පන්ඩෝස් විකාට හොඳ පාරක්....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පන්ඩෝස් විකාට හොඳ පාරක්....

    nw-pol.jpg
    පොල් ගස්‌ කපන අයට ආදර්ශයක්‌ දුන් මිනිසා


    අද ශ්‍රී ලංකාවේ පොල් මිල අහස උසට නැග තිබේ. ඒ නිසා කවරදාකටත් වඩා අද පොල් ගස ගැන කතා කරනු ද දැකිය හැකිය. ප්‍රධාන අපනයන භෝගයක්‌ වූ පොල් අද ආනයන භෝගයක්‌ වී තිබේ. එවන් යුගයක පොල් ගසට ආදරය කරන පුදුම මිනිසෙකු අපට හමුවිය. ඔහු පොල් ගසක්‌ නොකපා ගස මැදිකොට සිය දෙමහල් නිවස තැනුවේය.

    ඔහු නමින් ස්‌ටැන්ලි තිලකවර්ධනය. ලිපිනය 57/3/ බී. කිරිපට්‌ටිය පාර, ඉහළ බෝමිරිය, කඩුවෙල. සිංලංකා දුම්කොල සමාගමේ විශ්‍රාමිකයකු වන ස්‌ටැන්ලි මහතා දැන් හැට තුන හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි. මේ තනි පොල්ගහ ගෙදර ස්‌ටැන්ලි "දිවයින" ට කිව්ව කථාවයි.

    "අපි මේ ඉඩම ගනිද්දි පොල් ගස්‌ දෙකක්‌ තිබුණා. ඉඩම පර්චස්‌ දහයයි. ප්ලෑන් එක අනුව පොල්ගස්‌ දෙකම කපන්නයි තිබුණේ. නමුත් මට හිතුන ගස මැදි කරල ගේ හදන්න. බලන් හිටපු හැම දෙනාම කිව්ව ඔය මොකක්‌ද කරන මෝඩ වැඩේ කියලා. ඒත් උඩ තට්‌ටුවෙ බැල්කනිය මැදින් පොල් ගහ යන විදිහට ගේ හැදුව."

    කොහොමද පොල් කඩන්නෙ.?"

    ගස්‌ නගින කෙනා උඩ තට්‌ටුවට නැගල එතන ඉඳන් ගහට නගිනවා. ගෙට වැටෙන්නෙ නැති විදිහට පරිස්‌සමින් ගෙඩි කඩනවා.

    අද පොල් මිලත් එක්‌ක බලනකොට ආර්ථක වාසි කොහොමද?

    අපේ මුළු පවුලටම මේ පොල් ගහ ඇති. අද පොල් ගෙඩියක්‌ රුපියල් හැටක්‌ විතර. පොල් ගස්‌ කපපු කැපිල්ලට මේ මිලට තිබෙන එකත් ඇති. නීති ගෙනාවෙ පරක්‌කු වෙලා.

    ඔහු පොල් ගසට ආදරය කළ නිසා පොල් ගස නොකපා ගේ හැදුවේය. නමුත් අද බොහෝ දෙනා නිවසක්‌ සාදන විට මුලින්ම කරන්නේ ගස්‌ කපා දමා බිම සමතලා කිරීමයි. ඒ අතින් ස්‌ටැන්ලි මහතා අප හැමටම ආදර්ශයකි.

    "පාරේ යන හැම දෙනෙක්‌ම නතර වෙලා ගේ දිහා බලලා හිනා වෙලා යනවා." ඒකත් ලොකු දෙයක්‌නෙ." අප සමුගන්නා මොහොතේ ස්‌ටැන්ලි මහතා නිහතමානීව එසේ පැවැසීය.

    සටහන සහ ඡායා - කඩුවෙල - සුගත් ප්‍රේම