නෝර්වේජියානු පුවත්පතේ ආයෙත් මොහොමඞ්තුම&#

Sakibura

Member
Sep 20, 2009
226
10
0
නෝර්වේජියානු පුවත්පතේ ආයෙත් මොහොමඞ්තුම&#

http://www.toplankanews.com/index.p...738:2010-01-09-01-25-03&catid=4:yaka&Itemid=2

නෝර්වේජියානු පුවත්පතේ ආයෙත් මොහොමඞ්තුමාගේ කාටුන් චිත‍්‍ර Written by රිෂානා Saturday, 09 January 2010 01:21 Top Lanka News ජනවාරි 8
නෝර්වේජියානු පුවත්පතක Jyllands Posten 2005 වසරේදී මොහොමඞ්තුමාගේ කාටුන් චිත‍්‍ර 12 ක් පළවිය. ඉන් කිහිපයකින්ම මරාගන මැරෙන බෝම්බ පිපිරවිම ඇතුලූ විවිධ ත‍්‍රස්ත ක‍්‍රියා ඉදිරිපත් කළ කාටුන් ශිල්පියා ප්‍රොපට්තුමා ත‍්‍රස්තවාදී ආගමක නායකයෙක් බව පෙන්විමට උත්සාහ දරා තිබුණි. මේ කාටුන් චිත‍්‍ර ලොව පුරා වෙසෙන ඉස්ලාම් ආගමිකයින් වේදනාවට හා කෝපයට පත් කිරිමට සමත්වීම පුදුමයට කාරණයක් නොවේ.

පසුගිය සතියේ පොරවක් හා පිහියක් ඇති සෝමාලියානු මුස්ලිම් තරුණයෙක් මෙම කාටුන් චිත‍්‍ර ඇන්ද ශිල්පියාව විනාශ කිරිම සදහා ඔහුගේ වත්තට ඇතුල්වී පොලිසියට හසුවිය. සෝමාලියානුවා ත‍්‍රස්තවාදි ක‍්‍රියාවක නියැලූනත් ඔහු ත‍්‍රස්තවාදියෙක් බවට පත්කළේ කවුද? මෙම කාටුන් චිත‍්‍ර ශිල්පියා නොවේද?

නෝර්වේජියානු පුවත්පත යළිත් වරක් ඒ කාටුන් චිත‍්‍ර පළකර තිබේ. ඉස්ලාම් ආගමිකයින් අකමැති දෙයක් මේ ආකාරයෙන් යළි යළි කිරීම කලාවේ නාමයෙන් සිදුකරන පහත් ක‍්‍රියාවකි.
ඇල්ටීටීඊ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට නොයෙක් අයුරින් උපකාර කරමින් ත‍්‍රස්තවාදයට උඩගෙඩිදුන්නේ නොර්වේජියාවයි. නෝර්වේජියාව තවමත් ඇල්ටිටීඊයට උපකාර කරයි. මේ අතර නෝවේජියානු පුවත්පතක් ඉස්ලාම් ආගමිකයින් ත‍්‍රස්තවාදින් බව පෙන්නමින් ප්‍රොපට්තුමාට නින්දා කරන කාටුන් චිත‍්‍ර පළකිරිමෙන් පෙනෙන්නේ මේ රට දෙබිඩි ප‍්‍රතිපත්තියක් අනුගමණය කරන පිළිවෙලයි.