පණුවො සමඟ චීස්෴

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    පණුවො සමඟ චීස්෴
    මේ දැන් කියන කෑම නම් මම හිතන්නෙ නෑ ලොවෙත් ඔයාලා කන්න හිතයි කියලා.
    මේ සර්දේනියාවට ආ‌වේනික චීස් වර්ගයක්. කාසු මර්සු(Casu marzu) කියලා තමයි මේ චීස් එක නම් වෙන්නෙ. මේක හදන්න ගන්නෙ සරදේනියාවට ආ‌වේනික බැටලු වර්ගයකගෙ කිරි. මේ චීස් එක අහම්බයකින් සිදු වුනු දෙයක් කියලා තමයි කියන්නෙ. හදලා පදම් වෙන්න තිබ්බ චීස් එකකට පණුවො ගහලා. ඒ‌ක විසිකරන්න ලෝබ කමට නිකමට රස බැලුවම වෙනදට වඩා වෙනස් ක්‍රීම් රසක් තිබ්බ හින්ද තමයි මේ පණුවො එන්න උපකාරී වුන මැස්සා හොයාගෙන දැනටත් මේ නිෂ්පාදනය කරන්නෙ. මේ මැස්සා නම් වෙන්නෙ Piophila casei කියලා.
    චීස් හදලා මැස්සන්ට බිත්තර දාන්න හැරලා ඒ‌ චීස් වහලා තියෙනවා. මේ බිත්තර වලින් එන පණුවො මේ චීස් එකම ආ‌හාරයට ගනිමින් එහිම වැඩෙනවා. පණුවන්ගෙ එන්සයිම වලට මේ චීස් එක ක්‍රීම් ගතියක් එනවා.
    කොහොම උනත් මේ චීස් වර්ගය සර්දේනියාවෙන් පිට තහනම් කෑමක්. කොටින්ම ඉතාලියෙ අනික් කලාපයකට වත් ගෙනියන්න තහනම්. මේක කද්දි ඒ‌ අතරම පණ පිටින් පණුවොත් කන්න වෙනවා. නලියන පණුවෙක් එක්ක ක්‍රීම් ක්‍රැකර් එකක් කන්න ආ‌සාවක් ඔයාලටත් ඇ‌ති වෙනවද?
    ලෝකයෙ චීස් වලින් භයානකම චීස් වර්ගය කියලා තමයි මේක නම් වෙන්නෙ.
    ඉතාලිබුවා.
    ✍️
    ❤️


    457522501_1028872805907334_1388387976836410995_n.jpg
    457737223_1028872832573998_3535756352910636715_n.jpg
    457573542_1028872865907328_7460163419187205258_n.jpg
    457600255_1028872899240658_9216001276409956610_n.jpg