පට්ටිය_හංදියෙ.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ටිය_හංදියෙ.....

    පට්ටිය හංදියෙ බෙල් එක ඇහෙද්දි පපුව හෝස් ගා හිරවෙනවා....
    කහට උගුර බඩ පුච්චං යනකොට හිච්චි නගේ උඹ සිහිවෙනවා.....
    ඉස්සර වාගේ ගමේ නොහිටියට මතක පොතේ පිටු පෙරලෙනවා....
    පරිස්සමෙං සරසවියට පලයං මග රැදුනොත් නං වරදිනවා.........

    සීනුව වදිනා හිමිදිරි උදයේ පාසල් ගිය හැටි අපි දෙන්නා....
    එක ඉදිආප්පෙ දෙකට බෙදාගෙන හරි සන්තෝසෙන් ලග උන්නා...
    හිත නලියන ආදරයේ වන්නම් නුඹටත් හොරැහින් හිත රන්දා....
    මටත් වඩා පොතටම හිත ඇලෙනා නගේ නුඹේ තනියට උන්නා.....

    පට්ටිය හංදියෙ......

    කැළණිය සරසවි අහස පුරා හද එළිය වැටී තරු දිලිහෙනවා....
    ඒ සද එළියෙන් බෝඩිම් මිදුලේ පොල් තෙල් පැල්ලම් හංගනවා...
    නුඹ දැක ගන්නට හිතට මනාපයි ලැජ්ජා හිතේදැයි බිය වෙනවා....
    සිව් වසරක් මුට්ටෙට යට වෙන්නං නුඹටත් හෙට ඉර පායනවා....

    පට්ටිය හංදියෙ.....


    facsc.jpg




     
    Last edited:
    • Like
    Reactions: kevin37

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔතනම මගෙත් ජිවිතේ හිමිහිට නැතිවෙලා ගිය කාලයක් තිබුනා මචෝ :(:(:(