීමේ ගැටළුවක් ද මේ වනවිට පැන නැගී තිබෙනවා.


    නොරොච්චෝලේ බලාගාරයේ ටර්බයින තුනම මේ වනවිට බිඳ වැටී ඇති බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.


    බිඳවැටී ඇති ටර්බයින තුනෙන් දෙකක් හෝ නැවත පණ ගන්වන තුරු ඉදිරි දින පහ තුළ ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.
    නොරොච්චෝලේ බලාගාරය හදිසි බිඳ වැටීමකට ලක් වුණේ ඊයේ (15) දිනයේදීයි.
    මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද (16) අදහස් පළ කළා. එම වීඩියෝව පහතින් දැක්වේ.






    ...