පත්තරේ සයිස් එක..

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    වටිනා විස්තරයක්. රෙප් +. මම විජය නිව්ස් පේපර්ස් එකේ Advertising Dipartment එකේ වැඩ කලේ. පත්තර රස්සාව අමුතු ලස්සන කලාවක් මචන්ලා....................!
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වටිනා විස්තරයක්. රෙප් +. මම විජය නිව්ස් පේපර්ස් එකේ Advertising Dipartment එකේ වැඩ කලේ. පත්තර රස්සාව අමුතු ලස්සන කලාවක් මචන්ලා....................!

    එලමකිරි...මමත් ඔය කලාව විදින එල කොල්ලෙක්.. :yes::yes:
    දන්න කියන දේවල් පුලුවන්නම් මේකේ දාන්න අපිටත් බලාගන්න..
    :yes::yes:
    අපේ Dinushasankalpa මලයත් දැන් විජය එකේලු වැඩ...:yes::yes:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    එලමකිරි...මමත් ඔය කලාව විදින එල කොල්ලෙක්.. :yes::yes:
    දන්න කියන දේවල් පුලුවන්නම් මේකේ දාන්න අපිටත් බලාගන්න..
    :yes::yes:
    අපේ Dinushasankalpa මලයත් දැන් විජය එකේලු වැඩ...:yes::yes:

    ආ ඇත්තද? එල එල...............! අනේ මචෝ වැඩ කරපු කාලේ නම් ඔවා මතකයි අකුරට මිම්මට. දැන් හරියට මතක නෑ බන්............! දැන් කරන ජොබ් එක නිසා ඔලුවත් කුරුවල් වෙලා තියෙන්නේ................! මම අයින් වෙලා දැන් අවරුදු එක හමාරක් විතර වෙනවා.......................! බලමු ඉදිරියට මොනවා හරි කරන්න...................!
    :D:D:D:D
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    පුවත් පතක දැන්වීමක් පලකිරීමේදී,

    ප්‍රදාන වශයෙන් පුවත් පත් වල දැන්වීම් වර්ග 2 කි. පළමු වර්ගය Classified හෙවත් වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වන අතර අනෙක Box Ads හෙවත් කොටු දැන්වීම් වේ.

    මෙහිදී වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වඩා ලාබදායක වන අතර සාමාන්‍යයෙන් දිනපතා පුවත් පතක පළමු වචන පහළොවට රුපියල් 200 ක් පමණ අය කරයි. වැඩි වන වචනයකට රුපියල් 15 ක් පමණ අය කරයි. සති අන්ත පුවත් පතක වචන ප්‍රමාණය අනුව පල කරන දන්වීමකදී පළමු වචන 15 ට රුපියල් 600 ක් සහ වැඩි වන වචනයකට රුපියල් 20 ක පමණ මුදලක් අය කරනු ලැබේ.

    වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වලදී ඔබට වචන 65 ක උපරිමයකට යටත්ව දැන්වීම් පල කල හැක.

    මරණ දැන්වීම් වලදී අය කිරීම් මීට වඩා අඩු අගයක් ගනී. වචන ප්‍රමාණය මරණ දැන්වීම් වලදී සාමාන්‍යයෙන් සීමා කිරීමක් නැත.

    මෙම වර්ගයේ දැන්වීම් පුවත් පතේ පල විය යුත්තේ කොතනදැයි කියා දැන්වීමේ අයිති කරුට තීරණය කල නොහැක.

    කොටු දැන්වීම් පල කිරීමේදී මුදල් අය කරනුයේ කොලම් සෙන්ටිමීටර ප්‍රමාණය අනුවය. එනම් පළල කොලම් වලින්ද උස සෙන්ටිමීර වලින්ද ගණනය කිරීමෙනි.

    මෙහිදී අවමය 3*1 ( ත්‍රී සිංගල් යනුවෙන් මෙය ව්‍යවහාර කරයි) හෙවත් සෙන්ටිමීටර 3 ක් උස සහ කොලම් එකක් උස විය යුතුය.

    කොටු දැන්වීම් කළු හෙවත් තනි වර්ණය, two colour හෙවත් කළු සහ කහ, සියලුම වර්ණ යන ආකාර 3 කින් මුද්‍රණය කරනු ලැබේ. මෙහිදී මිල වැඩිම වන්නේ සම්පූර්ණ වර්ණ වලින් පල කරන දැන්වීම්ය. කොටු දැන්වීමක එක් අකුරක් පමණක් වුවද වර්ණයෙන් පල කලත් එය සම්පූර්ණ වර්ණ දැන්වීමක් යයි සලකනු ලැබේ.

    කොටු දැන්වීමක් දැන්වීම් අයිතිකරුගේ අවශ්‍යතාවය අනුව පුවත්පතේ විශේෂ ස්ථාන වල පල කල හැකි අතර ( උදාහරණ වශයෙන් 3 වන පිටුව, අවසාන පිටුව, යම් පිටුවක විශේෂිත ස්ථානයක ආදී ) ඒ සදහා 35% සිට වැඩි වන පරිදි අමතර අය කෙරීමක් කරනු ලැබේ.

    (අය කරන මුදල් ප්‍රමාණ වර්තමාන කාලේදී වෙනස් විය හැක. මේ අවරුද්දකට පමණ පෙර විජය පුවත් පත් සමාගමේ දැන්වීම් වෙනුවෙන් කල අය කිරීම් සහ භාවිතයන් බව ද කාරුණිකව සලකන්න.තවද පුවත් පත් සමාගමෙන් සමාගමට මෙම භාවිතාවන් වෙනස් විය හැකි බවද කාරුණිකව සදහන් කර සිටිමි. හුදෙක් දැන්වීමක් සදහා වැයවන සාමාන්‍ය මිල ගණන් සහ භාවිතයන් පිළිබද අවබෝධයක් ලබා ගැනීම සදහා පිණිස පල කලෙමි.අඩු පාඩු ඇත්නම් සමාව බජනය කරන මෙන් ඉල්ලා සිටිමි. ත්‍රෙඩ් එකේ මාතෘකාවට සෘජුවම අදාල වෙන දේවල් නම් නෙවෙයි මේවා.............! ඉඩ කඩ ඇති විදියට සහ මතකෙට එන විදියට තව විස්තර එකතු කරන්න බලාපොරොත්තු වෙමි.)
     
    Last edited:

    Maxxa MACHAN,
    උපරිමයි...අනිවා ගොඩක් වටිනවා
    රෙප් 7
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    දැන්වීමක් දාන්න යද්දී මේවා අරන් යන්න,

    Identity Card එක, Driving License හෝ ඔබගේ අනන්‍යතාව තහවුරු කල හැකි ලියවිල්ලක්.

    Wi fi පහසුකම් ඇති, ජංගම දුරකථන, I Pad ආදී පාවිච්චි නොකළ අලුත් සන්නිවේදන උපකරණ අලෙවිය පිළිබද දැන්වීම් සදහා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් නිර්දේශ කල ලියවිල්ලක්.

    මරණ දැන්වීම් සදහා මරණ සහතිකයේ මුල් පිටපත.

    නම් වෙනස් කිරීම් සදහා පෙර පැවති නමින් අදාල ප්‍රදේශයේ පදිංචි සිටි බවට පදිංචිය තහවුරු කල ග්‍රාම සේවක මහතාගෙන් ලබා ගත් සහතිකයක්.

    සම්බාහන (Spa) ආයතන සදහා පල කරන දැන්වීම් සදහා ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ සහතිකය.

    මෙන්න දැන්වීම් දානකොට කරන්න බැරි දේවල්,

    වචන ගණනට පල කරන දැන්වීමකදී මුලට බින්දු, වරහන් ආදී දේවල් එකතු කල නොහැක.

    මංගල යෝජනා සම්බන්ද දැන්වීමකදී ජංගම දුරකථන අංක, email ලිපින ඇතුලත් කල නොහැක.

    මංගල යෝජනා දැන්වීම් වලට ලැබෙන ලිපි ලියාපදිංචි තැපෑලෙන් දැන්වීම් කරුට ලැබීමට සලස්වන අතර එම ලිපි පෞද්ගලිකව භාර දීමක් සිදු නොකෙරේ.

    චායාරූප ඇතුලත් වාහන දැන්වීම් වලට තමාගේම වාහනයේ චායාරූප හැර වෙනත් චායාරූප යොදා ගැනීමට ඉඩ නොලැබේ.

    තව තිබුනා දැන් මතක නෑ මචන්ලා.....................!
     
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Maxxa MACHAN,
    උපරිමයි...අනිවා ගොඩක් වටිනවා
    රෙප් 7
    ඉස්තුතියි මචන්...........! පත්තර කේස් එකක් දැක්කම මොනවා හරි කොටන්න හිතෙනවා.....................!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන්වීමක් දාන්න යද්දී මේවා අරන් යන්න,

    Identity Card එක, Driving License හෝ ඔබගේ අනන්‍යතාව තහවුරු කල හැකි ලියවිල්ලක්.

    Wi fi පහසුකම් ඇති, ජංගම දුරකථන, I Pad ආදී පාවිච්චි නොකළ අලුත් සන්නිවේදන උපකරණ අලෙවිය පිළිබද දැන්වීම් සදහා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් නිර්දේශ කල ලියවිල්ලක්.

    මරණ දැන්වීම් සදහා මරණ සහතිකයේ මුල් පිටපත.

    නම් වෙනස් කිරීම් සදහා පෙර පැවති නමින් අදාල ප්‍රදේශයේ පදිංචි සිටි බවට පදිංචිය තහවුරු කල ග්‍රාම සේවක මහතාගෙන් ලබා ගත් සහතිකයක්.

    මෙන්න දැන්වීම් දානකොට කරන්න බැරි දේවල්,

    වචන ගණනට පල කරන දැන්වීමකදී මුලට බින්දු, වරහන් ආදී දේවල් එකතු කල නොහැක.

    මංගල යෝජනා සම්බන්ද දැන්වීමකදී ජංගම දුරකථන අංක, email ලිපින ඇතුලත් කල නොහැක.

    මංගල යෝජනා දැන්වීම් වලට ලැබෙන ලිපි ලියාපදිංචි තැපෑලෙන් දැන්වීම් කරුට ලැබීමට සලස්වන අතර එම ලිපි පෞද්ගලිකව භාර දීමක් සිදු නොකෙරේ.

    චායාරූප ඇතුලත් වාහන දැන්වීම් වලට තමාගේම වාහනයේ චායාරූප හැර වෙනත් චායාරූප යොදා ගැනීමට ඉඩ නොලැබේ.

    තව තිබුනා දැන් මතක නෑ මචන්ලා.....................!

    You must spread some Reputation around before giving it to gayanela again.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පත්තරේ විස්තරේ .... :)

    ad එකට අදාල artwork එක අපිම design කරනවා නම් සැලකිලිමත් වෙන්න ඔන කරුණු ගැනත් පුළුවන් නම් දාන්න
    (භාවිතා කලයුතු Software & versions, file formats, font, page size & margins, color වගේ ඒවා)

    bump
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පත්තරේ විස්තරේ .... :)

    ad එකට අදාල artwork එක අපිම design කරනවා නම් සැලකිලිමත් වෙන්න ඔන කරුණු ගැනත් පුළුවන් නම් දාන්න
    (භාවිතා කලයුතු Software & versions, file formats, font, page size & margins, color වගේ ඒවා)
    bump

    එල මචන්..වෙලාවක් සෙට් වෙච්ච හැටියේ දාන්නන්...:yes::yes:
    මේ දවස් වල පුද්ගලික කටයුත්තක් නිසා ගොඩක් බිසී :yes::yes: