Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෝදාහරණ ගැටලුව, පවුල් කෑම සහ The Intern
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මුලදි හිතුණා මෙය විය යුතුයි කතාවේ උද්වේගකර අවස්ථාව කියා. ඇත්තටම ඒක නෙවේ. මෙතැන, මේයර්ස් කරන්නේ සාම්ප්‍රදායික පුරුෂවාදී චෝදනාවක් කනපිට ගහල ඇසීම. කොටින්ම කියනවා නම්, පිරිමි චෝදනාවක් ගැහැනු හඬකින් මතුකිරීම. මැට්ට මඟ හැරුණු, නොලැබුණු ඒ යම් දෙය මොකද්ද කියා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ චෝදනාව හරියට තේරුම් ගත්තොත් විතරයි. ඒ මෙහෙමයි.

එක්තරා පිරිමියෙකු හිතනවා,

මං රස්සාවක් කරනවා කියල විනෝද වෙන එක නෙවේ කරන්නේ. මං මුළු ජීවිතයම කැප කරල තියෙන්නේ පවුල වෙනුවෙන්. මං ගෙදරට අවශ්‍ය හැමදේම සපයනවා. බිරිඳ ඉල්ලන ඕනෑ දෙයක් ගෙනත් දෙනවා. ඇයට තියෙන්නේ ගෙදරට වෙලා දරුවාව බලාගෙන ඉන්න. මං මගේ පැත්තෙන් වෙන ඕන හැම යුතුකමක්ම කරද්දිත් මේ ගෑනි වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් පවත්වල නේ.

මේයර්ස් කියන්නේ නැහැ, මේ චෝදනාව බොරු කියල. ඇය කියන්නේ, මේ චෝදනාව පිටුපස තියෙන පිරිම හඬ බොරුවක් කියලා. යම් හෙයකින් කාන්තා, පිරිමි භූමිකා වෙනස් වුණොත් මේ චෝදනාවම ගෑනු හඬකින් අසන්න පුළුවන් කියන කතාවයි ඇය මෙතැන මතු කරන්නේ.

කාන්තාවන් සහ පිරිමින් අනියම් සම්බන්ධතාවලට පෙළෙඹීම පිටුපස තියෙන සංකීර්ණ මානසික ක්‍රියාවලිය ගැනත් ඒවගේ වෙලාවකදී තමුන්ගේ පවුල් ජීවිතය බේරා ගන්නේ කොහොමද වගේ කරුණු ගැනත් මං වෙලාව තිබුණොත් වෙනම ලියන්නම්. (හැබැයි පොරොන්දු වෙන්න බැහැ.) දැනට චිත්‍රපටයට පමණක් අදාළව කියන්නම්. අවධාරණයෙන් කියන්නේ, ජූල් සහ මැට් කියන්නේ වෙනම පවුලක්. තවත් එක උදාහරණයක්. නැතිව ඔබේ ජීවිතයට ගත යුතු පරම ආදර්ශය නෙවේ.

සැමියා, බිරිඳ කියන ලිංගවාචී වචන අයින් කළොත්, ආදරයෙන් ජීවිතය එකිනෙකා සමග බෙදා ගන්න දෙන්නෙකු තුළ තිබිය යුතුම අනිවාර්ය ලක්ෂණයක් තමා තමුන්ගේ ජීවිතයේ එක්තරා කොටසක වැදගත් භූමිකාවක් තමුන්ගේ අනෙකා වෙත පවරා තිබීම. යම් රැකියාවක, විශේෂිත ව්‍යාපෘතියක, කලා කටයුත්තක නිරත වෙලා ඉන්න බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමා, තමුන් කරන දේ ගැන අනෙක් කෙනාට එච්චර අවබෝධයක් නැහැ කියා සිතීම. ඇත්ත, ඔබ කලාකරුවෙකු නම්, කලාව පිළිබඳ ඔබට තරම් දැනුමක්, කියවීමක් ඔබේ ජීවන සහකරුට නැතිවෙන්න පුළුවන්. සමහර විට කියන්න හැදුවට එයාට තේරුම් ගන්නත් අමාරු වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී දෙන්න අතින්ම වරදක් සිදුවෙනවා.

හිතන්න, යම් වෘත්තියක නිරත වෙන තැනැත්තා ඔබ කියල. කාලයත් සමග ඔබ හිතන්න පෙළෙඹෙනවා, ඔබේ වෘත්තීය කටයුතු ගැන ඔබේ අනෙකා සමග කතා කරල තේරුමක් නැති නිසා, ඒවා එයාගේ ඔළුවට දාන්න හොඳ නැහැ කියා. සමහර විට ආදරයට මේක කරන්න ඉඩ තියෙනවා. වෘත්තිය පරිසරයේ තියෙන අධික මානසික පීඩනය තමුන්ගේ අනෙකා මතට දාලා එයාවත් විඳවන තත්ත්වයට ගේන්නේ නැතිව, තමුන් විතරක් ඒ බර දරා ගත යුතුයි වගේ හැඟීමක් ඇති වෙන්නත් පුළුවන්.

අනෙක් අතට, ඔබේ අනෙකාට හිතෙන්න පුළුවන් තමුන් කළ යුතු හොඳම දේ ඔබේ වැඩ කටයුතුවල ඇඟිලි ගහන්නේ නැතිව තමුන්ට පැවරුණ කටයුත්ත විතරක් කරගෙන සිටීම නිවැරදි ක්‍රමය කියා. ඇත්තටම මේ දෙකම වැරදි අවබෝධයන්. මේකෙන් වෙන්නේ, කාලයත් සමග ඔවුන්ගේ ජීවිත එකිනෙකට වෙනස් ලෝක දෙකක් බවට පත්වීම. ඔවුන් එක ගෙදර ජීවිත දෙකක් ගතකරන තත්ත්වයට පත් වෙනවා.

ජූල්ට සිද්ධ වෙන්නෙත් මේක. ජූල් තමුන්ගේ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරියා. ඉතිං ජූල්ට එතැන වැඩ කරන සුළු සේවකයාගේ සිට ඉහළ කළමනාකාරිත්වයේ සිටින නිලධාරීන්ගේ ප්‍රශ්නවලටත් ඇහුම්කන්න දෙන්න වෙනවා. ඒවා ඇතැම්විට වෘත්තීමය ගැටලු. ඇතැම්විට ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්න. ඇතැම්විට මානසික ප්‍රශ්න. ඒ කුමක් වුවත් ජූල්ට ඒවා දරාගන්නත් ඒවාට මුහුණ දෙන්නත් වෙනවා. නැතිනම් ඇගේ ව්‍යාපරය සාර්ථක කරගන්න බැහැ. මේ නිසා, ජූල් කැමති නැහැ තමුන්ගේ සැමියත් තමුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන කෙනෙකු වෙනවාට. ඉතිං හැම කාර්යබහුල පුද්ගලයෙකුම කරන මෝඩ වැඩේ ජූල් කරනවා. ඒ තමයි, තමුන්ගේ ප්‍රශ්න මැට්ට කිව්වොතින් එයත් එයාගේ ප්‍රශ්න තමුන්ට කියාවි කියා හිතලා, තමුන්ගේ ව්‍යාපර කටයුතුවල ගැටලු, මතුවෙන ආවේග සියල්ල ව්‍යාපාරය තුළම විසඳගෙන ඉන්න කල්පනා කරනවා. ඇයට පෞද්ගලික ලේකම් - පිරිමි - කෙනෙක් ඉන්නවා. ඇය සියලු ආවේග, ප්‍රශ්න බෙදා ගන්නේ ඔහු සමග. තමුන්ගේ සැමියට වද දෙන්න හිතන්නේ නැහැ.

ඇත්තටම විය යුත්තේ එය නොවේ. කොයි තරම් අසීරු වුණත්, තමුන්ගේ වෘත්තීය ජීවිතයේ අනිවාර්ය කොටසක් තමුන්ගේ ජීවන සහකරුට ඉතිරි කරන්න. තමුන්ගේ බරපතලම මානසික ආතතිය පිට කරන තැන තමුන්ගේ ලේකම් නොවී තම සහකරු කරගන්න. උත්තරය තියෙන්නේ එතැන. ‘මං කියන දේ මගේ වයිෆ්ට තේරෙන්නැහැ’ කියන්න එපා. තේරෙන විදිහට කියා දෙන්න බලන්න. ඇයගෙන් ඉල්ලන්න ඒ පිළිබඳ ටිකක් ඉගෙන ගන්න කියා. ‘මේ දේවල් මහත්තයට කියල තේරුමක් නැහැ’ කියල හිතන්න එපා. කියල බලන්න. දෙදෙනාම හොඳට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. මුකුත්ම කියන්න දන්නැතිනම් ඇහුම්කන් දෙන එකත් ලොකු දෙයක්.

කසාද බැඳපු මිනිසුන් ආදරය කරන්නේ එහෙම.

බිරිඳට තේ එකක් හදල දුන්නොත් අපායට යනවා කියල හිතං ඉන්න මිනිසුන් ඉන්න රටකට The Intern කියන්නේ න්‍යෂ්ටික බෝම්බයක් ගැහුවා වගේ චිත්‍රපටයක් බව මං දන්නවා. ඒත් මං කැමතියි ඒ බෝම්බය හෙළන්න. විවාහය කියන දේ ගැන වෙනම මානයකින් බලන්න මේ චිත්‍රපටය ලොකු උදව්වක්.

මං

බර්ට්‍රම් ජී. ලියනගේ

[QUOTE="todd2231048, post: 28966137, member: 96568"] මට මුලදි හිතුණා මෙය විය යුතුයි කතාවේ උද්වේගකර අවස්ථාව කියා. ඇත්තටම ඒක නෙවේ. මෙතැන, මේයර්ස් කරන්නේ සාම්ප්‍රදායික පුරුෂවාදී චෝදනාවක් කනපිට ගහල ඇසීම. කොටින්ම කියනවා නම්, පිරිමි චෝදනාවක් ගැහැනු හඬකින් මතුකිරීම. මැට්ට මඟ හැරුණු, නොලැබුණු ඒ යම් දෙය මොකද්ද කියා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ චෝදනාව හරියට තේරුම් ගත්තොත් විතරයි. ඒ මෙහෙමයි. එක්තරා පිරිමියෙකු හිතනවා, මං රස්සාවක් කරනවා කියල විනෝද වෙන එක නෙවේ කරන්නේ. මං මුළු ජීවිතයම කැප කරල තියෙන්නේ පවුල වෙනුවෙන්. මං ගෙදරට අවශ්‍ය හැමදේම සපයනවා. බිරිඳ ඉල්ලන ඕනෑ දෙයක් ගෙනත් දෙනවා. ඇයට තියෙන්නේ ගෙදරට වෙලා දරුවාව බලාගෙන ඉන්න. මං මගේ පැත්තෙන් වෙන ඕන හැම යුතුකමක්ම කරද්දිත් මේ ගෑනි වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් පවත්වල නේ. මේයර්ස් කියන්නේ නැහැ, මේ චෝදනාව බොරු කියල. ඇය කියන්නේ, මේ චෝදනාව පිටුපස තියෙන පිරිම හඬ බොරුවක් කියලා. යම් හෙයකින් කාන්තා, පිරිමි භූමිකා වෙනස් වුණොත් මේ චෝදනාවම ගෑනු හඬකින් අසන්න පුළුවන් කියන කතාවයි ඇය මෙතැන මතු කරන්නේ. කාන්තාවන් සහ පිරිමින් අනියම් සම්බන්ධතාවලට පෙළෙඹීම පිටුපස තියෙන සංකීර්ණ මානසික ක්‍රියාවලිය ගැනත් ඒවගේ වෙලාවකදී තමුන්ගේ පවුල් ජීවිතය බේරා ගන්නේ කොහොමද වගේ කරුණු ගැනත් මං වෙලාව තිබුණොත් වෙනම ලියන්නම්. (හැබැයි පොරොන්දු වෙන්න බැහැ.) දැනට චිත්‍රපටයට පමණක් අදාළව කියන්නම්. අවධාරණයෙන් කියන්නේ, ජූල් සහ මැට් කියන්නේ වෙනම පවුලක්. තවත් එක උදාහරණයක්. නැතිව ඔබේ ජීවිතයට ගත යුතු පරම ආදර්ශය නෙවේ. සැමියා, බිරිඳ කියන ලිංගවාචී වචන අයින් කළොත්, ආදරයෙන් ජීවිතය එකිනෙකා සමග බෙදා ගන්න දෙන්නෙකු තුළ තිබිය යුතුම අනිවාර්ය ලක්ෂණයක් තමා තමුන්ගේ ජීවිතයේ එක්තරා කොටසක වැදගත් භූමිකාවක් තමුන්ගේ අනෙකා වෙත පවරා තිබීම. යම් රැකියාවක, විශේෂිත ව්‍යාපෘතියක, කලා කටයුත්තක නිරත වෙලා ඉන්න බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමා, තමුන් කරන දේ ගැන අනෙක් කෙනාට එච්චර අවබෝධයක් නැහැ කියා සිතීම. ඇත්ත, ඔබ කලාකරුවෙකු නම්, කලාව පිළිබඳ ඔබට තරම් දැනුමක්, කියවීමක් ඔබේ ජීවන සහකරුට නැතිවෙන්න පුළුවන්. සමහර විට කියන්න හැදුවට එයාට තේරුම් ගන්නත් අමාරු වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී දෙන්න අතින්ම වරදක් සිදුවෙනවා. හිතන්න, යම් වෘත්තියක නිරත වෙන තැනැත්තා ඔබ කියල. කාලයත් සමග ඔබ හිතන්න පෙළෙඹෙනවා, ඔබේ වෘත්තීය කටයුතු ගැන ඔබේ අනෙකා සමග කතා කරල තේරුමක් නැති නිසා, ඒවා එයාගේ ඔළුවට දාන්න හොඳ නැහැ කියා. සමහර විට ආදරයට මේක කරන්න ඉඩ තියෙනවා. වෘත්තිය පරිසරයේ තියෙන අධික මානසික පීඩනය තමුන්ගේ අනෙකා මතට දාලා එයාවත් විඳවන තත්ත්වයට ගේන්නේ නැතිව, තමුන් විතරක් ඒ බර දරා ගත යුතුයි වගේ හැඟීමක් ඇති වෙන්නත් පුළුවන්. අනෙක් අතට, ඔබේ අනෙකාට හිතෙන්න පුළුවන් තමුන් කළ යුතු හොඳම දේ ඔබේ වැඩ කටයුතුවල ඇඟිලි ගහන්නේ නැතිව තමුන්ට පැවරුණ කටයුත්ත විතරක් කරගෙන සිටීම නිවැරදි ක්‍රමය කියා. ඇත්තටම මේ දෙකම වැරදි අවබෝධයන්. මේකෙන් වෙන්නේ, කාලයත් සමග ඔවුන්ගේ ජීවිත එකිනෙකට වෙනස් ලෝක දෙකක් බවට පත්වීම. ඔවුන් එක ගෙදර ජීවිත දෙකක් ගතකරන තත්ත්වයට පත් වෙනවා. ජූල්ට සිද්ධ වෙන්නෙත් මේක. ජූල් තමුන්ගේ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරියා. ඉතිං ජූල්ට එතැන වැඩ කරන සුළු සේවකයාගේ සිට ඉහළ කළමනාකාරිත්වයේ සිටින නිලධාරීන්ගේ ප්‍රශ්නවලටත් ඇහුම්කන්න දෙන්න වෙනවා. ඒවා ඇතැම්විට වෘත්තීමය ගැටලු. ඇතැම්විට ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්න. ඇතැම්විට මානසික ප්‍රශ්න. ඒ කුමක් වුවත් ජූල්ට ඒවා දරාගන්නත් ඒවාට මුහුණ දෙන්නත් වෙනවා. නැතිනම් ඇගේ ව්‍යාපරය සාර්ථක කරගන්න බැහැ. මේ නිසා, ජූල් කැමති නැහැ තමුන්ගේ සැමියත් තමුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන කෙනෙකු වෙනවාට. ඉතිං හැම කාර්යබහුල පුද්ගලයෙකුම කරන මෝඩ වැඩේ ජූල් කරනවා. ඒ තමයි, තමුන්ගේ ප්‍රශ්න මැට්ට කිව්වොතින් එයත් එයාගේ ප්‍රශ්න තමුන්ට කියාවි කියා හිතලා, තමුන්ගේ ව්‍යාපර කටයුතුවල ගැටලු, මතුවෙන ආවේග සියල්ල ව්‍යාපාරය තුළම විසඳගෙන ඉන්න කල්පනා කරනවා. ඇයට පෞද්ගලික ලේකම් - පිරිමි - කෙනෙක් ඉන්නවා. ඇය සියලු ආවේග, ප්‍රශ්න බෙදා ගන්නේ ඔහු සමග. තමුන්ගේ සැමියට වද දෙන්න හිතන්නේ නැහැ. ඇත්තටම විය යුත්තේ එය නොවේ. කොයි තරම් අසීරු වුණත්, තමුන්ගේ වෘත්තීය ජීවිතයේ අනිවාර්ය කොටසක් තමුන්ගේ ජීවන සහකරුට ඉතිරි කරන්න. තමුන්ගේ බරපතලම මානසික ආතතිය පිට කරන තැන තමුන්ගේ ලේකම් නොවී තම සහකරු කරගන්න. උත්තරය තියෙන්නේ එතැන. ‘මං කියන දේ මගේ වයිෆ්ට තේරෙන්නැහැ’ කියන්න එපා. තේරෙන විදිහට කියා දෙන්න බලන්න. ඇයගෙන් ඉල්ලන්න ඒ පිළිබඳ ටිකක් ඉගෙන ගන්න කියා. ‘මේ දේවල් මහත්තයට කියල තේරුමක් නැහැ’ කියල හිතන්න එපා. කියල බලන්න. දෙදෙනාම හොඳට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. මුකුත්ම කියන්න දන්නැතිනම් ඇහුම්කන් දෙන එකත් ලොකු දෙයක්. කසාද බැඳපු මිනිසුන් ආදරය කරන්නේ එහෙම. බිරිඳට තේ එකක් හදල දුන්නොත් අපායට යනවා කියල හිතං ඉන්න මිනිසුන් ඉන්න රටකට The Intern කියන්නේ න්‍යෂ්ටික බෝම්බයක් ගැහුවා වගේ චිත්‍රපටයක් බව මං දන්නවා. ඒත් මං කැමතියි ඒ බෝම්බය හෙළන්න. විවාහය කියන දේ ගැන වෙනම මානයකින් බලන්න මේ චිත්‍රපටය ලොකු උදව්වක්. මං බර්ට්‍රම් ජී. ලියනගේ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom