නොසලකා නොහැරිය යුතු රෝග ලක්‌ෂණ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    නොසලකා නොහැරිය යුතු රෝග ලක්‌ෂණ

    නොසලකා නොහැරිය යුතු රෝග ලක්‌ෂණ


    fShare

    roga500.jpg



    මෙම උත්සව සමයේදී

    බටහිර රටවල නම් ශීත සෘතු සමයේ හානිකර නොවන කිවිසුම් පිටවීම හා කැස්‌ස, ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්‌ සේ සැලකේ. එහෙත් අප විසින් වෛද්‍යවරයකු වෙත යොමුවීම අනවශ්‍ය කරුණක්‌ සේ සලකනු ලබන සුළු රෝග ලක්‍ෂණ නොසලකා හැරිය යුතු නොවන දරුණු රෝගයක රෝග ලක්‍ෂණ විය හැකි බව එක්‌සත් රාජධානියේ ඩේලි මේල් පුවත්පතට ලිපියක්‌ සපයමින් වෛද්‍ය සාරා බෘවර් සඳහන් කර ඇත.

    මෙම උත්සව සමයේ එසේත් නැත්නම් ශීත දේශගුණයක්‌ පවතින සමයෙහි ඇතිවන හිසරදයන්, උදරාබාධයන් පවා සුළුවෙන් නොතැකිය යුතු අතර ඒවා දරුණු ආබාධයක ලක්‍ෂණ විය හැකි වීම නිසා එම රෝග ලක්‍ෂණ පවතී නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයකු හමුවිය යුතු බව වෛද්‍ය බෘවර් සඳහන් කර සිටින්නීය. ඇයට අනුව මෙම සමයෙහි නොසලකා නොහැරිය යුතු ප්‍රධාන රෝග ලක්‍ෂණ 10 ක්‌ පවතී. ඒවා නම්,

    1. කිසිදු සැලකිය යුතු හේතුවක්‌ නොමැතිව ශරීරයෙහි බර අඩු වීම.

    අප සැවොම පාලනය කරන ලද ආහාර වේල් හා ජීවන රටා වෙනස්‌වීම් තුළින් ශරීරයේ බර අඩුකර ගැනීමට කැමැත්තක්‌ දක්‌වමු. එහෙත් කිසිදු හේතුවක්‌ නොමැතිව කෙනකුගේ ශරීරයෙහි බර රාත්තල් ගණනින් අඩු වේ නම් (ආහාර වේල් පාලනය කිරීමකින් හෝ වෙනත් ක්‍රියාදාමයකින් තොරව) එය නොසලකා නොහැරිය යුතු තත්ත්වයකි.

    යම් හෙයකින් කෙනෙකුගේ බර මාස හයකට අඩු කාලයක්‌ තුළ කිසිදු බර පාලන ක්‍රියාවකින් තොරව කිලෝ පහකින් පමණ අඩු වේ නම් (රාත්තල් 175 ක්‌ බරැති අයෙකුගේ බර රාත්තල් 8 කින් අඩු වුවහොත්) එය වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුම වන අවස්‌ථාවකි.

    එසේ ශරීර බර අඩු වීමත් සමඟම අධික මහන්සිය වැනි රෝග ලක්‍ෂණ පවතී නම් එවැනි අයෙකු වෛද්‍ය උපදෙස්‌ අනිවාර්යයෙන්ම ලබා ගත යුතුය.

    මෙසේ හේතුවක්‌ නොමැතිව ශරීරයේ බර අඩුවීම බඩවැල්වලට පෝෂණ ද්‍රව්‍ය උරා නොගැනීමේ ලක්‍ෂණයක්‌, තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වයක්‌, හඳුනානොගත් දියවැඩියාව, විශාදය (ඩිප්‍රෙෂන්) හෝ පිළිකා තත්ත්වයක්‌ විය හැකිය. මෙවැනි හේතුවක්‌ නොමැතිව ශරීර බර අඩු වීම ආහාර අරුචියෙහි ලක්‍ෂණයක්‌ නොවේ.

    2. ශරීරයෙහි කුමන ස්‌ථානයක හේ ගැටයක්‌ හට ගැනීම .

    ශරීරයෙහි කුමන ස්‌ථානයක හෝ ගැටයක්‌ දක්‌නට ඇත්නම් විශේෂයෙන් ම පියයුරක හෝ වෙනත් ස්‌ථානයක එය වෛද්‍යවරයකු වෙත පෙන්වීම වැදගත්ය. ඇතැම් ගැට වේදනා රහිත ඒවා වුවද එවැනි ගැටයක්‌ වේදනාවක්‌ ගෙන දේ නම් වහාම වෛද්‍ය උපදෙස්‌ සඳහා යොමු විය යුතුය. ශරීරයෙහි ගැටයක්‌ හට ගත් විට එම ස්‌ථානය අවට සම තුනී වී ඇත්නම් එය ද නොසලකා නොහැරිය යුතු තත්ත්වයකි.

    3. පපුවේ වේදනාව

    පපුවේ වේදනාව හෘදයාබාධයක්‌ හෝ පෙණහල්ලක රුධිර කැටියක්‌ නිසා මෙන්ම අස්‌ථි අතර පවතින කුඩා මාංශ පේශීන්වල, කාටිලේජවල රෝග තත්ත්වයක්‌ මත ඇති විය හැකිය. එමෙන්ම එවැනි වේදනාවක්‌ අම්ල සම්බන්ධ ගැටලුවකදී මෙන්ම පපුවෙහි දැවිල්ල නිසාද ඇති විය හැකිය. මෙවැනි පපුවේ වේදනාවක්‌a ඇතිවන අයගෙන් සියයට 20 ක්‌ එය හෘදයාබාධයක්‌ කියා වැරදියට හඳුනාගන්නා අවස්‌ථා පවතී. වෛද්‍යවරුන්ට ද මෙවැනි අසීරු තත්ත්වයකට මුහුණ පෑමට සිදුවේ. සාමාන්‍යයෙන් යමකු තදින් වැළඳගන්නා අයුරින් හෝ පපුව මත අලියෙකු හිඳගෙන සිටින්නාක්‌ මෙන් ඇතිවන අපහසුතාවක්‌, දැඩි පීඩනයක්‌ දැනීම හෝ දැවිල්ලක්‌ හෝ වේදනාවක්‌ පපුවේ අමාරුවක්‌ ඇතිවිටකදී හට ගත හැකිය.

    හදිසියෙහි හට ගන්නා පපුවේ වේදනාව ගැන තදින් සැලකිය යුතු අතර, ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. මෙහිදී පපුවෙහි තද ගතියක්‌, යමෙකු තල්ලු කරන හෝ හිරවන ගතියක්‌,විනාඩි 15 කට වඩා පවතින්නේ නම්, එම වේදනාව අත්, පසුපස හා නිකට දක්‌වා විහිදෙන්නේ නම්, එය සමඟ හුස්‌ම ගැනීමේ අපහසුව, අධික දහදිය දැමීම හෝ කැස්‌ස සමඟ රුධිරය පිටවීම වැනි ලක්‍ෂණ මතුවන්නේ නම් වහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවිය යුතුය.

    පපුවේ වේදනාව දැඩි නොවුවද, එහිදී ද වෛද්‍ය උපදෙස්‌ වෙත යොමුවීම අනාගතයේදී හටගත හැකි හෘදයාබාධයක්‌ වැළැක්‌වීමේ පියවරක්‌ විය හැකිය.

    4. බඩවැල්වල හැසිරීමෙහි වෙනසක්‌ ඇති වීම.

    බඩවැලෙහි පිළිකාවන් තරුණ පිරිස අතර ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික රෝග තත්ත්වයක්‌ වීම නිසා බඩවැල්වල හැසිරීමෙහි වෙනසක්‌ ඇත්නම් එය සුළුවෙන් නොතැකිය යුතුය. මෙහිදී මළපහවල වෙනසක්‌ ඇත්වීම, මළබද්ධය හට ගැනීම, බඩවැල්වල චලනයෙහි වෙනසක්‌ ඇතිවීම හෝ පාචනය වැනි තත්ත්වයක්‌ හට ගත හැකිය. මෙවැනි වෙනස්‌වීමක්‌ සතියකට හෝ සති දෙකකට වඩා කලක්‌ පවතී නම් වෛද්‍ය උපදෙස්‌ පැතිය යුතුය. මෙය සඟවා තැබිය යුතු තත්ත්වයක්‌ නොවේ.

    5. අනපේක්‍ෂිත අයුරින් ශරිරයෙහි කුමන අංගයක හෝ රුධිරය අහිsමි වීම. මෙහිදී කැස්‌ස සමඟ රුධිරය පිටවීම, රතු පැහැති හෝ කෝපි පැහැයෙන් තද පැහැති වමනය යැම, අසාමාන්‍ය දුර්ගන්දයක්‌ හමන කළු පැහැති මළපහ පිටවීම, (මෙය බඩවැල්වල රුධිර වහනයක්‌ විය හැකිය.) මාසික ඔසප් වීම අතරතුර හෝ ආදරය කරන විටක රුධිරය වහනයක්‌ සිදුවීම (මෙය ගැබ්ගෙල හෝ ගර්භාෂ පිළිකාවක ලක්‍ෂණ විය හැකිය) ආර්තවහරණයෙන් පසු රුධිරය වහනය වීම, රුධිරය තරල හෝ ශරීරයෙන් බැහැර වන ද්‍රව්‍යයක්‌ සමඟ පිටවීම මෙහිදී සිදුවිය හැකිය.

    6. ආහාර ගිලීමේ අපහසුව හෝ ස්‌වල්පයක්‌ ආහාර ගත් විට කුස පිරී ඇති බව දැනීම.

    ටොන්සිල් ප්‍රදාහය හා උගුරේ ආසාදන තත්ත්වයන් මතද මෙවැනි තත්ත්වයක්‌ ඇතිවිය හැකිය. වේදනාවක්‌ සහිතව හෝ රහිතව ආහාර ගිලීSමේ අපහසුවක්‌ ඇත්නම් එය වෛද්‍යවරයකු වෙත යොමු වියයුතු අවස්‌ථාවකි.

    7. නිතර පවතින කැස්‌ස හෝ හුස්‌ම ගැනීමේ අපහසුතාවය.

    සති තුනකට වඩා පවතින කැස්‌ස හා හුස්‌ම ගැනීමේ අපහසුතාවය වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතු අවස්‌ථාවකි.

    8. සති තුනකට වඩා කල් පවතින උදරාබාධය හිසරදය හෝ පපුවේ ආබාධය.

    9. සමෙහි ඇතිවන සති තුනකට වඩා පවතින වෙනස්‌වීමේ තත්ත්වයන් මෙහිදී ලප මතුවිය හැකිය. එවැන්නක්‌ විශාල වේ නම්, තද පැහැතිවේ නම් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය.

    10. සති තුනකට වඩා පවතින උගුරේ රිදිල්ල.

    ඒමන්ති මාරඹේ
    සංස්‌කරණය - ඒමන්ති මාරඹේ, උපාලි ද සේරම්, වසන්තා ශ්‍රියාකාන්ති
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    Code:
    [COLOR="Indigo"][SIZE="5"]ආදරය කරන විටක රුධිරය වහනයක්‌  සිදුවීම[/SIZE][/COLOR]
    :shocked::shocked::eek: