පන්ජාබ් ඇඳුමට එරෙහි පෙත්සම විභාගයට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පන්ජාබ් ඇඳුමට එරෙහි පෙත්සම විභාගයට

    මුස්ලිම් ජාතික ශිෂ්‍යාවකට පාරම්පරික පන්ජාබ් ඇඳුමින් සැරසී පාසල් පැමිණීම තහනම් කිරීමට එරෙහිව ඉදිරිපත් කල පෙත්සමක් පිළිබඳව කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාසල් බලධාරීන්ට නියම කොට තිබේ.


    පෙත්සම ගොනුකර ඇත්තේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ 07 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෆාතිමා රිල්වාන් නමැති ශිෂ්‍යාවකි.

    ඇය සිය නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇත්තේ සිය පාරම්පරික පන්ජාබ් නිල ඇඳුම ඇඳ පාසලට පැමිණීම විදුහලේ විදුහල්පතිනිය සහ පන්ති භාර ගුරුවරිය විසින් තහනම් කර ඇති බවයි.

    පාසල් නිල ඇඳුමක්

    ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදි හිජාස් හිස්බුල්ලා පවසන්නේ පන්ජාබ් ඇඳුම පාසල් නිල ඇඳුමක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මගින් පිළිගෙන ඇති බවයි.
    1980 අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කල නියෝගයක් මගින් මුස්ලිම් ජාතික කාන්තාවන් පළදින කලිසම සහ ගවුම ඇතුළත් පන්ජාබ් ඇඳුම පාසල් නිල ඇඳුමක් ලෙස පිලිගෙන තිබෙනවා. මෙම ඇඳුම පාසල් නිල ඇඳුමක් වශයෙන් පිළිගන්නා ලෙස මිට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද නඩු තීන්දුවක් දී තිබෙනවා. එම නියෝග කඩ කිරීමට එරෙහිව තමයි අපි අධිකාරය හමුවට පැමිණියේ, ‘’ නීතිවේදියා පැවසුවේය.

    විරෝධය

    එහෙත් මෙම පෙත්සමට විරෝධය පළ කිරීම සඳහා අධිකරණය හමුවට පැමිණ සිටි අදාළ පාසලේ සංවර්ධන සමිතියේ ක්‍රියා කාරයකු වූ චිත්‍රානන්ද ගමගේ පවසන්නේ මෙය ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයක් බවයි.

    ‘’ මේ පාසලේ වසර ගණනාවක් තිස්සේ සිංහල ,දෙමල , මුස්ලිම් ළමයින් කිසිදු භේදයක් නැතිව ඉගනුම ලැබුවා. මේ හදන්නේ ජාතිවාද අවුස්සන්න. මේක පිටිපස්සේ පල්ලිය ඉන්නවා. එක් ළමයෙකු යොදාගෙන මේ වගේ ක්‍රියා කිරීමෙන් ලොකු ලේ වැගිරීමකට මං පෑදෙන්න පුළුවන්, ‘’ ඔහු අනතුරු අඟවා සිටියේය.

    අනතුරුව පෙත්සම ලබන 13 වනදා කැඳවීමට නියම කල අධිකරණය එදිනට මේ පිළිබඳව කරුණු දක්වන මෙන් වග උත්තරකාර පාර්ශවයට නියම කළේය.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හම්බයන්ට මූන වහගෙන හෑම දෙයක් ම කරන්න දෙනවානම් අනෙක් ජාතීන්ටත් එහෙමම කරන්න ඉඩ දිය යුතුයි. IDෆොටෝ, ATM වලින් සල්ලි ගන්න, බෑන්කු ගනුදෙනු කරන්න, විභග වලට ලියන්න වගේ දෙවල් මුලු ඈගම උනත් වහගෙන කරන්න දෙන්න ඕන. කොහොමද එතකොට ආතල් එක... :lol: