පත්තිරිප්පුව

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    1929 දී ගන්නා ලද දළදා මාලිගාවේ ඡායාරූපයකි
    නුවර දළදා මාලිගාව වෙත යන ඕනෑම අයෙකුට විශේෂයෙන් ඇස ගැටෙන ස්ථානයකි පත්තිරිප්පුව. මෙය නිර්මාණය කළේ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් යටතේ සේවය කළ අති දක්ෂ ඉංජිනේරුවෙක් වූ දේවේන්ද්‍ර මූලාචාරී විසිනි. පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්තු (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දෙමළ වදන් වලිනි. රජතුමාගේ පෞද්ගලික අවශ්‍යතා සදහා දෙහිගම දියවඩන නිළමේගේ අදහසකට අනුව අෂ්ටාස්‍රාකාරව පත්තිරිප්පුව සාදා ඇත.

    මෙය සාදා ඇත්තේ පෙර දී එතැන තිබූ රාජකීය මුළුතැන්ගෙය කඩා දමා ය. මෙහි වහලය නිම වීමට තිබුනේ කේතු ආකාරයට යි. නමුත් දැව කණු විවිධ මිමිවලට කපා දැමීම හේතුවෙන් වහලය ආනත දෙකකට සෑදී වහලය කෙටි වන්නට විය. මේ සඳහා අවශ්‍ය නා, හල්මිල්ල හා තේක්ක වැනි දැව ගෙනත් තිබෙන්නේ මාතලේ නාවුල ප්‍රදේශයෙන්.

    රජතුමාට මහජනයා ඉදිරියේ පෙනී සිටිමින් දළදා පෙරහැර නැරඹීමට, රජතුමාගේ විවේකාගාරය ලෙස, මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන් ආදී තරඟ නැරඹීමට, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමාව බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී නොයෙක් හේතු කාරණා මත පත්තිරිප්පුව නිර්මාණය විය. මේ නිසා මෙම නිර්මාණය දළදා මාළිගාවේ කොටසක් නොවන බවට ද මතයක් පවතියි. මෙය 1812 වසර වන විට නිමවා අවසන් කරන ලදි.

    දේවේන්ද්‍ර මූලාචාරී පත්තිරිප්පුව පමණක් නොව මඟුල් මඩුව, මහනුවර වැව, ජය තිලක මණ්ඩපය, දිය අගල ආදී නිර්මාණ රැසක් කළ නිර්මාපකයෙකි. මේ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශිල්පියෙකුට ලබා දිය හැකි උසස්ම ගෞරවය වන රජුගේ නළල් පටිය දේවේන්ද්‍ර මූලාචාරී හට ලබා දී තිබේ. ඇතැම් ජනකතා වල ඔහුගේ මරණයට පත්තිරිප්පුව සම්බන්ද බව පවසයි. දිනක් නුවර වැසියන්ට දේවේන්ද්‍ර මූලාචාරී නුවර වැවේ ගිලී මැරී සිටිනු දකියි. සමහර ජනකතා වල කියැවෙන ආකාරයට දේවේන්ද්‍ර මූලාචාරීව මැරුවේ රජතුමායි. ඒ තවත් එවන් නිර්මාණ වෙන අයෙක් සදහා කරාවි යැයි තිබූ බිය නිසයි.

    තවත් කතාවක තිබෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරී තමන්ගේ නිර්මාණ සදහා රජුගෙන් වරප්‍රසාද ලබා ගැනීමට සැරසෙන බව සිතූ ඇතැම් ඇමතිවරු පත්තිරිප්පුවේ කණු විවිධ මිමි වලට කැපීම ගැන රජුට කේලම් කීවා යැයි ඔහුට දැනගන්නට ලැබෙයි. එම වරද නිසා රජු තමන්ගේ ඇඟිලි කැපීමට නියෝගයක් ලබා දුන් බව දැනගෙන ආත්ම ගරුත්වය අන් කවර දේකටත් වැඩි යැයි සිතා තමන්ම නිර්මාණය කළ මහනුවර වැවට පැන සියදිවි නසාගත් බවත් පවසයි.

    යටත් විජිත සමයේ දී පත්තිරිප්පුව මහනුවර කච්චේරිය ලෙස ද භාවිතා කොට ඇත. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් මෙය කාර්යාලයක් ලෙස භාවිතා කර ඇති අතර පසුකාලීනව සිරමැදිරියක් ලෙස ද භාවිතා විය. පත්තිරිප්පුව පුස්තකාලයක් ලෙසත් භාවිතා වූ අතර 1966 දී මෙය තඹ සන්නසක් මගින් ලංකා රජයට භාර දෙන ලදි.

    පසුව පත්තිරිප්පුව හා එහි පුස්තකාලය ලෙස භාවිතා වූ කොටස නඩත්තු කටයුතු සඳහා විශේෂ කමිටුවකට භාර දී තිබේ. මෙම කමිටුව විසින් පත්තිරිප්පුවේ අයිතිය මල්වතු පාර්ෂවයට ලබා දී ඇති අතර එකල එහි කිසිදු තේවා කටයුත්තකට අස්ගිරි පාර්ෂවය සහභාගී වී නැත.

    1989 දී එම කමිටුවේ අවසන් සාමාජිකයා වූ මල්වතු පාර්ෂවයේ සිරිමල්වත්තේ ආනන්ද නායක හිමියන් අපවත් වූ පසු හිටපු දියවඩන නිලමේ පත්තිරිප්පුව සහ එහි වූ පුස්තකාලයට අගුළු දමා සීල් කර කිසිවෙකුට ඇතුල් වීම තහනම් කර බෞද්ධ කොමසාරිස්වරයා ඇතුලු රාජ්‍ය නිළදාරීන්ට දන්වා පත්තිරිප්පුවේ තේවාවන් සදහා හිමිනමක් වැඩම කරවාගෙන ඇත. එදා පටන් දළදා මාළිගාවේ තේවාව භාර පාර්ෂවය පත්තිරිප්පුවේ තේවා කටයුතු සිදු කරයි.

    - වාසිතය

    හිමිකරුට ස්තුතිය 🌹

    කිරි සයුර නැතහොත් නුවර වැව නිර්මාණය කරනු ලබන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උපදෙස් පිට අරත්තන ගුරුන්නාසේ හෙවත් දේවේන්ද්‍ර මූලාචාරීන් ප්‍රධාන පිරිසක්‍ ය. දළදා මැදුර අසල වූ මල්වතු මහා විහාරය අයත් ටිගොල්වෙල වෙල් යාය මැදින් මල්වතු මහා විහාරයට ගමන් කිරීමට කෙටි මගක් ලෙස බැම්මක් ඉදි කරන්නට වූ බවත් දින කිහිපයක් ගත වන විට වෙල් යායේ එක් කොටසක් ජලයෙන් යටවී ඇති ආකාරය දකින්නට ලැබුණි.

    මේ දුටු රජතුමන් සමස්ත ටිගොල්වෙල වෙල් යායම යට වන අයුරින් කිරි සයුර නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව කියවේ. මෙකී කුඹුරු යාය ගොඩ කිරීම සම්බන්ධයෙන් මල්වතු විහාරයෙන් සහ තවත් පිරිසකගෙන් රජතුමන්ට විරෝධතාවක් එල්ල වු අතර ඒ සදහා අත් අඩංගුවට පත් 60 දෙනකුගෙන් සමන්විත පිරිසකගේ අත් වැල් බැද පුළුස්සා දැමීමට රජතුමා නියෝග කළ බවත් මීගස්තැන්නේ අධිකාරම් මැදිහත් වී ඔවුන් බේරා ගත් බවත් ඉතිහාසයේ සදහන් වේ.

    වැව නිර්මාණය කිරීමේ දී ලංකාතිලක විහාරයට අයත් ආරාමයක් ද යට වූ බවත් ඒ වෙනුවට කොටුගොඩැල්ලේ අධිකාරම් ගේ වලව්ව තිබූ ස්ථානයේ එම ආරාමය නැවත ස්ථාපිත කළ බවත් සදහන් වේ. (වත්මන් සංඝරාජ මාවතේ ඇති කොටුගොඩැල්ල පුරාණ විහාරය) එලෙසින් නිර්මාණ කළ කිරි සයුරේ ජල පැතිරුම හෙක්ටයාර් 20 කට ආසන්නය. ගැඹුර මීටර් 18 කට වඩා වැඩිය. වැව මැද අලංකාර ලෙසින් ජයතිලක මණ්ඩපය නිර්මාණය කර ඇති අතර වැවට ජලය සැපයෙන්නේ එදා ටිගොල්වෙල වෙල් යායට ජලය සැපයූ හීල්පැන්කදුර නම් ඇළ මාර්ගය මගිනි. ඩොයිලිගේ සටහන් වලට අනුව කම්කරුවන් 2000-3000 ක පමණ ප්‍රමාණයක් යොදා ගෙන නිර්මාණය කළ කිරි සයුරේ වැඩ කටයුතු 1812 ජුනි මස 30 දින අවසන් කර ඇත.

    ඉන්දික ද සිල්වා
    පෙරහර වංශය, සෙංකඩගල උරුමය, සෙංකඩගලපුර ඇසළ පෙරහර සහ සෙංකඩගලපුර ශ්‍රි දළදා මාලිගාව පුස්තකයන් හි කතෘ

    - හෙළ රහස් -
    ------ Post added on Dec 9, 2024 at 5:24 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    පෙරෙදා ගියා බන් මාලිගාවට. කලබලේ බැළුවා කවුතුකාගාරය. දවසක් බලන්න පූවන් දේවල් විනාඩි දහයෙන් බලල ආව. :dull: :dull: :dull:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,394
    113
    kandy
    පෙරෙදා ගියා බන් මාලිගාවට. කලබලේ බැළුවා කවුතුකාගාරය. දවසක් බලන්න පූවන් දේවල් විනාඩි දහයෙන් බලල ආව. :dull: :dull: :dull:
    Weekend wadak na bro boru rush eka henama wathai

    Paduwe enna sathiye dawasaka. Ude 9 to 10 athara thiyana poojawata karanduwa penwanawa balanna පුළුවන්

    Nathnm ithin eeta kalin poojawata thama