පච්චෙ

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මේකත් ප‍්‍රශ්නයක්. දෙහිවල හන්දියෙ ඉන්න මහතුන්ටත් හරිම ප‍්‍රශ්නයක්.

    මිනිහගෙ අතේ පච්චයක් කොටලා තියෙනවා. පක්ෂයේ නම මුලින්ම... ජයවේවා ඊළඟට. දැන් ඒ පක්ෂයට හැමෝම බනිනවා.
    :angry::angry:

    සහන නෑ. පඩි වැඩිකරන්නේ නෑ. බඩු මිල වැඩියි. ස්ට‍්‍රයික් කළාම රස්සාවෙන් දොට්ට.
    :angry::angry:
    දවසක් ඒ පළාතේ සංවිධායක තුමිය මහතුන් දැකල කාර් එක නතර කළා. දැන් එතුමිය මහතුන් එක්ක කතා බහක්.

    ”ආ මහතුන් සහෝදරයා - කොහොමද ජීවිතේ. බලන්න මිනිස්සු හැමෝම පක්ෂයට බනිනවා.
    :rolleyes:
    ඒත් මහතුන් සහෝදරයා වීරයෙක් වගේ තාමත් පක්ෂය එක්ක. කාටවත් බය නෑ. පක්ෂයට ජයවේවා කියල පේන්න අතේ කොටාගෙන. අන්න එහෙමයි නියම පාක්ෂිකයෝ. මට ඕන දෙයක් කියන්න සහෝදරයා”.
    :rolleyes:
    මහතුන් - “නෝනා බණ කියනවා. පක්ෂය තමයි. බම්බු ගහන්න නෝනා මං මේ ඉන්නේ මේ මඟුල මකාගන්න බැරුවයි. :yes::yes::D:D