පට්ට සින්දුවක් ඇහුවා බං.

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    පට්ට සින්දුවක් ඇහුවා බං.

    කාලෙකට පස්සෙ පට්ටම කියන්න පුළුවන් සින්දුවක් ඇහුවා බං. ගායනා කරලා තියෙන්නෙ කපුගේ. ඒත් මේක නිතර දෙවේලෙ ඇහෙන එකක් නෙවි. ඒ උනත් වචන වලයි සංගීතෙයි මාර මෙව්වා මෙව්වා එකක් තියෙනවා .අදමයි ඇහුවෙ.. මට හොදටම ෂුවර් උඹලගෙන් ගොඩක් දෙනෙක් අහල නැතිව ඇති..
    මෙන්න සින්දුවෙ වචන ටික. අහලම බලපන් .. පට්ට..
    නිකන් ලඳුනේ පාට්2 වගේ


    වරඟනාවියේ...

    නවන් රූ නෙත ඇඳෙන
    ලවන් මධුවිත රැඳෙන
    පුර ළඳුන් සළු උණන
    නිශාවේ
    මෙවුල් දම් ගිලිහෙනා
    නුරා විල් කැළඹෙනා
    අඟන නෙතු සයනියෙන් මුවා වී
    කොළොම් තොට තනිව හිඳිනා නිහඬ රැයේ
    සලිල සිත සොයයි ඔබෙ උණුසුමක්
    වරඟනාවියේ...

    සළෙලුන් සරන්නේ සිරකර හැඟුම්
    අඟනුන් හෙළන්නේ මනළොල් බැළුම්
    නුවරුන්ට රහසේ ඉඟිකරණ දෑසේ
    කිසි කලෙක නොදුටුවෙමි සෙනෙහස බිඳක්
    දෙකොපුල් යදී සුසුමන් පොදක්
    වරඟනාවියේ.....

    නෙත් බමන මධිරා තොළ ගෑ ලවන්
    මත් බමර අනුරා ගලනා උවන්
    නාරි ළැම හංසී මධු සීත රංසී
    යහනාවේ නිදිවරණ මේ රාත්‍රියේ
    හදවත යදී උණුසුම් පොදක්
    වරඟනාවියේ...


     
    Last edited: