Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෝදාහරණ ගැටලුව, පවුල් කෑම සහ The Intern
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Note- meka FB eke dakala gedi pitin ussala daapu post ekak. Kamathi un balapalla akamathi un nikan hitapalla.

මේ සටහන කියවන ඔබ පිරිමියෙකුද? මං කියන්නේ උපතේදී ඔබට ආරෝපණය කළ ලිංගය ‘පිරිමි’ යන්නද? ඔබ සමාජ ජීවිතයේදී ඔබව හඳුනා ගන්නේ පිරිමි යන සංඥාවෙන්ද? එහෙම නම් මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්? ඔබ සූදානම්ද, බිරිඳ උපයන දෙයින් ජීවත් වෙන්න? අඩේ, ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද, ඒක පිරිමකමට නිගාවක්නේ කියා ඔබට හිතුණා නම්, මේ සටහන අන්තිම වෙනකං කියවන්න.

2015 කියන්නේ මට ඉතා සුවිශේෂී වසරක්. ඒ මගේ නිමාලි මට චූටි විමෝක්ෂාව ගෙන දුන් වසර. දරුප්‍රසූතිය වෙලාවේ මට ලංකාවේ ඉන්න බැරි වුණා. ඒ මං මගේ ශාස්ත්‍රපති කටයුතු අග හිටපු නිසා. විභාග කටයුතු ඉවර වුණු වහාම ප්‍රතිඵල ගන්නවත් මං හිටියේ නැහැ, ඉක්මනට ලංකාවට ආවා. ඒ කාලෙදිම තමා The Intern තිරගත වුණේ. මං බලන්න ඕනේම කියා සිටියත්, මට ඒක මඟ හැරුණා. ඒ විතරකුත් නෙවේ, බලන්න ඕනේ කියන අදහස පවා කාලයත් සමග අමතක වුණා. ළඟදි තමා බැලුවේ. ඒක ජීවිතයේ වෙනම මානයක් ගැන කියා දෙන චිත්‍රපටයක් කියා මට තේරුණේ එතකොට.

නැන්සි මේයර්ස් ලියා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රොබට් ඩි නීරෝ සහ ඈන් හාතවේ. බැලූ බැල්මටම මෙය හාස්‍යොත්පාදක චිත්‍රපටයක් කියා හිතුණත්, ඒක ඊට වඩා ගැඹුරු ජීවිත කියවීමක්.

චිත්‍රපටය කියවීමට පෙර ඔබ දැන ගත යුතු මූලික කරුණු කීපයක් තියෙනවා. එයින් පළමු එක තමා නෝදාහරණ ගැටලුව.

නෝදාහරණ ගැටලුව කියන්නේ සංස්කෘතිය තුළ මුල් බැසගත් යම් චින්තනයට හෝ සම්ප්රදායයකට හෝ විරුද්ධව යමක් හිතන්න තියෙන අපහසුතාව, එහෙම නැත්තං මානසික දුබලතාව. මේක ඇතැම්විට ප්‍රධාන ප්රවාහයෙන් පිට හිතන්න බැරි වීම කියා ගන්නත් පුළුවන්. හැබැයි ‘පෙට්ටියෙන් පිට’ හිතනවා කියන දේම නෙවේ මං මේ කියන්නේ.

මං උදාහරණයක් සමග පැහැදිලි කරන්නම්. හිතන්න, පාසලේ පවත්වපු සාහිත්‍ය සමිතියේ ඉඳල ගමේ මරණාධාර සමිතිය දක්වා හැම තැනකම ඔබ දකින්නේ සභාපති පිරිමි, ලේකම් ගැහැනු යන භූමිකා කියල. යම් දවසක කිසියම් සමිතියක සභාපතිකම ගැහැනු කෙනෙකුට දීලා ලේකම්කම පිරිමි කෙනෙකුට දුන්නාම ඔබ මවිත වෙනවා, ඒක හරි නැහැ නේද වගේ පොඩි අපුලක් දැනෙනවා, ගෑනුන්ට සභාපතිකම් කරන්න බැහැ වගේ පොඩි අදහස් කීපයක් ඔළුවට රිංගනවා. ඔබ නිකමටවත් හිතුවද ඔබට එහෙම හිතෙන්නේ ඔබට ඒ පිළිබඳ හිතාගන්න උදාහරණ නොතිබුණ නිසා කියල. නෝදාහරණ ගැටලුව (problem of having no examples) කියන්නේ අන්න ඒක.

මේක මේ වගේ පොඩි දේවලට විතරක් නෙවේ. සමස්ත මානව චින්තනයට දැඩි සේ බලපාන ප්‍රශ්නයක්.

හිතන්න අපි දන්න ආදරකතා ගැන. හැම තැනම ඉන්නේ කෙල්ලයි, කොල්ලයි. පුංචිකාලේ අහපු සාලිය-අශෝකමාලා වගේ කතාවල සිටම නූතන රෝමාන්තික නවකතා ගත්තත්, චිත්‍රපට, ටෙලිනාට්‍ය ගත්තත් හැම තැතනම ඉන්නේ කෙල්ලයි කොල්ලයි. ඉතිං මේ කෙල්ලයි කොල්ලයි පණවගේ ආදරය කරල කසාද බැඳල වයසට යනකොට මොකද වෙන්නේ. ‘ඉන්පසුව ඔවුහු සතුටින් කාලය ගතකළහ’ කියල කතාව ඉවර කළාට බුදු අම්මෝ.. ඒක මොන තරම් දීර්ඝ කාලයක්ද? ආදරය කළේ වසර තුනයි, හතරයි නැත්තං පහයි. කසාද බැඳල අවුරුදු 20ක් 30ක් 40ක් එකට ඉන්න ගියාම ආදරය කරන්නේ කොහොමඳ? ඒක එපා වෙන්නැද්ද? අපේ ඔළුවට චිත්‍රයක් එන්නේ නැහැ. මොකද අපට උදාහරණ නැහැ. උදාහරණ තිබුණත් අපි සමහර විට ඒවා අහල නැහැ. ඉඳල හිටල එහෙම ජීවත් වෙන පවුල් ගැන අහල තිබුණත් කොහොමද එහෙම වෙන්නේ කියල විස්තර කියන්න දන්නේ නැහැ. නෝදාහරණ ගැටලුවේ ස්වභාවය ඒකයි.

මේ කතාව තවත් සංකීර්ණ තැනකට ගෙනියන්නම්. හිතන්න ඔබ දන්න හැම ආදරකතාවකම ඉන්නේ කොල්ලයි කෙල්ලයි. එහෙම තියෙද්දි, ඔබට දැන ගන්න ලැබුණොත් කොල්ලන් දෙන්නෙක් හරිම ආදරයෙන් පවුල් කනවා කියා, නැතිනම් කෙල්ලන් දෙන්නෙක් හරිම ආදරයෙන් ජීවත් වෙනවා කියා, ඔබට මොකද හිතෙන්නේ? ඒක ඔළුවට බෝම්බයක් ගැහුව වගේ. ඇයි? එහෙම උදාහරණයක් ඔබ අත්විඳල නැහැ. එහෙම ජීවත් වෙන්න පුළුවන් කියා ඔබ දන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒක මොනවගේද කියා චිත්තරූප මවා ගන්න අමාරුයි. සරලවම ඔබට උදාහරණ මතකයට එන්නේ නැහැ.

දැන් ඔබට තේරෙනවා ඇති උදාහරණ නැතිකම මානව චින්තනයට මොනතරම් බලපෑමක් එල්ල කරනවාද කියා.

දැන් මං හැරෙන්නම් මගේ සටහනේ දෙවැනි කාරණයට. ඒ තමයි පවුල්කෑම.

මේ නෝදාහරණ කතාවයි පවුල්කෑමයි අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. මොහොතකට පවුල් කෑම අමතක කරල ඔබ තදින් පීඩා වින්ද මානසික ගැටලුවක් ගැන හිතන්න. මං උදාහරණයකට ගන්නම් කේන්ති යාම. එක්තරා පුද්ගලයෙකු ඉන්නවා, ඔහුට ලේසියෙන් කේන්ති යන්නේ නැහැ. කලාතුරකින් තමා කේන්ති යන්නේ. හැබැයි එදාට හැසිරෙන්නේ අමුම අමු තිරිසනෙකු විදිහට. කෑ ගහනවා, බණිනවා, බඩුමුට්ටු පොළොවෙ ගහනවා. බිත්තිවලට හයියෙන් ගහනවා. ඉතිං මේ හැසිරීම පවුලේ ඉන්න අනිත් අයට කරදයක්. ඒ විතරකුත් නෙවේ, ඒ පුද්ගලයාත් පසුව ඉතාම කණගාටුවට සහ මනස්තාපයට පත්වෙනවා තමුන්ගේ හැසිරීම ගැන. කොටින්ම කියනවා නම් තමුන් කිසි කමකට නැති ජීවිතය පිළිබඳ කිසි අවබෝධයක් නැති මෝඩ පුද්ගලයෙකු කියා තමුන් ගැනම හිතා ගන්නවා. මේ පුද්ගලයා මානසික ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කරනවා. එතකොට වෛද්‍යවරයා කියනවා, ‘ඔයා ඕක ගැන එච්චර හිතන්න එපා. නිතර කේන්ති නොගෙන සිතුවිලි හිර කරගන්න පෞරුෂයක් තියෙන කෙනෙකුට ඒක දරා ගන්න බැරි එක තැනකදි පුපුරා යනවා. එතකොට එයා හැසිරෙන්නේ ඔය වගේ තමා. මගේ ළඟට ඔය ලක්ෂණයම තියෙන තව ගොඩක් අය ඇවිත් තියෙනවා.’ මෙන්න මේ වචන ටික අර මුලින් කී පුද්ගලයාට මාරම සැනසීමක්. ඒ තමුන්ගේ කේන්තියට ප්‍රතිකාරයක් ලැබුණ නිසා නෙවේ, එහෙම හැසිරෙන එකම කෙනා තමුන් නොවන බව දැන ගැනීමයි ඒකට හේතුව. මෙන්න මෙහෙම තමා මේ උදාහරණ ගැටලුව ජීවිතයට බලපාන්නේ.

පවුල් කන මිනිසුන්ගේ පවුල් අවුල් වෙන්න බලපාන එක වැදගත් සාධකයක් තමා, ‘සතුටින් දිවි ගෙවන්නේ කොහොමද’ කියා තව එකෙකුගේ පවුල් ජීවිතයක් දිහා බලලා, එහෙම නැත්තං බණකතාවක් කියවල, හාමුදුරුවන්ගෙන් බණ අහල, එහෙමත් නැත්තං නවකතාවක් හෝ වෙනත් නිර්මාණයක් බලල උදාහරණ හොයන්න යාම.

පවුල් ජීවිතයක් ගත කරන්නේ එකිනෙකට වෙනස් මිනිසුන් දෙන්නෙක්. ඒ දෙන්නා කවමදාකවත් එකවගේ වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ. හැබැයි එකට ජීවත් වීමේදී ඔවුන්ගේ වෙනස්කම් එකට ගළපාගෙන එක සම්මතයකට එන්න ඕනේ. එහෙම ගොඩනඟන සම්මත කවමදාකවත් තව සම්මතයක් සමග සසඳන්න බැහැ. කොටින්ම කිව්වොත් හැම පවුලක්ම අනන්යලක්ෂණවලින් යුක්ත පවුලක්. ඒවා අනෙක් පවුල් සමග සසඳල තේරුම් ගන්න බැහැ. කොටින්ම කසාද බැඳපු දෙදෙනෙක් එකට ජීවත් වෙනකොට කොහොමද ජීවත් වෙන්න ඕනේ කියා තීරණය කරන්න ඕනේ උන් දෙන්නා. නැතිව කාගේවත් උදාහරණවලට අනුව තමුන්ගේ ජීවිතය හදා ගන්න ඕනේ නැහැ.

මේ කතා කළේ පූර්ව දැනුම ගැන. දැන් චිත්‍රපටයට යමු.

චිත්‍රපටයට පාදක වෙන්නේ මං අර මුලින් කීවා වගේ අපට නිතර හමු නොවන මාදිලියේ උදාහරණයක්. ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් ඉන්නවා. ඒ තමයි ජූල්. ජූල් කොයිතරම් ව්‍යාපර කටයුතුවලට දක්ෂද කියනවා නම් ඇය අවුරුදු පහක ව්‍යාපර ඉලක්ක මාස 11කින් සම්පූර්ණ කරගෙන තියෙනවා. ජූල්ගේ මේ හැකියාව තේරුම් ගන්න මැට්, ඒ කියන්නේ ඇයගේ සැමියා, තමුන්ට තිබුණු ඉතා හොඳ රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර නවතිනවා ජූල්ට එයාගේ කටයුතු කරගෙන යන්න අවස්ථාව දෙන්න. ජූල් හැමවිටම මේ ගැන ඉතා ඇගයීමෙන් කතා කරනවා. මේ දෙන්නට ඉන්නවා පේජ් කියල ලස්සන චූටි දුවක්. ඉතිං මේ චූටි දුවගේ වැඩ කටයුතු කරගෙන, ගෙදර උයන පිහන, රෙදිසෝදන ආදි සියලු වැඩ කරගෙන ඉන්නේ මැට්. ජූල් තමා හැමදාම උදේ ගිහිං තමුන්ගේ ආයතනයේ වැඩ කරල රෑවෙලා ගෙදර එන්නේ. සරලවම කියනවා නම්, අප දන්න සාම්ප්රදායයික පවුලක තියෙන සැමියා, බිරිඳ කියන භූමිකා දෙක සම්පූර්ණයෙන්ම අනෙක් අතට මාරු වෙලා තියෙන්නේ.

දැන් මං ඔබෙන් මෙහෙම අහන්නම්. සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම ගැහැනියක් ඉන්නවා කියන කතාව ඔබ අහල තියෙනවා නේ. එහෙම වෙන්නේ, සම්ප්රදායය, ආර්ථිකය, ඇතැම්විට ආගම ආදි සෑම අංශයකින්ම ඒ සඳහා ඉඩ දීලා තියෙන නිසා. ඒක අනුමත කරන නිසා. ගැහැනිය, තමුන්ගේ සැමියාට ආදරය කරන නිසා ඒ සංස්කෘතික වගකීම ඉතා ආදරයෙන් වැළඳගන්නවා. ඒ සංස්කෘතිය හෝ වෙනත් දෙයකට ඇති බය නිසා නෙවේ. තමුන්ගේ සැමියට තියෙන ආදරය නිසා. මං මේ කතාව පටන් ගත්තේ ඔබ පිරිමියෙකුද කියන ප්රශ්නය මතු කරමින්නේ. දැන් හිතන්න, ඔබ ඔබේ බිරිඳට අතිශයින් ආදරෙයි. ඇය ඉතා දක්ෂතාවලින් පිරුණු කාන්තාවක්. ඇයට අත දුන්නොත් සෑහෙන දුරක් යන්න පුළුවන්. ඔබ සූදානම්ද මැට් කළා වගේ ගෙදර නතර වෙලා, බිරිඳව රැකියාවට යවන්න. නැතිනම් ඇය කරන කිසියම් වෘත්තියක් වෙත යොමු කරන්න? දැන් ඔබේ හිතට නානාප්‍රකාර සිතුවිලි එනවා නම්, මගේ අම්මව මතක් කරල මට බණින්න හිතෙනවා නම්, තේරුම් ගන්න ඔබ මුහුණ දීලා තියෙන්නේ නෝදාහරණ ගැටලුවට.

මෙතැනදි හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමා, විවාහ ජීවිතයේදී උස්-පහත් කියා චරිත නැහැ. දෙන්නම එකිනෙකාට සමානයි. ‘මං මේ බිරිඳගෙ සල්ලිවලින් කාල බීල ඉන්නෙ’ වගේ ගොං කතා එතනදි අදාළ නැහැ. අදාළ වෙන්නේ එකිනෙකා තමුන් ගැන මොන තරම් අවබෝධයකින් පසුවෙනවා ද යන්න විතරයි.

චිත්‍රපටය මෙතැනින් නතර වෙන්නේ නැහැ. ජූල් ව්‍යාපාරික කාන්තාවක් වශයෙන් අතිශය සාර්ථක වෙන අතරම බිරිඳක් වශයෙන් අසාර්ථක වෙනවා. ඇයි ද කියනවා නම්, මැට් ආදරබර සැමියෙකු වශයෙන්, පියෙකු වශයෙන් ඔහුගේ වගකීම් ඉටුකරන අතරම ජූල්ගෙන් ඔහුට ලැබිය යුතු යම් ‘යම් දෙයක්’ නොලැබෙන බව තේරුම් ගෙන අනියම් සම්බන්ධයක් පවත්වන්න පටන් ගන්නවා.

[QUOTE="todd2231048, post: 28966130, member: 96568"] [B]Note[/B]- meka FB eke dakala gedi pitin ussala daapu post ekak. Kamathi un balapalla akamathi un nikan hitapalla. [IMG]https://m.media-amazon.com/images/I/814pY3n2PRL._AC_UF1000,1000_QL80_.jpg[/IMG]මේ සටහන කියවන ඔබ පිරිමියෙකුද? මං කියන්නේ උපතේදී ඔබට ආරෝපණය කළ ලිංගය ‘පිරිමි’ යන්නද? ඔබ සමාජ ජීවිතයේදී ඔබව හඳුනා ගන්නේ පිරිමි යන සංඥාවෙන්ද? එහෙම නම් මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්? ඔබ සූදානම්ද, බිරිඳ උපයන දෙයින් ජීවත් වෙන්න? අඩේ, ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද, ඒක පිරිමකමට නිගාවක්නේ කියා ඔබට හිතුණා නම්, මේ සටහන අන්තිම වෙනකං කියවන්න. 2015 කියන්නේ මට ඉතා සුවිශේෂී වසරක්. ඒ මගේ නිමාලි මට චූටි විමෝක්ෂාව ගෙන දුන් වසර. දරුප්‍රසූතිය වෙලාවේ මට ලංකාවේ ඉන්න බැරි වුණා. ඒ මං මගේ ශාස්ත්‍රපති කටයුතු අග හිටපු නිසා. විභාග කටයුතු ඉවර වුණු වහාම ප්‍රතිඵල ගන්නවත් මං හිටියේ නැහැ, ඉක්මනට ලංකාවට ආවා. ඒ කාලෙදිම තමා The Intern තිරගත වුණේ. මං බලන්න ඕනේම කියා සිටියත්, මට ඒක මඟ හැරුණා. ඒ විතරකුත් නෙවේ, බලන්න ඕනේ කියන අදහස පවා කාලයත් සමග අමතක වුණා. ළඟදි තමා බැලුවේ. ඒක ජීවිතයේ වෙනම මානයක් ගැන කියා දෙන චිත්‍රපටයක් කියා මට තේරුණේ එතකොට. නැන්සි මේයර්ස් ලියා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රොබට් ඩි නීරෝ සහ ඈන් හාතවේ. බැලූ බැල්මටම මෙය හාස්‍යොත්පාදක චිත්‍රපටයක් කියා හිතුණත්, ඒක ඊට වඩා ගැඹුරු ජීවිත කියවීමක්. චිත්‍රපටය කියවීමට පෙර ඔබ දැන ගත යුතු මූලික කරුණු කීපයක් තියෙනවා. එයින් පළමු එක තමා නෝදාහරණ ගැටලුව. නෝදාහරණ ගැටලුව කියන්නේ සංස්කෘතිය තුළ මුල් බැසගත් යම් චින්තනයට හෝ සම්ප්රදායයකට හෝ විරුද්ධව යමක් හිතන්න තියෙන අපහසුතාව, එහෙම නැත්තං මානසික දුබලතාව. මේක ඇතැම්විට ප්‍රධාන ප්රවාහයෙන් පිට හිතන්න බැරි වීම කියා ගන්නත් පුළුවන්. හැබැයි ‘පෙට්ටියෙන් පිට’ හිතනවා කියන දේම නෙවේ මං මේ කියන්නේ. මං උදාහරණයක් සමග පැහැදිලි කරන්නම්. හිතන්න, පාසලේ පවත්වපු සාහිත්‍ය සමිතියේ ඉඳල ගමේ මරණාධාර සමිතිය දක්වා හැම තැනකම ඔබ දකින්නේ සභාපති පිරිමි, ලේකම් ගැහැනු යන භූමිකා කියල. යම් දවසක කිසියම් සමිතියක සභාපතිකම ගැහැනු කෙනෙකුට දීලා ලේකම්කම පිරිමි කෙනෙකුට දුන්නාම ඔබ මවිත වෙනවා, ඒක හරි නැහැ නේද වගේ පොඩි අපුලක් දැනෙනවා, ගෑනුන්ට සභාපතිකම් කරන්න බැහැ වගේ පොඩි අදහස් කීපයක් ඔළුවට රිංගනවා. ඔබ නිකමටවත් හිතුවද ඔබට එහෙම හිතෙන්නේ ඔබට ඒ පිළිබඳ හිතාගන්න උදාහරණ නොතිබුණ නිසා කියල. නෝදාහරණ ගැටලුව (problem of having no examples) කියන්නේ අන්න ඒක. මේක මේ වගේ පොඩි දේවලට විතරක් නෙවේ. සමස්ත මානව චින්තනයට දැඩි සේ බලපාන ප්‍රශ්නයක්. හිතන්න අපි දන්න ආදරකතා ගැන. හැම තැනම ඉන්නේ කෙල්ලයි, කොල්ලයි. පුංචිකාලේ අහපු සාලිය-අශෝකමාලා වගේ කතාවල සිටම නූතන රෝමාන්තික නවකතා ගත්තත්, චිත්‍රපට, ටෙලිනාට්‍ය ගත්තත් හැම තැතනම ඉන්නේ කෙල්ලයි කොල්ලයි. ඉතිං මේ කෙල්ලයි කොල්ලයි පණවගේ ආදරය කරල කසාද බැඳල වයසට යනකොට මොකද වෙන්නේ. ‘ඉන්පසුව ඔවුහු සතුටින් කාලය ගතකළහ’ කියල කතාව ඉවර කළාට බුදු අම්මෝ.. ඒක මොන තරම් දීර්ඝ කාලයක්ද? ආදරය කළේ වසර තුනයි, හතරයි නැත්තං පහයි. කසාද බැඳල අවුරුදු 20ක් 30ක් 40ක් එකට ඉන්න ගියාම ආදරය කරන්නේ කොහොමඳ? ඒක එපා වෙන්නැද්ද? අපේ ඔළුවට චිත්‍රයක් එන්නේ නැහැ. මොකද අපට උදාහරණ නැහැ. උදාහරණ තිබුණත් අපි සමහර විට ඒවා අහල නැහැ. ඉඳල හිටල එහෙම ජීවත් වෙන පවුල් ගැන අහල තිබුණත් කොහොමද එහෙම වෙන්නේ කියල විස්තර කියන්න දන්නේ නැහැ. නෝදාහරණ ගැටලුවේ ස්වභාවය ඒකයි. මේ කතාව තවත් සංකීර්ණ තැනකට ගෙනියන්නම්. හිතන්න ඔබ දන්න හැම ආදරකතාවකම ඉන්නේ කොල්ලයි කෙල්ලයි. එහෙම තියෙද්දි, ඔබට දැන ගන්න ලැබුණොත් කොල්ලන් දෙන්නෙක් හරිම ආදරයෙන් පවුල් කනවා කියා, නැතිනම් කෙල්ලන් දෙන්නෙක් හරිම ආදරයෙන් ජීවත් වෙනවා කියා, ඔබට මොකද හිතෙන්නේ? ඒක ඔළුවට බෝම්බයක් ගැහුව වගේ. ඇයි? එහෙම උදාහරණයක් ඔබ අත්විඳල නැහැ. එහෙම ජීවත් වෙන්න පුළුවන් කියා ඔබ දන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒක මොනවගේද කියා චිත්තරූප මවා ගන්න අමාරුයි. සරලවම ඔබට උදාහරණ මතකයට එන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවා ඇති උදාහරණ නැතිකම මානව චින්තනයට මොනතරම් බලපෑමක් එල්ල කරනවාද කියා. දැන් මං හැරෙන්නම් මගේ සටහනේ දෙවැනි කාරණයට. ඒ තමයි පවුල්කෑම. මේ නෝදාහරණ කතාවයි පවුල්කෑමයි අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. මොහොතකට පවුල් කෑම අමතක කරල ඔබ තදින් පීඩා වින්ද මානසික ගැටලුවක් ගැන හිතන්න. මං උදාහරණයකට ගන්නම් කේන්ති යාම. එක්තරා පුද්ගලයෙකු ඉන්නවා, ඔහුට ලේසියෙන් කේන්ති යන්නේ නැහැ. කලාතුරකින් තමා කේන්ති යන්නේ. හැබැයි එදාට හැසිරෙන්නේ අමුම අමු තිරිසනෙකු විදිහට. කෑ ගහනවා, බණිනවා, බඩුමුට්ටු පොළොවෙ ගහනවා. බිත්තිවලට හයියෙන් ගහනවා. ඉතිං මේ හැසිරීම පවුලේ ඉන්න අනිත් අයට කරදයක්. ඒ විතරකුත් නෙවේ, ඒ පුද්ගලයාත් පසුව ඉතාම කණගාටුවට සහ මනස්තාපයට පත්වෙනවා තමුන්ගේ හැසිරීම ගැන. කොටින්ම කියනවා නම් තමුන් කිසි කමකට නැති ජීවිතය පිළිබඳ කිසි අවබෝධයක් නැති මෝඩ පුද්ගලයෙකු කියා තමුන් ගැනම හිතා ගන්නවා. මේ පුද්ගලයා මානසික ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කරනවා. එතකොට වෛද්‍යවරයා කියනවා, ‘ඔයා ඕක ගැන එච්චර හිතන්න එපා. නිතර කේන්ති නොගෙන සිතුවිලි හිර කරගන්න පෞරුෂයක් තියෙන කෙනෙකුට ඒක දරා ගන්න බැරි එක තැනකදි පුපුරා යනවා. එතකොට එයා හැසිරෙන්නේ ඔය වගේ තමා. මගේ ළඟට ඔය ලක්ෂණයම තියෙන තව ගොඩක් අය ඇවිත් තියෙනවා.’ මෙන්න මේ වචන ටික අර මුලින් කී පුද්ගලයාට මාරම සැනසීමක්. ඒ තමුන්ගේ කේන්තියට ප්‍රතිකාරයක් ලැබුණ නිසා නෙවේ, එහෙම හැසිරෙන එකම කෙනා තමුන් නොවන බව දැන ගැනීමයි ඒකට හේතුව. මෙන්න මෙහෙම තමා මේ උදාහරණ ගැටලුව ජීවිතයට බලපාන්නේ. පවුල් කන මිනිසුන්ගේ පවුල් අවුල් වෙන්න බලපාන එක වැදගත් සාධකයක් තමා, ‘සතුටින් දිවි ගෙවන්නේ කොහොමද’ කියා තව එකෙකුගේ පවුල් ජීවිතයක් දිහා බලලා, එහෙම නැත්තං බණකතාවක් කියවල, හාමුදුරුවන්ගෙන් බණ අහල, එහෙමත් නැත්තං නවකතාවක් හෝ වෙනත් නිර්මාණයක් බලල උදාහරණ හොයන්න යාම. පවුල් ජීවිතයක් ගත කරන්නේ එකිනෙකට වෙනස් මිනිසුන් දෙන්නෙක්. ඒ දෙන්නා කවමදාකවත් එකවගේ වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ. හැබැයි එකට ජීවත් වීමේදී ඔවුන්ගේ වෙනස්කම් එකට ගළපාගෙන එක සම්මතයකට එන්න ඕනේ. එහෙම ගොඩනඟන සම්මත කවමදාකවත් තව සම්මතයක් සමග සසඳන්න බැහැ. කොටින්ම කිව්වොත් හැම පවුලක්ම අනන්යලක්ෂණවලින් යුක්ත පවුලක්. ඒවා අනෙක් පවුල් සමග සසඳල තේරුම් ගන්න බැහැ. කොටින්ම කසාද බැඳපු දෙදෙනෙක් එකට ජීවත් වෙනකොට කොහොමද ජීවත් වෙන්න ඕනේ කියා තීරණය කරන්න ඕනේ උන් දෙන්නා. නැතිව කාගේවත් උදාහරණවලට අනුව තමුන්ගේ ජීවිතය හදා ගන්න ඕනේ නැහැ. මේ කතා කළේ පූර්ව දැනුම ගැන. දැන් චිත්‍රපටයට යමු. චිත්‍රපටයට පාදක වෙන්නේ මං අර මුලින් කීවා වගේ අපට නිතර හමු නොවන මාදිලියේ උදාහරණයක්. ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් ඉන්නවා. ඒ තමයි ජූල්. ජූල් කොයිතරම් ව්‍යාපර කටයුතුවලට දක්ෂද කියනවා නම් ඇය අවුරුදු පහක ව්‍යාපර ඉලක්ක මාස 11කින් සම්පූර්ණ කරගෙන තියෙනවා. ජූල්ගේ මේ හැකියාව තේරුම් ගන්න මැට්, ඒ කියන්නේ ඇයගේ සැමියා, තමුන්ට තිබුණු ඉතා හොඳ රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර නවතිනවා ජූල්ට එයාගේ කටයුතු කරගෙන යන්න අවස්ථාව දෙන්න. ජූල් හැමවිටම මේ ගැන ඉතා ඇගයීමෙන් කතා කරනවා. මේ දෙන්නට ඉන්නවා පේජ් කියල ලස්සන චූටි දුවක්. ඉතිං මේ චූටි දුවගේ වැඩ කටයුතු කරගෙන, ගෙදර උයන පිහන, රෙදිසෝදන ආදි සියලු වැඩ කරගෙන ඉන්නේ මැට්. ජූල් තමා හැමදාම උදේ ගිහිං තමුන්ගේ ආයතනයේ වැඩ කරල රෑවෙලා ගෙදර එන්නේ. සරලවම කියනවා නම්, අප දන්න සාම්ප්රදායයික පවුලක තියෙන සැමියා, බිරිඳ කියන භූමිකා දෙක සම්පූර්ණයෙන්ම අනෙක් අතට මාරු වෙලා තියෙන්නේ. දැන් මං ඔබෙන් මෙහෙම අහන්නම්. සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම ගැහැනියක් ඉන්නවා කියන කතාව ඔබ අහල තියෙනවා නේ. එහෙම වෙන්නේ, සම්ප්රදායය, ආර්ථිකය, ඇතැම්විට ආගම ආදි සෑම අංශයකින්ම ඒ සඳහා ඉඩ දීලා තියෙන නිසා. ඒක අනුමත කරන නිසා. ගැහැනිය, තමුන්ගේ සැමියාට ආදරය කරන නිසා ඒ සංස්කෘතික වගකීම ඉතා ආදරයෙන් වැළඳගන්නවා. ඒ සංස්කෘතිය හෝ වෙනත් දෙයකට ඇති බය නිසා නෙවේ. තමුන්ගේ සැමියට තියෙන ආදරය නිසා. මං මේ කතාව පටන් ගත්තේ ඔබ පිරිමියෙකුද කියන ප්රශ්නය මතු කරමින්නේ. දැන් හිතන්න, ඔබ ඔබේ බිරිඳට අතිශයින් ආදරෙයි. ඇය ඉතා දක්ෂතාවලින් පිරුණු කාන්තාවක්. ඇයට අත දුන්නොත් සෑහෙන දුරක් යන්න පුළුවන්. ඔබ සූදානම්ද මැට් කළා වගේ ගෙදර නතර වෙලා, බිරිඳව රැකියාවට යවන්න. නැතිනම් ඇය කරන කිසියම් වෘත්තියක් වෙත යොමු කරන්න? දැන් ඔබේ හිතට නානාප්‍රකාර සිතුවිලි එනවා නම්, මගේ අම්මව මතක් කරල මට බණින්න හිතෙනවා නම්, තේරුම් ගන්න ඔබ මුහුණ දීලා තියෙන්නේ නෝදාහරණ ගැටලුවට. මෙතැනදි හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමා, විවාහ ජීවිතයේදී උස්-පහත් කියා චරිත නැහැ. දෙන්නම එකිනෙකාට සමානයි. ‘මං මේ බිරිඳගෙ සල්ලිවලින් කාල බීල ඉන්නෙ’ වගේ ගොං කතා එතනදි අදාළ නැහැ. අදාළ වෙන්නේ එකිනෙකා තමුන් ගැන මොන තරම් අවබෝධයකින් පසුවෙනවා ද යන්න විතරයි. චිත්‍රපටය මෙතැනින් නතර වෙන්නේ නැහැ. ජූල් ව්‍යාපාරික කාන්තාවක් වශයෙන් අතිශය සාර්ථක වෙන අතරම බිරිඳක් වශයෙන් අසාර්ථක වෙනවා. ඇයි ද කියනවා නම්, මැට් ආදරබර සැමියෙකු වශයෙන්, පියෙකු වශයෙන් ඔහුගේ වගකීම් ඉටුකරන අතරම ජූල්ගෙන් ඔහුට ලැබිය යුතු යම් ‘යම් දෙයක්’ නොලැබෙන බව තේරුම් ගෙන අනියම් සම්බන්ධයක් පවත්වන්න පටන් ගන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom