පක් මත්තල

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
මත්තල ගුවන් යානයක මොණරුන් වැදීමෙන් පසු පළාතේම මොණරුන් ඝාතනය කරන්නැයි රාජපක්ෂලා උපදෙස් දීලා--------

පසුගියදා මත්තලින් ගුවන් ගත කළ යානයක මොණරුන් දෙදෙනෙක් හැපීමෙන් සිදුවූ අනතුර වැනි දෑ ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා එම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මොණරුන් මරා දැමීමට මැදමූලන රාජපක්ෂ රෙජීමය උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ එච්.එම්.සී. නිමල්සිරි නමැත්තා පවසා ඇත්තේ මොණරා බෞද්ධයන්ගේ සහ හින්දූන්ගේ ඇදහීමට පාත්‍ර වී ඇති නමුත් මොණරුන් මහා පරිමාණයෙන් මත්තලින් 'ඉවත් කිරීමට' තමන් කටයුතු කරන බවයි. මේ 'ඉවත් කිරීම' යනු කුමක්දැයි ඔහු පවසා නැත. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන්නේ මෙකී 'ඉවත් කිරීම' නම් 'මරා දැමීම' බවයි. නිමල්සිරි නමැති මරාවාදී ගොබ්බයාගේ අදහස වී ඇත්තේ මත්තල කතරගම දේවාලයට කිට්ටුව පිහිටා ඇති බැවින් මොණරා කතරගම දෙවියන්ගේ වාහනය නිසා බෞද්ධයන් සහ හින්දූන් මොණරා මස් සඳහා මරා නොදමන බැවින් ප්‍රදේශයේ මොණර ගහණය වැඩි වී තිඛෙන බවයි. එනමුත් මොණරුන් මත්තලින් 'ඉවත් කිරීම' අත් හැර නොමැති බවද නිමල්සිරි වහසි බස් දොඩවා තිබේ. ඔහු මේ ප්‍රකාශයන් කර ඇත්තේ සති අන්ත ඉංග්‍රීසි පුවත් පතකට ය.

මොණරුන් මැරීමට රහසේ ක්‍රියා කරන රාජපක්ෂ රෙජීමය චෝගම් සමුළුව වෙනුවෙන්ද සියගණනක් සුනඛයන් රහසේම ඝාතනය කළ බව ඇමැති බිරිඳක් විසින්ම හෙළි කළාය.

මත්තල ගුවන් තොටුපොල ඉදිකිරීමට ප්‍රථම මෙය ඉදිකෙරෙන්නේ ලොව නැගෙනහිර කුරුළු සංක්‍රමණික මාර්ගයේ මැද බවත්, සෑම වසරකම සැප්-ඔක් සහ මාර්තු-අප්‍රේල් මාස වලදී මෙහි කුරුළු ක්‍රියාකාරිත්වය අධික වන බවත් ඒ නිසා මත්තල ගුවන් තොටුපොලක් ඉදිකිරීමට නුසුදුසු බව 2007 දී මත්තල ශක්‍යතා වාර්තාව හදද්දී තමා විසින් පෙන්වා දුන්නද කිසිවෙක් ඊට ඇහුම්කන් නුදුන් නමුත් දැන් එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුව ඇතැයි ප්‍රකට පරිසර වේදියෙකු වන ජගත් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මෙසේ පවසා ඇත්තේ පසුගියදා මත්තලින් පිටත්ව යෑමට ගිය ගුවන් යානයක මොණරුන් දෙදෙනෙකු හැපීමෙන් යානය අනතුරට ලක්වී හදිසි ගොඩබෑමක් සිදුකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

දැන අනතුරට පත්ව සිටින්නේ කුරුල්ලන් සහ වන ජීවීන් පමණක් නොවේ ගුවන් ගමන් යන මගීන් ගේ ජීවිත පවා අනතුරට ලක්ව ඇතැයි ඔහු පවසයි.

ගුවන් යානා වල කුරුල්ලන් වැදීම ලෝකයේ තවත් ස්ථාන වල සිදුවුවද ඒවා ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක් වන නමුත් මත්තල ඇති විශේෂත්වය නම් මත්තල ගුවන් තොට පිහිටා ඇත්තේ දස දහස් ගණන් සංක්‍රමනික පක්ෂීන් සහ වන ජීවීන් ඉතාමත් බහුල ප්‍රදේශයක් යැයි කොළඹ සරසවියේ සත්ව විද්‍යා ආචාර්ය දේවක වීරකෝන් මහතා පවසයි.

තමා මෙම ගුවන් තොටුපොල වීරවිල හැදීමට යද්දී ශක්‍යතා කමිටුවේ සිටි නමුත් එය කිසියම් හේතුවක් නිසා මත්තලට ගෙන යද්දී එවැනි ශක්‍යතා කමිටුවක් නොතිබූ බවත් මත්තල ඉදිකිරීම් ඉතාමත් හදිසියේ සිදුකරන ලද බවත් ආචාර්ය වීරකෝන් පවසයි.

වන ජීවී ගහණය අතින් මත්තලට වඩා වීරවිල ඉතාමත් අඩු බැවින් මෙය වීරවිල හැදුවා නම් මෙවන් විපත් සිදු නොවන බව මොණරුන් දෙදෙනෙක් වැදීමෙන් සිදුවූ මත්තල ගුවන් අනතුර ගැන සඳහන් කරමින් ආචාර්ය වරයා පවසයි. පොළොව මට්ටමේ සිට මීටර් 500 කට උඩදී මෙම කුරුළු අනතුරු සිදුවන අතර එය ගුවන් ගමන් ධාවනයේ තදබදයක් ඇති කරනවා මෙන්ම වනජීවීන් දැඩි අනතුරකට ලක්කරවන්නක් බව ආචාර්ය වීරකෝන්ගේ මතයයි.

මත්තල ගුවන් තොට ගුවන් යානා නොඑන මහජන මුදල් කාබාසිනියා කළ සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියකි. එය මහා පරිමාණ පාඩු විඳින්නකි. ලැබුණු එකම ලාභය නම් රාජපක්ෂලා විසින් කෝටි ප්‍රකෝටි ගණනක ධනස්කන්දයක් ගසා කෑම පමණි. මත්තල රටවැසියා ණයකාරයෙක් කර, පරිසරයත් විනාශ කර, දැන් අහිසංක මොණරාත් සතා සීපාවාත් මහා පරිමාණයෙන් මරා දමන තිරිසන් තැනකට වැටී ඇත.

මෙහි දැක්වෙන සේයාරුවෙන් දැක්වෙන්නේ මත්තල පමණක් නොව මේ දිනවල මාතර දක්වා අලූතින් ඉදිකර ඇති දක්ෂින අධිවේගයේ සිටින මොණරුන් කණ්ඩායමකි. නව මාර්ග පිවිසයද සතා සීපාවාගේ සම්ප්‍රදායික ගමන් මාර්ග උන් වෙනස් කරන්නේ නැත. මේ හේතුව නිසා මාර්ගයේ අධික වේගයෙන් යන මගියාගේද රැක ගත යුතු සත්ව විශේෂයක් වන මොණරාගේද ජීවිත අනතුරේය. (සේයාරුව සන්ඩේ ටයිම්ස් ඡායාරූප ශිල්පී ක්‍රිෂාන් ජීවක ජයරුක් විසින් ඊයේ ගන්නා ලද්දකි.)

1524587_654903834574785_817952478_n.jpg
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    නෙදකින් පර බල්ලා..සතෙකුටවත් සැනසීමෙන් ඉන්න දෙන්නේ නැහැ..
     
    • Wow
    Reactions: ryandok