නොලියූ කව

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ අම්මත් ඒ ලෙවල් වලට කොමස් කරලා තිබ්බ හින්ද මම හිතුව අම්මගෙන් වත් මේක අහගන්න ඕනේ කියල ඉතින් අම්මගෙන් ඇහුව මම මට මේ එකවුන්ට්ස් කියන අණ්ඩර දෙමලේ තේරෙන්නේ නෑ. මට කියල දෙන්නකෝ කියල. අම්මත් ඉතින් කිව්වා මටත් ඕව දැන් මතක නෑ, අවුරුදු කීයක් නම් වෙනවද දැන් කියල.
    එකත් ඇත්ත තමා. අවුරුදු විසි ගානකට පස්සේ මොකාටද බං ඔව්ව මතක හිටින්නේ. ඒ පාර අම්ම කිව්වා කොමස් ක්ලාස් එකක් වත් හොයල දෙන්නම් ඒකටවත් ගිහිං ඉගෙනගන්නවා කියල. මමත් ඉතින් වෙන මොනවා කරන්නද අකමැත්තෙන් උනත් හා කිව්වා ඔන්න. කොහොමහරි පස්සෙන්ද අම්ම කිව්වා මට.
    “ අපේ සෝමවතී නැන්ද උගන්නන්නේත් කොමස් නේ. අද කලාප අධ්‍යාපන කාර්යාලේදී නැන්දව හම්බ උණා මට.
    එයා කිව්වා එහෙ එවන්න කියල බ්‍රහස්පතින්දා හවසට. තව ගෑනු ළමයි දෙන්නෙකුත් එනවා කිව්වා එහෙ ”
    “එතකොට අම්මා, වෙන කවුරු කවුරුද ඉන්නේ ක්ලාස් එකේ??”
    “ඒක එහෙම ක්ලාස් එකක් නෙවෙයි මෝඩයෝ!! අර ළමයි දෙන්නට හැම බ්‍රහස්පතින්දා හවසම උගන්නනවා,ඒකට තමයි ඔයාවත් එවන්න කිව්වේ. ”
    “ඒ උනාට අම්මේ ගෑනු ළමයි දෙන්නෙක් විතරක් ඉන්න පන්තියක මම කොහොමද තනියම ඉන්නේ,කතාබහ කරන්න වත් එකෙක් නැති කොට”

    මම නෙගටිව් පාරක් දැම්ම. ඇයි බං මොන හුට්ටප්පරයක්ද කෙල්ලෝ දෙන්නෙක් එක්ක පන්තියක තනියම???
    මේ මම????
    අනේ අම්මෝ..................................................:eek::eek::shocked::shocked::shocked::shocked::(:baffled:;)
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මුලින්ම ආදරේ කරපු කෙනාට දැන් ආදරේ නොකරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ හා බැඳුණු මතක සටහන් තාමත් අපේ හිත් වල කා වැදිලා තියෙන්නේ පුදුමාකාර විදියට. සුන්දර වේදනාවක් දැනුණත්, අපි තවමත් කැමතියි ඒ අතීත සිදුවීම් මතක් කරලා ඒ සුන්දර වේදනාව විඳින්න.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela, digatama liapan, wenas widihe wadak karapan, ekakaree wenne nathuwa.

    podi deyak kianna ona, witin wite eka eka pituwe kotas dammama eka digata kiawana kenekuta amarui neda machan. ekko chapter ekak wage eka sare dala, eke link eka mul pituwe wage damma nam hari.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    “කෙල්ලෝ දෙන්නෙක් හිටිය කියල උන් උඹව මරාගෙන කන්නේ නෑ, අනික දැන් උඹ එහෙ යන්නේ ඉගෙනගන්න මිසක් කයිය ගගහ ඉන්න නෙවෙයි නේ. ඉතින් මොකටද කතා කරන්න එකෙක් ”
    “ඒ උනාට අම්ම, මටනම් බෑ”
    “පිස්සු නැතුව් ලෑස්ති වෙනවා ළමයෝ, අනික අඳුරන්නේ නැති ළමයි දෙන්නෙක් නෙවෙයි ඉන්නේ.”
    “කව්ද එතකොට දැන් ඔය ගෑල්ලමයි දෙන්න?”

    මගේ කුතුහලය බුර බුරා නැගෙන්න ගත්ත.
    “සචිනියි තව එයාගේ යාලුවෙක් ඉන්නවා නෙතුනි කියලා”
    අම්මට හුඩු! මට නිකම් එකපාරටම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ. අවුරුද්දක විතර ඉඳන් මගේ හිතේ සැරිසරන ඒ ලස්සන හිනාව මගේ හිතේ මැවිලා පෙනුණා. ඒ ලස්සන ඇස් දෙක මගේ ඉස්සරහ දිලිසෙන අපූරුව මට පේන්න ගත්තා. සචිනි කියන්නේ අපේ අම්මගේ නැන්ද, හෙවත් මේ කියපු සෝමවතී ආච්චි හෙවත් ****** විද්‍යාලයේ වාණිජ ගුරුතුමියගේ ආදරණීය හස්බන්ඩ් හෙවත් සීයාගේ අක්කගේ මිනිබිරිය.(නෑකම ටිකක් පැටලවිලි සහගත හින්ද හිමීට කල්පනා කරලා බැලුවට කාරී නෑ) වෙනත් වචන වලින් කියනවනම් පොඩිකාලේ ඉඳන් මගේ හොඳම යාලුවෙක්. නමුත් 6,7 වසරවල් වෙත්දී අපේ යාළුකම් ඈත් වෙලා තිබුනේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. මොකද ඔය කාලේදී කෙල්ලන්ට කොල්ලන්ව සහ කොල්ලන්ට කෙල්ලන්ව නුරුස්සන්න ගන්න කාලේ. හැබැයි 9 වසර වගේ වෙත්දී කලින් නුරුස්සපුවටත් එක්ක අල්ලලා වැඩිපුර රුස්සන්න ගන්නවා, අන්න ඒ කාලෙට තමයි වයසේ වැරැද්දට වෙන එව්වා වෙන්නේ. කොහොමින් කොහොම හරි ගිය අවුරුද්දේ, ඒ කියන්නේ මම නවය වසරේදී තමයි සචිනි මගේ හිත ආක්‍රමණය කරේ. කොයි තරම් ආක්‍රමණය කරාද කියනවනං හැමදාම හවසට ඉස්කෝලේ ඇරිලා විශාකාව ඉස්සරහින් යනකොට බලන්නේ සචිනි ඉනන්වද කියල. මොකද කියනවනං ඒ මූණ දකින්න මම එච්චරම පෙරුම් පිරුවා. හැබැයි අපේ සෙට් එකේ එකෙක් වත් දැනන් හිටියේ නෑ සචී කෙරේ මගේ බැත හිඳිලා කියල. දැනගෙන හිටි එකම එකා මගේ හොඳම යාළුවා ශෂිකයා විතරයි.
    එතකොට කව්ද මේ නෙතුනි???
    උත්තරේ සිම්පල්! නෙතුනි කියන්නේ සචිනිගේ යාළුවා හෙවත්, මගේ යාළුවා වන ශශිකයාගේ ප්‍රථම (එහෙත් අප්‍රකාශිත) ප්‍රේමය.මේ කෙල්ලෝ දෙන්න සමග මම විතරක් ඉන්න ක්ලාස් එකක් කියන්නේ ශෂී සහ උගේ යාළුවා යන දෙදෙනාම ගොඩ යන පොටකි පුතේ. ලේසියෙන් මෙහෙම චාන්ස් වදින්නේ නැතේ.
    “මොනවද දැන් ඔය අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කරන්නේ? ” එකපාරටම අම්ම අහපු ප්‍රශ්නෙන් මගේ සිතුවිලි දැහැන බිඳුනා.
    “නැ නෑ මේ මේ මම මේ සතියේ ඉඳන් එහෙ යන්නම්” මටත් උනේ අර ඉබ්බා දියේ දාන්න ඇහුව වගේ සීන් එකක් නේ. මෙච්චර කල් මම හිතෙන් විතරක් දොඩමළු වෙන පුංචි සුරංගනාවී මේ බ්‍රහස්පතින්දා හමුවෙනවා කිව්වහම.
    හැබැයි මම “ඇන්නෑවේ” කියලා නං කිව්වේ නැහැ. මොකද ඒ වෙලාවේ මගේ පපුව ඩ්‍රම් බීට් එක දෙද්දී කුඩා මොලේ ලීඩ් ගහන්න අරන් තිබ්බේ. මස්තිෂ්ක අර්ධ ගෝල දෙක යුග ගීයක් ගායනා කරන්න අරන් තිබුන.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පහුවෙනිදා ඉස්කෝලේ යනකං ඉවසිල්ලක් නැහැ. සුමියටයි පොඩ්ඩටයි මට වැදිච්ච මේ පිනා චාන්ස් පාර ගැන කියනකන් මට නිකම් හරියට හුස්ම වැටෙන්නෙත් නෑ වගෙයි. ශෂීයා ඉගෙනගත්තේ අපේ ඉස්කෝලේ නෙවෙයි, මරදානට කිට්ටු ඉස්කෝලෙකට ගියේ මිනිහ. ඒ උනාට උදේ ඉස්කෝලේ යත්දී අපි දෙන්න එකට තමයි ගියේ.
    එන ගමන් මේක ශෂියට කිව්වාම ඌ පස්වනක් සහ තවත් ටිකක් ප්‍රීතියෙන් පිනා ගියා.කොහොමහරි ගෙවල් ළඟ ඉඳන් ඉස්කෝලේ ලඟට යනකම්ම අපේ මාතෘකාව උනේ මගේ මේ අලුත් පංතිය.
    “අඩෝ සුමියා මෙහෙ වරෙන්, පොඩි සීන් එකක් තියෙනවා බං කියන්න”
    “මොකද්ද බං උදේ පාන්දර උඹට ඇස් පේන්නේ නැති කෙල්ලෙක් වත් කැමතියි කිව්වද?”
    නෙදකින් මුගේ කට තලන්න ඇත්තං.
    “නෑ නෑ යකෝ මේක වෙච්චි එකක් නෙවෙයි, වෙන්න තියෙන සිද්ධියක්.”
    “අගේ නොකර කියහංකෝ ඉතින් බලන්න.”

    මම ඉතින් මට උදා වෙච්චි ඒ ස්වර්ණමය අවස්තාව ගැන සැකෙවින් විස්තර කරා සුමියට. ඔහොම ඉන්නකොට කොහේදෝ ඉදං පොඩ්ඩත් පාත් උනා පාන් කෑල්ලක් හප හපා. කතාව ටිකක් වෙලා අහගෙන හිටපු ඌ, අපිට මගදී බාධා කරා.
    “හෝව් හෝව්, පොඩ්ඩක් ඉඳහන්”
    “මොකෝ බං පොඩ්ඩෝ ?? මේක අහල හිටහංකෝ”
    සුමියට මල පැනල. ඇයි හොඳම හරියෙදිනේ මූ ස්ටොප් බෝර්ඩ් එක දැම්මේ.
    “මේ, පාන් කෑල්ලක් කාලම ඔය ගැන කතා කරමු නේද බං” පොඩ්ඩ අහපි. අනේ මන්ද මුන්ට මේ වගේ වැදගත් දෙයක් කතා කරන වෙලාවට වත් හැසිරෙන්න බැරි හැටි. කොහොමහරි පාන් කෑල්ලකුත් හපන ගමන් කතාව “අ” යන්නේ ඉඳන් “Z” වෙනකන් අරුන් දෙන්න එක්ක කිව්වා.
    “මචං දිනුක, උඹට ඇදිල තියෙන්නේ කෝටි ගානක සුයිප් එකක් නේ” සුමියගේ අයිඩියාව.
    “ඔව් බං දිනුකයට කරල පැහීගෙන එන්නේ. මේක සමරන්නත් එක්ක යමුද කැන්ටිම පැත්තේ ඉඟුරු තේ එකක් ගහලා ගෝදම්බයක් ගිලලා එන්න.” අනේ පොඩ්ඩෝ!!! මට ගෝදම්බයක ඔතලා මුව කන්න තරම් මල.
    කොහොමහරි එදා දවසේ ගින්දර වගේ වැඩ කරන්න මට පට්ට ජවයක් ලැබිලා තිබුණේ. ගණන් පීරියඩ් එකේ ගණන් හදනව නිකම් ඇබකස් එකක් වගේ. සාහිත්‍ය පීරියඩ් එකේ සාහිත්‍ය විචාර ලියනවා විදු සක්විති එහෙමත් නැත්තන් විද්‍යා චක්‍රවර්තිගෙත් ගුරා වගේ. ඔක්කොමත් අස්සේ දින ගණන් කරනවා බ්‍රහස්පතින්දා එන්නේ කවද්ද කියල. මගුල! දවස් දෙකක් තියෙනවා එහෙම්මම. මේ රෙද්දේ කාලේ ගෙවෙන්නේ නැහැනේ ඕයි ඉක්මනට.
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දීර්ඝ කාලීන නිහැඬියාවකට පස්සේ ඔන්න ආයෙමත් දිනුකගේ කතාව කියන්නයි යන්නේ.
    නොවැලැක්විය හැකි හේතුන් නිසා පහුගිය කාලේ මලිත්තා ටිකක් දිරාමාර් වෙලා හිටියේ .
    ඔන්න එහෙනම් තරහ අවසර....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොහොමින් කොහොමහරි බ්‍රහස්පතින්දත් උණා කියහංකෝ. ඔන්න දැන් කොල්ල ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා සල්මල් කාන් වගේ හැඩ වෙලා පන්ති යන්න ලෑස්ති උණා. ඒ ගෙදරට අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් එකහමාරක් වගේ දුරක් තිබ්බේ. කන්නාඩිය ඉස්සරහට ගිහින් කොන්ඩේ හදන ගමන් හීනියට සිංදුවකුත් කිය කියා හිටි මට එකපාරටම කන්නාඩියෙන් දැක්ක දේට “හික්” ගෑවුනා. මෙන්න යකෝ සචී ඉන්නවා මගේ දිහා බලාගෙන අර ලස්සනම ලස්සන හිනාව දාගෙන. උඩු ඇන්දේ තිබ්බ නල දත නිසා ඒ හිනාව තවත් අලංකාර වෙලා පෙනුණා.
    ඒත් තවත් මොහොතකින් සචීගේ රුව වියැකිලා මගේ රිළා මූණ නැවතත් දර්පනය මත සටහන් උණා. මම ගැන මටම හිනා.
    “කොල්ලෝ උඹ දවල් හීන දකිනවා වැඩියි” මගේම ඔලුවට හෙමීට තට්ටුවක් දාගත්තු මම බස් එකේ නගින්න කියල බස් හෝල්ට් එක පැත්තට කඩිනම් ගමනින් යන්න ගත්තා. ඔන්න ඉතින් දැන් මම පන්තිය ගාවටම ඇවිත් ඉන්නේ (පන්තිය කිව්වට පන්තිය නෙවෙයි ගෙදර). ආයේ වතාවක් අර සුපුන් සඳක් වගේ ලස්සන මූණ මගේ ඉස්සරහ මැවිලා පේනවා. පපුව ගිඩි ගිඩි ගානවා නිකං හාල් මෝලක් වගේ. ඕන රෙද්දක් කියල මම ඔන්න ගියා ගෙදර ඇතුලටම. අප්පටසිරි ගජ නැන්දට කජුමද කියන්නහේ ගෙදර සාලේ ඉන්නවා කෙල්ලෝ දෙන්නෙක් කිචි බිචි ගගා. මුන් දෙන්න සාලේ තියෙන මේසේ වාඩිවෙලා ඉන්නවා. කාමරේ ඉඳන් අපේ ආච්චි එහෙමත් නැත්තන් මිස් ආව.
    “ආ දිනුක මහත්තයා ආව නේද කලින්ම. කමක් නෑ තව වෙලා තියෙනවනේ. ඔහොම වාඩිවෙලා ඉන්න මම විනාඩි දහයකින් එන්නම්”
    මම ඉතින් පූස් පැටියා වගේ ගිහින් කෙල්ලෝ දෙන්න ඉන්න පැත්තේ නෙවෙයි අනිත් පැත්තෙන් වාඩි උනා. ඒ කියන්නේ උන් දෙන්නට මූණට මූණලා. මම ගිහිං වාඩි උණා විතරයි අරුන් දෙන්නගේ කිචි බිචිය නැවතුණා. මමත් හොරෙන් බැලුවා සචිනියි නෙතුනියි දිහා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මුන් දෙන්නත් මගේ දිහා බලාගෙන ඉන්නවා. සචිනි මගේ දිහා අහිංසක විදියට බලලා අර මම කලින් කියාපු මනස්කාන්ත මන්දහාසය දක්වලා ආයෙම කතාව පටන් ගත්ත නෙතුනි එක්ක. උන් දෙන්න හිටියේ හරියට එතන මේ මම කියල එකෙක් ඉන්නවා කියල වගේ වගක් නෑ වගේ. මටත් එපාවෙලා දැන් මුන් දෙන්නගේ කතාව අහගෙන ඉඳල.
    හින්දි ෆිල්ම් ගැනයි අර්ජුන් රාම්පාල් දවල්ට කන එව්වා ගැනයි භාතිය සන්තුෂ්ගේ ඊළඟ කොන්සර්ට් එක කොහෙද තියෙන්නේ කියලයි සහ තව එකී මෙකී නොකී මල විකාර මගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙන්න පටන් අරන් තිබුණේ. කොහොමින් කොහොමහරි විනාඩි පහළොවක් විතර මම එතන ඉන්නැති එහෙම. ඒත් මට ඒක දැනුනේ කල්පයකට තප්පර දෙකක් අඩුවෙන් හිටිය වගේ.
    ඔන්න දැන් මිස් ඇවිල්ල පටන් ගත්ත පාඩම් උගන්නන්න. කොහොමහරි ඉස්කෝලෙදි එපා වෙලා කුජීත වෙලා තිබ්බ ගිණුම්කරණය මට හරිම රසවත් විෂයක් බවට පත් වේගෙන එමින් තිබුනේ මටත් නොදැනීම.