පඩිපෙල් 1000කට උඩින් තියන ජපානේ කැලෑවේ පංසල යමදෙරා/ Yamadera (山寺)

ruvibennett

Junior member
  • May 4, 2015
    55
    99
    18
    Colombo
    www.youtube.com


    යමදෙරා/ Yamadera (山寺) යනු ජපානයෙ යමගතා නගරයට ඊසාන දෙසින් පිහිටි කඳුකරයේ පිහිටි අවුරුදු 1150 පමණ පැරණි දර්ශනීය පන්සලකි. පන්සල් භූමිය කඳු බෑවුමකින් ඉහළට විහිදී ඇති අතර, එහි සිට මිටියාවත දක්වා විශාල රමනීය දර්ශයක් ඔබට නැරඹිය හැක.මීට වසර දහසකට පෙර දී රිෂාකුජි යන නිල නාමයෙන් ටෙන්ඩායි නිකායේ විහාරස්ථානයක් ලෙස මෙම විහාරය ආරම්භ කරන ලදී. එහි ජනප්‍රිය නම යමදෙරා යන්නෙහි තේරුම ජපන් භාෂාවෙන් “කඳු පන්සල” යන්නයි. කන්ද පාමුල පිහිටා ඇත්තේ යමදෙරා හි ප්‍රධාන ශාලාව වන කොන්පොන්චුඩෝ ශාලාව ඇතුළු පන්සල් ගොඩනැගිලි කිහිපයකි. බීච් දැවයෙන් නිම වූ මෙම ගොඩනැගිල්ල දේවමාළිගාවේ පැරණිතම ගොඩ නැගිල්ල වන අතර බෞද්ධ ප්‍රතිමා ස්තානගත කර ඇත.

    කන්ද පාමුල පිහිටා ඇත්තේ යමදෙරා දුම්රිය ස්ථානයේ සිට මිනිත්තු පහක පමණ දුරකින් පිහිටා තිබෙන අතර පන්සල අවට අමුත්තන්ට සරිලන සාප්පු හා අවන්හල් දුසිම් ගණනක් ඇත. පන්සලේ ඉහලම කොටසේ ඇති අංනයට ගිය පිට පහල ඇති යමදෙරා දුම්රිය ස්ථානය හා එහෙ නවතන දුම්රිය ඇතුලු දර්ශනීය කදු මිටියාවත් දැක ගත හැකිය.

    කදු පර්වතයේ තැනින් තැන පැරණි ගොඩනැගිලි වලින් සමන්විත මෙම පන්සලේ ඉහලම ස්තානය දක්වා ගමන් කීරීමට ඔබ ගල් පඩි 1000ක් නැගිය යුතු ය. නරඹන්නන්ගේ විඩා නිවා ගැනීමට අතර මැද විවේකි ස්තාන හා කුඩා කඩයක් ස්තාපිත කර ඇත.පැය එක හමාරක පමණ ගමනක් ඉහලටම ලගා වී නැවත පහලට ඒමට ගත වේ.ගල් පඩි නගිමින් ඉහලට යන ගමනේදි ඒ දෙපස කදු වල වැඩුනු ශාක සහිත වනාන්තරයෙ ගල් පහන් කුඩා බුදු පිළිම , දේව පිලිම දැක ගත හැකිය. යමදෙරා පන්සල ජපානයෙ ප්‍රසිද්ධ කවියෙකු වන බාෂෝගේ සංචාරය කල ස්තානයක් ලෙස ප්‍රසිද්ධය. ඔහු ඒ පිලිබද හයිකු රචනා කළේය. 1600 ගණන්වල අග භාගයේදී බාෂෝ උතුරු ජපානයට ගිය ගමනේදී ඔහු යමදෙරාහි නතර වී ප්‍රදේශයේ නිස්කලංක බව සහ නිහඩ බව එහි සුන්දරත්වය පිළිබඳ කෙටි කාව්‍යයක් රචනා කළේය.එබැවින් වර්තමානයේ පන්සල් භූමියේ පහළ ප්‍රදේශයෙන් බාෂෝගේ ප්‍රතිමාවක් සහ ඔහුගේ ප්‍රසිද්ධ කාව්‍යයේ ශිලා ලේඛනයක් ස්තාන ගත කර ඇත.

    Japanophile diaries