දවසක් එක හාදයෙක් දොස්තර ගාවට ගෙහුං කිව්වලු " දොස්තර මහත්තයො මට මේ වාතයක් ගියාට ගියා කියල දැනෙනව මිස සද්දයක්වත් ගඳක්වත් දැනෙන්නෙ නෑනෙ!
“ඉතිං කොච්චර එකක්ද, ඒක හරිම හොඳයි නෙව"
" ඒ උනාට මහත්යො ඒක එහෙම නොදැනුනාට, මං වාතයක් පිට කොරපු හැටියෙ අහල පහල අය මගේ දිහා මහ නිකං අමුතු විදියකට බලනවනෙ, හරියට වැඩේ තේරිල වගේ"
එහෙනං තත්වෙ භයානකයි, පොඩ්ඩක් බලමු" කියපු දොස්තර මහත්තය පැය ගානක පරීක්ශනාවලියකින් පස්සෙ දුන්නලු බෙහෙත් මහගොඩක් ලියල සතියක පාවිච්චියට.
මෙන්න සතියකින් කියාපු විදියටම අර ලෙඩා එනවලු මල් පනාවක් එහෙම දාගෙන.
"කොහොමද දැං තත්වෙ"
" අපරාදෙ කියන්න බෑ මහත්තයො ඔබතුමාගෙ බෙහෙත්වලින් ගුණ පාටයි. දැං මට සද්දෙ ඇහෙනව, ඒත් ගඳ තමා තාම එන්නැත්තෙ. හැබෑටම ඔබතුමා මගේ මේ වාත වේගෙට මොනාද කොලේ මහත්තයො"
නෑ නෑ, මං වාතෙට මුකුත් කරේ නෑ, ඒක්ට මුකුත් කරන්නත් ලේසි නෑ. මං කරේ ඔහේගෙ කණේ ඉහල සංක්යාතයෙ ශබ්ධ ඇහීම යථා තතවය පත් වෙන්න බෙහෙත් දුන්න එක විතරයි. දැං ඊළඟ බෙහෙත මං දෙන්නෙ ඔහේගෙ නහයෙ ඔය ලාක්ෂනික ගඳ නොදැනීම හරි ගස්සන්නයි" කියල කිව්වමලු මිනිහට තේරුනේ අර බස් වල, කන්තෝරුවෙ එහෙම කට්ටිය තමුං දිහෑ අමුතු විදියට බැලුවෙ ඇයි කියල.





