පච වී රජ වෙන චන්ද්‍රිකා යලිත් රජ වෙයි ද ?
මහින්ද 2005 ජනාධිපතිවරණ ඡන්ද සටනේදී මෙහෙම කිව්වේ චන්ද්‍රිකා ගැනය. ඒ චන්ද්‍රිකාගේත්, බණ්ඩාරනායකවරුන්ගේත් ඡන්ද තමන්ට නැතිවේය යන බියෙන්ය.
ඒත් ජනාධිපති වූ විගස මහින්ද පළමුව කළේ ඇයටත් නොදන්වා ඇයව ශ්‍රී ල.නි.ප. නායකත්වයෙන් ඉවත් කොට මාධ්‍ය ලවා ඇයට වට කොට පහර ගැසීමය. පසුව ඇයව නිල නිවෙසින්ද ඉවත් කොට ඇයගේ ආරක්ෂාවද අඩු කළේය.
"මහින්ද එහෙම කළේ චන්ද්‍රිකා ජනාධිපතිවරණයේදී මහින්දගේ කකුලෙන් ඇද්දාට පාඩමක් උගන්වන්න...." සමහරු ඒ දවස්වල එහෙම කීහ.
ඒත් ඇත්ත කතාව ඒක නෙවේ. ඇත්ත කතාව මහින්ද අදටත් චන්ද්‍රිකාට බයය.
"ඇයි ඒ.....?"
1977 සිට 1994 තෙක් වසර 17ක් පැරදි පැරදී හිටපු ශ්‍රී ල.නි.ප.යට ජයග්‍රහණය ගෙන ආවේ චන්ද්‍රිකාය. ඒක 1977 සිට පැරදි පැරදී හිටපු ශ්‍රී ල.නි.ප. පාක්ෂිකයන් හැමෝම දනී. ඒ වගේම අද පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරු අතරින් බහුතරය චන්ද්‍රිකා විසින් දේශපාලනයට ගෙන ආපු අයය. ඔවුන් අතරිනුත් 1977 සිට පරාජය වී 1994 චන්ද්‍රිකා පක්ෂයට ගෙන ආ ජයග්‍රහණයේ ආස්වාදය ලබපු අය බොහෝ සිටිති. අනෙක 2001 පරාජයට පත්වූ ශ්‍රී ල.නි.ප. ආණ්ඩුව යළි 2004 බලයට ගෙන ආවේත් චන්ද්‍රිකාය. 2003 රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යංශ පවරා ගන්නේ නැතිව, 2004 රනිල්ගේ ආණ්ඩුව විසුරුවන්නේ නැතිව ඇය රනිල්ට අගමැති ලෙස 2005 ජනාධිපතිවරණයට යන්න ඉඩදී දිනන්න ඉඩ හැරියා නම් ඇය අදටත් ශ්‍රී ල.නි.ප. නායිකාවය. එහෙනම් එක්කෝ විපක්ෂයේ සිට ජනාධිපතිවරණය තරග කරන්න ගිහින් පරාජය වී මහින්ද අද ගෙදරය. නැතිනම් අදටත් විපක්ෂ මන්ත්‍රිවරයෙකි.
ශ්‍රී ල.නි.ප. පාක්ෂිකයෝ මේ ඇත්ත දනී. මේ නිසා පාක්ෂිකයන් තුළත් ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරු අතරෙත් ඇයට ඇල්මක් තිබේ.
මහින්ද බය ඒකටය. මහින්ද පක්ෂය තුළත් ආණ්ඩුව තුළත් තීන්දු තීරණ ගන්නේ රාජපක්ෂ පවුල සමඟ සාකච්ඡා කරලාය. පවුල ගන්නා තීන්දු තීරණ පක්ෂය සහ ආණ්ඩුව හරහා ක්‍රියාත්මක වේ. ඒත් චන්ද්‍රිකා එහෙම නොවේ. 1994 සිට 2001 වන තෙක් ඇය තීන්දු තීරණ ගත්තේ මංගල හෝ එස්.බී. එක්කය. 2001න් පසුව මංගල හෝ මෛත්‍රිපාල වැනි ජේයෂ්ඨ නායකයන් සමඟ ඇය දේශපාලන තීන්දු තීරණ ගත්තාය. හොඳම නිදසුන 2004 මහින්දට අගමැතිකම අරන් දුන්නේ තමන් යැයි මෛත්‍රිපාල සිරිසේන කියන කතාවය. ඒ කියන්නේ 2004 අගමැති විය යුත්තේ කවුද කියන එක චන්ද්‍රිකා තීරණය කළේ පක්ෂ ලේකම් මෛත්‍රිපාල එක්ක සාකච්ඡා කරලාය. ඒත් 2005 රත්නසිරිව අගමැති කළේ 2010 දි.මු.ව අගමැති කළේ මගෙන් අහලා යැයි මෛත්‍රි කියන්නේ නැත. ඒ කියන්නේ මහින්ද ජනාධිපති වූවාට පසු තීන්දු තීරණ ගන්නේ පවුල තුළය.
එහෙම බලන කොට මහින්දගේ පාලනය තුළ තමන්ගේ බලය දුර්වල වී ඇතැයි පක්ෂයේ ජේයෂ්ඨයන්ට හිතෙනවා නම් ඒක පුදුමයක් නොවේ.
"මැඩම්ගේ කාලේ අපි මෙයිට වඩා බලවත්...."
ඔවුන් තම තමන් අතර මෙහෙම කතා කර ගන්නවා නම් ඒකත් පුදුම වෙන්න හේතුවක් නොවේ.
මහින්ද චන්ද්‍රිකාට බය අනෙක් කාරණය ඒකය.
අනෙක මහින්ද 1980 ගණන්වල සිටම චන්ද්‍රිකාගේ දේශපාලන ගමනට බාධා කළ අයෙකි. විජය සහ චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප.යේ බලය අල්ලන්න යද්දී අනුරව කරේ තියාගෙන එය වැළැක්වූයේ මහින්දය. ප්‍රේමදාස ආණ්ඩු කාලයේ මහින්දගේ පාද යාත්‍රාවට ආ චන්ද්‍රිකාව වේදිකාවෙන් බැස්සවූයේත් මහින්දය. 1994 ආණ්ඩුව බලයට පත්වූවාට පසු පරණ ප්‍රශ්න අමතක කොට චන්ද්‍රිකා මහින්දට ඇමැතිකමක් දුන්නත් මහින්ද රෑට රෑට හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් සෑම් විජේසිංහගේ ගෙදර රනිල්ව හමුවී චන්ද්‍රිකාව වට්ටවන්න සාකච්ඡා කළේය.
අද චන්ද්‍රිකා මහින්දට කරන්නේ ඒකය. ඇය රනිල් ඇතුළු විපක්ෂයේ නායකයන් හමු වී මහින්දව වට්ටවන්න සාකච්ඡා කරයි. අද මහින්දව වට්ටවන්න ඇත්තටම වුවමනා චන්ද්‍රිකාට විතරය. මහින්ද එක්ක ඩීල් දමාගෙන නැති එකම එක්කෙනත් ඇයය.
ඇය බය හඳුනන්නේ නැති ගැහැනියකි. තම පියා සහ සැමියා ඝාතනය වී සිටිනවා ඇස් දෙකින්ම දැකපු, මරාගෙන මැරෙන බෝම්බයකින් දිවි ගලවා ගෙන ඇසක් අහිමි කරගෙන දින කිහිපයකින් ඇසට ප්ලාස්ටරයක් දමා ගෙන ජාතිය අමතපු ඇය යකාටත් බය නැති ගැහැනියකි.
දිනක් විජය කුමාරණතුංග, ඔසී අබේගුණසේකර සහ හර්ෂ කුමාර නවරත්න කේන්දර බලන්න හාමුදුරු නමක් සොයා ගෙන ගියහ. විජය චන්ද්‍රිකාගේ නම නොකියා ඇයගේ කේන්දරය හාමුදුරුවන්ට දුන්නේය.
"කවදා හරි මේ රටේ නායිකාව වනවා. සෝඩා බෝතලයක් කැඩුවා වගේ උඩ එනවා, ආපසු යට යනවා. ඒ වගේ චරිතයක්...."
හාමුදුරුවන් කියා තිබිණි.
විජය ඝාතනයත් සමඟ චන්ද්‍රිකා රටේ තරුවක් වුණේ එක රැයෙන්ය. පසුව ඇය විදේශගත විය. ඒ කාලයේ චන්ද්‍රිකාගේ නමක්වත් අහන්න ලැබුණේ නැත. සැරින් සැරේ ලංකාවට ඇවිත් පත්තරයකට කතා කරලා ගියත් ඇය කතාබහට ලක්වූ චරිතයක් නොවීය. බහුජන නිදහස් පෙරමුණ කියා පක්ෂයක් පිහිටුවාගෙන 1991 පළාත් පාලන ඡන්දයට ශ්‍රී ල.නි.ප.ය සමඟ තරග කළත් එක් නාගරික මන්ත්‍රි ධුරයක් දිනා ගත නොහැකි විය. 1993 බස්නාහිර පළාත් සභා ඡන්දයට ඇය ඉදිරිපත් වූයේ ප්‍ර.එ.ජා.පෙ.න් තරග කළ ලලිත් ඇතුලත්මුදලිව මහ ඇමැති කරන්න එකඟ වෙලාය.
ඒත් තත්පරයකින් සියල්ල වෙනස් විය. ඇය සෝඩා බෝතලයක් කැඩුවා වගේ කඩා ගෙන ආවාය. 1994 ජනාධිපතිනි වූවාය.
2006 ඇය ආපසු යට ගියාය. 1988 පෙබරවාරි සිට 1992 අතර කාලයත් 2006 සිට 2012 අතර කාලයත් ඇය දේශපාලන වශයෙන් නන්නත්තාර වූ කාලයකි. 88 සහ 92 අතර කාලයේ ඇයත් සැමියාත් හදපු මහජන පක්ෂය ඇයට අහිමි වූවාය. 2006 සිට ඇයට ඇගේ පියාත්, මවත්, ඇයත් රැක බලා ගත් ශ්‍රී ල.නි.ප.ය ඇයට අහිමි වූවාය.
88- 92 කාලයේ ඇය මල්ලී අනුර එක්ක ප්‍රසිද්ධියේ ගහ බැන ගන්න ගොස් පච වූවාය. 2002-2003 ප්‍රසිද්ධ රැස්වීම්වල එවක රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ඇමැති චොක්සි කතා කරන හැටි රඟපාලා පෙන්වන්න ගොස් පච වූවාය. දැන් මර්වින්ලාට බනින්න ගොස් පච වී තිබේ. ඒ ඇගේ චරිතය උඩ යට යන හැටිය. ඇය රජ වෙන්නේ පච වෙලාය.
1993 ඇය යළි සෝඩා බෝතලයක් වගේ උඩට ආ කාලයයි. 1993 ජුනි පළාත් සභා ඡන්දයෙන් ඇගේ වාසනා චක්‍රය කරකැවෙන්න පටන් ගත්තේය. 2001 මහ ඡන්දයෙන් පරාජය වූ ඇය ජනාධිපති මන්දිරයට පමණක් කොටු වී නන්නත්තාර වී යළි සෝඩා බෝතලයක් සේ උඩට ආවේ 2003 රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යංශය පවරා ගෙනය. 2006 දී ඇය ආපසු යට ගියේ නන්නත්තාර වෙලාය. මේ 2013 ය.
"1993 සහ 2003 වගේ ඇය යළි සෝඩා බෝතලයක් සේ මතු වෙයිද....."
ඒක කියන්න දන්නේ ඇගේ කේන්දරයේ ඉන්න ග්‍රහයන්ය