මෙයට වසර කීපයකට පෙර නෝර්වේ ත්‍රස්‌ත විරෝධී සංවිධානයේ ප්‍රධානී පොල්ක් ආර්. රොවික් මෙරටට පැමිණ නෝර්වේ රජය කොටි ඝාතක සමාගමට සහාය වන අයුරු අනාවරණය කළේය.
මෙහිදී සෝල්හයිම් පැවසුවේ මේ නෝර්වීජියානුවා අපට හිසරදයක් බවයි. ත්‍රස්‌තවාදය ආපසු පාරාවලල්ලක් වනු ඇතැයි රෝවික් අනතුරු ඇඟවීය.
එහෙත් අනතුරු ඇඟවීම ගැන තැකීමක් වූයේ නැත. අද එහි ප්‍රතිඵලය පැහැදිලිය. නෝර්වේහි උග්‍ර ජාතිවාදය අගමැති ජෙන්ස් ස්‌ටෝල්ටන්බර්ග්, එරික් සෝල්හයිම්, විදාර් හෙල්ෙ-සන්, ජෝන් වෙස්‌ට්‌බර්ක් ඇතුළු කොටි හිතවාදීන් වෙත සම්ප්‍රාප්ත විය. ප්‍රභාකරන්ගෙන් ස්‌වර්ණමය සම්මාන ලැබුවේ විදාර් හෙල්ඡේසන් සහ හැන්ස් බ්‍රට්‌ස්‌කාර් බව අමතක කළ යුතු නැත.
මේ පසුබිම මැද නෝර්වේ රාජ්‍යයට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරය දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය ඵලදීමකි. ත්‍රස්‌තවාදයේ නියම "රසය" සෝල්හයිම්ලාට දැන්වත් දැනගැනීමට ඉඩ ලැබී තිබේද යන්න විමසිය යුතුව ඇත.
මේ රටේ එන්.ජී.ඕ. කාරයින්ද නෝර්වේ වෙත එල්ලවූ ජාතිවාදී ත්‍රස්‌ත ප්‍රහාරයෙන් කම්පනයට පත්වනු නියතය. ඔවුන් සිය දිවි නසා නොගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මේ ප්‍රහාරය ගැන සෝල්හයිම් හා අගමැති ස්‌ටොල්ටන්බර්ග් පවසන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ ප්‍රහාරයක් බවයි. එසේනම් කොටි ඝාතක සමාගම මෙරටට එල්ල කළ ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ ප්‍රහාර නොවන්නේද?
ප්‍රභාකරන්ට උදව් කළ නෝර්වේ කොටි නායක නෙදියවන් ඇතුළු කොටි ත්‍රස්‌තයන් සිටින්නේ ද නෝර්වේ රාජ්‍යයේයි. කොටින්ගේ ටැමිල් නෙට් වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේද ඔස්‌ලෝ නගරයේයි.
ටැමිල් නෙට් තවමත් ශ්‍රී ලංකාවට එරෙහිව ත්‍රස්‌තවාදී කටයුතු මෙහෙයවයි.
මේ පසුබිම යටතේ නෝර්වේ වෙත ප්‍රහාර එල්ලවීම ඔවුන්ගේම ජාතිවාදීන්ගේ ක්‍රියාදාමයක් යෑයි පැහැදිලිය. නෝර්වේ බලධාරීහු මෙතෙක් ලෝක ප්‍රජාවට පෙන්නුම් කළේ නෝර්වේහි ජාතිවාදීන් නොමැති බවයි.
එහෙත් සිදුවූයේ කුමක්‌ද? මගේ දෛවය වෙනස් කිරීමට කිසිම ජගතකුට නොහැකි යෑයි පැවසුවේ ප්‍රභාකරන්ය. නෝර්වේ රජය ද අදහස් කළේ සිය දෛවය වෙනස් කළ නොහැකි බවයි. එහෙත් ඇන්ඩර්ස් බ්‍රේවික් නමැති ජාතිවාදියා නෝර්වේහි දෛවය එක මොහොතකින් වෙනස් කළේය. කොටින්ව "ගරිල්ලන්" ලෙස හැඳින්වූ නෝර්වේ මාධ්‍ය ඇන්ඩර්ස් බ්‍රේවික්‌ව ත්‍රස්‌තවාදියකු ලෙස හඳුන්වයි.
මේ ප්‍රහාරවලදී මියගියේ සිවිල් වැසියන්ය. සිවිල් වැසියන් ත්‍රස්‌ත ප්‍රහාරවලින් මියයැම කිසිසේත් අනුමත කළ නොහැකිය. එහෙත් ප්‍රභාකරන්ගේ මහ බැංකු ප්‍රහාරයෙන් 200 කට අධික රජයේ නිලධාරීන් හා සාමාන්‍ය වැසියන් ඝාතනය යෙද්දී නෝර්වේ රාජ්‍යය කටයුතු කළේ කෙසේද යන්න අමතක නොවේ.
නෝර්වේ අගමැති ස්‌ටොල්ටනබර්ග් මියගිය සිවිල් වැසියන් සැමරීමේ දේව මෙහෙය අමතා මෙසේ පැවසීය. "ලෝක යුද්ධයෙන් පසු නෝර්වේ මුහුණපෑ විශාලතම ම්ලේච්ඡ ක්‍රියාව මෙයයි. කම්පනය, ක්‍රෝධය, වේදනාව, අසහනකාරීත්වය පැය ගණන්, දින ගණන් සහ රාත්‍රියන් පුරා පවතී. මෙය ජාතික විපතකි."
ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක සමාගම මරදාන, පිටකොටුව, නුගේගොඩ, රාජගිරිය, කොටුව, පිළියන්දල, කැබිතිගොල්ලෑව ඇතුළු ස්‌ථාන රැසක බෝම්බ පුපුරුවමින් පාසල් ළමුන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කරද්දී අගමැති ජෙන්ස් ස්‌ටොල්ටන්බර්ග්ලාට වේදනාව දැනුනේ නැත.
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු වරක් මෙසේ පවසා තිබිණි. "ත්‍රස්‌තවාදයට උපකාර වන්නන් වෙත ත්‍රස්‌තවාදය ආගමනයවීමේ දිනය එතරම් ඈතක නෑත."
නෝර්වේ රාජ්‍යයට සිදුවූයේ එයයි. මෙහිදී නෝර්වේ ත්‍රස්‌ත ප්‍රහාර ගැන දැඩි ලෙස කම්පනයට පත්වී ඇත්තේ කොටි ත්‍රස්‌තයන්ය. ප්‍රභාකරන්ගේ සියලු ත්‍රස්‌ත ප්‍රහාරවලට සහාය වූ ඇමරිකානු කොටි එAජන්ත රුද්‍රකුමාරන් විසින් ඊළාම් ජනතාවගේ ශෝකය මැයෙන් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙය ත්‍රස්‌තවාදය දියත් කළවුන්ව ත්‍රස්‌ත ක්‍රියා ගැන කනගාටුවීමකි. ඔස්‌ලෝහි ත්‍රස්‌ත ප්‍රහාරය නෝර්වේ රාජ්‍යයට දෙන පාඩම නම් ත්‍රස්‌තවාදයට සහාය නොවිය යුතු බවයි. එහෙත් එA පාඩම ඉගෙනගන්නේද?